Saturday, March 10, 2018

නවක වධය සාධාරණීකරනය සහ ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය

පෑන් ගැසීම නම් නවක වධය නිසා උඩු මහලින් බිමට පැන ආබාධිතව පසුව කළකිරීම නිසා සිය දිවි නසාගත් රූපා රත්නසීලී

තිලිනි ෂැල්වින්  නම් කාන්තාවක් නවක වදය ගැන මෙසේ ලියා තිබුණි.  {රැග් නොතිබුණිනම්, අපේ තිස්සමහාරාමේ සරක්කුවාගේ අයියාගේ මළගමට උදේ 6 වන විට බස් දෙකකින් කොලු කෙල්ලන් බහින්නේ නැත, මළගෙදර උයන පිහන අස් කරන තේ බිස්කට් අල්ලන වැඩ උන් අතින් කෙරෙන්නේ නැත, ලස්සනට වල කපා තොරන් බැඳ කවි ගී ලියවෙන්නේ නැත. (ඔය එකක් පමණි. එවන් අත්දැකීම් නම් අනන්තය)}  

නවක වධය ගැන සොඳුරු කතා මවන තිලිනි ෂැල්වින්  නම් කාන්තාව ගුරුවරියක් බව කියවෙයි. පසු ගිය කාලයේ දේශපාලන පන්දම් මතද ලොකු ලොක්කන් ඉදිරියේ හාන්සිවීම් මතද ගුරු රැකියා ලැබුනු බව නොරහසකි. තිලිනි ෂැල්වින්  මේ කුමන ආකාරයට තමාගේ රැකියාව ලබා ගත්තද අපට අවුලක් නැත​.  නමුත් මානසික රෝගීවූ අසහනකාරයන් විසින් සිදු කරන නවක වදය නම් හිංසනයක් සාධාරණීකරනය  කිරීම මගින් ඇය සමස්ථ ගුරු වෘත්තියේම ගරුත්වය පහත දමා තිබේ.  නවක වධය සාධාරණීකරනය කරන මේ තැනැත්තිය වැනි පුද්ගලයෝ ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමයට ලක් වූවන් වෙති. ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය යනු කුමක්ද ?  

සමහර විට නවක වදයට ලක්වූ වින්දිතයන්  නවක වදය කෙරෙහි මෙන් ම තමන්ව වධයට පත් කල වධකයන් කෙරෙහි ආශක්තවීම මෙන්ම නවක වදය සොඳුරු අත්දැකීමක් ලෙසට අර්ථ කතනය කිරීමත් දක්නට ලැබේ. මෙම සංසිද්ධිය ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය  ලෙස හැඳින් වේ.  (Stockholm syndrome (also known as "terror bonding" and "traumatic bonding") is a psychological tendency of a hostage to bond with, identify with, or sympathize with his or her captor. This syndrome can be seen as a form of traumatic bonding).   සංක්‍ෂිප්තව දැක්වීමේදී  ස්ටොක්හෝම් සින්ඩ්‍රෝමය  යනු පීඩිතයා විසින් පීඩකයා කෙරෙහි ඇති කර ගන්නා අසාමාන්‍ය බැඳීමයි. ස්වයං වධ බන්ධන ලැදියාව මෙන්ම තම වධකයන් කෙරෙහි ඇතිවන  අවිඥානික  ලිංගිකව ඇල්මද මේ සඳහා හේතු කාරක වේ.  

නවක වදය නීරෝගී චරියාවක් නොවේ. නවක වදය කායික මානසික රෝග ඇති කරවයි. නවක වදය නිසා විශාදය (Depression)  , භීතිකාවන් (phobias)  , පශ්චාත් ක්ලමථ  ව්‍යසන අක්‍රමතාව (PTSD) , සමායෝගී ආබාධ (Adjustment Disorder) වැනි මානසික ආබාධ ඇති විය හැකිය​. එසේම අතුරු ආබාධ බොහෝ කාලයක් පවතියි. මේ හැර භංගුර (vulnerable) පුද්ගලයන් අතර මනෝ ව්‍යාධික (psychotic)  තත්ව එනම් භින්නෝන්මාදය (Schizophrenia) , අධි තීව්‍ර මනෝ ව්‍යාධි (Acute Transient Psychotic Disorders)  වැනි මානසික රෝග වලට ලක්වීමේ ප්‍රවනතාවන් ද නිරීක්‍ෂණය කොට තිබේ.    

අවසානයට කිව යුත්තේ ගුරු වෘත්තියට පිවිසී නවක වධය සාධාරණීකරනය කිරීම මෙන්ම අනාගත පරපුරේ ඔළු ගෙඩි මොට කරන මෙවැනි මෝඩ කාන්තාවන් ගුරුවරියන් ලෙසට  නොව පාසල්වල වැසිකිළි පවිත්‍ර කරන්නියන් ලෙසට  වත්   අධ්‍යාපන අමාත්‍යාංශයට බඳවා ගැනීම නුසුදුසුය. 

12 comments:

  1. උදේ පාන්දරම බලද්දි දුටුව ලියමන. terror bonding හෙවත් ත්‍රස්ත බැඳීම වූකලි එක්තරා අමුතු ලව් එකකිය. බොහෝ විට සමාජයේ ලිංගික බලහත්කාරකම් සමාජය තුළ සැඟවී දිගින් දිගටම පැවතීමට මෙය ද කාරණාවක් විය හැකි යැයි සිතේ. ඇත්තෙන්ම ගත හොත් රැග් එක යනු වත්මන් මානව වාදී සමාජය විසින් අතුගා දැමිය යුතු නින්දිත මානව චර්යාවකි. අපද විශ්ව විද්‍යා විද්‍යාර්ථින් කාලයෙ මෙකී රැග් එකට හෝල්සේල් ගොදුරු වූ අතර අවසානයේ එය සාමාන්‍ය චාරිත්‍රයක් බවට පත්විය. නැතිනම් එය හුදෙක්ම කාලකණ්නි පරිසරයක් වීමත් එම පරිසරය අතහැර දායෑම පමණක් ඉතිරි වී තිබිණ. බොහෝ දෙනා මෙන්ම මම ද එම පරිසරයේ වසරක් ගෙවෙන තුරු සිටියා මතකය. වසරක ඇවෑමෙන් පිඩිතයා ද ජ්‍යෙෂ්ට උත්තමයන් විසින් සහෝදරත්වයෙන් පිළිගත්තාට පසු හිටපු බහුතරයකට තමන්ට වුණු අපහසුතා අමතකය. ඊලඟ බැච් එකෙන් තමන්ට සම්ප්‍රේෂණය වූ පෙරකී ත්‍රස්ත්‍ර අද්දැකීම් සම්ප්‍රේෂණය කර යම් යම් මානසික විරේචනයන් වින්දනයන් ගත්තා මතකය. නමුත් රැග් එකේදී සිය ඩිග්නිටියට/ගරුත්වයට පෞද්ගලිකත්වට දරුණු ලෙස පහර වැදී මානසිකව ඇදවැටුණු සිසු සිසුවියන් අතරින් සමහරුන් විශ්ව විද්‍යාලය අතහැර ගියහ. සමහරු නැවත රැග් නොකරන්නට කටයුතු කළහ. විශේෂයෙන්ම නවකයින්ගෙන් ගීතයක් ඇසීම කුඩා නාට්‍යමය ජවනිකාවක් රංගගත කිරීම වැනි ගොන්පාට් හැරුණු විට දරුණු ගනයේ කායික මානසික පීඩනයන්ට යොමු කෙරෙන ෆිසිකල් රැග් තිත්ත කුණු හරුපයෙන් බැන වැදී බැන තර්ජනය කිරීම් නතර කිරීමට යම් පිරිසක් මැදිහත්ව කටයුතු කරන ලද බව ද මතකය. රැග් සහිත පරිසරයේ රැග් නොදී සිටීන්නාද ඒ සංස්කෘතිය තුළ අලයකු හෙවත් කිසිකමකට නැති හොරිකඩයකු බවට පත්වන්නේය. නවක මිතුරු මිතුරියන්ගේ කලා කුසලතාවක් පමණක් වින්දනය කළ ඔවුනගේ ඩිග්නිටියට හෝ පුද්ගලිකත්වයට හානි නොකළ මා ඇතුලු අපගේ බොහෝ මිතුරන් ද අලයන් වී තිබිණ. එහෙත් අදවන විට සිතෙන්නේ, එසේ කලාකුසලතාවක්වත් එකී අමන රැග් පරිසරය තුළ විනි්දනය නොකර ඊට දැඩිවම එරෙහිවූ වානම් හොඳ බවය. ඒත් එසේ වූයේ නැත. බොහෝ විට සමාජයේ උසස් යැයි සම්මත පාසල් වලින් හා සමාජවලින් පැමිණි බහුතරය රැග් එකට විරෝධී වන අතර, රැග් එකෙන් පීඩා විඳින ගම්වලින් එන ජීවිතයෙන් අම්බානක රැග්වුණ තවදුරටත් රැග් අනවශ්‍ය චරිත, රැග් එකෙන් පසුව ඔය කියන ත්‍රස්ත ලව් එකට සූට් වන්නේය. විශ්ව විද්‍යාලයේ හිටපු එවැනි නම්දරාපු කාලකණ්නි රැග් කප්පිත්තන් එක්කෝ එවැනි ගම්මාන වලින් පැමිණ එක්වරම සමාජයට විවර වූ හැංගුණ චරිතය.
    එසේම විශ්ව විද්‍යාල තුළ අනෙක් දරුණුම රැග් දෙන ගැන්සියගැන කියන්නට ද ලැජ්ජාය. ඒ වනාහී අපමහා බෝසතානෝ සාරාසංක්‍යෙිය කල්ප ලක්ෂයක් රැග් වී ලබා ගත් බුදු බව මගින් දෙසූ සනාතන අනුකම්පාව දයාව මෛත්‍රිය පිරි සද්ධර්මය රකින පින්බර ත්‍රිත්වයට අයත් සංඝරත්නය කැම්පස් ආවිට උන්වහන්සේලා විසින් උන්වහන්සේලා උදෙසා වළඳවන රැග් එකය. එය අවර සාංඝික කර්මයක් නිසා කියන්නට නොයමිය.
    කෙසේ වෙතත් ඩොක්ටර්ගේ විද්‍යනුකූල විග්‍රහය නියමය. අපි කවුරු කවුරුත් ජීවිතයේ විවිධ අවස්තාවල යම් යම් සින්ඩ්‍රෝමයන්ට ගොදුරු වී ඇති බව පිළිගත යුතුය. වඩා හොඳ මානව වාදී ප්‍රවිශ්ටයකට මේවා කදිමය

    ReplyDelete
  2. ලෝකේ අති උතුම් රටේ මෙවැනි දේ නොම වේ.තනිකරම ජාත්‍යන්තර කුමන්ත්‍රණයක් බව අත දරුවෝ පවා පසක් කරගෙන සිටිති.

    ReplyDelete
    Replies
    1. මේවගේ මානසිකත්වයෙන් ඉන්න එවුන් තමයි රූපා රත්නසීලීවත් විනාස කලේ

      Delete
  3. අදාල ඊනියා ගුරුතුමියකීවායැයි ඔබෞපුටාදක්වා ඇති නවක වදය බ්=නිසා ඇති වූ ධනාත්මක භාවය එනම් මල ගෙදරකදී සාමූහික හැඟීමෙන් වැඩ කිරීම, අපනමේ ලෙවල් පන්තියේ කොල්ලන්ව සිටි අවදියේ පවාඉතා හොඳින්විඳ ඇති සාමූහික අත් දැකීම්වේ. මිතුරෙකුගේ ගෙදරක මරණයක් සිදු වූ විට කිසිවෙකුගෙන් ආරාධනාවක් නැතිවම සංවිධානයවූ ප්ලේන්ටියක් බීමට රුපහක් අතේ නැති කොලු රැල සියල්ල කලේ රැග්කා මානසිකත්වය බිඳ ගත් නිසා නොව, සහජයෙන් උරුම කොලුකම නිසාය.

    බොහෝමහොඳලිපියක් වෛද්‍ය තුමනි.

    ReplyDelete
  4. විග්‍රහය අපූරුයි... කවුරුන් විසින් හෝ අදාල තැනැත්තියගේ අවධානයට යොමු කරවා ඇයටත් ප්‍රතිචාර දක්වන්නට අවස්ථාව දුන්නා නම් තවත් කදිමයි

    ReplyDelete
    Replies
    1. @ Dilshan මේ පර පීඩක කාමය ලේ වලටම බැහැලා තිබෙන ඔය වගේ විපරීත කේස් මේ ලිපි වලින් හැදෙයිද ? උන්ට නෙවෙයි දොස් කියන්න ඕනේ මේ වගේ ගෑනුන්ට ගුරු පත්වීම් දුන්න එවුන්ට

      Delete
  5. A class room in a school is a blackbox. It never opens to the outside world. Abuses that take place are subtle and hard to believe, where the teacher is the sole super power.Time to time,outsiders get a glimpse of the true colours of this world.It is commendable you noticed the true nature of the super power of that world.

    ReplyDelete
  6. Ragging is kind of leadership programme, but the bad condition of this thing is not having standsrdization.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook