Pages

Saturday, August 29, 2026

කුල පීඩනය සහ කැරලි




කුලවාදය කියන එක ලංකාවේ මේ වන විට අඩු නමුත් යම් ප්‍රමාණයක තියනවා. කුල ඔප්‍රෙෂන් එක නිසා තමයි 1971 / 88 කැරලි වලට ඉන්ධන ආවේ. මේ සඳහා කැරැල්ල තුලම කේස් ස්ටඩීස් තියනවා. මහදුරයලාගේ ජේම්ස් නම් විශ්ව විද්‍යාල තරුණයෙක් තම ගමේ පැවති කාස්ට් ඔප්‍රෙශන් එක නිසා විශ්ව විද්‍යාල අධ්‍යාපනය අත් හැරලා 71 කැරැල්ලට එකතු වෙනවා. කැරැල්ලෙන් පසුව   ඔහු ජයදේව උයන්ගොඩ කියලා නම වෙනස් කර ගන්නවා. 1971 කැරලිකරුවන් කඩුගන්නාව පොලිසියට පහර දෙනවා. කුල පීඩිත කැරලිකාරයෙක් පොලිස් නිලධාරියෙක්ව මරලා ඔහුගේ යුනිෆෝම් එක ඇඳගෙන එම නිලධාරියාගේ පුටුවේ වාඩි වෙනවා. මේ පුද්ගලයා පොලිසියට බැඳෙන්න ගියත් ඔහුගේ කුල පසුබිම නිසා පොලිසියට නොගත් බව ඔහු විශ්වාස කලා. 1971 දී  විජය උඳුපිටිය දකුණු පලාතේ කැරලිකාරයන් හමු වීමට පාන් ගෙඩියක් තුල පොඩි පිස්තෝලයක් සඟවගෙන යනවා. ඔහු යන්නේ චේගුවේරා උද්දාමයෙන්. නමුත් කැරලිකරුවෝ හමු වීමෙන් පසු ඔහුට තේරෙනවා කැරලිකාරයෝ සමාජය වෙනස් කිරීම පිලිබඳ කතා කිරීමට වඩා කතා කරන්නේ තමන් ජීවත් වුනු ප්‍රදේශ වල උළු ගෙවල් වල ජීවත් වන  කුලවත් මිනිසුන්ට අගතියක් කරන්න .  කැරැල්ල මේ කුරුඳු තලපු මිනිසුන්ට උළු ගෙවල් වල ජීවත් වන කුලවත් මිනිසුන් වෙත භීෂණය මුදා හරින මෙවලමක් උනා.  කෑගළු පොලිසිය 71 කැරැල්ල හැඳින්වූයේ පදු කැරැල්ලක් කියලා. 

1988/89 කාලේ  වෙස් මුහුනු දාගත් කුල පීඩිත තරුණයන් කීප දෙනෙක් ගමේ කුලවතෙක් ගේ නිවසට ආවා ඔහුගේ තුවක්කුව  ගෙනි යන්න​.  හදිසියේම එක් තරුණයෙක් ගේ වෙස් මූණ ගැලවුනා කුලවතා ඉදිරියේ. කුලවතා තමාව අඳුනාගත් නිසා ඔහුගේ කැරලිකාර මනෝභාවය වෙනස් වෙලා කුල පීඩිතයා ඉස්මතු උනා. ඔහු නිවසින් පලා ගියා ( මේ කතාව කිව්වේ හර්මන් මාලිංග ගුණරත්න​) 1988/89 පසුව කුල ඔප්‍රෙෂන් එක යම් ප්‍රමාණයක සමාජයෙන් ඉවත් උනා නමුත් ඒක විවිධ මුහුනුවරවල් වලින් මතු උනා. 

1995 වසරේ මම යනවා ග්‍රාමීය රෝහල සේවය කරන්න​. මම නිවසක් කුලියට ගත්තා එක් මුදලාලි කෙනෙක් ගෙන් . ඔහුගේ ගම මාරස්සන ඈතීන් ඥාතී කමකුත් තිබ්බා. ඒ කාලේ මට තිබ්බේ නිසාන් මාච් කාර් එකක්. ඒකේ එයාකන්ඩිෂන් පද්දතියේ දෝශයක් වෙලා මට කිලෝමීටර්  බර ගනනක් ගෙවා ගෙන නුවරට එන්න වෙන කේස් එකක්. මේ ගමේ හිටියා තරුණ කොල්ලෙක්. ඔහුට ඉලෙක්ටික් වැඩ යම් ප්‍රමාණයකට පුලුවන්. ඔහු පැය භාගයෙන් මේ දෝශය හදා දුන්නා. මේ වගේ දක්‍ෂ තරුණයෙකුගේ වැඩ අගය කල මා ඔහුට නිවගේ සාලයේ වාඩි වෙන්නට කියා ශීතකරණයෙන් කූල් බීමක් ගෙනාවා. එවිට නිවෙස් හිමි මුදලාලිද ආවා.  මුදලාලි ගේ පැමිනීමත් සමග තරුණයා සර් මට හදිසි වැඩක් තියනවා කියා පිටව ගියා. තරුණයා ගිය පසු මුදලාලි මට කිව්වා " මහත්තයා මේ කොල්ලා රෙදි හෝදන කුලයේ එකෙක් අපි මුන්ව ගෙවල් වලට ගන්නේ පසුපස දොරෙන් කියලා. මේ 1995 වගේ කාලයක මිණිපේ ප්‍රදේශයේ තිබූ කාස්ට් ඔප්‍රෙෂන් එක.

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments