Pages

Wednesday, October 29, 2025

මොණරවිල කැප්පෙටිපොළ නිලමේ




කැප්පෙටිපොළ  නිලමේට ශ්‍රී වික්‍රම රාජසිංහ රජු පිලිබඳව තිබ්බේ මිශ්‍ර හැඟීම්. ඔහු ශ්‍රී වික්‍රම රාජසිංහ ගේ අන්තනෝමතික නීති අනුමත කලේ නෑ. ඒ නිසා ඉංග්‍රීසීන් සමග එක් වෙනවා. නමුත් ඔහුගේ හිතේ ඇහලේපොල ගේ අදහස එනම් කුමන මොහොතක හෝ ඉංග්‍රීසීන්ට පහර දී ඔවුන් පලවා හැර සිංහල රාජත්වය පිහිටුවන එක තියෙන්න ඇති. 1818 ඔහු යන්නේ ඉග්‍රීසීන්ට පක්‍ෂව කැරැල්ල මඩින්න​. නමුත් කැරලි නායකයෝ ඔහුගේ ජාතිකත්වයට ආත්ම අභිමානයට ආමන්ත්‍රණය කලා. ඒ මොහොතේ ඔහු තීරණය කරනවා කැරැල්ලට සම්බන්ධ වන්න. කැප්පෙටිපොළ  නිලමේට ගට්ස් තිබ්බට මිලිටරි ස්ට්ටැටීජි එකක් තිබ්බේ නෑ. ඒක තමයි ඉංග්‍රීසි ආයුද ආපසු බාර දුන්නේ. ඔහු කැරැල්ල දැක්කේ සිවිලයිස්ඩ් ක්‍රීඩාවක් ලෙස. වීදිය බණඩර වගේ මිලිටරි උපාය මාර්ගය පිලිබඳ  හොඳ දැනීමක් තිබ්බේ නෑ. ඒ නිසා 1818 කැරැල්ල අයාලේ යනවා.   කැප්පෙටිපොළ නිලමේ තුල දෙගිඩයාවන් නිතරම තිබ්බා.  කැරැල්ලට එක් වුනාට නායකත්වය දුන්නට පහර දෙන්න අවශ්‍ය කඳවුරු,  ඔහුට කැරැල්ල කර ගෙන යන්න logistic supply , පහර දෙන්න අවශ්‍ය මර්මස්ථාන පිලිබඳ වැටහීමක් තිබ්බේ නෑ. කැරැල්ල බිඳ වැටී යන විට ඔහු ව්‍යාකූල වෙනවා. සැඟවිලා ගරිල්ලා ප්‍රහාර එල්ල කරන්නවත් ඔහු යොමු වෙන්නේ නෑ.. ඔහු ඉංග්‍රීසීන් ගේ බලය under estimate  කරනවා. ඔහු හිතන්නේ ඉංග්‍රීසීන් ඔහු වගේ මානුෂිකව ප්‍රති ප්‍රහාර එල්ල කරයි කියලා. නමුත් ඉංග්‍රීසීන් යොදා ගන්නේ මේජර් මැක්ඩොනල්ඩ් මේජර් කෙලී දරුණු වගේ නිලධාරීන්.  ඉංග්‍රීසීන් scorched earth"පොලිසි එක මගින් වෙල්ලස්ස විනාශ කරනවා. මේ ක්‍රමය ඉන් දශක තුන හතරකට පස්සේ ඇමරිකානු සිවිල් යුද්ධයේදී ලින්කන් ගේ ජෙනරාල් වරයෙකු වූ විලියම් ශර්මන් භාවිතා කරනවා. කැප්පෙටිපොළ  නිලමේ අත් අඩංගුවට පත් වීමට ආසන්නයේදී වත් පලා යන්නේ නෑ. ඔහු මමයි කැප්පෙටිපොළ කියලා කැප්ටිවුස්ලා ඉදිරියට පැනලා  තම අනන්ත්‍යතාව හඳුන්වලා දෙනවා. ඔහු ඒ වෙන කොට හෙම්බත්ව මානසික වශයෙන් වැටලා ඉන්න ඇති. ඉංග්‍රීසීන් තමන්ව මරයි කියලා කැප්පෙටිපොළ  නිලමේ අපේක්‍ෂා කලේ නෑ. ඔහු තවමත් විශ්වාස කරන්නේ අර සිවිලයිස්ඩ් ගේම් එක​. නමුත් ඉංග්‍රීසීන්ට මේ වගේ කැරළි වල  සේයා පවා ඉවත් කරන්න ඕනේ.  ඔවුන් කැප්පෙටිපොළ  නිලමේට මරණ දණ්ඩනය දෙනවා. ඔහුගේ සහයක මඩුගල්ලේ ඉන් සලිත වෙනවා. නමුත් කැප්පෙටිපොළ නිලමේ මරණයට නිර්භීතව මුහුන දෙනවා.  සමහර විස්තර වල තියනවා ඔහුගේ පවුලේ සාමාජිකයින්ව රටින් පිටුවහල් කරන ලද බව සහ  කැප්පෙටිපොල දිසාවගේ පුත්‍රයා සිරකරුවකුව සිටියදී මරණයට පත් වූ බව​. මේ කරුණු සනාත නම් වර්තමාන කැප්පෙටිපොළ  නිලමේ ගෙන් පැවත එන්නම් දුර නෑදෑයන් විය යුතුයි. 





No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments