Thursday, March 12, 2020

ඊනියා බටහිර විද්‍යාව විසින් නිර්මිත කොරෝනා වෛරසය


කොරෝනා වෛරසය පැතිරයාම ලෝක ව්‍යාප්ත වසංගතයක් බවට පත්ව ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය නිවේදනය කල නමුදු මේ පසුපස ඇත්තේ ඊනියා පර්‍යේෂණවල සාවද්‍යතාවයකි. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වන අතර  බටහිර විද්‍යාව විසින් නිර්මිත කොරෝනා වෛරසයද බේගලයකි. බටහිර විද්‍යාවට ඊනියා විධික්‍රමයක් නැතත් එය අනෙක් දැනුම් පද්ධතීන්ගෙන් වෙනස් වන්නේ එහි චින්තනය හේතුකොටගෙන යැයි අපි කියමු. බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වන්නේ ද එහි චින්තනය හේතුකොටගෙන ය. සාමාන්‍ය ව්‍යවහාරය අනුව නම් බටහිර විද්‍යාව පට්ටපල් බොරුවක් වන්නේ එහි උපන්ගෙයි දෝෂයක් නිසා ය.  අද ලෝකයේ ආධිපත්‍යය දරන්නේ ග්‍රීක යුදෙවු ක්‍රිස්‌තියානි චින්තනය හා යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතිය ය. මේ සංස්‌කෘතියෙහි ඇතමුනට, විශේෂයෙන් ම යුදෙව්වනට දැනුම ලබා දෙන යුදෙවු දෙවියන් තවමත් සිටින්නට ඉඩ ඇත. බටහිර විද්‍යාව ඉහත සඳහන් චින්තනය මත පදනම් ව යුදෙවු ක්‍රිස්‌තියානි සංස්‌කෘතියෙහි නිර්මාණය වන්නකි. ඊනියා බටහිර විද්‍යාව විසින් නිර්මිත කොරෝනා වෛරසයද හුදු මිත්‍යාවකි.

අපේ සියලු පෘථග්ජන සංකල්ප හා ප්‍රවාද බොරු ය. ඒ අතරෙන් බටහිර විද්‍යාව පට්‌ටපල් බොරු වන්නේ ඇයි? අනෙක්‌ සියලු බොරු එක්‌කෝ මනස විසින් පමණක්‌ නැත්නම් පංචෙඳ්‍රිය සමග එක්‌ වී මනස විසින් නිර්මාණය කෙරෙන දැ ය. ඒ සෘජු දැනුමකි. එහි ප්‍රවාද ඇත්නම් ඒ සංයුක්‌ත ප්‍රවාද ය. ඒ ප්‍රවාද ද පංචෙඳ්‍රිය ගෝචර ය. එහෙත් බටහිර විද්‍යාවේ ප්‍රවාද වියුක්‌ත ය. ඒවා මනස විසින් නිර්මාණය කෙරෙන්නේ හිතළු ලෙස ය.  කොරෝනා වෛරසයද හිතළුවකි.  කොරෝනා වෛරසය මා ත්‍රිකෝටික න්‍යායෙන් පැහැදිලි කරනවා. මා එය කොළඹ විශ්වවිද්‍යාලයෙ සිසුන්ට කියල දීල තියෙනවා.

වරක් මගෙන් අහනවා බටහිර රටක, බටහිර විද්‍යා දැනුමෙන් නිර්මාණය කරන එම්.ආර්.අයි යන්ත්‍රයකින් අනුරාධපුරයේ ජීවත්වෙන මිනිසෙකුගේ මොළයේ පිංතූරයක් අරගෙන ඔහුගේ යම් රෝගාබාධයක් නිර්ණය කර ගැනීමට හැකිනම් ඉන් කියවෙන්නේ බටහිර විද්‍යාව වාස්ථවික බව නෙවෙයිද කියා. වෙනත් වචනයකින් කියනවා නම් ඔහු කියන්නේ එම්.ආර්.අයි යන්ත්‍රය ආධාරයෙන් මොළයේ ආබාධ ගැන ගොතන කථා අනුරාධපුරයේ ජීවත්වෙන මිනිසෙකු සම්බන්ධයෙනුත් වෙන ඕනෑම මිනිසෙකු සම්බන්ධයෙනුත් හරියනවා. එහෙම හරියන්ඩ නම් ඊට අනුබද්ධ දැනුමේ කිසි සංස්කෘතියක්, රටක්, ජාතියක් පෞද්ගලිකත්වයක් ගෑවිලාවත් නැති විය යුතුයි කියලයි.   දැන් මේ යන්ත්‍රය ආධාරයෙන් ගොතන කථාව හරියනවා කියල අපි දැන ගන්නෙ කොහොමද? ඔය යන්ත්‍රය ක්‍රියා කරවන්ට ඕනෑම අයෙකුට බැහැනෙ, ඒකට යම් පුහුණවක් ලබා තියෙන්න ඕනෙ. ඊලඟට ඒකෙන් ලැබෙන මොළේ පිංතූරය විවරණය කරන්නත් යම් පුහුණවක් ලබා තියෙන්න ඕනෙ. ඒ විවරණයත් රෝගියාගේ අනිකුත් ආබාධත් එකතු කරල රෝගය ගැන කථාවක් ගොතන්නත් යම් පුහුණවක් ඕනෙ. ඒ විදිහට බැලුවහම මේ කථාව ගොතන්න විවිධ විශේෂඥ දැනුම ඇති කිහිප දෙනෙකුගේ සහය අවශ්‍යය වෙනවා. සාමාන්‍ය මිනිස්සු බහුතරයකට මේ විශේෂඥ දැනුම නැහැනෙ. ඒ නිසා අපි බොහොමයකට මේ කථාවේ ඇත්ත නැත්ත හොයන්න විදිහක් නැහැ. අපි කරන්නේ අර විශේෂඥයින් කෙරෙහි ඇති භක්තිය නිසා ඔවුන් කියනදේ විශ්වාස කරන එක නේද? එහෙම නම් එම්.ආර්.අයි යන්ත්‍රය ආධාරයෙන් මොළයේ ආබාධය ගැන ගොතන කථාව ඕනෑම කෙනෙකුට පිලිගත හැකි යැයි කියන්නේ මොන පදනමකින්ද? බොහෝ අයට තියෙන්නෙ ඒ පිළිබඳව විශ්වාසයක් පමණයි. බටහිර විද්‍යාව සහ එහි අනුගාමිකයින් පිළිබඳව පොදුවේ විශ්වාසයක් අප තුල ඇති කරන්නේ බටහිර සංස්කෘතියෙන් ආධිපත්‍යයෙනුයි. දැන් රෝගය ගැන කථාව හරි කියල අපි පිලිගන්නේ බටහිර සංස්කෘතික බලපෑම නිසා නම් රෝගය ගැන කථාවේ බටහිර සංස්කෘතිය නැතැයි කියන්න පුලුවන්ද? එහි බටහිර සංස්කෘතිය ඇත්නම් ඒ කථාව වාස්තවිකද?
කොරෝනා ප්‍රතිකාරයට කට්‌ටඩියන්  ගෙන් සහාය ලබා ගත හැකියි. මෙරට කට්‌ටඩියන්ට හෙවත් ගුරුන්නාන්සේලාට බටහිර විද්‍යාඥයන්ට හා බටහිර වෛද්‍යවරුන්ට මෙන් සමාජ තත්ත්වයක්‌ නො ලැබී ඇත්තේ සමාජ ආධිපත්‍යය බටහිර විද්‍යාවට ඇති බැවිනි. ශ්‍රී ලංකා විද්‍යාභිවර්ධන සංගමය, සමාජ විද්‍යාවට මෙන් ම ඉංජිනේරු විද්‍යාවට ද තුන්වැනි පංතියේ උපාධි ලබාගත් අයකු ගේ මැදිහත් වීමෙන් මගේ අවිද්‍යාව හා මිථ්‍යාව පිළිබඳ ප්‍රකාශයක්‌ නිකුත් කළේ ය. එතැනින් නො නැවතුණු ඔවුහු මහාචාර්ය පරණගම හා මහාචාර්ය අමරසිංහ මහත්මීන් මා සමග එක්‌ ව කටයුතු කිරීම නතර නො කළ හොත් ඔවුන් විද්‍යාඥවරියන් ලෙස සැලකීම ප්‍රශ්නයක්‌ වන බවට තර්ජනය කළ හ. ජීවිතයේ කිසි ම දිනෙක නව සංකල්පයක්‌ හෝ ප්‍රවාදයක්‌ හෝ නිර්මාණය කර නොමැති වුවත් ශ්‍රී ලංකා විද්‍යා ඇකඩමිය නම් ව්‍යාජ ගාම්භීර සංවිධානයක අධිසාමාජික පදවි ලද්දෝ ද ඊනියා විද්‍යාත්මක විධික්‍රමයක්‌ ගැන තමන් නො දන්නා බහුබූත දෙඩවූ හ. මේ දැනුම අපට ලැබුණේ ප්‍රියන්තා සේනානායක මහත්මිය මගිනි. ඇය බටහිර, ආයුර්වේද, සිංහල පාරම්පරික ආදී කිසි ම වෛද්‍ය ක්‍රමයක්‌ පිළිබඳ දැනුමක්‌ ලබා නො තිබුණා ය. එබැවින් අපට ප්‍රියන්තා සේනානායක මහත්මිය ගෙන් ලැබුණේ ඇය දෙවියන් ගෙන් හෝ වෙනත් මනුෂ්‍ය නො වන ප්‍රාණීන් ගෙන් හෝ ලත් දැනුමකි. බටහිර වෙදකමට ප්‍රතිකාර නැත. එහි කෙරෙන්නේ රෝග කළමනාකරණය මිස රෝග සුව කිරීම නො වේ.

ඊනියා බටහිර විද්‍යාව විසින් නිර්මිත කොරෝනා වෛරසය පිලිබඳව අපි පසුගිය අවුරුදු විසි හක පමණ කාලයක්‌ පුරා විටින් විට කියා ඇත්තෙමු. මගේ ලෝකය කෘතියෙහි සිට බටහිර විද්‍යාව, ආසනික්‌ හා දෙවියෝ කෘතිය දක්‌වා ලියෑවුණු පොත්වලත් දහස්‌ සංඛ්‍යාත ලිපිවලත් මේ කරුණු අඩංගු වෙයි. ඇතැමුන් මේ අදහස්‌ ඉන්පසුව තමන් ගේ මෙන් ප්‍රකාශ කරන බවත් ඒ පිළිබඳ ව මට එතරම් කම්පනයක්‌ නැති බවත් සඳහන් කරනු කැමැත්තෙමි. එහෙත් ඒ සමග පෘථග්ජනකුට ඇති වන ඇතැම් හැඟීමක්‌ ඇති නො වන්නේ යෑයි ද මම නො කියමි.

7 comments:

  1. බැලූ බැල්මට මේක මහාචාර්ය නලීන්ද සිල්වාගේ ලිපියක්.. උපුටා ගැනීම පිළිබඳ සඳහනක් නොකර මෙතන පල කළේ මොන අරමුණකින්ද ?

    ReplyDelete
  2. ලොකු සෑර්, මේ ලිපියේ ලොකු අඩුපාඩුවක් මම දකිමි.
    එනම් 'පඬියන් හා පඬි පෝතකයන්' ගැන මෙහි කිසිම සඳහනක් නැති වීමයි.

    බටහිර යුදෙවු ක්‍රිස්‌තියානි විද්‍යා දැනුමෙන් නිර්මාණය කරන එම්.ආර්.අයි යන්ත්‍රය ආධාරයෙන් කථාව ගොතන ආකාරය
    නලින් සෑර්ට අපැහැදිලි නමුත් ප්‍රියන්තා සේනානායක මහත්මිය දෙවියන් ගෙන් හෝ වෙනත් මනුෂ්‍ය නො වන ප්‍රාණීන් ගෙන් දැනුම ලබාගත් ක්‍රමය නලින් සෑර් පැහැදිලි කරන්නේ නැනි නිසා එය ඔවුන්ගේ හිතළුවක් නිසා යයි විශ්වාස කිරීමට ඔවුන් අපව පොළඹවයි.

    මහාචාර්ය තානාපතිතුමා වැනි 'ඊනියා I know the law පුතා' අය ලැබීමට ලංකාව බොහෝ (අ)වාසනා කර ඇති බව අප තවම හරියට තේරුම් ගෙන නැහැ.

    ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
  3. ඔයා සිංහලයෙක්ට කින්ඩි දාන්ඩ දක්ෂයි.
    පුළුවන්නම් මේ විදියට දෙමලෙක්ටත් කින්ඩිය දාලා පෙන්වන්න.

    ReplyDelete
  4. මේක ආචාර්ය නලින්ද සිල්වා ගේ ලිපියක්. මම මීට ඉස්සර කියවල තියෙනව.

    ReplyDelete
  5. මෙය ආචාර්ය නලින් ද සිල්වාගේ ලිපියක් ලෙස කියවල තියෙනව. උපුටා පලකිරීමක්ද?

    ReplyDelete
  6. නලින්ද බුතයා ගහල :)

    ReplyDelete
  7. Am I an uneducated imbecile prone to conspiracy theory? No way, it must be the doctors who are wrong!

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook