වරක් මම ලංකාවේ පුද්ගලික විශ්ව විද්‍යාලයකට ගියා දේශනයකට. ඒ විශ්ව විද්‍යාලයේ ළමුන් ඉතාම පිලිවෙලට ඇඳුම් ඇඳලා එතන ලස්සන වයිබ් එකක් තිබ්බා. ඒ විශ්ව විද්‍යාලයේ හිටියේ සල්ලිකාරයන් ගේ ළමයි විතරක් නෙවෙයි. ලංකා සමාජයේ සාමාන්‍ය රැකියා කරන මිනිසුන් ගේ ළමුන් පවා හිටියා. මට මතක් උනේ ඇමරිකාවේ / කැනඩාවේ විශ්ව විද්‍යාල.
අයිවර් ජෙනිංස් පේරාදෙනිය හැදුවේ කේම්බ්‍රිජ් මොඩ්ල් එකට. ඔහුට අවශ්‍ය උනා උසස් ලෙවල් එකක් එතන maintain කරන්න පේරාදෙනිය විශ්ව විද්‍යාලයට මුල් කාලයේ සිසු සිසුවියන් ආවේ බෙන්ස් , එම් ජී වාහන වලින්. නේවාසිකාගාරයේ කෑවේ හැඳි ගෑරැප්පු වලින්. විශේෂ සංස්කෘතික ලෙවල් එකක් මේන්ටේන් කලා. 1977 අගෝස්තු මාසයයේ 16 දින එල්විස් ප්‍රෙස්ලි මැරුනම පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ සිසුවියෝ කළු ඇඳගෙන දේශන වලට ආවා. මේවා අධිරාජ්‍යවාදී වැඩ, වැඩවසම් චින්තනය කියලා දේශීය ගං කබරයෝ ග්‍රාමීය පසුගාමීත්වය පේරා වලට ගෙන එනවා. හැඳි ගෑරැප්පු සංස්කෘතිය වෙනුවට එන්නේ ගං කබර සංස්කෘතිය. පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ නවකයන්ට ඩෙනිම් කලිසම් අඳින්න තහනම් වෙනවා. පේරා වලේ පෙන්වූ නාට්‍යක කිස් එකක් දුන්නා කියලා සිසුන් නළුවන්ව මරාගෙන කන්න හදනවා. කොට කලිසමක් ඇඳගෙන ආවා කියලා වෛද්‍යවරයෙකුට පහර දෙනවා. දශක කීපයක් තුල සංස්කෘතික පසුගාමීත්වයක් පේරාදෙනියේ ආවේ කොහොමද ?
ලංකාවේ රාජ්‍ය විශ්ව විද්‍යාල වල ලස්සනට ඇඳ පැලඳ ගත්ත තරුණ වයිබ් එක නැත්තේ ඇයි කියන එක ගැටළුවක්. මගේ පවුලේ කිට්ටුවන්තියක් පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ඉගන ගන්න ගියා. ඇය පාසල් ගියේ සෙන්ට් බ්‍රිජට්ස් එකට. පේරාදෙනිය විශ්ව විද්‍යාලයට ඇය ගියේ සායම් ගිය ගවුමක් සහ සෙරෙප්පු දාගෙන. රැග් සීසන් එකේ පාසල මොකක්ද කියලා ඇහුවම ඇය කිව්වේ ඇය ඉගන ගත්තේ කළුබෝවිල විද්‍යාලයේ කියලා. විශ්ව විද්‍යාල කාලය තුල ඇයට තමන් කැමති ලෙස අඳින්න පලදින්න ලැබුනේ නෑ. මේ කතාව මට ලඟදී කිව්වම මම ඇයට කිව්වා ඉතා ශෝභන සහ මනස්කාන්ත විය යුතු තරුණ සරසවි ජීවිතය මානසික රෝගීන් පිරිසක් විසින් ඔබලාගෙන් උදුරාගෙන තිබෙනවා කියලා.
මගේ පුතා ඉගන ගත්තේ කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේ. ඔහු විශ්ව විද්‍යාලයට ඇඳගෙන ගියේ සමහර විට වියදම වැඩියි කියා මා කන් කෙඳිරිගෑ මිලට ගත් ඇඳුම්. ඔහුගේ වයසේ සිසු සිසුවියන් ඉතා අලංකාර ලෙස ඇඳ පැලඳගෙන විශ්ව විද්‍යාලයේ සිටි අයුරු මට තවමත් මතකයි.
විශ්ව විද්‍යාලයක තරුණ ජීවිත කියන්නේ ජීවිතයේ වටිනාම අවධියක්. ඒ කාලය තුල යම් කණ්ඩායමක් විසින් සමානාත්මතාවය කියා සායම් ගිය චීත්ත ගවුම් , හම ගිය කලිසම් සහ සෙරෙප්පු දාන්නට බල කරනවා නම් එතන තියන හීනමානය සහ පසුගාමීත්වය පරාජය කල යුතුයි.
පහත වැකිය ලියා තිබෙන්නේ චාරක කහඳව විසින්. ඔහු ඉදිරිපත් කරන අදහස වැදගත්.
................ යුනිවසිටි කියන්නේ ලෙක්චර්ස් නෙමෙයි. Art and Tradition වලට. මට නං ලැජ්ජයි ලංකාවෙ යුනිවසිටි වලට සුද්දෙක් එක්කං යන්න. අපි ලංකාවෙ යුනිවසිටි ලස්සනට හදන්න ඕනෑ. පොශ් කල්චර්ස් ට්රැඩිසන් රජයේ යුනිවසිටි තුල හදන්න ඕනෑ. සෙරෙප්පු කටු දාං, බාටා දාං, රැවුල වවං ගජේ ගහන මන්දපෝසිතයෝ විශ්ව විද්‍යාල වලිං එලියට දාල හරි යන්නේ නෑ. විශ්ව විද්‍යාල ලස්සනට හදලා, ලෙගසි මතු කරලා, ට්රැඩිසං හදලා, ඉන්ට නැසනල් ලමයි හා ඉන්ට නැසනල් ගුරුවරු ගැවසෙන තැං බවට පත් කරලා ගමේ උං අප්ඩේට් කරලා, පොස් කරලා, පොලිස් කරලා, ඇග පත හදලා, ස්ටයිල් කරලා, පෞරෂය හා ආත්ම විශ්වාසය හදලා, ක්රියේටිවිටි අප් කරලා, එළියට දාන තැං බවට පත් කරන්න ඕනෑ. කට පාඩං කරලා කරලා විබාග පාස් කරලා එළියට දාන තැං බවට නෙමෙයි. by Charaka Kahandawa).
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments