අපේ සීයාගේ මල්ලී, ගවනර් R.W රාජපතිරණ කලෙත් කබ්බා කරපු රස්සාව 1959 – 1967 කාලයේදී. ගවනර් රාජපතිරණ කබ්බා වගේ හොරෙක් නොවෙයි ඔහු මහත්මයෙක්. ඔහුගේ පසුකාලීන පරම්පරාවට අයත් වන අපට R.W රාජපතිරණ ගැන ආඩම්බරයෙන් කතා කරන්න පුලුවන්. නමුත් කබ්බාගේ මුණබුරන්ට කවදා හරි කබ්බා ගැන කතා කරන්න වෙන්නේ නහය වහගෙන.
Monday, April 4, 2022
Sunday, April 3, 2022
මිත්‍යාවේ බලය
රටේ ෆස්ට් ලේඩි මේ වඳින්නේ ලෙඩුන් දහසක් සුවපත් කල කන්සල්ටන්ට් කෙනෙකුට නොව අනුරාධපුර රෝහලේ සේවය කල උපස්ථායිකාවකටය. ඇයගේ රැකියාව මෙහිදී අදාල වන්නේ ටයි දාගත් දොස්තරලා සර් මැඩම් කියා දේශපාලකයන්ට වඳින රටක , ඇටන්ඩන්වරියකට බලගතු දේශපාලකයන් තමන් ගේ දෙපතුල් ලඟට ගෙන්වා ගැනීමට ඇති හැකියාව නිසාය. මිත්‍යාව ඉදිරියේ සියළු දැණුම , විදෙස් ට්‍රේනිං, උපාධි බළු වන අයුරු මේ චායාරූපය සනිටුහන් කරයි.
Saturday, April 2, 2022
Friday, April 1, 2022
Subscribe to:
Posts (Atom)





