Thursday, July 25, 2019

අන්තවාදීන් බිහි වූ ආකාරය




1) ඇමරිකාව ; ඔහු කුඩා කාලයේදීම පියා විසි වසරකට සිරගත විය​. මව ක්‍රැක් කොකේන් වලට ඇබ්බැහිවූ තැනැත්තියෙකි. කුඩා කාලයේ සිටම දෙමාපිය වැඩිහිටි ආදරය අවධානය ලැබුනේ නැත​. ඔහුට උසස් අධ්‍යාපනයක් ලබා ගත නොහැකි විය. තමන් පරාජිතයෙකු බව නිරන්තරයෙන්ම ඔහුට හැඟනි. උස් මහත් වන විට ඔහුගේ ජීවිතයේ අඩුපාඩු සංක්‍රමිකයන් නිසා ඇතිවූ බවට සාවද්‍ය ලෙස ඔහු තේරුම් ගත්තේය​. පසුකාලයක ජාතිවාදී වයිට් සුප්‍රිමිස්ට් අන්තවාදී සංවිධානයක සාමාජිකයෙකු වූ ඔහු සංක්‍රමනිකයන් සිටි පල්ලියකට කඩා වැදී එහි එක් රැස්ව සිටි පිරිසට වෙඩි තැබුවේය​. 

2) අරාබිය ; සාමාන්‍ය පවුලක උපත ලැබූ ඔහුගේ දෙමාපියන් මාධ්‍යම පන්තිකයන් වූහ​. කුඩා කාලයේදී සිට ඉස්ලාම් ආගම ඉගෙන ගැනීම සඳහා ඔහු මුල්ලා කෙනෙකු වෙත යොමු විය​. මෙම මුල්ලා ඉස්ලාම් ආගම නොඅදහන්නන් කෆීර්වරු බවත් කෆීර්වරු මරා දැමීමෙන් ස්වර්ගයට යා හැකි බවත් ඔහුට ඉගැන්වීය​. වයස දහ නවයේදී ඔහු ඉස්ලාම් ආගම වෙනුවෙන් මරාගෙන මැරෙන ස්වයංනාශක බෝම්බ කරුවෙකු වී අවන්හලකට වැද බෝම්බය පුපුරුවා ගත්තේය​. 

3) රුසියාව : පියා මධු ලෝලියෙකු විය​. මව කුඩා කාලයේම ඔහුව හැර ගියාය​. ඔහු ඇති දැඩි වූයේ වීදි දරුවෙකු ලෙසටය​. ඔහුගේ කුඩා කාලය කුණාටු වලින් ගහන වූවක් විය​. වයස දහසයේදී ඔහු අන්තවාදී රුසියානු ෆැෂිස්ට් සංවිධානයකට බැඳී මොස්කව් නගරයේදී විදේශිකයන් කිහිප දෙනෙකුට පහර දී මරා දැමුවේය​. 

4) ලංකාව ; ඔහු කුඩා කාලයේදීම මව මැදපෙරදිග ගියාය​. ඉන් පසුව ඇයගෙන් ආරංචියක් ලැබුනේ නැත​. පියා වෙනත් කාන්තාවක් සමග ගියේ ඔහුව මිත්තනිය ලඟ තනි කරමිනි. දිලිඳු මිත්තනිය ඔහුව පන්සලට භාර දුන්නාය​. පන්සලේදී ඔහුව වැඩිහිටි භික්‍ෂූන් අතින් නිබඳවම ලිංගික අපයෝජනයට ලක් විය​. වැඩි වියට පැමිනුනු   පසුකාලයක ඔහු ඉතා ප්‍රචණ්ඩ ගති පැවතුම් ඇති , තමන් ගේ වෛරය සුළු ජාතීන් වෙත  බැර කල භික්‍ෂුවක් බවට පත් විය​. 

2 comments:

  1. අපරාදෙ කියන්න බෑ ලංකාවෙ ඉන්න භයානකම අන්තවාදියා ගැන තමා ලියලා තියෙන්නේ. බෝම්බ පුපුරුවගෙන අහිංසක බැතිමතුන් දෙතුන් සීයක් මරපු සිල්වත් උපාසක මහත්වරු ගැන එහෙම ලිව්වනම් වස වැරැද්දක් තමා වෙන්නේ.. නියමයි ඩොක්ටර්.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook