Thursday, January 30, 2020

විජේවීර සහ අධ්‍යාපනය



රෝහණ විජේවීරගේ උසස් අධ්‍යපන සිහිනය කඩාකප්පල් වන්නේ තම පියාගේ මරණයට ලංකාවට පැමිණි විට ඔහුට යළි සෝවියට් දේශයට යාමට වීසා නොදෙන්නැයි කේ.පී. සිල්වා ඇතුළු ශ්‍රී ලංකා කොමියුනිස්ට්  පක්‍ෂයේ සමහර නායකයන් විසින් සෝවියට් තානාපති කාර්‍යාලයට කරන ලද බලපෑම් නිසාය. තවද ඒ වන විට ඔහු බයෝ කෙමිස්ට්‍රි විශය අසමත්ව සිටියේය. උසස් අධ්‍යපන සිහිනය කඩාකප්පල් වීමෙන් පසු විජේවීර  ලංකාවේ විප්ලවයක් කිරීම සඳහා මූලික වශයෙන් පාසල් සහ විශ්ව විද්‍යාල සිසු සිසුවියන් තෝරාගෙන ඔවුනට පන්ති පැවැත්වීය. 

මේ පන්ති වලදී විජේවීර අවධාරණය කල කරුණක් වූයේ ඉදිරි කාලයේ  එනම් 1970 දී   ජේ.ආර් විසින් ඇමරිකානු හමුදාවේ සහාය ලබාගෙන ඒකාධිපති ආණ්ඩුවක් පිහිටවන බවත් ඉන් පසු සියළු අධ්‍යාපන සහතික වල වටිනාකම ශුන්‍ය වන බවත් ය. මේ නිසා පාසල් ළමුන් මෙන්ම විශ්‍ව විද්‍යාල සිසුන් බොහෝ දෙනෙකු පූර්ණකාලීනයන් ලෙසට ජවිපෙට බැඳුනහ.

පාසල් සිසුන් අතර කෙලී සේනානායක , සුනන්ද දේශප්‍රිය , කඩුගන්නාවේ ජයතිස්ස, ලාල් සෝමසිරි වැන්නවුන් සිටි අතර ඔවුන් පාසල් අධ්‍යාපනය හැර දමා පූර්ණකාලීනයන් වූහ. විශ්ව විද්‍යාල සිසුන් අතර පොඩි දිසා , බෝල සමරේ , උදේනි බන්ධුල වැන්නවුන් තම උපාධි අධ්‍යනයන් නවතා විජේවීරට එකතු වූහ. 

71 කැරැල්ලෙන් පසු විශ්ව විද්‍යාල අධ්‍යාපනය කඩාකප්පල් කරගෙන පූර්ණකාලීනයෙකු වීම පිලිබඳ තමන් පසුතැවුන බවත් පසුව අසීරුවෙන් ඉගෙන ගෙන නීතීඥයෙකු වූ බවත් උදේනි බන්ධුල පැවසීය. එහෙත් පොඩි දිසා මෙන්ම බෝල සමරේ වැන්නවුන්ට තම විශ්ව විද්‍යාල අධ්‍යාපනය යළි කරගෙන යාමට  ඉඩක්   ලැබුනේ නැත.

1988/89 කැරැල්ල විජේවීර ඇරඹුවේ පළමුව මව්බිම දෙවනුව ඉගෙනුම යන පාඨය ඉදිරිපත් කිරීමෙනි. මේ අනුව බොහෝ විශ්ව විද්‍යාල මෙන්ම පාසල් සිසු සිසුවියෝ තම අධ්‍යාපනය නවතා විජේවීර පසුපස ආහ. මෙයින් බොහෝ දෙනෙකු ජීවිතක්‍ෂයට පත්වූ අතර ඉතිරි වූවෝ උසස් අධ්‍යාපනයකින් තොරව අද ජීවිකාව ගෙන යති. යළිත් උසස් අධ්‍යාපනයට යාමට හැකි වූයේ ඉතා සුළු ප්‍රමාණයකටය.

පහත දැක්වෙන්නේ 1988 කාලයේ ශ්‍රී ලංකාවේ පාසල් වල අධ්‍යාපනය කඩාකප්පල් කරන ලද ආකාරයයි 

1988 වර්ෂයේ එක්තරා දිනයකි. එවකට තණමල්විල මධ්‍ය මහා විද්‍යාලයේ 11 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටි අපි වර්ෂාවසානයේ මුහුණදීමට නියමිත සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් නියමිත විෂය කොටස් ආවරණය කර ගැනීම පිණිස වෙහෙසෙමින් සිටියෙමු. පළමුවෙනි කාල පරිච්ෙඡ්දය අවසන් වීමටද පෙර පාසලේ සීනුව කිසිවකු විසින් නොකඩවා හඬවන්නට වූ අතර, ඒ සමගම පංතිවලට පැමිණි උසස්පෙළ සිසුන් නියෝගාත්මක ස්වරයෙන් ප‍්‍රකාශ කර සිටියේ සියලූ දෙනාම පංතිවලින් එළියට ගොස් ප‍්‍රධාන ගේට්ටුව අසලට එක්රැස්වන ලෙසයි.  විදුහල්පතිවරයා සහ ගුරු මණ්ඩලය අසරණව බලා සිටියදී මිනිත්තු කිහිපයකින් පාසලේ පාලනය උසස්පෙළ පංතිවල සිටි, එවකට ක‍්‍රියාත්මක කැරැල්ලට සම්බන්ධ යැයි කියැවුන, සිසුන් දෙතුන් දෙනකු විසින් අත්පත්කර ගන්නා ලදි. එම ශිෂ්‍යයන් දෙතුන් දෙනා අතරත් නායකයා යැයි සැලකිය හැකි අයෙකු පුටුවක් උඩට නැග ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ උද්වේගකර කථාවක් පැවැත්වූ අතර ”පළමුව මව්බිම - දෙවනුව ඉගෙනුම’’ යන සටන් පාඨය යටතේ පාසලේ සමස්ත සිසු සිසුවියන් ප‍්‍රභල උද්ඝෝෂණයකට යොමු කරනු ලැබූහ.  ...... පාසල් වැසී තිබුන කාලයක, උපකාරක පංති පැතිරී නොතිබුන ප‍්‍රදේශයක දරුවන්ට අධ්‍යාපනික කටයුතු සඳහා තිබූ අන්තිම අවස්ථාවත් කැරලිකරුවන් විසින් අහිමි කළේ එලෙසටය. එහි ප‍්‍රතිපලය 1988 දෙසැම්බර් මස පැවැති සාමාන්‍ය පෙළ විභාගයෙන් පැහැදිලිව දැකගත හැකි විය. සමාන්තර පංති දෙකක සිසුන් 60 ක ගෙන් පමණ යුතු වූ තණමල්විල මධ්‍ය මහා විද්‍යාලයේ විභාගය සමත්ව තිබුණේ එකම එක සිසුවකු පමණි. (ඒ සිසුවා මෙම ලියුම්කරු විය.).එන්.කේ. සූරියබංඩාර   -රාත‍්‍රී 10න් පසු පහන් නිවා නින්දට...!. 88 - 89 දකුණේ කැරැල්ල පරාජය වීමට ඇත්ත හේතුව මෙන්න - වින්දිතයෙක් කියන සැඟවුණු කතාව..Divaina )

අනෙකුත් දරුවන් ගේ අධ්‍යාපනය කඩා වැටුනද , විජේවීර ඔහුගේ දරුවනට උලපනේ බංගලාවට ගුරුවරුන් ගෙන්වාගෙන අධ්‍යාපනය ලබා දුන්නේය​. 



No comments:

Post a Comment

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook