Tuesday, December 24, 2019

දෙවියන් ගේ ප්‍රයිවෙට් සෙකට්‍රි




පාස්කු දිනයේ හිමිදිරියේ දෙවියන් ගේ ප්‍රයිවෙට් සෙකට්‍රි දෙවියන්වහන්සේට කෝල් එකක් දුන්නේය​. තවමත් නිදිමතින් සිටි දෙවියන්වහන්සේ දුරකථන රිසීවරය ගත්තේ කම්මැලි ලෙසිනි 

යියෙස් .... දෙවියන්වහන්සේ සවන් දීමට සූදානම් විය​

" සර් සහරාන් කියලා පොරක් පාස්කු දවසේ පල්ලි වල බෝම්බ පුපුරවන්න ප්ලෑන් කරලා තියනවා කියලා දේව රේඩාර් එකට වැටිලා තියනවා. සර් මොකද කරන්නේ ? දෙවියන් ගේ ප්‍රයිවෙට් සෙකට්‍රි ඇසීය​. 

ඉතින් මොනාද කරන්න ඕනේ ? දෙවියන්වහන්නේ තරමක නෝක්කාඩු ස්වරයකින් ඇසීය​.

සර් මේ පල්ලි වල බෝම්බ පිපුරුනොත් සර් ගේ බැතිමතුන් මාර ගානක් මැරෙයි. ඒක සර් ගේ නමටත් හොඳ නැහැ. මම සහරාන් කාරයාගේ බෝම්බ නිෂ්ක්‍රිය කරවලා දාන්නද ? ප්‍රයිවෙට් සෙකට්‍රි ගරුසරු ඇතිව යාප්පුවෙන් ඇසුවේය​. 

දෙවියන්වහන්සේට තරහා ගියේය​. 

" මේ තමුසේ ඉදිමෙන්නේ නැතිව ඉන්නවා. උන් ඕන දෙයක් කර ගනී. මට ඔය රටේ කේස් වලට අත දාලා එපා වෙලා තියෙන්නේ " දෙවියන්වහන්සේ කීවේය​. 

" සර් එහෙම නම් මම අර පඹයට පොඩ්ඩක් ඉන්ෆමේෂන් එකක් යවන්නද ? ප්‍රයිවෙට් සෙකට්‍රි යළි යාප්පුවෙන් ඇසුවේය​. 

" ඕනේ නෑ , ඕනේ නෑ. දෙවියන්වහන්සේ නොඉවසිලිවත් ලෙස කීවේය​. පඹයට ඉන්ෆමේෂන් එක ගිහිල්ලා තියෙන්නේ. මෑන් කරන දෙයක් කරයි" මෙසේ කියමින් දෙවියන්වහන්සේ  දුරකථන රිසීවරය තිබ්බේය.

2 comments:

  1. ආගමික ශාස්තෘවරුන් මුල් කරගෙන ලෝකයේ ඕනෑ තරම් උපහාස කතා ලියවිලා තියනවා.නමුත් නත්තල් දින උදේම මෙවැනි කතාවක් දැක්කහම කිතුනු බැතිමතුන් තුල වේදනාවක් ඇතිවෙන්ඩ පුළුවන්.අනිත් එක මේ කතාව උසස් තත්වයේ උපහාස කතාවකුත් නෙමේ.මෙවැනි දේවල් කිරීමට පෙර දෙපාරක් හිතන්ඩ.

    ReplyDelete
  2. අන්ධ භක්තිකයන්ට මේක eye opener එකක් වේවා

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook