Friday, May 3, 2019

කණිෂ්ක චාමින්ද ජයලත්ට ප්‍රශ්න 12 ක්



ජවිපෙ ශිෂ්ය අංශයේ සාමාජිකයෙකු ලෙස කුරුප්පුආරච්චිගේ කණිෂ්ක චාමින්ද ජයලත් හෙවත් කණිෂ්ක ජයලත් ගේ 1988/89 භූමිකාව පැහැදිලි නොමැත. එම නිසා ඔහු පිලිබඳව තිබෙන ගැටළු නිරවුල් කර ගැනීම සඳහා ඔහු ගෙන් පහත ප්රශ්න වලට පිලිතුරු ලබා ගැනීම කාලෝචිත බව සිතමි. ඔහු සත්ය පවසන්නේ නම් මේ ප්රශ්න වලින් පළා නොගොස් සැඟවීමකින් තොරව පිලිතුරු දෙනු ඇත.

1) ධර්මන් වික්රමරත්න මහතා සහ මා විසින් ජවිපෙ දෙවන කැරැල්ල පිලිබඳව කල දළ අධ්යනයකදී හිටපු කැරලිකරුවන් බොහෝ දෙනෙකු මාතෘ / පීතෘ වියෝග කාන්සාව , කුල පීඩනය , ආර්ථික ගැටළු වලින් ළමා කාලයේ පීඩාවට පත්වී සිටියෝය. මේ අනුව කනිෂ්ක ජයලත් ළමා කාලයේ මුහුණ දුන් ගැටළුව කුමක්ද ? 


2) කනිෂ්ක ජයලත්ට පන්ති පහ කලේ කවුරුන් විසින් ද ?
3) ජවිපෙ ශිෂ්ය අංශයේ සාමාජිකයෙකු හෙවත් රතු ගැටයෙකු ලෙස කනිෂ්ක ජයලත් අවි පුහුණුව ලැබුවේද ? 
4) ජවිපෙ ශිෂ්ය අංශයේ නාලන් දා විද්යාලයේ ඔහු සමග සිටි අනෙක් සාමාජිකයන් කවුද ? (එක් අයෙකු කරුණාරත්න බව අප දනිමු )

5) ජවිපෙ ශිෂ්ය අංශයේ සාමාජිකයන් විසින් ඒ සමයේදී බලහත්කාරයෙන් සිසුන් පන්ති වර්ජන වලට ගෙන යාම / රජයේ නිලධාරීන්ට තර්ජනය කොට ලියුම් යැවීම / ඝාතන සහ මංකොල්ල සඳහා ඔත්තු බැලිම / පාසල් වල පෝස්ටර් ඇලවීම / බස් සහ ට්රාන්ස්ෆෝමර් ගිනි තැබීම කල බව නොරහසකි. මේ ක්රියා කනිෂ්ක ජයලත් කලේද ?

6) මේ කාලයේදී කොලඹ නාලන්දා විද්යාලයේ පෝස්ටර් ඇලවීම සහ ජයවර්ධන පුරය නමින් හඳුන්වන ගොඩනැගිල්ලේ තාර වලින් සටන් පාඨ ලිවීම සඳහා කනිෂ්ක ජයලත් ගේ සබඳතාවක් තිබුනේද ?

7) කොලඹ නාලන්දා විද්යාලයේ පෝස්ටර් ඇලවීමෙන් සහ ගොඩනැගිලි වල තාර වලින් සටන් පාඨ ලිවීමෙන් අපවිත්ර කිරීම නිසා එම විදුහලේ ගුරුවරයෙකු වූ පී.ඩී.ඩබ් ජයවර්ධන මහතා විසින් විදුහලේ මුදල් වැය කොට මහත් වෑයමක් යොදා ගොඩනැගිලි පවිත්ර කරන ලදි . මේ හේතුවෙන් නාලන්දා විද්යාලයේ ජවිපෙ ශිෂ්ය අංශයේ සාමාජිකයන් ඔහු සමග වෛර බැඳ ගත් අතර ඔහුව ඝාතනය කිරීම සඳහා කුමන්ත්රණය කලහ. ( මේ පිලිබඳව පී.ඩී.ඩබ් ජයවර්ධන මහතා විසින් ලියන ලද "ගුරු දිවියේ හද තුළ රැඳුණු මතක නම් පොතේ සඳහන් වෙයි) මෙම ඝාතන කුමන්ත්රණය පිලිබඳව නාලන්දා විද්යාලයේ සිටි මුල් පෙලේ ජවිපෙ ක්රියාධරයෙකු ලෙස කනිෂ්ක ජයලත් දැන සිටියාද ? ඔහු එය නොදැන සිටියා යැයි කීම පිලිගත හැකිද ? 

8) නාලන්දා විද්යාලයේ සිටි ජවිපෙ ශිෂ්ය අංශයේ සාමාජිකයන් විසින් කුප්පියාවත්ත හන්දියේ තිබූ උදයගිරි බේකරිය මංකොල්ලකෑවෝය. මෙම මංකොල්ලය සඳහා සහභාගී වූ නාලන්දා විද්යාලයේ සිසුවෙකු මෙන්ම ජවිපෙ ශිෂ්ය අංශයේ සාමාජිකයෙකුව සිටි කරුණාරත්න ( පාසලේ වානිජ්ය විශය ඉගැන්වූ කරුණාරත්න ටීචගේ පුතා) පසුව පොලිසිය විසින් අත් අඩංගුවට ගත්තේය. ජෙනරාල් ආනන් ද වීරසේකර ගේ මැදිහත්වීම නිසා ඔහුගේ දිවි බේරුණි. උදයගිරි බේකරිය මංකොල්ල කෑමට කණිෂ්ක ජයලත් සහභාගී වූයේද ? ඔහු එම මංකොල්ලය ගැන දැන සිටියේද ? මංකොල්ල කෑ මුදල් වලට සිදු වූයේ කුමක්ද ? 

9) ජවිපෙ ශිෂ්ය අංශයේ ක්රියාකාරිකයෙකු ලෙස සිටි කණිෂ්ක ජයලත් පොලිසියට හෝ හමුදාවට අසුවී පුනරුථාපනය වූවාද ? 

10 ) ජවිපෙ ශිෂ්ය අංශයේ ක්රියාකාරිකයෙකු ලෙස සිටි කණිෂ්ක ජයලත් පොලිසියට හෝ හමුදාවට අසුවී නොවී විදේශ ගත වූයේ කෙසේද ? ඔහු පොලිසියට හෝ හමුදාවට ගෝනි බිල්ලෙකු ලෙස සහාය දී අනෙකුත් සගයන් පාවා දුන්නේද ? 

11) ජවිපෙ ශිෂ්ය අංශයේ ක්රියාකාරිකයෙකු ලෙස සිටි කණිෂ්ක ජයලත්ව පසුකාලීනව ජ.වි.පෙ. න් නෙරපා හරින්නේ මන් ද? 

12) කණිෂ්ක ජයලත් උසස් පෙළ සමත් ද ? (ඔහු ඕස්ට්රේලියානු විසා ගන්නේ උසස් පෙල සමතෙකු ලෙසටය. කනිෂ්ක ජයලත් උසස් පෙල සමතෙක්ද ? ඔහු ඉදිරිපත් කලේ ව්යාජ අධ්යාපන සහතිකයක්ද ? ඔහු උසස් පෙළ සමත් නම් එහි සහතිකයක් විමර්ශනය සඳහා ඉදිරිපත් කල හැකිද ? 

 

No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook