Sunday, February 2, 2020

ප්‍රන්ස බස සහ ඉංග්‍රීසි බස වෙනුවෙන් මරා ගැනීම


මෑතකදී පශ්චාත් ව්යසන ක්ලමථ අක්රමතාවයෙන් (PTSD) පෙලෙන කැමරූන් ජාතිකයෙකු මාගෙන් ප්රතිකාර ගැනීමට ආවා. ඔහු කැමරූන් වල පවත්නා යුද ගැටුම් නිසා ක්ෂිතිමය තත්වයට ගොදුරු වූ අයෙක්. මේ යුද ගැටුම් වලට මුල මොකක්ද කියා මා ඔහුගෙන් ඇසුවා. ඔහු කීවේ ඔහුගේ රටේ ප්රන්ස බස කතා කරන අප්රිකානු කැමරූන් ජාතිකයන් සහ ඉංග්රීසි බස කතා කරන අප්රිකානු කැමරූන් ජාතිකයන් අතර යුද්දයක් පවතින බවයි. දෙපාර්ශවය එකිනෙකාගේ ගම් වලට පහර දෙනවා. පාසල් ගිනිබත් කරනවා. මිනී මරණවා.
එංගලන්තය සහ ප්රංශය තමන් ගේ පැරණි යටත් විජිත වල මිනිසුන් කොපමණ අන්ධ භාවයට පත් කොට තිබෙනවාද කියා මට මින් පෙනී ගියා. ප්රන්ස බස කතා කරන අප්රිකානු කැමරූන් ජාතිකයන් සහ ඉංග්රීසි බස කතා කරන අප්රිකානු කැමරූන් ජාතිකයන් කතා කරන්නේ එක ගෝත්රික භාෂාවක්. නමුත් ඔවුන් ප්රන්ස බස සහ ඉංග්රීසි බස වෙනුවෙන් මරා ගන්නවා.

1 comment:

  1. sorry if irrelevant, i saw somewhere someone has commented that holocaust is a lie/hoax. any idea about it?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook