ලේඛක ශක්තික සත්කුමාර විසින් ලියන ලද කෙටි කතාවක් මගින් බුදු දහමට අපහාස වූ බව කියා ඔහුව පොලිසියට කැඳවා ඉන් පසු රඳවාගෙන උසාවියට ඉදිරිපත් කරන ලදී. උසාවියේදී ඔහුට විරුද්ධව ආගමට අපහාස කළැයි ICCPR නම් පනත අනුව චෝදනා ගොණු විය. (ICCPR නම් පනත අනුව ආගමට අපහාස කිරීම පිළිබඳව චෝදනා ගොනු කළ මුල්ම අවස්ථාව මෙය බවත් පැවසේ). ශක්තික සත්කුමාර පොල්ගහවෙල මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත .මේ වන විට ඔහු සිටින්නේ කෑගල්ල බන්ධනාගාරයේය. මෙය භයානක ප්‍රවණතාවයක් මෙන්ම ශ්‍රී ලංකාව ආගමික අන්තවාදය කරා යන බව සනාත කෙරෙන නිමිත්තකි.මේ අන්තවාදී පනත අනුව මාර්ටින් වික්‍රමසිංහ ජීවතුන් අතර සිටියේ නම් බවතරණය නවකතාව ලිවීම පිලිබඳව වික්‍රමසිංහ ශූරීන් ද සිරගත කෙරෙනු ඇත.
මෙම තලෙබාන් ක්‍රියාව අනිවාර්‍යෙන්ම හෙලා දැකිය යුතුය.
වෛද්‍ය රුවන් එම් ජයතුංග