1980 ගනන් වල ඉරිදා දිවයින පත්තරේ විදෙස් ආයෝජකයන්ට එරෙහි බිල්ලෝ මව මව ලිපි පල වුනා. ආයෝජකයෝ යනු රාක්‍ෂයන් කියලයි ගැමි මනස හැදුවා. එක දේශපාලකයෙක් ආයෝජකයෝ ඉඹලා පිලිගන්න ඕන කියලා කියපු එකට ලොකු විවේචන ආවා (අද ආයෝජකයෝ වැඳලා පිලිගන්නේ). වෝල්ස් අයිස්ක්‍රීම් වගේ ආයෝජකයෝ එලෙව්වා. වෙලඳ කලාපෙට ආපු ආයෝජකයන්ව බය කලා. ඔවුන්ව පලවා හරින්න නිතර උත්සහ කලා. ආයෝජකයෝ වියට්නාමයට ගියා. වියට්නාමයේ ආර්ථිකය නැගිට්ටා. 2025 වියට්නාමය ඇමරිකන් $ බිලියන 30.24 ආයෝජන ලබා ගත්තා. මේ ඇමරිකාව සමග ෆේස් ටු ෆේස් යුද්ද කරපු රටක්. ආයෝජකයෝ නැතුව ලංකාවේ ආර්ථික හොම්බෙන් ගියා. ලංකාවට ආපු ආයෝජකයන් ස්වල්ප දෙනාගෙනුත් දේශපාලකයෝ කොමිස් අල්ලස් ඉල්ලන්න ගියා. වරක් අතාවුද සෙනෙවිරත්න තමන්ට කොමිස් නොදුන්න නිසා ඔහුගේ ප්‍රදේශයේ එක් ආයෝජකයෙක් ගේ පානීය ජල ව්‍යාපෘතියක් කඩලා දැම්මා. ඒ ආයෝජකයා සල්ලි අරගෙන මාලදිවයිනට ගියා. ලංකාව ආයෝජකයන්ට නුසුදුසු රටක් කියලා ආයෝජකයන් අතර මතයක් ගියා. කෙසේ නමුත් ලංකාව බංකොලොත් වූ පසු ජනතාවට / වාමාංශිකයන්ට සහ ආණ්ඩුවට ආයෝජකයන් ගේ වටිනාකම තේරුම් ගියා.