එක් උදෑසනක ගංගොඩවිල පාත්තියක
පිපුණු සුදු රෝස මල් ඔබ දුටුවාද නිර්මාල් ?
උදෑසන පිණි වලින් තෙමුණු මල්
එහි සුමුදු බව පැතිරුණු නැවුම් සුවඳ
ඔබ වින්දාද නිර්මාල් ?
ඔබ එයින් මලක් කඩාගෙන
කරුණාසේනට දුන්නාද ?
ඔහු එම මල ඔබ අතින් ගත්තේද ?
නැතහොත් ඔහු එම මල බිම දැමුවේද
කියන්න නිර්මාල්
1989 දෙසැම්බර් 31 දිනය ඔබට මතකද ?
කරුණාසේන ගේ දෙනෙත් වැසුනේ කෙසේද ?
සුදු පැහැති රෝස මල් රත් පැහැ ගැන්වුනේ කෙසේද ?
ඔහුගේ ප්රාණය නිරුද්ධ වූයේ කෙසේද ?
නොසඟවා කියන්න මට නිර්මාල්
රුධිරය මෙන් රතු රෝස මල් ගොඩක
වැතිරී සිටි කරුවාව ඔබ දුටුවාද ?
පාස්ටර් ලෝගුවේ රත් පැහැති පැල්ලම
ඇති වූයේ කෙසේද නිර්මාල් ?
කරුණාසේන ගේ ආත්මය ජ්වලිත වූවාද
සදාතනික පාපයේ ඔහු ගොදුරක් වූවාද ?
ක්රිස්තුස් ගේ කරුණාව නොලත් කරුවා
සාතන් ගේ ග්රහණයට අසුවූවාද ?
කියන්න මට නිර්මාල්
පව්කාර මාංශයේ ආශාවන් උදෙසා
ආත්මයද ජීවනයද කෙලෙසූ
විකාරරූපීවූ ප්රා භටයන්
සදාකාල ජීවනය මෙන්ම පාරාදීසය
තමන් තුලින් දුරු කලේද නිර්මාල් ?
කොරින්ති වගන්තීන් අත් හල
යාච්ඤාවෙන් සහ ශුද්ධාත්මයෙන් ඈත්වූ
ස්වර්ගික ජීවිතයට පිටුපා
ආත්මය කිලිටි කල පාපයන්
ඔබ අත් දුටුවේද නිර්මාල් ?
මේ මම 2014 ලියපු එකක්
ReplyDeleteනිර්මාල් එන්න මල් පිපිදැයි බලන්න - විමුක්ති දේශපාලනයේ විභවය සොයා