Pages

Saturday, August 22, 2026

බටහිර ශිෂ්ටාචාරය මුහුණ දෙන තර්ජනය





බටහිර ශිෂ්ටාචාරයට බරපතල තර්ජනයක් ආවා හිට්ලර් ගේ ෆැෂිස්ට්වාදයෙන්. කෙසේ නමුත් මිත්‍ර හමුදා ෆැෂිස්ට්වාදය පරාජය කලා. බටහිර ශිෂ්ටාචාරයට මීලඟ තර්ජනය එන්නේ රැඩිකල් ඉස්ලාමයෙන්.  මරණින් මතු ස්වර්ගයට යාම ඒකායන බලාපොරොත්තුවෙන් සිටින මොල විශෝදනයට ලක් කරන ලද මරාගෙන මැරෙන අර්ධ ම්ලේච්ඡයන් විසින් බටහිර ශිෂ්ටාචාරය සමතලා කරනවා. මෙහිදී ෆැෂිස්ට්වාදය පරාජය කල අයුරින් රැඩිකල් ඉස්ලාමය පරාජය කරන්න බෑ. එය ජීවන මාර්ගයක් / ලේ වලට ගිය චින්තනයක්. මෙහිදී යහපත් මුසල්මානුවා සහ අර්ධ ම්ලේච්ඡ මරාගෙන මැරෙන රැඩිකල් ඉස්ලාම්වාදියා වෙන් කර ගත යුතුයි. නමුත් ඉතා වැරදිසහගතව යහපත් මුසල්මානුවාව අර්ධ ම්ලේච්ඡ මරාගෙන මැරෙන රැඩිකල් ඉස්ලාම්වාදියාගේ ගොඩට දානවා. මේ සටන ජය ගත හැක්කේ ආයුධ වලින් සමූල ඝාතනයෙන් නොව මතවාදිවයි. රැඩිකල් ඉස්ලාම්වාදය විසින් මොල විශෝදනය කිරීමේ යාන්ත්‍රණය මෙහිදී හඳුනාගෙන එය කවුන්ට කල යුතුයි. ඒ සඳහා  විද්වත් සංවාද , අධ්‍යාපනය අවශ්‍ය කෙරෙනවා. එසේම අර්ධ ම්ලේච්ඡ මරාගෙන මැරෙන රැඩිකල් ඉස්ලාම්වාදියාගේ ක්‍රියා විවේචනය නොකර නිහඞව ඉන්න යහපත් මුසල්මානුවාට ඊට එරෙහි වීම සඳහා යම් බල ගැන්වීමක් අවශ්‍යයි. බොහෝ දෙනෙකු බිය සහ ආකූලතාව නිසා අර්ධ ම්ලේච්ඡ මරාගෙන මැරෙන රැඩිකල් ඉස්ලාම්වාදියාගේ ක්‍රියා නිහඞව අනුමත කරනවා. මෙය විනාශකාරියි. බටහිර ශිෂ්ටාචාරය බේරා ගැනීමට නම් යහපත් මුසල්මානුවන් බල ගැන්විය යුතුයි.

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments