Sunday, August 28, 2022

ලංකාවේ පන්සල් වලට එන කොමන් චරිත



ලංකාවේ පන්සල් වලට එන කොමන් චරිත ටිකක් තියනවා . මේ චරිත බොහෝ පන්සල් වලට පොදුයි. 

1) පන්සල් සීතාලා { පන්සල් සීතාලා බෝහෝ විට මැදිවියේ ගැහැණුය​. පුරුෂයන් බොහෝ විට ජීවිතය පිලිබඳව උදාසීනය​. ලිංගික වශයෙන් අඩුවෙන් සක්‍රියය​. ඒ නිසා පන්සල් සීතාලා පන්සල බදාගනිති. පන්සල් සීතාලා එකිනෙකා කෙරෙහි  ඉර්ශියා අතර හාමුදුරුවන් ගෙන ලකුණු දා ගැනීම සඳහා තරඟයක නියැලෙති. හාමුදුරුවන් ද මේ කිසිම කෙනෙකු අප් නොකොට සියල්ලන් ගෙන්ම වැඩ ගනිති. }

2) පන්සල් හරමානිස් { පන්සල් හරමානිස් යනු පන්සල මගේ , පන්සලේ සියළු කටයුතු මගේ ප්‍රධානත්වයෙන් සිදු විය යුතුයි කියා විශ්වාස කරති. කාලය ගත කරන්නේ පන්සලේය​. හැමෝටම අරක කරන්න මේක කරන්න කියා ඕඩර් දෙති. තමන් විසින්ම තමන්ව පත් කර ගත් ලොක්කෙකි. බොහෝ විට විශ්‍රාමික  ඩයල් එකකි. රැකියාවේ හෝ නිවසේදී නොලැබූ අධිකාරිත්වය පන්සලේදී ලබා ගැනීමට උත්සහ කරයි. }

3) පී. බී ජයසුන්දරලා { ( පී. බී නොහොත් පින් බත් ජයසුන්දරලා දැකිය හැක්කේ පිටරට පන්සල් වලය​. උයන්න කම්මැලිය , පිනට කන්න කැමතිය​. පන්සල් එන්නේ කෑමක් බලාගෙනය​. 

4) ස්පිරිචුවල් ඉන්වෙස්ටර්ස්ලා { ශාක වල ප්‍රජනක අවයව පිලිම වලට පූජා කල විට දිව්‍ය ලෝකයේ යා හැකි බව ස්පිරිචුවල් ඉන්වෙස්ටර්ස්ලා විශ්වාස කරති. එසේම පිනකම් කරන්නේ මේ ජීවිතයේ නොලැබුනු සැප සම්පත් ලබන ආත්මයේදීවත් ලැබේවා කියාය​. රුපියලක් පිනට දී දෙව් මිනිස් සැප බලාපොරොත්තු වේ. }

5) මඤඥං උපාසක { එලෝ විකාරයෙන් අවබෝධයක් රහිතව හාමුදුරුවන් කියන පාලි පාඨ  රිපීට් කරයි. නිවන් යාම සඳහා නිතරම පාලි පාඨ  රිපීට් කල යුතු බව සිතයි }

6) අඤඥ කොරොස් උපාසක {  බණ අසන ගමන් හාමුදුරුවන් ගෙන් අපබ්‍රංස ප්‍රශ්න අසයි. පියමතුරා බුදුන් ගේ පියා ගේ නම මොකක්ද ? විඤ්ඤාණ ධාතුව පොලෝ තලයේ ගැටී පවතිනවාද ? අරූප ලෝක ගනන කීයද ? වැනි ප්‍රශ්න හාමුදුරුවන් ගෙන් අසයි තමන් ධර්ම භාණ්ඩාගාරික කෙනක් බව සිතයි. }

7) කපටි උපාසක { පන්සල් එන්නේ යම් ලාභයක් බලාගෙනය​. තමන් ගේ බිස්නස් එක ප්‍රවර්ධනය කිරීමට පන්සල යොදා ගැනීම මූලික අරමුණය​.  තමන් ගේ නම යකඩ කටින් කියවා ගැනීම ජනප්‍රියතාවය අපේක්‍ෂා කරයි. }

3 comments:

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook