Pages

Tuesday, May 5, 2026

පුද්ගලික රෝහල් ඔබලාව හූරා කන්නේ මෙහෙමයි




බොහෝ පුද්ගලික රෝහල් රෝගීන්ව මරාගෙන කනවා. අසාධාරණ ලෙස බොරු බිල් දානවා. මේ රෝහල් බොහොමයක ඉන්නේ නුපුහුණු හෙදියෝ. ඔවුන් සමහර දෙනක් උණ බලන්නවත් දන්නේ නෑ. අඩු වැටුපකට බඳවා ගත් ඇහින්දාස්ලා. වෛද්‍යවරයා විනාඩි 3 රෝගියා බලලා යනවා. ඒකට විශාල මුදලක් දානවා. රෑට ඉන්නේ බොහෝ විට ඉන්ටර්න්ලා. 

පුද්ගලික රෝහලක ෆුල් ටයිම් සේවය කරන මගේ මිතුරු වෛද්‍යවරයෙක් මට මාර තොරතුරක් කිව්වා. ඔවුන්ට රෝහල් අධිකාරීන් විසින් දී ඇති උපදෙස් අනුව ඉන්‍ෂුවරන්ස් තිබෙන රෝගීන් ගේ 100 % ලිමිට් එක කවර් වන තෙක් ඔවුන්ට මිල අධික බෙහෙත් (අඩු මිලට බෙහෙත් තිබුනද) සහ අනවශ්‍ය රුධිර පරීක්‍ෂණ පවා කිරීම, රෝගීන් ගේ ඥාතීන්ට රෝගියාගේ තත්වය අසාධ්‍ය බව කියා අයි. සී. යූ දමා සාමාන්‍ය කාමරයක මෙන් 10 ගුනයක මුදල් අය කිරීම මේ අතර වෙනවා. 

මිල අධික බෙහෙතක් විදිනවා කියා රුපියල් 200 පමණ වන විටමින් බී එකක් හෝ සමහර විට ඩිස්ටිල් වතුර එකක් රෝගියාට විද රුපියල් 10,000 ක 15,000ක බිල් දානවා. පුද්ගලික රෝහලක පිලිකා රෝගියෙකුට සිංගපූරුවෙන් ගෙන්වා රුපියල් 80,000 එන්නත් 6 දිය යුතු බව කිව්වා. මුදල් ගත්තා. එන්නත් දුන්නා කිව්වා. කිසිම සාක්‍ෂියක් නෑ.  රෝගියා ඉන් සති 2 පසුව මිය ගියා. මේ කතාව මට රෝගියාගේ ඤාතියෙක් කිව්වා. මට පෙනී ගියේ මේ මුදල් අරගෙන රෝගියාට ආසුත ජලය විද තිබූ බවයි.  මේ අනුව අසනීපව රෝහල් ගත වන රෝගියා රෝහලෙන් පිට වන්නේ මිලියන ගනනාවක ණය කාරයෙකු කරමින්. මම දන්නා මධ්‍යම පාන්තික පවුල් ගනනාවක් පුද්ගලික රෝහල් වලට අධික මුදල් ගෙවා ණය බරින් ජීවත් වෙනවා. මේ අසාධාරණයන් පිලිබඳව හඞක් නැගිය යුතුයි. 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments