Wednesday, February 7, 2018

මහින්ද පතිරණලා ගෙන් ඉගෙන ගන්නා සිසුන්ට අබ සරණයි


මෑතකදී මම මුහුණු පොතේ මිතුරන්ට ප්‍රශ්නයක් යොමු කලෙමි.  එනම් මහින්ද රාජපක්‍ෂ යුද්දය හොඳින් කළමනාකරණය කරගත් නමුත් එයා ලංකා ආයතනය තම ගොබ්බ මස්සිනාට දී කාබාසිනියා කලේ මන්ද කියාය​. මීට බොහෝ පිලිතුරු ලැබුනු අතර සබරගමුව විශ්ව විද්‍යාලයේ කථිකාචාර්‍යවරයෙකු වන මහින්ද පතිරණ දුන්නේ අමුතු ආකාරයේ පිළිතුරකි. ඔහු පවසන පරිදි එයා ලංකා ආයතනය මහින්ද රාජපක්‍ෂ පවරාගත්තේ යුද්දය සඳහා ආයුද කලට වේලාව ප්‍රවාහනය කිරීමටය​. මෙය මෝඩ පිළිතුරක් වූ අතර අන්තර්ජාතික නීති යටතේ සිවිල් ගුවන් සේවාවක් හරහා යුද අවි   ප්‍රවාහනය  කල නොහැකි බව මහින්ද පතිරණ දැන සිටියේ නැත​. 

මහින්ද පතිරණ තම ස්වාමියා වන මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් කඩේ යන විට මතක් වන්නේ ජේ ආර් වෙනුවෙන් කඩේ ගිය ආචාර්‍ය තිලක් රත්නාකරවය​. එක්සත් ජාතික පක්‍ෂ පාලනය යටතේ උද්දමනය නිසා රුපියල අව ප්‍රමාණ වන විට ආචාර්‍ය තිලක් රත්නාකර පැවසුවේ රුපියල බාල්දු වී නැත​; රුපියලට තවම සත සීයක් තිබේ කියාය​. මේ නිසා ඇත්ත පත්තරය ආචාර්‍ය තිලක් රත්නාකරව රත්න විකාර කියා හඳුන්වන්නට පටන් ගත්තේය​.  මහින්ද පතිරණ තිලක් රත්නාකාරටත් එහා යන බව පෙනී යයි. 

මහින්ද පතිරණ  යනු අමුතු චරිතයකි. මහින්ද රාජපක්‍ෂ වෙනුවෙන් රෙදි නොමැතිව කඩේ යන ඔහු උගත් වෘත්තිකයෙකු යැයි කීමද සාවාද්‍ය කරුණකි. ඒ මන්ද යත් ඔහු විසින්  දේශීය හෝ අන්තර්ජාතිකව පිළිගත හැකි පොත පතක් හෝ පරියේෂණ පත්‍රිකවක් මේ දක්වා පළ කොට නොමැති නිසාය​. මෙවැනි පුස් ආචාර්‍යවරුන් නිසා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල ජගත් වර්ගීකරණයේදී බොහෝ සෙයින් පහත වැටෙමින් පවතියි. 

ඔහු සේවය කරන සබරගමුව විශ්ව විද්‍යාලය 2017 ලෝක වර්ගීකරණයේදී වැටෙන්නේ 5993 ස්ථානයටය​. සබරගමුව මෙලෙස පහත වැටෙන විට  නොදියුණු අප්‍රිකාවේ උගන්ඩාවේ  Makerere විශ්ව විද්‍යාලය 2182 ස්ථානයත් ඉතියෝපියාවේ Addis Ababa  විශ්ව විද්‍යාලය 1837  ස්ථානයත් දරයි. අප්‍රිකාවේ නොදියුණු රටවල් වලට පවා පරාජය වීමට මහින්ද පතිරණලා වැනි ගොබ්බ විශ්ව විද්‍යාල ආචාර්‍යවරු සෑහෙන දායකත්වයක් දී තිබේ. ඇත්තෙන්ම අප කණගාටුදායක විය යුත්තේ මහින්ද පතිරණලා ගැන නොව මහින්ද පතිරණලා ගෙන් ඉගෙන ගන්නා සිසුන් පිලිබඳවය 

20 comments:

  1. නිල්/කොළ/රතු...පාට කණ්නාඩි දාගත්විට ලෝකය පේන්නේ ඒ පාටටය...උගත්කම අදාලම නැත

    ReplyDelete
  2. නිල්/කොළ/රතු/කහ පාට දේශපාලණ හෝ ආගමික කණ්නාඩි දාගත් විට ඔබට ලෝකය පෙනෙන්නේ ඒ පාටටය...ඔබේ උගත්කම අදාලම නැත.

    ReplyDelete
  3. මහින්ද පතිරණට හොඳයි රති පණ වගේ නමක්.(රත්න විකාර වගේ)

    ReplyDelete
    Replies
    1. මරා- රති පණ කොහොමද පැරා

      Delete
  4. /* මතක් වන්නේ ජේ ආර් වෙනුවෙන් කඩේ ගිය ආචාර්‍ය තිලක් රත්නාකරවය​. */

    I dont think he has a PhD.

    ReplyDelete
  5. Unfortunately this is the case with most academics in SL (with all respect to the few good ones).

    ReplyDelete
  6. අයියෝ හරි සරල උත්තරයක් නේ තියෙන්නේ ඔය ප්රස‍්නෙට....

    මහින්දයා යුද්දෙ කරන්න හරි මිනිස්සු තේරැවේ යුද්ධය රටේ දැවෙන ප්රස්නයක් නිසයි... ජාතික ගුවන් සේවය එහෙම දැවෙන ප්රස්නයක් වෙලා තිබේබෙ නැහැ නෙව...

    ReplyDelete
  7. ලංකාවේ තියෙන නරකම දෙයක් තමයි දේශපාලන මතවාදය උගත්කම යටකරගෙන ඉහලට පැමිණීම.. සමහර උගත් යැයි කියාගන්නා පුද්ගලයින් දේශපාලනය ගැන කතා කරනකොට පට්ට නූගතුන් වගේ.. මේත් ඒ වගේ එක්කෙනක්.

    ReplyDelete
  8. කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා ශ්‍රීලන්කන් ගුවන් සේවය මහින්ද රාජපක්ෂ යුගයේ කළමනාකරණය කළ ආකාරය පිළිබඳව දක්වා ඇති අදහස මුග්ධ මෙන්ම අතිශය හාස්‍යජනකය. පතිරණ මහතා ආශ්‍රයෙන් වෛද්‍ය රුවන් ජයතුංග මහතා ශ්‍රී ලංකාවේ විශ්ව විද්‍යාල පද්ධතිය පිළිබඳව දරන අදහසේ බොහෝ සත්‍යතා ඇති නමුත් විශ්ව විද්‍යාල වර්ගීකරණය මත පදනම්ව කෙරෙන විග්‍රහයේ දී ඔහු මීට වඩා ප්‍රවේසම් විය යුතුව තිබිණි.

    මේ කමෙන්ටුව සඳහා මා පාදක කරගනුයේ www.4icu.org හි දත්තයන්ය.

    ශ්‍රී ලංකාව තුළ විශ්ව විද්‍යාල 16 ක් ඇති අතර ඉන් දේශීය වර්ගීකරණය (island ranking) අතර ප්‍රථම ස්ථානය හිමිකරගන්නේ වසර 1921 දී ආරම්භ කළ කොළඹ විශ්ව විද්‍යාලයයි (University of Colombo). ගෝලීය වර්ගීකරණයේදී (global ranking) එයට 1596 වන ස්ථානය හිමිය. ශ්‍රී ලංකාව තුළ ඇති විශ්ව විද්‍යාල අතරින් දේශීය වර්ගීකරණය යටතේ අවසාන එනම් 16 වන ස්ථානය හිමිකර ගන්නේ වසර 1996 දී ආරම්භ කළ අනුරාධපුරයේ භික්ෂු විශ්ව විද්‍යාලයයි. එය ගෝලීය වර්ගීකරණයේදී 7620 වන ස්ථානය හිමිකර ගනී.

    එසේම අපි වෛද්‍ය රුවන් ජයතුංග මහතාගේ අවධානයට ලක්වූ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා කුමන විශ්ව විද්‍යාලයක ඉගෙනුම ලැබුවාද යන්න මා නොදන්නා නමුත් දැනට ඔහු සේවය කරන වසර 1995 දී ආරම්භ කරන ලද සබරගමුව විශ්වවිද්‍යාලයට දේශීය සහ ගෝලීය වර්ගීකරණයන් යටතේ ලැබෙන ස්ථානයන් විමසා බලමු. දේශීයව එය විශ්ව විද්‍යාල 16 ක් අතරින් 13 වන ස්ථානය හිමිකරගන්නා අතර ගෝලීයව එයට හිමිවන ස්ථානය වෛද්‍ය රුවන් ජයතුංග මහතා සඳහන් කරන පරිදි 5993 නොව මා පරිශීලනය කළ මූලාශ්‍රය අනුව වඩාත් පහල අගයක් වන 6393 ය.

    වෛද්‍ය ජයතුංග මහතා සඳහන් කරන වසර 1950 දී ආරම්භ කරන ලද ඉතියෝපියාවේ Addis Ababa විශ්ව විද්‍යාලය ඉතියෝපියාවේ ප්‍රථම ස්ථානය හිමිකරගන්නා අතර ගෝලීයව 1837 වන ස්ථානය හිමිකර ගනී. එසේම වෛද්‍ය ජයතුංග මහතා සඳහන් කරන වසර 1922 දී ආරම්භ කළ උගන්ඩාවේ Makerere විශ්ව විද්‍යාලය දේශීයව ප්‍රථම ස්ථානයත් ගෝලීයව 2182 වන ස්ථානයත් හිමිකර ගනී.

    දැන් අපි යුක්රේනයේ විශ්ව විද්‍යාලයන්හි තත්වය විමසා බලමු. එහි විශ්ව විද්‍යාලයන් 171 ක් අතුරින් ප්‍රථම ස්ථානය හිමිකර ගන්නා වසර 1898 දී ආරම්භ කළ National Technical University of Ukraine Kyiv Polytechnic Institute ගෝලීය වර්ගීකරනයේදී 1747 වන ස්ථානය හිමිකර ගනී.

    අවසානයේ මා අවධානය යොමු කරනුයේ වෛද්‍ය ජයතුංග මහතා අධ්‍යාපනය ලද වසර 1922 දී ආරම්භ කරන ලද යුක්රේනයේ Vinnitsa National Medical University දේශීය සහ ගෝලීයව වර්ගීකරණයට ලක්ව ඇති ආකාරය පිලිබඳවය. එම විශ්ව විද්‍යාලය යුක්රේනයේ විශ්ව විද්‍යාලයන් 171 ක් අතුරින් 63 වන ස්ථානය හිමිකර ගන්නා අතර ගෝලීයව එයට හිමි ස්ථානය 6734 ය.

    මෙම සටහනෙහි අරමුණ වෛද්‍ය ජයතුංග මහතා, කිසිදු විශ්ව විද්‍යාලයක් හෝ රටක් අපහාසයට ලක් කිරීම නොව දත්ත එක්රැස් කිරීම, විශ්ලේෂණය, නිගමනයන්ට එළඹීම සහ ඒ මත තර්ක ඉදිරිපත් කිරීම යන කාරණයන් හිදී හැඟුම්බරව කටයුතු කිරීමට වඩා උපායශීලීත්වය අගනා බව තරමක් කටුක ආකාරයෙන් සිහිපත් කරවීමටය.

    අවශ්‍යනම් සංවාදයට එළඹෙමු.

    ReplyDelete
    Replies
    1. @ Gadfly the SmallestFebruary 8, 2018 at 8:56 AM මම ඉගන ගන්නා කාලයේ (1986-1993) යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය අයත්ව තිබුනේ සෝවියට් දේශයටය​. එකල යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය මොස්කව් රාජ්‍ය විශ්ව විද්‍යාලය සමග අනුබද්ධව තිබූ අතර එකල යූක්‍රයීනයේ විනිට්සා විශ්ව විද්‍යාලය ලෝක ශ්‍රේනිගත කිරීමේදී පළවන 500 අතර තිබුනේය​. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පසු විනිට්සා විශ්ව විද්‍යාලයේ සිටි මහාචාර්‍යවරු බොහෝ දෙනෙක් ඇමරිකාවට සහ ඊස්ස්‍රායලයට ගියෝය​. එසේම යූක්‍රයීනය සිවිල් යුද්දයකට පැටලුනි. ඒ නිසා පසුකාලීනව ශ්‍රේනිගත කිරීමේදී පහල වැටුනේය​. මේ හැර මා උසස් අධ්‍යාපනය ලැබූ කැනඩාවේ යෝක්විශ්ව විද්‍යාලය ඇමරිකාවේ වොශ්බර්න් විශ්ව විද්‍යාලය ගැන තොරතුරු ඔබ සඟවන්නේ මන්ද ? @ කැනඩාවේ යෝක් විශ්ව විද්‍යාලය ඇමරිකාවේ වොශ්බර්න් විශ්ව විද්‍යාලය ලෝක ශ්‍රේනි ගත කිරීමේදී ඉහලින්ම සිටින විශ්ව විද්‍යාල වෙති. (අවශ්‍යනම් සංවාදය Face Book එකේ කරමු ; එවිට ඔබට ඔබගේ නියම අනන්‍යතාවයෙන් එන්නට සිදුවේ. එවැනි නිර්භීත පියවරක් ගැනීමට ඔබට පුලුවන්ද ? )

      Delete
  9. /ආචාර්‍ය තිලක් රත්නාකර /

    රුවන්....රත්නාකර නෙවෙයි නිවැරදි නම රත්නකාර.පුවත්පත් කලාවේදිනියක් සහ ගත් කතුවරියක්වන ශ්‍රියා රත්නකාර මහත්මිය ඔහුගේ බිරිඳ....

    තිලක් රත්නකාර කියන්නෙ උගත් ඇම්බැට්ට රැලේ පෙරගමන්කරුවෙක්..ලලිත් ඇතුලත්මුදලි ඉන්න වේදිකාවක එක වරක් ඔහු කිව්වා මම ආර්ථික විද්‍යා මහාචාර්යවරයෙක් වුනාට මෙතන මේ ඉන්න ලලිත් ඇමතිතුමාගෙ එක ඇඟිලි පුරුකක තියෙන ආර්ථික විද්‍යා දැනුම මට නැහැ කියල..

    මම හිතන්නෙ ලලිත් ලැජ්ජාවෙන් ඇඹරෙන්න ඇති ඒ කතාව අහල..ඒ කතාව ගැන ඇත්තෙ සිරා ලියල තිබ්බෙ මැට්ටෙක් තමන් මැට්ටෙක් බව පිළිගනී කියල.. හැබැයි දෛවයේ අපූරු සරදමකට වගේ ඔහුගේ බෑණා වෙච්චි ආරියරත්න ඇතුගල මහින්ද ට කඩේ ගිය මාමට දෙවෙනි නොවෙන්ට...

    ReplyDelete
  10. මම දන්නැති නිසා අහන්නේ.ලංකාවේ උගත්තු සමහර වෙලාවට අමුතු අමුතු දේවල් කියන්නේ මක්කැයි....?

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook