Tuesday, October 31, 2017

මුහුණු පොතේ කාන්තා ලිංගික හිංසන මාෆියාව

 
 
මා විසින් ලියන ලද කාන්තා හිංසනයේ තවත් පැතිකඩක් ලිපිය පළ වීමෙන් පසුව කාන්තාවන් ගනනාවක් මා අමතා ඔවුනට මුහුණු පොතේ එක්තරා කණ්ඩායමක් විසින් කරන ලද ලිංගික හිංසන විස්තර කලහ​. පෙනී යන පරිදි මොවුන් සමූහයක් ලෙස එක්ව එතරම් ආරක්ශාවක් නොමැති කාන්තාවන් කොටුකරගෙන තිබුනහ​. මුලින්ම අදාල කාන්තාව සමග සබඳතාව ගොඩ නගාගෙන ඇත්තේ සිලෝන් ටුඩේ පුවත් පතේ සේවය කල මාධ්‍යවේදිනියක කියන තැනැත්තියකි. ඇය විසින් අදාල කාන්තාවගේ සියළු විස්තර වරින් වර ලබාගෙන තිබෙන අතර ඉන් පසු  අදාල කාන්තාව ඔවුන් ගේ චැට් කණ්ඩායමට සම්බන්ධ කරන්නීය​. චැට් කණ්ඩායමට සම්බන්ධ වූ පසු මුලින්ම අතිශයින්ම පුද්ගලික කරුණු ලිංගික දිවිය ගැන පවා හාර අවුස්සා ප්‍රශ්න අසා තිබේ. හෙලිවූ පරිදි   එම කණ්ඩායමේ පිරිමි සාමාජිකයන් විසින් කොටු කර ගන්නා ලද   කාන්තාවට මුලින්ම ලිංගික යෝජනාද ඉන් පසු වරින් වර අසභ්‍ය පින්තූරද යවා තිබේ. මෙම ලිංගික යෝජනා වලට එකඟ නොවූ කාන්තාවන්ට මුහුණු පොත හරහා  ප්‍රසිද්ධියේ  අපහාස කිරීම සහ බිය වැද්දීම මොවුන් විසින් සිදු කරන ලද බව වාර්තා වේ. එක් කාන්තාවක් විසින් හෙලි කරන ලද අන්දමට මෙම කණ්ඩායමේ සාමාජිකයෙක් විසින් ඇයට තමන් ගේ නිරුවත් චායාරූප එවන ලෙසටද බල කොට තිබේ. මෙම වින්දිත කාන්තාවන්  බොහෝ දෙනෙකු   ලැජ්ජාව නිසා තමන්ට සිදු වූ අතවරයන්  නිහඞව විඳ දරා ගෙන තිබේ.  මුහුණු පොත හරහා ක්‍රියාත්මක වූ මෙම ලිංගික මාෆියාව තවමත් සක්‍රිය අතර මේ පිලිබඳ අවධානයෙන් සිටීම යහපති. ඉදිරි කාලයේ මේ කණ්ඩායම විසින්  විවිධ කාන්තාවන්ට කරන ලද හිංසන පිලිබඳ විස්තර ඉදිරිපත් කරන්නෙමු. 

17 comments:

  1. මේ තරම් ඇද ඇද ඉන්න දෙයක් නැනේ රුවන්.. කෙලින් මේ group එකෙ නම කියන්න.. ඔබ කරන්නේ ලංකාවේ සුපුරුදු ඇදගෙන යාම.. ප්‍රශ්නයක් ගැටලුවක් දැක්ක ගමන් නැවතීමේ තිත තියන්න නැතුව මේ ඇද ගෙන යාමේ අරමූණු ගොඩක් තියෙන්න පුලුවන් සැඟවුනු..(එහෙම නැති වෙන්නත් පුලුවන් )... ඔබ කරුණු හරියට දන්නෙ නැත්නම් කාලය අරගෙන හරියට දැනගෙන ලියන්න එක පාරින් නම් ගම් එක්ක.. නැතුව මෙහෙම වහෙන් ඔරෝ (පුද්ගලික නම් ගම් කියන එකින් ) කියන එකින් තේරුමක් නැනේ..

    ඔබට එහෙම කරන්න ගියොත් fb තියන අනවශ්‍ය group හොයන්න වෙනම රස්සාවක් කරන්න වෙනවා :):)

    අනිත් එක රුවන් මේ වගෙ තමන් නොදන්න නොදැක්ක හරි විස්තරයක් දන්නේ නැති අයත් එක්ක සම්බන්දකම් හදා ගෙන නොදන්න චැට් රූම් වලට යන්නෙත් ඒ වගේ අවශ්‍යතා වලින් පෙළෙන අයනේ.. ඉතින් ඒ නිසා මේ වගේ වැඩ කරන අයගේ වගේම ඒ වලේ විහින් වැටෙන අයගෙත් වගකීමක්..වලේ වැටුනු යට අනුකම්පා කරලා වැඩක් නැ මෝඩකම් වලට.. තමන් තමන් ගැන දන්නේ නැත්නම් රුවන් ඔබ වගේ තව කොයි තරම් අය මේ දේවල් නවත්තන්න හැදුවත් වැඩක් වෙන්නේ නැහැ

    රුවන් කවුද //එතරම් ආරක්ශාවක් නොමැති කාන්තාවන් // ඒ කියන්නේ රුවන් දකින විදිහට ආරක්ශාවක් තියන අයත් ඉන්නවා.. මොකද්ද ඒ මිනුම් දණ්ඩ ..

    දවසේ හැම තප්පරෙම තමන්ගේ අවශ්‍යතා ඉටු නොවුනු ගැහනු පිරිමි ඒ දෙකටම නැති අයත් බිහි වෙන ලෝකයක කොහොමද රුවන් මෙහෙම ලියලා මේ දේවල් වලට වැට බඳින්නේ.. ඒකත් හරියට අර හාවෝ පැටව් ගහනවා වගේ තමයි.. ඉවරයක් නැ නේද..

    ReplyDelete
    Replies
    1. ඔබේ කතාවෙත් සත්‍යක් තියනවා ; නමුත් කාන්තාවක් විසින් අනෙක් කාන්තාවන් රවටා වෘකයන් වෙත ගෙන යනවා නම් ?

      Delete
    2. රතු හැට්ටකාරි කතාවේ වගේ වෘකයාට පාඩමක් උගන්නන්න පුලුවන් රතු හැට්ටකාරිටම තමයි.. ඒ කතාව දන්නේ නැත්නම් මේ //එතරම් ආරක්ශාවක් නැති අය // ආපහු යවන්නේ වෙන්නේ ළඳරු පාසැලට රුවන්...

      (මේ කවුරුවත් අවුරුදු 18ට අඩු අය නෙමේ නේද රුවන්)

      මම කිව්ව දේ ඇත්තද බොරුද කියලා වැඩක් නැනේ රුවන්.. මනස ගැන ඉගෙන ගන්න අයත් ප්‍රශ්නයකදි හැසිරෙන්නේ මෙහෙම නම් මොකද්ද මේ ඉගෙන ගැනිල්ලේ තේරුම කියලා තමයි මට අහන්න හිතෙන්නේ.. :)

      Delete
    3. එය මානසික ආබාධ තිබෙන වල්නරබල් කාන්තාවන් නතු කරගෙන කරන අපයෝජනයක්. එය අශිෂ්ඨ දෙයක් නේද ?

      Delete
    4. ඉතින් රුවන් ඒ "අශිෂ්ඨ වැඩේ" මෙහෙම නතර කරන්න පුලුවන් ද ?

      Delete
    5. ඔව් දැණුවත් කිරීම මගින් මේක නවත්වමු

      Delete
    6. දැනුවත් කිරීමෙන් පමණක් ( ක්‍රියාත්මක නොවී ) නවතිනවා ( පාර්ශව දෙකම ) නම් කොයි තරම් දෙයක් ද.. රුවන් මිනිස් මනස ගැන ඉගෙන ගන්න කෙනෙක් හැටියට දරණ මතය ගැන හරි පුදුමයි... බොහෝ විට මේ කරදර උනු අයම ආයෙත් විහින් හොයාගෙන යන්නත් මේ වගේ වල වල්ම තමා.. කෙලින් පාර වල් වල ගිහින් පුරුදු නැනේ...:)

      Delete
    7. කැලෑ ගහක් මයි කැලේ නහන්නෙ. ගෑණියෙක්මයි තව ගෑණියක් අමාරුවේ දාන්නෙ. ගෑණු පරිස්සම් වෙන්න ඕනෙ ගෑණුනගෙන් මයි.

      මෙහෙම කියන්නේ මමත් ගෑණියක් නිසා.....

      Delete
    8. කැලෑ ගහක් මයි කැලේ නහන්නෙ. ගෑණියෙක්මයි තව ගෑණියක් අමාරුවේ දාන්නෙ. ගෑණු පරිස්සම් වෙන්න ඕනෙ ගෑණුනගෙන් මයි.

      මෙහෙම කියන්නේ මමත් ගෑණියක් නිසා.....

      Delete
    9. @No name ගෑනු හරි පිරිමි හරි පරිස්සම් වෙන්න ඕන තම තමන්ගෙන්මයි.. තමන්ගෙම මනසෙන්... ඔන්න චුටි අත දරුවෝ නම් අනිත් අයගෙන් පරිස්සම් කරන්න ඕන ළඳරුවන්ට තියෙන්නේ නොමේරු මනසක් නිසා..

      You are right Ruwan, its so sad that adults behave like toddlers. :( :(

      Delete
  2. මේ වගේ group වලට ගිහින් අමාරුවේ වැටෙන අයට කරන්න පුලුවන් හොඳම දේ මානසික උපදේශනය.. මම හිතන්නේ වැරදිකාරයෝ හොය හොයා ගත කරන කාලය ඔබ මේ කියන //එතරම් ආරක්ශාවක් නොමැති // අයව හොයාගෙන "ආරක්ශාවක් ඇති " තමන්ගේ මනස තමන්ට පාලනය කරගත හැකි අය කරන්න ගත කලා නම් ඵලදායි කියලයි..

    ReplyDelete
  3. //මුලින්ම අදාල කාන්තාව සමග සබඳතාව ගොඩ නගාගෙන ඇත්තේ සිලෝන් ටුඩේ පුවත් පතේ සේවය කල මාධ්‍යවේදිනියක කියන තැනැත්තියකි. ඇය විසින් අදාල කාන්තාවගේ සියළු විස්තර වරින් වර ලබාගෙන තිබෙන අතර ඉන් පසු අදාල කාන්තාව ඔවුන් ගේ චැට් කණ්ඩායමට සම්බන්ධ කරන්නීය​. චැට් කණ්ඩායමට සම්බන්ධ වූ පසු මුලින්ම අතිශයින්ම පුද්ගලික කරුණු ලිංගික දිවිය ගැන පවා හාර අවුස්සා ප්‍රශ්න අසා තිබේ.//

    ඔය සම්බන්ධ කරපු කාන්තාවට මොකක්හරි මානසික අවුලක් තියනවා කියල හිතමුකෝ රුවන් කිවුව වගේ. ඒ වගේම කාන්තාවන්ට සංවිධානාත්මකව එහෙම හිංසනය කිරීම නීති ප්‍රකාර අපරාධයක් විය හැකි බවත් පිලිගනිමුකෝ. සෝෂල් මීඩියා වල ලොකූ ටෝක් දෙන හැමෝම වගේ ඔය කියන කාන්ත හිංසන වැඩේට ගැවිච්ච ටෝක් කාරයොත් සැහෙන කුණුවෙච්චි අය වෙන්නත් සැහෙන පුළුවන් කියමුකෝ.

    එත් කොහෙවත් ඉන්න නොදන්නා ගැහැනියකට තමුන්ගේ සියලු විස්තර කියන්නත්, නොදන්නා චැට් ග්රූප් වලට එකතු වෙන්නත්, ඒවගේම මුලින්ම ලිංගික ජීවිතය ගැන පවා ප්‍රශ්න අසන චැට් ග්රූප් එකක එල්ලී සිටින්නත් අනික් කාන්තාවන්ටත් මොකක් හරි ලොකු මානසික අබාධයක් තියෙන්න ඕනේ නේද ?

    ඔය දෙගොල්ලොන්ගේම කිල්ලෝටවල හුණු ටික ටික තියෙනවා වගේ නේද මේකේ ? මේකේ එක පැත්තක් සුදු වෙන්න බෑ වගේ නේද ?

    රුවන් මම හිතන්නේ අසාධාරණයට එරෙහිව ඔබේ මේ නොබිය මැදිහත්වීම අගයකරන්න ඕනේ.

    වැඩිහිටි චැට් රූම් එකක් වුනත් තමුන්ගේ ආරක්ෂාව තියාගෙන භාවිත කරන්න දන්නා කාන්තාවන් ඔය ඕනේ තරම් ඉන්නේ.ඒ වගේම, නරකද මේවගේ උපන්ගෙයි ගොන් කම් නොකර ෆේස්බුක් සහ අනිත් චැට් රූම් තමුන්ගේ ආරක්ෂාව තියාගෙන එන්ටර්ට්‍රෙන්මන්ට් වලට භාවිත කලයුත්තේ කොහොමද කියන එක ගැන පොඩි උපදෙස් ටිකකුත් ඔය බවලතුන්ට කියල දුන්නොත් ? මන් හිතන්නේ රුවන් ඒ වැඩේට සුදුසු පුද්ගලයෙක්.

    ReplyDelete
    Replies
    1. එය මානසික ආබාධ තිබෙන වල්නරබල් කාන්තාවන් නතු කරගෙන කරන අපයෝජනයක්. එය අශිෂ්ඨ දෙයක් නේද ?

      Delete
    2. අශිෂ්ඨයි තමයි එකේ දෙකක් නෑ. ඒක අපි පිලිගත්තට ඒවා කරන අය පිළිගන්නේවත් තකන්නේ වත් නෑනේ.

      මන් නම් හිතන්නේ, ඔය මානසික ආබාධ තිබෙන වල්නරබල් කාන්තාවන්ට ඔවැනි හිංසන වලට හසු නොවී ඉන්නේ කොහොමද කියන එකත් ඔබ විස්තරාත්මක බ්ලොග් ලිපියක් ලීවොත් සැහෙන වටිනවා.

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook