Pages

Tuesday, May 6, 2025

චරිත් අපට සමාවෙයං

 





චරිත් අපට සමාවෙයං
උඹව වෘකයන් ගෙන් බේරා ගන්න බැරි වීම ගැන
උඹ අපෙන් වෙන් වී යනවා අද පාළු කනත්තට
පොලිසිය උසාවිය නීතිය උඹ ගැන කොල පුරවයි ඕසෙට
විශ්ව විද්‍යාල බලධාරීන් සුපුරුදු ලෙස සඟවයි උඹේ මරණයේ සාක්‍ෂි
තව සති දෙකකින් අමතක වෙයි උඹ ගැන මතකය​ සැමටම
ලෝකය යලිත් පටන් ගනියි කැරකෙන්නට
නැවතත් ඇරඹෙයි උප සංස්කෘති අනුගතවීම්
යලිත් වරක් වෘකයෝ ගොදුරු කර ගනියි උඹ වගේ තවත් හා පැටියෙක්
ඉන් පසු අපි යලිත් වරක් එක්වීලා ලියමු ශෝක ගීත

 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments