මම ගියේ කොලඹ වජිරාරාමේ දහම් පාසලට. මාත් එක්ක පන්තියේ එකට හිටියේ නිලන්ත බැස්ටියන්. මෑන් ගේ තත්තා තමයි බටහිර කොලඹ මන්ත්‍රී අනුර බැස්ටියන්. නිලන්ත ඉගන ගත්තේ රෝයල් එකේ. නියම ජොලි පොර. ඌ නිතරම හිටියේ මගේ පස්සේ. මේ කතාව වෙනකොට අපිට අවුරුදු 13-14 විතර ඇති. අපිට දහම් පාසලේ ඉගැන්නුවේ වයසක ටීච කෙනෙක්. ටීච විශාකා මහ උපාසිකාව ගැන අපිට කියලා දෙන ගමන් කිව්වා විශාකා මහ උපාසිකාවට ළමයි 60 ක් හිටියා කියලා. ඒක කිව්වම නිලන්ත බැස්ටියන් මගේ කණට කරලා කිව්වා මචං එහෙම නං ඔළුව දාන්ඩ පුලුවන් තරම් ලොකු ඇති නේද කියලා ? මට බ්‍රේක් නැතිව බුග් ගාලා හිනා ගියා. ටීචට මළ පැනලා මාව නැගිට්ටවලා ඇහුවා " මොකද ඔය ළමයා හිනා උනේ ? කියලා. මට බැස්ටියා කිව්ව දේ කියන්න බෑනේ. මම කිවා පිටිපස්සේ ළමයා මට පැන්සලෙන් ඇන්නා කියලා. පිටිපස්සේ හිටියේ අන්තිම අහිංසක් කොල්ලෙක්. ටීච ඌව නැගිට්ටුවා. බැස්ටියා ෆුල් සීරියස් එකේ පොත දිහා බලාගෙන.
No comments:
Post a Comment
Appreciate your constructive and meaningful comments