Thursday, February 22, 2018

වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න සහ සුදර්ශන බාලගේ


මීගමුව රෝහලේදි තරුණියක් දූෂණය කර  හයවන මහලෙන් බිමට දමා ඝාතනය කොට නීතිය ඉදිරියේ වරදකරුවෙකු වූ වෛද්‍ය සුදර්ශන බාලගේ පිළිබඳව මා විසින් ලියන ලද ලිපියකට විරෝධය පළ කරමින් එක්තරා මාධ්‍යවේදියෙක් විසින් කරුණු ඉදිරිපත් කොට තිබේ. ඔහු විසින් මීපුර පුවත්පතේ පළවූ වාර්තාවක්ද එවමින්  වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න විසින් සුදර්ශන බාලගේව යම් යම් හේතූන් නිසා ඔහුව රැක ගැනීමට තැත් කල බවත් මගේ ලිපියෙන් ඒ පිළිබඳව අනාවරණය නොකරන ලද බවත් චෝදනා කරයි. තවද මීගමුව බන්ධනාගාරයේ වෛද්‍යවරයෙකු ලෙස සේවය කරන වෛද්‍ය පනාවැන්න විසින් සුදර්ශන බාලගේට මීගමුව බන්ධනාගාරයේ අනිසි රැකවරණය දුන් බවද මෙම මාධ්‍යවේදියා තව දුරටත් පවසයි. 

කෙසේ නමුත් මම මාධ්‍යවේදියාට මට කිව හැක්කේ මෙයයි. වෛද්‍ය ඉඳ්‍රජිත් පනාවැන්න මගේ මුහුණු පොතේ හඳුනාගත් මිතුරෙකු මිස මම ඔහුව ලංකාවේදීවත් දැන සිටියේ නැත​. මීගමුව බන්ධනාගාරයේ  ලෙස අයථා තහනම් ද්‍රව්‍ය රැඳවියන්ට විකුණන ජාවාරමක් තිබේ නම් එය පොලිසිය හෝ බන්ධනාගාර දෙපාර්තමේන්තුව විසින් එය විමර්ශණය කල යුතුය​. වෛද්‍ය ඉඳ්‍රජිත් පනාවැන්න මගේ මුහුණු පොතේ සිටීම ඒ සඳහා කිසිම බාධාවක් නොවේ.  වෛද්‍ය ඉඳ්‍රජිත් පනාවැන්න ආරක්‍ෂා කිරීමට මම ක්‍රියා කලේ නැත​. 

මෙම මාධ්‍යවේදියා පෙන්වා දෙන්නේ ඝාතනය කිරීමට ප්‍රථම චමිලාව සමූහ දූෂණයට ලක් වූ බවයි​. මේ සම්බන්ධයෙන් මගේ පිළිතුර නම් එවැනි සැකයක් තිබේ නම් දැනට බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්වා සිරගතව සිටින බාලගේ ගෙන් යළිත් ප්‍රශ්න කල යුතු බවය​. අවසන් වශයෙන් කිවයුත්තේ මගේ ලිපියෙන් මා විසින් පෙන්වා දුන්නේ බාලගේ  යනු  සීරියල් දූෂකයෙකු මෙන්ම සීරියල් ඝාතකයෙකු බවට උපකල්පනය කිරීමේ සාධක බොහෝ තියන බව මිස වෛද්‍ය  පනාවැන්න පිළිබඳ විස්තරයක් නොවන බවය​.

පහත දැක්වෙන්නේ අදාල මාධ්‍යවේදියා විසින්  එවන ලද වෛද්‍ය ඉඳ්‍රජිත් පනාවැන්න පිළිබඳව  මීපුර පුවත්පතේ පළවූ වාර්තාය.


වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න සුදර්ශන බාලගේව රකින්නේ ඇයි?

බෝගහවත්ත කිරිදිවැල පදිංචි සමන්ත ඉන්ද්‍රජිත් පනාවැන්න මහතා ශ්‍රි ලංකා  වෛද්‍ය කවුන්සිලයේ ලියාපදිංචි වි ඇත්තේ 1999.11.11 වනදාය.මේ වන විට ඔහුගේ වෛද්‍ය වෘත්තික ජිවිතයට වසර 11 කි. එමෙන්ම ඔහු රජයේ  ලියාපදිංචි  වෛද්‍යවරුන් වෙනුවෙන් වන එකම සංගමය වු රජයේ වෛද්‍යවරුන්ගේ සංගමයේ  තනතුරු දැරැවෙක්ද වෙයි.එපමණක් නොව මේ කලාපයේ පුද්ගලික බෙහෙත් ශාලා පවත්වාගෙන යන වෛද්‍යවරුන්ගේ සංගමයේ ලේකම්වරයාද වෙයි. ඒ අනුව වෘත්තිය නිතිමය තත්වයන් සහ වෘත්තිය සදාචාරය පිළිබදව හොද අවබෝධයක් ඇත්තෙක් විය යුතුය. තතු එසේ තිබියදි තමන්ගේ පුද්ගලික බෙහෙත් ශාලාව ශ්‍රි ලංකා වෛද්‍ය කවුන්සිලියේ ලියාපදිංචි නැති එපමණක් නොව වෛද්‍ය කවුන්සිලයද නොමග යැවු පුද්ගලයෙක් වෙත භාර දි තිබිම ගැන දැනට සතියකට පමණ ඉහතදි මීගමුව රෝහලේදි පැවති වෛද්‍යවරුන්ගේ හමුවකදි රෝහලේ වෛද්‍යවරුන් විසින් මේ ක්‍රියාව වෘත්තිය විරෝධි බව පැහැදිලිව ප්‍රකාශ කර ඇත. එහෙත් වෛද්‍ය පනාවැන්න එහිදි ඔහු කරන කටයුත්ත නිවරදි යැයි කිසිවිටකත් තර්ක කර තිබුනේ නැත. එසේ නිහඩව සිටි පානාවැන්න පසුව අඩියක් පස්සට තබා ඔහුගේ බේත් ශාලාවෙන් සුදර්ශන බාලගේ දින කිපයකට ඉවත් කර තැබුවේය. දැන් යළිත් සවස වරුවේ බේත් දෙන්නට ඔහුව යොදවා ගෙන ඇත. මෙය එක්තරා අන්දමකට ගත් කළ  පානැවැන්නගේ වෘත්තිය ජිවිතය තුල මරාගෙන මැරෙන  මෙහෙයුමකි.තමන්ගේ වෘත්තිය ජිවිතයත් කිර්තිනාමයත් පරදුවට තබා කිසිවෙක් මෙවන් ප්‍රවේශයකට යනු ඇතැයි සිතන්නටවත් නොහැකිය.අඩුම තරමින් මේසන් බාස් කෙනෙක්වත් එසේ නොකරනු ුඇත. බාලගේ ට නඩු ගාස්තු  ගෙවාගන්නට හෝ කන්න අදින්න මුදල් නැති නම් එයට ආධාර  කරනවා විනා නිතිය ඉදිරියේදි මෙන්ම සිය වෘත්තිය ජිවිතය තුලදිද ඔහු බරපතල ලෙස පචවෙමින් මෙසේ කරන්නේ ඇයි? එහෙත් මේ කිසිත් ගැන වගක් නැති පානාවැන්න වෛද්‍ය වරයා බාලගේව  මෙතරම් ආරක්ෂා කරන්නේ ඇයිද යන්න මේ වන විට වෛද්‍යවරුන් අතරේ කිසියම් කසුකුසුවක් ඇතිව තිබෙන බව වාර්ථා වේ.මේ ඇතමෙක් පවසන්නේ කුරණ බේත් ශාලාවෙන් මසකට රුපියල් ලක්ෂයක් පමණ ලැබෙන නිසා මුදලට ගිජු පානාවැන්න මහතා වෘත්තිය ගරුත්වය බල්ලාට දමා සල්ලි ඉස්සර කරගෙන ඇති බවය. ඔහු දැනට සේවය කරන බන්ධනගාරය තුල ද විවිධ කාරණා සම්බන්ධයෙන් ඔහුගේ නම කියැවෙන්නට පටන් ගෙන ඇති බවද වාර්ථා වේ. මෙහිදි බොහොමයක් දෙනාගේ අවධානයට යොමුව ඇති තවත් කරුණක්  ඇත.එනම් 2007 නොවැ 12 වනදා මීගමුව රෝහලේ 6 වන මහලේ සිදුව තිබුන ක්‍රියාදමය පිළිබදව සුදර්ශන බාලගේ විසින් මෙතෙක් හෙළි කර නැතැයි පැවසෙන දේවල් පිළිබදවය. මේවා පහුගිය කාලය තුල වෛද්‍ය වරුන්ගේ විවේකාගාරයේ බිත්තියට ඇති කන්වල සටහන්ව ඇත. බාලගේ ජිවත්වන්නේ අමාරුවෙන් බව වෛද්‍යවරුන් පවසති.ඔහුගේ නඩු ගාස්තු සදහා ලක්ෂ 8 පමණ වියදම්ව ඇති බවද ඒ සියල්ල පසුගිය කාලය තුල හොයාගෙන ඇත්තේ මේ කුරණ බේත් ශාලවෙන් දිවා රෑ නොබලා ප්‍රතිකාර කරමින් උපයාගත් මුදල්වලින් බවද පැවසේ. මරදන්ඩකඩවල සිට වෛද්‍ය විද්‍යාලයට ගොස්  අමාරුකම් මැද උගත් බාල පිළිබදව අනුකම්පා උපදවාගෙන සිටින මීගමුවේ ඇතැම් වෛද්‍යවරුන් තවමත් උත්සාහ ගන්නේ බාලගේ ගේ ලියාපදිංචිය සදහා අදාල ශළ්‍ය වෛද්‍ය විශේෂඥ ධම්මික වික්‍රමසිංහ  මහතාගෙන් අත්සන ලබාගැනිමටය. ඒ උත්සාහයේ නිරත එම වෛද්‍යවරුන්ට මොනරාගල සිට පැමිණි චමිලා මීගමුවේ රෝහලේ 6 මහලේදි දූෂණයට ලක්ව ඉන් බිමට ඇද දමා ඝාතනය විම ගැන කම්පාවක් ඇතිව තිබෙන බැව් වාර්තා වන්නේ නැත. අපට බාලගේ හා  ඇත්තේ පුද්ගලික ප්‍රශ්ණයකට එහා ගිය වෘත්තිය සහ සදාචාරය හා බැදුන ප්‍රශ්ණයකි.මේ සියළු යථාර්ථයන් තුල වෛද්‍ය පනාවැන්න බාලගේ ව ඇත්තටම රකින්නේ ඇයි ??? මෙයට හේතුව ලගදිම හෙළිවනු ඇත. මාධ්‍යයක් විසින් කළ යුතු කොටස මේ සමාජය තුල අප ලකුණු කොට හමාරය.එහිදි වෛද්‍ය පනාවැන්න මහතා මීගමුවේ ජනප්‍රිය පුද්ගලික අමතා පවසා තිබුනේ ඔහුගේ සියළු අනිතික ක්‍රියා හෙළි කරමින් මීපුර  වෙබ් අඩවිය විසින් ගෙන යන මාධ්‍ය මෙහෙයුම නවතා දමන්නට උදව්වක් කළ හැකිද කියාය. අපට ප්‍රසිද්ධියේ පවසන්නට ඇත්තේ පානාවැන්නගේ  නිති විරෝධි වැඩ නවත්වන්නේ කවදාද එතෙක් මේ සියළු හෙළි කිරිම් එලෙසින්ම  සිදුවන බවය. වෛද්‍ය ක්ෂේත්‍රයට ආදලව  මීගමුවේ සිදුවන අනිතික ක්‍රියා විමසා බැලිමේ වෘත්තිමය වගකිම පැවරි ඇති සෞඛ්‍ය වෛද්‍ය නිළධාරි  වෛද්‍ය විජයලත් මහතා වෙත දැනට මත් ලැබි ඇති පැමිණිලි සම්බන්ධයෙන් ක්‍රියා කරන අන්දම අප විමසිල්ෙලන් බලා සිටින්නෙමු.  (මීපුර පුවත්පත ) 


වෛද්‍ය පානාවැන්න ඝාතන සැකකරුවෙක් රකින්නේ ඇයි?  

චමිලා ඝාතන නඩුවේ සාක්ෂි විමසිම ආරම්භ වුන 2013 මාර්තු 05 වනදා සැකකාර වෛද්‍යවරයාව බන්ධනාගාර ගත කිරිමට නියම වු අතර ඔහු කිසිදු රෝගි තත්වයකින් පෙළුන බවක්ද අධිකරණයට වාර්තා වි නොතිබුණි. එසේ වුවද සුදර්ශන බලාගේව බන්ධනාගාරගත කෙරුණ මුල් දිනයේ සිට දින 4 ක් පමණ බන්ධනාගාර රෝහලේ තබාගැනිමට එම රෝහලේ වෛද්‍යවරයා වු වෛද්‍ය ඉන්ද්‍රජිත් පනාවැන්න කටයුතු කර තිබුනේය. එහෙත් මේ නිතිවිරෝධි ක්‍රියාව පිළිබදව පසුව පැන නැගුණු විරෝධයන් මත  සුදර්ශන බාලගේව ඉන් ඉවත් කිරිමට බන්ධනාගාර බලධාරින් කටයුතු කර තිබුණි. මේ අනුව පෙනි යන්නේ චමිලා ඝාතන්යේ සැකකාර  සිමාවාසික වෛද්‍යවරයා සහ වෛද්‍ය ඉන්ද්‍රජිත් අතර පවතින සමිප සම්බන්ධතාවයයි. වෘත්තිය ආචාර ධර්ම පමණක් නොව බන්ධනාගාර රෙගුලාසින් පවා උල්ලංඝනය කරමින් වෛද්‍ය පනාවැන්න මේ සියල්ල කරනු ලබන්නේ ඇයිද යන බරපතල සැකයක් අද මීගමුවේ වෛද්‍ය ප්‍රජාව අතරේ පුළුල් සංවාදයකට ලක් වෙමින් තිබේ.(මීපුර පුවත්පත ) 


වෛද්‍ය ඉන්දික සුදර්ශන බාලගේ පිළිබඳව  මා විසින් ලියන ලද ලිපියට ලින්කුව ; https://transyl2014.blogspot.ca/2016/02/blog-post_60.html

6 comments:

  1. ලංකාවෙ සීරියල් කිලර්ස්ලා ගැන ඇති වාර්තා මොනවද?

    ReplyDelete
    Replies
    1. Pl read my article
      https://psychowatcher.wordpress.com/2011/09/05/an-interesting-article-by-dr-ruwan-m-jayatunge/

      Delete
  2. අද විශ්වාස කරන එකාව හෙට විශ්වාස කරන්න බැරි තත්වයක් ලංකාවේ තියෙන්නේ.මිනිස්සු එක්ක ඉන්න එකත් ගේමක් දැන්.අපේ අම්මට කකුළේ පොඩි තුවාලයකට බේත් ගන්න ගියා.දොස්තර මහත්මයා කීවේ දිලීර ආසාදනයක්,කොන්ඩිස් වතුරින් සෝදා "කැන්ඩිඩ් පව්ඩර්" වැනි දෙයක්.එන්න එන්නම තුවාලය වැඩි උනා.දෙවැනි වරත් එපමනයි.පසුව නුගේගොඩ,නාවල දොස්තර නාමරත්නගෙන් බේත් අරන් බේරුනේ.ඔහු කීව ඔබලා තව පරක්කු උනානම් ඇගේ කකුළේ උඩ මස් කපා දමන්න වෙනබව.මහා පුදුම මිනිස්සුන්ගෙන් පිරුනු පින්බර රටක්.(එයාගේ අයකිරීම් ඉහළයි).අපිට මෙහේ මහ මහා සංඝ රත්නයේ පිහිට හා දෙගොල්ලටම හතර වරං දෙවි පිහිට ඇත.අපි වැනි අයට කාගෙනුත් හතරවරං ලැබෙමින් ඇත.

    ReplyDelete
    Replies
    1. * දොස්තර වරු සම්බන්දයෙන් නම් මටත් කියන්න දේ බෝමයි. 2002 අපේ ඥාති අක්ක කෙනෙක්ව සීසර් කළා මහාචාර්ය මලික් ගුණවර්ධන ගාල්ලේ සමූපකාර රෝහලේදී. හොදට හිටපු මනුස්සය මැරෙන්නම ගියා. අර ඩොකා ලෙඩාව මාරු කලා මහමෝදර දැඩි සත්කාරේට. රුධිරය පයින්ට් 11ක් දුන්නා. අදුනන දොස්තරලගෙන් හොයල බැලුවම කිව්වේ මලික් වැරදියට කපල ලේ නවත්වන්න බැරුව. මලික් රට පනින්න හැදුවා. ඊට කලින් කට්ටියක් ගිහින් එයාට අවබෝධ කළා ලෙඩ මළොත්, හරි ඩොකා රට ගියොත් හරි, ඒ ලෝකෙටම යවන බව. බොහොම අමාරුවෙන් අක්කව ගොඩ දා ගත්තා.

      * 2007 දී මට ඇස් ලෙඩක් හැදුනා, පෙය කිහිපය ඇතුලත නොපෙනී යන තත්වෙටම ආවා. බෙහෙත් ගන්න ගියා නයනාරෝග්‍ය ශාලාවට. එතැන හොදයි කියල දැනගත්තු නිසා. වෛද්යතුමියක් හිටියා, නම මතක නෑ. ඇස් චෙක් කරලා කිව්වේ, මේක උපන් දා සිට තත්වයක් බව, එහෙම කියල කන්නාඩි දෙකක් හදවගන්න කියල ලියල දුන්නා. එත් මම දන්නවා මේක ඇස ලෙඩක් බව. අර ඩොක්ට හරි අහන්කාරයි. පස්සේ මම නවලෝක රෝහලේ වෛද්‍ය මකුලොලුව මහත්මයාව හම්බ වුනා. එතුමා දුන්න දියරය දාන්න කියල. කෙරට්යිටීස් තත්වයක් බවත් කිව්වා. එක දාල පැය දෙකකින් වගේ ඇස් පෙනෙන්න ගත්තා. ටිකක් කල් බෙහෙත් ගන්න වුනා.
      * 2016 මට උනක් හැදුනා. මූනේ තිබුන ලොකු කුරුලැවක්. පලවෙනි ඩොක්ට කිව්වේ කුරුලැවට උන අරන් කියල බෙහෙත් දුන්න. පැය එකහමාරකින් වගේ තත්වය අමාරු වුණා. තව ඩොක්ට කෙනෙක් හම්බ උනා. ඒ ඩොක්ටත් අර කතාවම කියලා ගැස්ට්‍රයිටීස් හැදුනොත් කියල තව පෙත්තක් වැඩි කලා. ඒත් කතාව අරකමයි. තුන් වෙනි ඩොක්ට ලගට ගියාම ටෙස්ට් එකක් කරන්න දුන්න. එකේ රිසල්ට් එනකන් බොන්න බෙහෙත් දුන්නා වෛරස් උණක් කියලා. ලෙඩේ සනීප වුනා. එක උනේ මම වැඩ කරන ආයතනයේ මාතර ශාඛාවට කොළඹ ඉඳන් යන අතරතුරේදී. ඉන් පස්සේ මම බෙහෙත් ගන්න යන්න පුරුදු උනේම පෞද්ගලික රෝහල් වලින්. නවලෝක, ලංකා හොස්පිටල් වගේ. ඒ රෝහල් වල කරුණාව කියන එක සල්ලි වලට දෙනවා හොදට.

      ඊට පස්සේ උන රසවත් කතාත් තියෙනවා. ලියන්න බෑ කියවන අයගේ කාලේ කන්න හොද නැති නිසා. ලෙඩකට බෙහෙතක් ගන්න ඉස්පිරිතාලෙන් හරි, පොලිසියෙන් වැඩක් කරගන්න ඕන උනාම හරි අදුරන කවුරුවත් නැතිව එක කරගන්න පුළුවන් වෙන එක ටිකක් දුර්ලබයි (පරක්කු නොවී). එහෙම උනාම මිනිසුන්ට යන්න තියෙන්නේ දේවාලෙකට විතරයි දුක කියන්න, දැන් කපුවොත් කරන්නේ හොර වැඩ.

      Delete
  3. Dr Im not a healthcare professional but these days I'm working to develop patient Electronic Heath Record maintenance system for one of international hospital chain.. so I seen so many international standard steps needed to complete before doctor given medications to patient and they need to record information as patient history ,ex SOAP note. But on Sri Lanka I don't see any of OPD clinic doctors fallowing to theses standers and they seem s like given medications to patient blindly, even don't have a proper patient medical history record.

    So actually how SL doctors handle this.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook