Wednesday, March 2, 2022

Santa Monica Bay

 




It was a sunny day

I went   fishing at the Santa Monica Bay

I caught a Cod

Weighed nearly ten pounds

Maybe it was my lucky day

I wanted to celebrate

 

On my way back

I was stopped by a sergeant

He said Uncle Sam wants me

I was drafted and sent to Nam

 

I survived booby traps

But I couldn’t stand the revolting smell of Napalm

When I came home

There were no welcome signs

 

They called me hurtful names

Rejected me like the plague

Nobody wanted me

Not even the Santa Monica Bay

 

I went fishing

But I could not catch any fish

I went to the bar

I wanted to wash away my worries

 

Whiskey and cigars

Became my new pals

I met Judy

To whom I paid fifty dollars a night

 

But I had no salvation

My nights were disturbing

When I was listening to Rolling Stones "Satisfaction"

I could hear the gunshots and Bell helicopter sounds

My dead buddy said "take cover Frank"

 

When I met my doctor

 He said go to the Vet center

Now nearly three decades

I am fighting a solitary battle

 

Unlike in the Nam, I don’t see my enemy

I don’t want to stay in the Vet center anymore

I want to go to the Santa Monica bay

 

 (This poem is dedicated to Herbert Jake (L/ Corporal Retd) of the US Army) 


Ruwan M Jayatunge


 

 

Monday, February 28, 2022

Война и Земля

 


Солдаты выстраиваются в бой
Их туфли ударяются о землю и издают равномерный звук мяча.
Земля болит из-за шероховатости их ботинок
Вы дети земли - угнетающе говорит она
Вы несете весть о смерти и разрушении
Во имя войны вы убьете своих братьев
Вы будете разрушать дома, здания и поля для войны
Послушайте: в конце разрушительной войны нет победителей
Я скажу, что то, что ты переживаешь после войны, это не счастье
В конце войны есть только печаль и сожаление
В конце концов ты тоже умрешь на земле и будешь лежать в тишине
Оставшиеся в живых после войны   будут жить позже, как мертвые 

Saturday, February 26, 2022

යුද්ධය සහ මිහිකත

 




යුද පෙරමුණ වෙත  සොල්දාදුවෝ එක පෙළට ගමන් කරති
ඔවුන් ගේ සපත්තු පොළවේ ගැටී ඒකාකාරී බොල් හඞක් නගයි  
ඔවුන් ගේ සපත්තු වල රළු තෙරපුම   මිහිකතට වේදනාවක් ගෙන දෙයි 
නුඹලා මිහිකතගේ දරුවෝ -  ඇය පරිපීඩිතව  කියන්නීය
නුඹලා මරණයේ  සහ විනාශයේ පණිවිඩය ගෙන යන්නෝය
යුද්ධයේ නාමයෙන්  නුඹලා  තමන්ගේම සොහොයුරන් මරා දමනු ඇත
යුද්ධය උදෙසා  නුඹලා ගෙවල්, ගොඩනැගිලි,  කෙත්වතු විනාශ කරනු ඇත
සවන් දෙනු :විනාශකාරී යුද්ධයක් අවසානයේදී ජයග්‍රාහකයන් නොමැත
සංග්‍රාමයෙන් පසු නුඹලා අත් විඳින්නේ  සන්තුෂ්ඨියක් නොවන බව කියමි
යුද්ධය  අවසානයේදී  ඇත්තේ ශෝකය, සහ  ප්ශ්චාත්තාපය පමණි
අවසානයේදී නුඹලාද මහ පොළව මත මිය ගොස් නිහඞව වැතිරෙනු ඇත
යුද්ධයෙන් පසු දිවි ගලවාගත්තවුන් මළවුන් මෙන් පසුකාලීනව ජීවත් වනු ඇත 
මේ සදාකාලික සත්‍ය නුඹලාට යම් දිනෙක වැටහෙනු ඒකාන්තය  

රුවන් එම් ජයතුංග 

Friday, February 25, 2022

යූක්‍රයීන -රුසියානු ඝට්ටනයේ පූර්ව අවධියේ සාක්‍ෂිකරුවෙකුගේ මතකය

 



යූක්‍රයීනයේ වසර හතක් ජීවත් වූ මට යූක්‍රයීනය දෙවන මවුබිමක් වැනිය. යූක්‍රයීනය ඉතා පියකරු රටකි. යූක්‍රයීන ජාතිකයන් ආගන්තුක සත්කාරයේ ලැදි උනුසුම් ප්‍රජාවකි. යූක්‍රයීනය සාර භූමියකි. සාර් ගේ කාලයේ සිට යූක්‍රයීනය සලකන ලද්දේ රුසියාවේ පාන් මල්ල ලෙසටය. යූක්‍රයීනයේ පස සාරවත් ය. එය හඳුන්වන්නේ චෝර්නය සිම්ලයා හෙවත් කළු පස ලෙසටය. ඔවුන් සතු දියුණු තාක්‍ෂණයක් තිබුණි. එසේම යූක්‍රයීනයේ ඇන්ටනෝව් වැනි ගුවන් යානා සාදන  බැර කර්මාන්තය ඉතා දියුණුව පැවතිනි. සෝවියට් යුගයේ යූක්‍රයීනය සංවර්ධිත ජනරජයක් ලෙස සලකනු ලැබීය. යූක්‍රයීනයේ කුඩා නගරයක් වූවද කොලඹ නගරයටත් වඩා විශාල වූ අතර ගමනාගමනය සහ යටිතල පහසුකම් කොලඹ නගරයටත් වඩා සංවර්ධනයව තිබුනි. 1986- 1991 අතර කාලය තුලදී යූක්‍රයීනයේ එක හිඟන්නෙකු හෝ  නිවාස රහිත මිනිසෙකු මා නොදුටුවෙමි. එහෙත් සෝවියට් දේශය යටතේ පැවති නිලධාරිවාදය මෙන්ම පෙරෙස්ත්‍රොයිකා සමයේ තිබූ අක්‍රමිකතා නිසා ඔවුන් ගේ ආර්ථිකය කඩා වැටුණි.


ලෝකයේ ලස්සනම තරුණියන් සිටින්නේ යූක්‍රයීනයේ සහ පෝලන්තයේ බව කියති. යුරෝපයේ රටවල්  , උතුරු ඇමරිකායේ රටවල් , ඕස්ට්‍රේලියාව , කියුබාව, මැක්සිකෝව යනාදී රටවල සංචාරය කොට තිබෙන මා එම කතාව අනුමත කරමි. රුසියන් සහ යූක්‍රයීන ජාතිකයන් අතර විශාල වෙනසක් නොමැත. රුසියානු බස සහ යූක්‍රයීන බස යම් දුරකට සමානය. රුසියන් බස දන්නෙකුට යූක්‍රයීන බස යම්තාක් දුරකට තේරුම් ගත හැකිය. මට යූක්‍රයීන බස තේරෙන අතර යම් තාක් දුරට යූක්‍රයීන බසින් කතා කල හැක.  රුසියානුවන්ට සමාන වූවද සමහරක් යූක්‍රයීන ජාතිකයන් රුසියන් ජාතිකයන්ට කැමති නැත. ඔවුන් තමන් පෝලන්ත ජාතියට වඩා සමීප බව කීමට ප්‍රිය කරති. යූක්‍රයීනයන් රුසියානුවන් ගැන සිතන්නේ ඔවුන් පමණට වඩා වගාඩම්බර  කියාය. එහෙත් යූක්‍රයීනයන් බොහෝ විට උපහාසාත්මක ලෙස සිනහවට ලක් කරන්නේ මෝල්දෝවා ජාතිකයන් ය.  යූක්‍රයීන සහ රුසියානු සබඳතා ඉතා සමීපය. මාගේ මිතුරන් බොහෝ දෙනෙකුගේ මවක් හෝ පියෙකු රුසියානු වන අතර අනෙක් කලත්‍රයා යූක්‍රයීන ය.  මේ යුද්ධයේදී බොහෝ සෙයින් පීඩාවට පත් වූයේ මිශ්‍ර පවුල් විය යුතුය.

බටහිර යූක්‍රයීනය හෙවත් සාපද්නය ඌක්‍රයීනාව ජාතිවාදීන් ගෙන් සමන්විත බව රුසියානුවන් සිතති. බටහිර යූක්‍රයීන ජාතිකයන් නට්සින් සමග සහයෝගිතාවක් තිබූ ස්ටෙපාන් බන්දේරා නම් යූක්‍රයීන ජාතිවාදී නායකයාට ගරු කරති. ස්ටෙපාන් බන්දේරා යූක්‍රයීනය සෝවියට් දේශයෙන් නිදහස් කර ගත යුතු බව කී අතර ඔහු රතු හමුදාවට එරෙහිව ගරිල්ලා ප්‍රහාර දියත් කලේය.  1991 වැනි කාලයක බටහිර යූක්‍රයීනයේ ස්ටෙපාන් බන්දේරා ගේ ප්‍රතිමාවක් ඉදි කල අතර එය පසුව රුසියානු හිතවාදී යූක්‍රයීන ජාතිකයන් විසින් කඩා බිම හෙලන ලදි. යූක්‍රයීන ජාතිකයෙකු වූ මා මිත්‍ර වැසිලී ඉවනාශ්කා,  ස්ටෙපාන් බන්දේරා ද්‍රෝහියෙකු බව කීවේය. වැසිලී ඉවනාශ්කා හැදී වැඩුනේ සෝවියට් කොමියුනිස්ට් වාදය යටතේය. වරක් මට විස්කොන්සින් හිදී මහළු යූක්‍රයීන කාන්තාවන් පිරිසක් හමුවූ අතර ඔවුන් තමන් බටහිර යූක්‍රයීනයෙන් බව කීවේ අති මහත් අභිමානයෙනි. ඔවුන් ගේ අභිමානය තවත් ඉහල නංවනු පිනිස මම "ස්ටෙපාන් බන්දේරා " නම ප්‍රතිරාවය කලෙමි. ඔවුන්  "ස්ටෙපාන් බන්දේරා " නම පිලිගත්තේ ගෞරවයකිනි.

රුසියානු ජාතිකයන්ට බටහිර යූක්‍රයීනය නොදිරවන තවත් එක් හේතුවක් නම් හිට්ලර් සෝවියට් දේශය ආක්‍රමණය කල විට   පාන් සහ ලුනු රැගෙන නට්සි හමුදාවට සුභ පැතීමට බටහිර යූක්‍රයීන ජාතිකයන් ගිය හේතුවයි. නට්සි එස් එස් හමුදාවේ යූක්‍රයීන අතුරු හමුදාවක්ද විය. මොවුන් නට්සින්ටත් වඩා අති අමානුෂික ලෙස යුදෙව්වන් සහ රුසියානුවන් මරා දැමූහ. බ්‍රිස්බන් නගරයේදී මට හමුවූ එක් මහළු යූක්‍රයීන් ජාතිකයෙක් මෙම ජර්මානු හමුදාව සමග සම්බන්ධවූ යූක්‍රයීන අතුරු හමුදාව විසින් ලුවෝව් නගරයේ කරන ලද බිහිසුනු ක්‍රියා පිලිබඳව කීවේය.  ඔවුන් සමග සැසඳීමේදී නට්සීන් යනු කිරි දරුවන් බව ඔහු කියා සිටියේය. යුද්දයෙන් පසු මොවුන් බොහොමයක් බටහිරට පළා ගියහ. පළා යාමට නොහැකිවූවන් රතු හමුදාව විසින් මරා දමන ලදි. මොවුන්ව හඳුන්වන ලද එක් නාමයක් වූයේ බන්දරෙව්ත්සි නමිනි එනම් බන්දේරාවාදීන් ලෙසටය. සෝවියට් දේශය පැවති කාලයේදී බටහිර යූක්‍රයීනයේ උද්ඝෝෂණය කල වූවන් රුසියානුවන් විසින් හඳුන්වන ලද්දේ බන්දරෙව්ත්සි යන නාමයෙනි.

රුසියානුවන් ප්‍රසිද්ධියේම යූක්‍රයීන ජාතිකයන්ව සම්මචලයට ලක් කරති මොස්කව් හි ප්ස්කොව්ස්කයා මාවතේ වාසය කල මාගේ රුසියානු මිතුරෙක් " උඹ කොහොමද ඔය හක්ලී එවුන් එක්ක ජීවත් වන්නේ " කියා ඇසීය. රුසියානුවන් යූක්‍රයීන ජාතිකයන්ව "හක්ලී" හෝ "හොහොල්" වරු ලෙස හඳුන්වති. යූරි ගගාරින්ට යූක්‍රයීන ජාතිකයන් යූරි හහාරින් කියන බව කියා රුසියානුවන් සිනාසෙති. එහෙත් ජනවාර්ගික වශයෙන් මට  රුසියානු සහ යූක්‍රයීන ජාතිකයන් අතර ලොකු වෙනසක් නොපෙනේ. ඔවුන් ගේ සංස්කෘතික අංගයන් , නර්තනයන් , ආහාර පාන පවා අතර ඇත්තේ සමීපතාවකි. 

යූක්‍රයීනයේ ජීවත් වූවද ලුවෝව් සහ ඔඩෙස්සා නගර වෙත නොයෑම පිලිබඳව මම අද දිනයේ මට දොස් පවරා ගනිමි. 1989 වසරේ මම ඔඩෙස්සා නගර වෙත යාම සඳහා රූබල් 16 දී දුම්රිය ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත්තෙමි. එහෙත්  ඔඩෙස්සා නගර වෙත ගියේ නැත. පසු කාලයක  ඔඩෙස්සා නගරය ආසන්නයේ තිබෙන ක්‍රිශෝපල් නගරයට ගියෙමි.   ඔඩෙස්සා නගරය නට්සීන් ගෙන් මුදා ගැනීමේදී යූක්‍රයීන සහ රුසියානු ජාතිකයන් එක පවුලේ සොහොයුරන් මෙන් එකට සටන් කලහ. එහෙත් දශක ගනනාවකට පසු ඔවුන් පස මිතුරන් වී සටන් කරති.

යූක්‍රයීනයේ තිබූ රුසියානු විරෝධයද මේ යුද්ධය සඳහා මං පෙත් විවර කල බව මා සිතමි. 1986-87 වැනි කාලයක පවා යූක්‍රයීනයේ හීනියට රුසියානු විරෝධයක් තිබුනු අයුරු මා අත් දැක තිබේ. අපට රුසියානු භාෂාව ඉගැන්වූ ගුරුවරියන් අමු රුසියානු වූ අතර ඔවුන් වෙනත් විශයන් ඉගැන්වූ යූක්‍රයීන ගුරුවර ගුරුවරියන් සමග එතරම් කිට්ටු සබඳතාවක් පවත්වා ගත්තේ නැත.  වරක්  මා අපට වෙනත් විශයක් ඉගැන්වූ යූක්‍රයීන ගුරුවරයෙකු රුසියානු බස කතා කල අයුරු ඇක්ට් කල විට අපට රුසියන් බස ඉගැවූ තත්‍යානා ඉවානොව්නා මඳක් සිනාසී එලෙස රුසියන් බස උච්චාරණය නොකරන්නයි මට කීවාය. 

වෛද්‍ය පීඨයේදී සමහර යූක්‍රයීන ගුරුවරු විශය කරුණු වලට අමතරව නලීන් ද සිල්වා මෙන් යූක්‍රයීන ජාතික චින්තනයක් ගැන කතා කලෝය. සමහර මහාචාර්‍යවරු නිදහස් යූක්‍රයීනයක් පිලිබඳ කතා කළහ. වරක් ශල්‍ය වෛද්‍ය විද්‍යාව ඉගැන් වූ මහාචාර්‍යවරයා උදෑසන 10 ට ඔහුව හමු වීමට එන ලෙස මට දැන්වීය. මා උදෑසන 10 ට අදාල දෙපාර්තමේන්තුවට ගිය විට ඔහු සිටියේ නැත.  වේලාව තවමත් උදෑසන 10 ය. එහෙත් ඔහුගේ සහායකයා මට කිව්වේ නුඹගේ ඔරලෝසුවේ වෙලාව මොස්කව් වේලාවයි. යූක්‍රයීන වේලාව අනුව දැන පෙරවරු 11 කියාය. පෙරදා රාත්‍රියේ ඔවුන් තම වේලාව පැයකින් වෙනස් කලහ. හේතුව තමන් ස්වාධීන ජාතියක් බව පෙන්වීමටය. මේ 1989 වැනි කාලයක සිදුවූ සිද්ධියකි. පසු කාලයක ඔවුන් රූබල් භාවිතාව නවතා තමන් ගේම මුදල් ඒකකයට ගියහ.

නිදහස් යූක්‍රයීනයක් පිලිබඳ කතා කල සමහර මහාචාර්‍යවරු යූක්‍රයීන බසින් වෛද්‍ය විද්‍යාව ඉගැන්වීම කල යුතු බව කීහ. එහෙත් වෛද්‍ය පොත පත බහුලවම තිබුනේ රුසියානු බසිනි. එහෙත් පසුකාලීනව 1991 , 1992 වැනි කාල වලදී විදේශ සිසු සිසුවියන් ඉදිරියේ වූවද සමහර මහාචාර්‍යවරු යූක්‍රයීන බසින් වෛද්‍ය විද්‍යා දේශන කලහ. අපට ඇනටමි විශය ඉගැන්වූ මහාචාර්‍ය රුමීන්ස්කි මිය ගිය විට අප ඔහුගේ අවමංගල උත්සවයට ගියෙමු. මහාචාර්‍ය රුමීන්ස්කි ගේ අවමංගල උත්සවයේදී එක් මහාචාර්‍යවරයෙක් යූක්‍රයීන බසින් කතා කලේය. එහිදී එක් උප මහාචාර්‍යවරයෙක් මේ අවමංගල සභාවේ විදෙස් සිසු සිසුවියන් ද සිටින නිසා එම කතාව රුසියන් බසින් කරන ලෙස ඉල්ලුවේය. එහෙත් උක්ත මහාචාර්‍යවරයා යූක්‍රයීනයේ ජීවත් වන  විදෙස් සිසු සිසුවියන් හට යූක්‍රයීන බස තේරෙන බව කියමින් යූක්‍රයීන බසින් දිගටම තම කතාව කරගෙන ගියේය. 

වාචික විභාග වලදී යූක්‍රයීන බසින් පිලිතුරු දෙන සිසු සිසුවියන් හට අතුරු වාසියක් ලැබෙන බවට රාවයක් තිබුනි. මේ නිසා රුසියානු සිසුන් පවා යූක්‍රයීන බසින් පිලිතුරු දීමට උත්සහ කළහ. සිරියානු සිසුවෙකු වූ යූසුෆ් ලෝකයෙකි. වරක් ඔහු අසීරු  විශයකදී  බැරි බැරි ගාතෙන් යූක්‍රයීන බසින් කතා කොට විභාගය යන්තම් ගොඩ දාගත්තේය. ඔහු මුලින්ම විභාග ශාලාවට පැමිණ විභාගය ගන්නා මහාචාර්‍යවරයාට ආයුබෝවන් කීවේ යූක්‍රයීන බසිනි. එමගින් ඔහු ලකුණක් දාගත්තේය. ඉන් පසු යූක්‍රයීන බසින් ගොත ගසමින් රුසියන් බසද කවලමේ පිලිතුරු දුන්නේය. යූසුෆ්ට වඩා දැණුම තිබූ එහෙත් රුසියන් බසින් පිලිතුරු දුන් සමහරක් සිසුන් විභාගය අසමත්ව තිබුණි. 

යූක්‍රයීන ජාතිකයන් තමන් ගේ අතීත ශ්‍රී විභූතිය පිලිබඳව කතා කරන්නේ අභිමානයෙනි.  සමහරක් විට ඔවුන් ඉශෝ නි විමිර්ලා යූක්‍රයීනා ගීතය ගායනා කරති. එහි තේරුම යූක්‍රයීනය තවමත් මිය ගොස් නැත යන්නයි. පහත දැක්වෙන්නේ මා විසින් කියෙව් නගරයේ ලැබූ අත්දැකීමකි ;

 " කීව් නගරයේ අපි කොල්ලෝ සෙට් එක පරණ දේවස්ථානයක් බලන්න ගියා. මේ වෙන කොට පෙරෙස්ත්‍රොයිකා නිසා පල්ලි ඇරලා මිනිසුන් බයක් සැකක් නැතිව ආගම අදහනවා. කොමියුනිස්ට් පාලන කාලයේ ආගම් යටපත් කරලා තිබ්බේ. අපේ කොල්ලෝ සෙට් එක ලංකාවෙදී වගේ චාරයක් නැතිව හයියෙන් කතා කරනවා හිනා වෙනවා. පල්ලිය ඇතුලේ අපේ එවුන් හයියෙන් කතා කරන නිසා යූක්‍රේනකාරයෙක් කිව්වා උඹලට තේරෙන්නේ නැද්ද මේක ශුද්ධ ආගමික ස්ථානයක් කියලා ? හැසිරෙන්න දන්නේ නැද්ද ? මේ වගේ කතා කිව්වා අපිව දෙකේ කොලේට දාලා . මම ගත් කටටම කිව්වා "මී කොමියුනීස්තී " කියලා,  ඒ කියන්නේ අපි කොමියුනිස්ට් කාරයෝ කියලා. ඒ කතාව ඇහුවා විතරයි පෙරෙස්ත්‍රොයිකා එක නිසා ආගම් භක්තිය උඩට ගහපු යූක්‍රේනකාරයා මාරු උනා. " 

වරක් මා මොස්කව් නගරයේ තිබූ විශාල දේවස්ථානයක් පිලිබඳ විස්තර කරන විට අපට හිස්ටෝලොජි විශය ඉගැන්වී ව්ලදිමීර් පෙත්‍රෝවිච් " උඹ මොස්කව් ගැන කතා කරන්නට පෙර කීව් රුසියාව ගැන කතා කරපන් කියා කීවේය​. Kievan Rus'යනු 12 ශත වර්ශයේ තිබූ ස්ලාව් වරුන් ගේ විශාල රාජ්‍යකි. ප්‍රාථමික වංශකථාවට අනුව, නැගෙනහිර ස්ලාවික් දේශයන් කීවන් රුස් ලෙස හැඳින්වෙන ප්‍රදේශයට එක්සත් කිරීම ආරම්භ කළ පළමු පාලකයා ඔලෙග් කුමරු (879-912) විය.  කීවන් රුස් පරිහාණියට යන ලද්දේ මොන්ගෝල තතාර්වරුන් ගේ ආක්‍රමණ නිසාය. කීවන් රුස්  වැටීමෙන් වසර පහකට පසු, පාප් නියෝජිත ජියෝවානි ඩා පියන් ඩෙල් කාර්පයින් මෙසේ ලිවීය. "ඔවුන් නගර සහ මාලිගා විනාශ කර මිනිසුන් මරා දැමූහ, ඔවුන් වටලනු ලැබූ විශාලතම රුසියානු නගරය වන කියෙව්; ඔවුන් දිගු කලක් වටලා එය අල්ලාගෙන නගරයේ මිනිසුන් මරා දැමූහ. ගණන් කළ නොහැකි මිනිස් හිස් කබල් සහ මළවුන්ගේ ඇටකටු පිට්ටනිය පුරා විසිරී ඇත.  එය ඉතා විශාල හා ජනාකීර්ණ නගරයක් වූ අතර දැන් එය කිසිසේත්ම නැති වී ගොස් ඇත.ඇත්ත වශයෙන්ම එහි දැන් ගෙවල් දෙසීයක් නැති තරම් වන අතර ජනතාව දැඩි ලෙස වහල්භාවයේ තබා ඇත" 

මහා කැතරින්ගේ පාලන සමයේදී යුක්රේනයේ වැඩි කොටසක් රුසියානු අධිරාජ්‍යයට යටත් විය. රුසියාව, බෙදුම්වාදයට බියෙන්, යුක්රේනියානු භාෂාව සහ සංස්කෘතිය ඉහළ නැංවීමේ උත්සාහයන් සඳහා දැඩි සීමාවන් පැනවූ අතර, එහි භාවිතය සහ අධ්යයනය පවා තහනම් කළේය.

යූක්‍රයීනයට නැවත වරක් විනාශය ගෙන ආවේ ස්ටාලින් විසිනි. ස්ටාලින් යුගයේදී සමූහ ගොවිපල ක්‍රමයන් ක්‍රියාත්මක කිරීමේදී 1932 සහ 1933 දී, Holodomor නමින් හැඳින්වෙන විනාශකාරී සාගතයක් හේතුවෙන් යුක්රේනයේ මිලියන ගණනක් ජනයා, සාගින්නෙන් මිය ගියහ. හොලදමෝර් සාගතය කෘතිමව ඇති කරන ලද්දක් වූ අතර ඒ පිලිබඳව යූක්‍රයීන ජාතිකයන් ස්ටාලින් සහ ලේසර් කගනෝවිච් ප්‍රමුඛ මොස්කව් හි සෝවියට් බල අධිකාරියට කිසිදා සමාව නොදෙති.  

1991 දී සෝවියට් සංගමය විසුරුවා හරින විට යුක්රේනය නැවතත් ස්වාධීන විය. මෙය වෙළඳපල ආර්ථිකයකට සංක්‍රමණය වීමේ කාල පරිච්ඡේදයක් ආරම්භ වූ අතර, යුක්රේනය වසර අටක අවපාතයකට මුහුණ දුන්නේය. ආර්ථික අවපාතයක් සමග ජාතිවාදය හිස ඔසවන්නට විය​. යූක්‍රයීනයේ ජාතිකවාදය හිස ඔසවත්ම රුසියානු බසින් කතා කිරීම අඩුවී ගියේය. පෙරදා රුසියානු බසින් කතා කල පවුල් වල පවා යූක්‍රයීන බසින් කතා කිරීම ආරම්භ විය. මඟ තොටදී පවා රුසියානු බසින් කතා කිරීම අව දේශප්‍රේමී ක්‍රියාවක් ලෙස සලකන ලදි. මේ නිසා යූක්‍රයීනයේ ජීවත් වූ රුසියානුවන් පවා යූක්‍රයීන බස කතා කලෝය.  මෙවැනි ක්‍රමක් ක්‍රමික ක්‍රියාවන්  අද දිනය වන විට මහා යුද්ධයක් බවට පත්වී ඇති අයුරු දකින විට මා හට අතීත සිද්ධීන් මතකයට නැගේ.  

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

Monday, February 21, 2022

පියදාස සිරිසේන සහ Orgies


Orgies යනු සාමූහික රති කෙළි (a wild party, especially one involving excessive drinking and unrestrained sexual activity) ලෙස හැඳින්විය හැකිය. පුරාණ ග්‍රීක ආගමේ, ඔර්ජියා යනු ග්‍රීක සහ හෙලනිස්ටික් අභිරහස් ආගම්වලට ආවේණික වූ ප්‍රීතිමත් චාරිත්‍ර වේ.  රෝම යුගයේදී ලිංගිකත්වය සහ සශ්‍රීකත්වය සංස්කෘතික අවශ්‍යතා වූ අතර, ඔර්ජියාවේ මූලික අරමුණ වූයේ දිව්‍යමය සමඟ ප්‍රීතිමත් එකමුතුවක් සාක්ෂාත් කර ගැනීමයි. 

හෙරොඩෝටස් පුරාණ ඊජිප්තුවේ බැස්ටෙට් උත්සවය ගැන ලියයි, අසීමිත වයින් පරිභෝජනය සහ සාමාන්‍ය අශිෂ්ටත්වය පිළිබඳ දර්ශනයක් ඔහු විස්තර කරයි. ග්‍රීකයන් වයින් සහ සශ්‍රීකත්වයේ ග්‍රීක දෙවියා වන ඩයොනිසස්, ඉෂ්තාර්  ගේ නාමයෙන් වාර්‍ෂික උත්සව  පවත්වන ලද අතර  පිරිස්  විශාල වශයෙන් වයින් පානය කරන ලද අතර, දවස පුරා, සෑම දිනකම, ලිංගික ක්‍රියාවන්හි නිරත වූහ. ඉන්දියාවේ ඛජුරාහෝ නගරයේද මෙවැනි කාම සැනෙකෙළි පවත්වන ලදි.    

විලියම් ෂේක්ස්පියර් විසින් 1588 - 1593  කාලය තුල රචිත ඛේදවාචක නාට්‍යක් වන Titus Andronicus හිද  orgies (සාමූහික රති කෙළි) පිලිබඳව සඳහන් වෙයි. ප්‍රංශ ලේඛක සහ  Donatien Alphonse François, Marquis de Sade විසින් රචිත  The 120 Days of Sodom නවකතාව කාමභෝගී  ක්‍රියාවන් පිලිබඳව විස්තර කරයි. මෙම නවකතාව ලියන ලද්දේ 1785 වසරේදීය. බොහෝ රටවල තහනම් කොට තිබූ එම නවකතාව 2016 දී, නවකතාවේ  ඉංග්‍රීසි පරිවර්තනයක් Penguin Classic ලෙස ප්‍රකාශයට පත් කරන ලදී.   

නූතන සිංහල සාහිත්‍යයේ මුලින්ම  orgies නොහොත් සාමූහික රති කෙළි පිලිබඳව   ලියන්නේ ගත්කරු පියදාස සිරිසේන විසිනි. ඒ ඔහුගේ අද්භූත ආගන්තුකයා නවකතාව හරහාය.  එම නවකතාවේ මෙසේ දැක්වේ. 

...........ඉක්බිති වෙනදා පුරුද්දේ හැටියට අපේ නොයෙකුත් කතා බස් ඇතිවිය. ගෝමිස් උන්නැහේ තරුණියන් දෙන්නෙකුත් සමග “බයස්කෝප්” බලන්ට ගිය හැටිත් එහි පෙන්වන ලද සමහර පින්තූරවල විස්තරත්, ඒ පින්තූර දුටුවාවූ ඇස් ඇති තරුණියක් කොයිම නීච ක්රිියාවකට උවත් පොළඹවා ගැණීමට පුළුවන් බවත් විස්තර සහිතව ගෝවිස් උන්නැහේ කියන්ට පටන් ගත්තේය.  බයස්කෝප් ප්ර දර්ශනයේ දක්වන මිශ්ර නෑම, සවස් කාලේ පිට්ටනිවල ඉඳීම ආදී සෙල්ලම්වල ගෑණු පිරිමි එක්ව විගඩම් දකින ලපටි සිහිබුද්ධිය ඇති තරුණයන් තුළත් විශේෂ වශයෙන් ගෑණු ළමයින් තුළත් ලජ්ජා භයක් ඉතුරුවුනොත් ලොකු යකඩ දාගිය ගෙයක පුළුන් ඉතුරු වෙන්ටත් පුළුවන. ඒ එසේද වුවත් ගෝමිස් උන්නැහේ බයස්කෝප් එකේ වර්ණනාව කළ බැවින් කඩිමුඩිකර රාත්රී ‍භොජන අනුභවකොට ඒ කද්දී විෂ්කි අඩි කීපයකුත් ගසා හොඳටම සූර්ව සිටි අපි ඇඳ පැළඳ ගෙණ බයස්කෝප් බලන්ට සූදානම් වීමු. අපේ ගෙදර ඉන්නා ලංසි නෝනත්, නංගිත්, මමත් සූදානම්වූ හැටියේ ගෝමිස් උන්නැහේ යහළු නෝනලා දෙන්නාත් සමග එක්ක එන බව කියා ඔහු අපට ඉස්සරින් යන්ට ගියේය. අපි තුන් දෙනා මොටොර් රථයෙන් බයස්කෝප් මඩුව ලඟට ගියෙමු. ගෝමිස් උන්නැහේ මිත්රට තරුණියන් දෙන්නාත් සමග රික්ෂො රථවලින් ආහ. අප ඇතුල්ව පළමුවෙනි ක‍ැලෑසියේ වාඩිගතිමු. අප හය දෙනාට රුපියල් දහඅටකුත් මා විසින් ගෙවන ලදී. එහි දක්වන ලද සිතියම් වලින් සමහරක් “කටුඉඹුල්” නරකය සමාන බව දැන්නම් තේරේ. නමුත් එවෙලාවට ඒ තරම් ප්රි යකරු දර්ශණයක් ලෝකයේ නැතැයි සිතුවෙමි. ඉතින් මත්පැනෙන් විකෘතිවූද මත්පැන් නිසා බලවත් කාමුක චේතනාද ඇති අපි ‍සදෙනා ශාලාවේ එලිය නිවා රූප දක්වන වෙලාවට හැසුරුණු අන්දමේ පිළිකුල් භාවය කෙතරම්ද කිවහොත් නපුරු විධියට ඇතිදැඩි වන මනුෂ්යියෙකුට මිස උත්පත්තියෙන්ම නපුරුවූ යක්ෂයෙකුටවත්, උත්පත්තියෙන්ම පිළිකුල්වු ප්රේඋතයෙකුටවත්, උත්පත්තියෙන්ම පහත්වූ මෘගයෙකුටවත් රුචි නොවේ. නමුත් අපට නම් ඒ තරම් ප්රී ති සහගත හැසිරීමක් තවත් නොමැති වීය. ඉතින් ඒ රූප තරම් ප්රීරති සහගත හැසිරීමක් තවත් නොමැති විය. ඉතින් ඒ රූප පෙන්වද්දී මිනිත්තු 15 ක නිවාඩු කාලයක් ඇති විය. ඒ නිවාඩු කාලය තුල එහිම බිම විකුණන බැවින් විෂ්කිත් සෝඩත් වීදුරු හයක්‍ ගෙන්වා හදෙනම බීගතිමු. ඒ බීගත් පසු අපේ ස්වභාවය අතිශයින් අමුතුවිය. අප ළඟින් සිටි තවත් තරුණ තරුණියන්ගේ හැසිරීමත් අපේ හැසිරීමට දෙවෙනි නොවේ. බයස්කෝප් බැලීමට ගොස් භූත දේ දක්නා තරුණියන්ගේ හිත් අතිශයින් විකල භාවයට පත්වීම අහසට දැමූ කැටක් බිම එන්නාක් මෙන් ඒකාන්තවූ ක්ෂණික සිද්ධියකි. අප කාණ්ඩයේ සිටි සදෙනාම එකෙකුට එකෙක් අ‍ඩු නැතුව සුරා මදයෙන් මත්වු‍වන් බැවින් ඊට සම්බන්ධවූ කාම මදයෙන්ද පීඩිතව රාත්රීු දොළහට පමණ ඒ ක්රී ඩා ශාලාවෙන් පිටවීමු. දැන් අප යා යුත්තේ කොහාටදැයි ගොමිස්   ඇසුවේය. වෙන කොහාටද? අපේ බංගලාවට යමු යයි කීවෙමි. අන්යද ගෙවල් දෙකකින් එක්ක අවුත් සිටි තරුණියෝ දෙන්නාද අප සමග යාමට කැමති වූහ. ඉතින් සදෙනාම මොටෝ රථයේ නැගී අපේ බංගලාවට ගොස් තවත් විෂ්කි අඩිය බැගින් බී නිදාගතිමු. ඒ රාත්රිෂය ගතකළ හැටි විස්තර සහිතව තමුන්නාන්සේට කියා දෙන්ට බැරුවාට කණගාටු වෙමි. නමුත් එහි ප්රහතිඵලය නම් මගේ කථාන්තරය කියවන විට තමුන්නාන්සේට නිරායාසයෙන්ම දැන ගන්ට ලැබෙනු නිසැකි.  මේ පාප මිත්රන ගෝමිස් හා ලංසි නෝනත් නිසා මා තුළ කලින් පැවති මසුරු කමද අඩුවිය. බීමටත්, “ඇන්ජෝයි” කිරීමට හෙවත් කාමුක ගතිය වර්ධනය වන අන්දමේ ක්රී ඩා කිරීමටත් කෙතරම් වියදම් කළත් ඒ පාඩුවක් නොවන බව මට හිතුනේය. එතැන් පටන් මගේ වියදම් අධික විය.  (අද්භූත ආගන්තුකයා). 

පියදාස සිරිසේනයන්  අද්භූත ආගන්තුකයා  නවකතාව ලියන්නේ 1928 වසරේදීය. මෙම නවකතාවෙන්  “ඒබ්‍රහම් ජෝන්ස්” නම් පුද්ගලයාගේ කාම භෝගි ජීවිතයද ඔහුගේ ජීවිතයේ පිරිහීමද විස්තර කරයි.  වර්‍ෂ 1906 සිට 1946 දක්වා වූ වසර 40 ක කාලය තුළ මෙරට ජනප්‍රිය නවකතාකරුවා වූයේ  පියදාස සිරිසේන ය​. මහාචාර්‍ය ආරිය රාජකරුණා පවසන පරිදි මෙම කාලය හැඳින්වෙන්නේ සිංහල නවකතාවේ සිරිසේන සමය ලෙසටය​. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 


Find Us On Facebook