Pages

Monday, May 18, 2026

LTTE ඩයස්පෝරාවේන් ගාන කපා ගැනීම

 


1983 ජාතිවාදී කෝලහල සහ ඊලාම් යුද්ධය ආරම්භයත් සමග ද්‍රවිඩ ජාතිකයන් තොග පිටින් ඇමරිකාව , කැනඩාව​, එංගලන්තය​, ඕස්ට්‍රේලියාව , නවසීලන්තය ,  ප්‍රංශය නෝර්වේ ජර්මනිය ආදී බටහිර රටවල් වලට පමණක් නොව දකුණු අප්‍රිකාව වගේ රට වලටද සංක්‍රමණය උනා. මේ සමග ප්‍රභාකරන් ගේ මඟ පෙන්වීමත් එක්ක එල්.ටී.ටී.ඊ හිතවාදීන් ද මේ කියූ රට වලට ගොස් එල්.ටී.ටී.ඊ කාර්‍යාල දා ගත්තා. මේ කාර්‍යාල වල වැඩට හිටියේ බොහෝ විට ප්‍රභාකරන් ගේ වෙල්වෙටිතුරේ සෙට් එක​. ඒ සමග භාෂා හැකියාව තියන තරමක් උගත් පිරිසක් ද එක් වුනා. 

වෙල්වෙටිතුරේ සෙට් එක ඒ ඒ රටවල ජීවත් වන ද්‍රවිඩ පුද්ගලයන් ගේ විස්තර රැස් කලා. ගෙයින් ගෙට ගොස් මාසිකව මුදල් ඉල්ල ගත්තා. බොහෝ දෙනෙක් කැමැත්තෙන් මෙන්ම බයට මුදල් දුන්නා. මාසික ආදායමෙන් 1/4 විතර සමහර අවස්ථා වලදී ඔවුන් ලබා ගත්තා. වින්ටර් එකේ සීතලේ කුනු අදින ද්‍රවිඩ සරණාගතයාගේ සිට ද්‍රවිඩ වෘත්තිකයා දක්වා මුදල් ගෙවිය යුතුයි.සල්ලි නොදෙන පුද්ගලයන්ට තර්ජන / පහරදීම් පමණක් නොවෙයි ලංකාවේ ඉන්න ඔවුන් ගේ ඥාතීන්ටද දරුණු ලෙස හිරිහැර කලා. එසේම උද්ඝෝෂණ වලට ඒම අනිවාර්‍යායි. 

මිසිසාගා වල ජීවත් වූ වෙල්ලාල කාන්තාවක් වරක් මට කිව්වා එල්.ටී.ටී.ඊ උද්ඝෝෂණ වලට නාපු නිසා වෙල්වෙටිතුරේ සෙට් එක වරක් ඇයගේ මෝටර් රථයේ වින්ඩ්ස්ක්‍රීන් එක කඩන බවට තර්ජනය කලා කියලා. (යාපනයේ වෙල්ලාල සෙට් එකේ එවුන් මේ කොඩිකාරලාට කියන්නේ නාගසලන් ටැමිල්ස් කියලා) . මෙලෙස කොටි විදෙස් ජාලය මාසයකට ඩොලර් මිලියන 6 අධික මුදලක් ලබා ගත්තා. මේ මුදල් කේපී හරහා ආයුධ ගන්න මෙන්ම අදාල බටහිර රට වල සුදු දේශපාලකයෝ මිලදී ගන්න ඔවුන් ගේ සහාය ලබා ගන්න භාවිතා කලා. අද පවා කොටි සැමරුම් වලට එන සුදු දේශපාලකයන්  එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් මිලට ගත් චරිත. ​

ප්‍රභාකරන් විසින් බටහිර රට වලින් එකතු කර ගත් මුට්ට කාසි යොදා පෙට්‍රල් ශෙඩ්, හෝටල් වගේ ව්‍යාපාර මිලදී ගෙන ඒවාත් ආදායම් උපද්දවන මාර්ග කර ගත්තා. ප්‍රභාකරන් ගේ මරණයත් සමග මේ මධ්‍යගත ජාලය කඩාගෙන වැටුනා. මේවා භාරව සිටි සමහර පුද්ගලයෝ ඒ ඒ ව්‍යාපාර අත්පත් කර ගත්තා.  එල්.ටී.ටී.ඊ සංවිධානය තහනම් ත්‍රස්තවාදී සංවිධානයක් ලෙස නම් කිරීමත් සමග මේ ජාලය තවත් කැඩී ගියා. නමුත් ජෙනසයිඩ් කතාව ආදායම් උපද්දවන සහ සරණාගතයන් බටහිරට පොම්ප කිරීමේ හැකියාව තිබෙන නිසා දැන් එල්.ටී.ටී.ඊ   යන නාමය භාවිතා නොකර වෙනත් නම් වලින් මුදල් එකතු කිරීම සහ ප්‍රොපගැන්ඩා මැෂිම ක්‍රියාත්මක වෙනවා. 

මේ ප්‍රොපගැන්ඩා මැෂිම බොහෝ දෙනෙකුට ජීවන මාර්ගයක්. මාස 4-5 වරක් ද්‍රවිඩ සරණාගතයන් එක් රැස් කරවලා උද්ඝෝෂණ තියනවා. මොවුන් ආණ්ඩුවේ සරණාගත පිං පඩියෙන් ජීවත් වන ගමන් කෑෂ් වලට අන්ඩද ටේබල් වැඩ කරනවා මේ සරණාගතයන් ගේ ඔලුවට බියක් දාලා තියනවා උඹලව කොයි මොහොතේ හෝ ලංකාවට පටවන්න පුලුවන් ඒ නිසා මේ උද්ඝෝෂණ වලට වරෙල්ලා කියලා. ඒ නිසා තමයි මේ සරණාගතයෝ කොඩි අරගෙන රඟපාන්නේ. එසේම මේ රැස්වීම් උද්ඝෝෂණ වලට සංවිධානය විසින් මිලට ගත් සුදු ප්‍රාදේශීය දේශපාලකයෙක්  ගෙන්වා ගන්නවා.

මේ ප්‍රොපගැන්ඩා යාන්ත්‍රණය දකුනේ සිංහලයන් පවා මිලට ගත්තා. මුදල් දීමෙන් සහ හෝටල් වලට ගෙන්වා කෑම දීමෙන්. එසේම සමහර සිංහල මාධ්‍යවේදීන්ව ව්‍යාජ සරණාගතයන් කරලා ඔවුන්ව බටහිර රට වලට ගෙන්වා ගෙන කුලී ලියන අප්පුලා කර ගත්තා. අජිත් පැරකුම් ජයසිංහ ලියලා තියනවා හිරු එකේ හිටපු මාධ්‍යවේදීයෙක් (මුල් නම රෝහිත) තමන් ගේ සොහොයුරියගේ නාස්තිකාර පුත්‍රයාට බටහිර රටක සරණාභාවය ලබා දෙන්න කර ගන්න බොරු උද්ඝෝෂණ ෆොටෝ හදලා වෙනම පත්තර අච්චු ගහලා සුද්දා රවට්ටන්න ෆයිල් හදපු ආකාරය​.

මේ ප්‍රොපගැන්ඩා යාන්ත්‍රණයට උතුරේ මෙන්ම දකුනේත් තමන් ගේ මතවාදය වෙනුවෙන් උද්ඝෝෂණය කරන පිරිස් අවශ්‍යයි. උතුරේ එල්.ටී.ටී.ඊ හිතවාදීන් මේ සඳහා ඔවුන් යොදා ගන්නවා. දකුනේ උද්ඝෝෂණ සඳහා හරි හමන් රස්සාවක් නැති ආදායමක් නැති යන්තම් දෙයක් ලියන්න පුලුවන් සිංහල සෙට් ඔවුන් ගානක් දීලා මිලදී ගන්නවා. මේ සඳහා මුදල් එවන්නේ උන්ඩියල් වලින්. දකුනේ  හරි හමන් රස්සාවක් නැති ආදායමක් නැති එකෙක්ව​   ඩොලර් 50 උනත් මිලදී ගන්න පුලුවන්. 

දකුනේ මේ කුලීකාරයෝ දාලා කරන උද්ඝෝෂණ ඔවුන්ට වැදගත්. ඒ උද්ඝෝෂණ වල  චායාරූප අරගෙන ඒවා ඔවුන් ගේ මාසික මුදල් දෙන සාමාජිකයන් අතර බෙදා හරිනවා අපි යමක් කරනවා කියලා පෙන්වන්න සහ මුදල් අය කරන යාන්ත්‍රණය සක්‍රියව පවත්වාගෙන යාමට. මේක ඔවුන් අදාල රට වල දේශපාලකයන්ටත් පෙන්වනවා. අපි වෙනුවෙන් සිංහල ප්‍රජාව පවා පෙනී හිටිනවා කියන්න​. දකුනේ උද්ඝෝෂනයක් සෙට් කරන්න ඔවුන්ට ඩොලර් 1500 ඇති. නමුත් මේක බටහිර රට වල ඉඳන් සම්බන්ධීකරණය කරන එවුන් මේ සඳහා   වියදම වෙනුවෙන් ඩොලර් 5000- 6000 හෝ ඊට වැඩි මුදලක් දාලා අතිරික්තය මාටියා ගහ ගන්නවා. 

LTTE ඩයස්පෝරාවේන් ගාන කපා ගැනීම නවත්වන්න පුලුවන් දෙයක් නෙවෙයි. උන් දෙනවා මෙහෙ එවුන් ගන්නවා. අරගෙන රඟපානවා. පොලිසියෙන් ගේම ඉල්ලනවා. මේකේ ඉන්න නළුවෝ ඔක්කොම දන්නවා උන් කරන්නේ බොරුවක් කියලා. නමුත් මේක ආදායම් මාර්ගයක් ; රස්සාවක්. ඒ නිසා මේක හෙටත් සිදුවෙනවා.


No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments