Thursday, November 7, 2019

ශ්‍යාම් සෙල්වදොරේ පිළිබඳව


ශ්‍යාම් සෙල්වදොරේ ඉගෙනුම ලැබුවේ කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලයේදී ය. මට ඔහුව කිහිප වතාවක් යෝක් විශ්ව විද්‍යාලයේදී  හමුවී තිබේ.  ඔහු මට වඩා ජේෂ්ඨ සිසුවෙකු වූ අතර ඔහු අධ්‍යනය ලැබුවේ යෝක් හි කීල් කැම්පස් එකේ වන අතර මා අයත් වූයේ යෝක් හි ග්ලෙන්ඩන් කැම්පස් එකටය. 

යෝක් විශ්ව විද්‍යාලයේ නොයෙකුත් වැඩසටහන් වලට ශ්‍යාම් ඒමට පුරුදුව සිටියේය. යෝක් විශ්ව විද්‍යාලයේ ශක්තිමත් ශ්‍රී ලාංකික ද්‍රවිඩ සංසදයක් තිබේ. මොවුන් බොහෝ දෙනෙකු කොටි හිතවාදී සිසුන් වූ අතර විශ්ව විද්‍යාලයේ එල්.ටී.ටී.ඊ ධජය ප්‍රදර්ශනය කරමින් නොයෙකුත් රැස්වීම් සංවිධානය කිරීම් කරන ලදි. මොවුන්ට ශ්‍යාම් සෙල්වදොරේව තමන් ගේ එල්.ටී.ටී.ඊ ධජය යටතට ගෙන ඔහු ලවා ශ්‍රී ලංකාව ද්‍රවිඩයන් සංහාරය කරනවා යැයි කීමට අවශ්‍ය වූ නමුදු ඔවුන් ගේ අතකොළුවක් වීම ශ්‍යාම් ප්‍රතික්ශේප කලේය. එහෙත් සත්‍ය වශයෙන් ශ්‍යාම් සෙල්වදොරේ 1983 ජාතිවාදී ප්‍රහාර වල වින්දිතයෙකි. එහෙත් ඔහු ලංකාවට එරෙහිව ඔවුන් සමග සිට ගත්තේ නැත.  ශ්‍යාම් සෙල්වදොරේ හදවතින්ම ශ්‍රී ලාංකිකයෙකි.  

2 comments:

  1. ලාංකික දෙමළ ජාතිවාදය යනු ලන්දේසීන් ගොඩනඟා ඉංග්‍රීසීන් විසින් බෞතීස්මකෙරුනු එකක් එහි අරමුණ සිංහලයන්ට හිමිතැන අහිමි කිරීමයි (අතිරේක කරුණක්: ඉන්දීය දෙමළ ජාතිවාදය ඉන්දියාවට පැමිණි කිතුනු මිශනාරීන් විසින් ගොඩ නැගූ එකක් . එහි අරමුණ හින්දු සමාජය බෙදා හින්දූත්වය දුර්වල කිරීමයි.)

    ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය කැනඩාවේ කේන්ද්‍රීය සංස්කෘතිය වන පරිදි සිංහල බෞද්ධ සංස්කෘතිය ලංකාවේ කේන්ද්‍රීය සංස්කෘතිය වියයුතුබව පි නොගන්නා ඔ්නෑම කෙනෙක් දෙමළ ජාතිවාදියෙක් ලෙස සැලකිය හැකියි.
    ඒ අනුව ශ්‍යාම් සෙල්වදොරේ දෙමළ ජාතිවාදියෙක්ද නැද්ද කියා කල්පනාකර බලන්න.
    යමෙක් එල්.ටී.ටී.ඊ සංවිධානයට විරුද්ධ වූ පලියට ඔහු දෙමළ ජාතිවාදියෙක් නොවන්නේ නෑ
    උදාහරණයක් හැටියට රාජිනී තිරානගම කියට දෙමළ ජාතිවාදී ස්ත්‍රිය සහ, දයාපාල තිරානගම කියන සිංහල කොටියා දැක්විය හැකියි.
    දයාපාල තිරානගම මොකක්හරි මොලේ අප්සට් එකක් නිසා පොර වෙන්න හිතාගෙන ජාතිවාදී ගෑණීයෙන් බැඳගත්තා වෙන්නත් පුළුවන්.
    1983 කළු ජූලිය යනු තනිකරම මාධඨ සංදර්ශණයක්. හරියට නාසිවාදීන්ගේ ගෑස් කාමර, මියන්මාරයේ රෝහින්‍යා මුස්ලිම් සංහාරය වගේම මාධ්‍ය සංදර්ශනයක්.
    කළු ජූලියට පෙර සිට මෙරට දෙමළ ත්‍රස්තවාදයක් තිබුනා ඊටත් පෙර සිට දෙමළ ජාතිවාදයක් මෙරට තිබුනා.
    ගුරුකන්ද විහාරයට එරෙහි ජාතිවාදී ක්‍රියා මතක්කරගන්න. කළු ජූලියට පෙරත් ඔයවගේ සිද්ධි වුනා.
    උතුරු නැගෙනහිර දෙමළ ජාතිවාදයක් තියෙද්දී කොළඹ දෙමළු එයට විරුද්ධව අරගලයක් කලේ නෑ. ඔවුන් හිටියෙත් අලි වංශෙන්.
    කොළඹ දෙමළා උතුරු නැගෙනහිර දෙමළ ජාතිවාදයට එරෙහිව සක්‍රීය මැදිහත්වීමක් කලා නම් කළු ජූලියක් වෙන්නේ නෑ.

    //ශ්‍යාම් සෙල්වදොරේ හදවතින්ම ශ්‍රී ලාංකිකයෙකි.
    මේක විහිළු කතාවක් ශ්‍රී ලාංකික ජාතිය යනු පාස්පෝට් ජාතියක්.
    බිරිතානි පාලන කාලයේදී සිලෝනියන් යනුවෙන් හඳුන්වන පිරිසක් හිටියා. ඒ ලංකාවේ සිටි ලන්සි මිනිස්සු. මේක තමයි පසුව ශ්‍රී ලාංකික වුනේ
    ඒ අනුව ශ්‍රී ලාංකිකයා යනු ලංන්සි සහ ලක්ෂ්මන් කදිරගාමර් වගේ කළු සුද්දන්ගෙන් සැදුනු ජාතියක්.
    ශ්‍යාම් සෙල්වදොරේ කියන්නෙත් එහෙම එකෙක් වෙන්න ඇති.

    ReplyDelete
  2. 83 කළු ජූලිය මාධ්‍යය සංදර්ශනයක් කියල මොකද්ද අදහස් කලේ?83 ඔබ දැක්කද දන්නේ නෑ.නමුත් මම එදා ප්‍රාථමික පාසැල් ළමයෙකු විදිහට දැක්කා තැත තැන මළමිනී.කවිද මෙි මිනිස්සු?රැකියාවලට ඇවිල්ලා ආපසු නිවෙස්වලට යන්න ආපු අය නැතිනිමි නගරයේ සපත්තු මැසීම කසළ ඉවත්කිරීම බර ගෙනයාම වගේ රැකියා කළ දුප්පතුන්.මෙිවා දැක්කම උණුවෙන හදවතක් නැතිනමි මොකක්ද ඔය කතාකරන බෞද්ධකම?මෙි වගේ ගව වසුරැ ලියන්න එපා

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook