Sunday, December 13, 2020

ගංගොඩවිල සෝම හිමිහියන්ව කියවීම



ගංගොඩවිල සෝම හිමි ගිහි කාලයේ පවා මට මතකයි. එතරම් උගත්කමක් තිබුනේ නෑ . සාමාන්‍ය පෙළ දක්වා අධ්‍යාපනය ලබන්න ඇති. බුද්ධ ධර්මය පිළිබඳව ගැඹුරු ඥානයක් තිබුණේ නැහැ. සෝමරත්න තරුණයා මහන වූ බව වරක් වජිරාරාමයේ සුවාරිස් සර් කිව්වා මතකයි. වෛද්‍ය ඩී.වීජේ හරිස්චන්ද්‍ර මහතා සමග අයිටීඑන් එකේ නැණ පහන වැඩසටහනේදී සෝම හිමි බොහෝ අවිද්‍යාත්මක කරුණු කිවා නමුත් ඒ කාලේ එවා විශ්ලේශනාත්මකව සිතීමට අපේ සමාජය හුරු වෙලා තිබුනේ නෑ. සෝම හිමි තමන් නොදන්නා විශයන් ගැනත් කතා කිරීමට ගොස් නොදැනුවත්භාවය පෙන්නුවා උදා ලෙස මෝහනය ගැන කතා කිරීමට ගොස් නොදැනුවත්භාවය පෙන්නුවා. එසේම මිඩ් වයිෆ්ලා ගේ රාජකාරි පථය ගැන සෝම හිමි නොදැනුවත් බව මට තේරුම් ගියා. එසේම හිසට බේත් දමා මොලයට බේත් උරා ගන්නා බව සිංහල වෙදකමේ තියන බව කීවා. මෙයට වෛද්‍ය ඩී.වීජේ හරිස්චන්ද්‍ර නිහඞව සිටියා පමණයි. සිංහල වෙදකම ගැන තිබූ අධි තක්සේරු මුලාව නිසා සෝම හිමියන් තමන්ට තිබූ දියවැඩියාවට විද්‍යාත්මක ප්‍රතිකාර නොගෙන ආයුවේර්ද - සිංහල වෙදකම් කල කූට වෙදෙක් ගේ ප්‍රතිකාර ගෙන දියවැඩියාව අසාධ්‍යව හෘධය අක්‍රිය වී අපවත් වූවා. සෝම හිමියන් හොර වෙදෙකුගෙන් දියවැඩියාව සඳහා දේශීය බෙහෙත් ගෙන පසුව දියවැඩියාව උත්සන්නව හෘධ ආබාධයකින් මරණයට පත් වූ බව සනාත කරන ලද්දේ අධිකරණ වෛද්‍ය චන්ද්‍රසිරි නිරිඇල්ල මහතා විසින්. සෝම හිමිට ආචාර්‍ය උපාධියක් දෙන්න කියලා තෝරගත්ත පොත ලොකු සාර සංග්‍රහයක් ; විද්‍යාත්මක කරුණු අඩංගු පොතක් නෙවෙයි. 

සෝම හිමි ජාතිවාදී බණ කියූ බව සමහරු කියනවා, නමුත් ඒ කාලේ බොදු විරෝධී ක්‍රියා උත්සන්න වෙලා තිබුනා. ඒ නිසා ඒ තත්වයට ගැලපෙන ලෙස ගැලරියට බණ කියන්න සෝම හිමියන්ට සිද්ධ වෙන්න ඇති.සෝම හාමුදුරුවන්ට දේශපාලන අභිලාශයක් තිබ්බා. ඉදිරි කාලයේ ජනාධිපති ස්වාධීන අපේක්ශකයෙකු ලෙස ඒමට සෝම හිමි අදහස් කරගෙන හිටියා. සෝම හාමුදුරුවන් ගේ බැට්න් එක තමයි රතනලා අහුලගෙන දිව්වේ. නමුත් සෝම හිමියන් ගේ සමය තුල යම් කිසි බොදු උද්දීපනයක් ඇති වූවා. ඒක අපට ප්‍රතික්ශේප කරන්නට බැහැ. 

1 comment:

  1. සෝම හාමුදුරුවො ජාතිවාදී වුන බවක් මතක නෑ. උන් වහන්සේ වැඩියෙන්ම දොස් කිව්වෙ, විවේචනය කළේ බෞද්ධයො තිසරණය වෙනුවට වෙන වෙන අංග විකල දෙවිවරු පස්සෙ දුවන එකට.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook