Thursday, January 26, 2017

සමලිංගිකතාව - මනෝ සමාජ විද්‍යා විග්‍රහයක්

 




සමලිංගිකත්වය මානව ශිෂ්ටාචාරය පුරා පැවති චර්‍යාවකි. සමලිංගිකත්වය ග්‍රීක සහ රෝම ශිෂ්ටාචාර වලදී අස්වාභාවික චර්‍යාවක් ලෙස සැලකුනේ නැත​. ග්‍රීක ඉතිහාසඥයෙකු වන හිරොඩෝටස් ග්‍රීක සමාජයේ පැවති සමරිසි චාරිත්‍ර ගැන ලියා තිබේ. ආදි අප්‍රිකානු සහ උතුරු ඇමරිකානු ස්වදේශිය ජන සමාජ වල සමලිංගිකත්වයට තහංචි නොවීය​. රතු ඉන්දියානුවන්  අතර සමකාමීන් හඳුන්වන ලද්දේ ද්විත්ව ආත්මයක් ඇති (Two-spirited ) තැනැත්තන් ලෙසටය. ​පිතෘ මූලික සමාජයක් වූ රෝම සමාජයේද සමරිසි බව පිළිගෙන තිබුණි. රෝම කවියෙකු වූ වර්ජිල් සමරිසියන් අතර තිබූ ආදරය පිලිබඳ කවි ලියුවේය​. 

රෝම ශිෂ්ටාචාරය බිඳ වැටීමෙන් පසුව නැගී ගෙන ආ නව ආගමික ප්‍රවනතා සම ලිංගිකත්වය ප්‍රතික්ශේප කරන ලදි. ආදි ක්‍රිස්තියානි දේශකයෙකු වූ ටර්ටූලියන් ( කි.ව 155-ක්‍රි.ව 240) සමලිංගිකත්වය අස්වාභාවික සහ දුරාචාර ක්‍රියාවක් බව දේශනා කලේය​. බයිබලයේ සඳහන් වන පරිදි දෙවියන් වහන්සේ විසින් සොඩාම් සහ ගොමෝරා නගර දෙක විනාශ කර දමන්නේ ඔවුන් සමලිංගිකත්වය පරිචාරය කල බැවිනි. ඉස්ලාම් දහමට අනුව සමලිංගිකත්වය පාපයකි.ඒ සඳහා දඞුවම් කල යුතුය​.  ඉස්ලාමික ශරියා නීතියට අනුව සමලිංගික සේවනය සඳහා  හිස ගසාදැමීමෙන් හෝ ගල්ගැසීමෙන්  මරණ දඬුවම ක්‍රියාත්මක කරනු ලැබේ. යුදෙව් ටෝ‍රා ග්‍රන්ථයේද සමලිංගිකත්වය ප්‍රතික්ශේප කරයි. 

ආගමික මති මතාන්තර නිසා බොහෝ සමාජ වල සමරිසියන් කෙරෙහි වෛරයක් මෙන්ම විරෝධයක් මතු විය. 13 වන සියවසේදී ක්‍රිස්තියානි ශාස්ත්‍රඥයෙකු වූ තෝමස් ඇක්වයිනාස් සම ලිංගිකතාව ස්වභාව ධර්මයට එදිරිව යන අස්වාභාවික ක්‍රියාවක් ලෙස දේශනා කලේය. මධ්‍යතන යුගයේ යුරෝපයේ ක්‍රිස්තියානි පල්ලිය විසින් සමරිසියන් ඝාතනය කිරීමට අනුබල දෙන ලදි.  ස්පාඤ්ඤ සංවික්‍ෂණ සමයේදී (Spanish Inquisition  ) සමරිසියන් ලෙස සැක කල ගැහැනුන් සහ මිනිසුන් සාතන් ගේ දරුවන් ලෙස පරිභවයට පත් කොට පණ පිටින් පුළුස්සා මරා දමන ලදි. 


එංගලන්තයේ වික්ටෝ‍රියානු සමාජය තුල සමලිංගිකත්වයට නෛතික තහනමක් තිබූ අතර සමලිංගික චෝදනා ලද සාහිත්‍යධර ඔස්කා වයිල්ඩ් සිරගෙට නියම විය​.  1871 දී එංගලන්තයේ වේදිකා නළුවන් දෙදෙනෙකු වූ තෝමස් බෝල්ටන් සහ විලියම් පාර්ක්ට එදිරිව සමලිංගික චෝදනා ගොනු කරන ලදි. කෙසේ නමුත් එම නඩුවේදී චෝදනා සනාත කිරීමට සාක්‍ෂි නොවූයෙන් ඔවුන් දෙදෙනා නිදහස්  කරන ලදි. වික්ටෝ‍රියානු එංගලන්තය සමලිංගිකත්වය භයානක අපරාධයක් ලෙස නම් කරන ලදි. 

බෞද්ධ සංස්කෘතිය තුල සමරිසියන් පීඩාවට පත් කිරීමක් නොවීය​. බුදුන් වහන්සේ සමරිසියන් කෙරෙහි බලන ලද්දේ මානුෂික ඇසකිනි. බෞද්ධ ඉතිහාසයේ කොසොල් රජුගේ ඇමතියන් දෙදෙනෙකු අතර තිබූ සමලිංගික සබඳතාවක් ගැන සඳහන් වේ. එසේම බුදුන් ගේ රූපයට ඇළුම් කල වක්කලී තෙර තුල යම් ආකාරයකට සමරිසි ආශයන් තිබූ බවට උපකල්පනය කල හැකිය​.  කච්චායන තෙර කෙරෙහි ඇළුණු සෝරෙයිය සිටුවරයා තුලද මතු වූයේ සමරිසි හැඟීම්ය​. 

අතීත ලංකාවේ සමලිංගිකයන් ලිංගික පාපයේ වරදකරුවන් ලෙස සලකා ඝාතනය කිරීම් ගැන වාර්තා නොවේ. එසේම කේරෝස් ,රොබට් නොක්ස් , පර්සිවෙල්  යනාදීන් ගේ වාර්තා වල සමරිසියන් කෙරෙහි තිබූ සමාජ එදිරියක් ගැන සඳහනක් නැත . ඇතැමෙක්  විශ්වාස කරන පරිදි මහා කවි කාලිදාස සහ කුමාරදාස රජු අතර සමරිසි සබඳතාවක් තිබී  ඇත​. අතීත ශ්‍රී ලාංකික ග්‍රාමීය සමාජයේ සමලිංගිකත්වය නම් කරන ලද්දේ පන්සලේ සෙල්ලම යනුවෙනි. සමලිංගිකත්වය සඳහා වෙනත් සිංහල භාෂිතයක් නොවීය. ​සමලිංගිකත්වය කෙරෙහි අතීත ලාංකිකයා දක්වන ලද්දේ මධ්‍යස්ථ ස්වභාවයක් බව පෙනී යයි.

ලිංගික දිශානතිය (Sexual Orientation)  සහ සමලිංගිකතාව පිළිබඳ බොහෝ මත තිබේ. සමලිංගිකත්වය සඳහා ජාන , හෝමෝන සහ පරිසර සාධක බලපවත්වන බව පෙනී යයි. සත්ව ලෝකයේද සමකාමීත්වය වාර්තා වී ඇත.  

ජර්මානු මනෝ වෛද්‍යවරයෙකු වූ රිචඩ් වොන් ක්‍රාෆ්ට් ඊබිං 1840 දී සමලිංගිකත්වය සහ ස්වයං වින්දනය ලිංගික අපගාමී චර්‍යාවන් ලෙස නම් කලේය​. බටහිර ලෝකයේ සමකාමීත්වය සාපරාධී ක්‍රියාවක් ලෙස නීතිගත වීමට රිචඩ් වොන් ක්‍රාෆ්ට් ඊබිංගේ බලපෑම හේතු කාරක විය​. 

1905 දී සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් තම Three Essays on the Theory of Sexuality සහ 1920 දී The Psychogenesis of a Case of Homosexuality in a Woman  මගින් සමලිංගිකත්වය විග්‍රහ කලේය.  වික්ටෝ‍රියානු සංස්කෘතිය තුල උපත ලබා එම සංස්කෘතිය  තුල ජීවත් වූ ෆ්‍රොයිඩ් මනෝ වෛද්‍ය රිචඩ් වොන් ක්‍රාෆ්ට් ඊබිං අනුව යමින් සමලිංගිකත්වය මානසික ව්‍යාකූලතාවක් නිසා පැන නගින බව කීවේය.​එහෙත් සමකාමී බව මානසික ව්‍යාධියක් බව ෆ්‍රොයිඩ් කීවේ නැත​. එසේම යුරෝපයේ සමකාමීන් පෙළූ නීති වලට ෆ්‍රොයිඩ් එකඟ නොවීය​.  සමකාමීත්වය මනෝ ලිංගික වර්ධනයේදී (Psycho-sexual Development) මතු වන අවහිරතාවක් නිසා පැන නගින බව ෆ්‍රොයිඩ් විශ්වාස කලේය​.  එසේම ෆ්‍රොයිඩ් ගේ සිසුවෙකු වූ  මනෝ වෛද්‍ය හැරී ස්ටක් සුලිවන් සමකාමියෙකු විය​. 
 
ලිංගිකත්වය පිළිබඳ පර්‍යේෂකයෙකු වූ ඇල්ෆ්‍රඩ් කිංසි 1943 - 1953 අතර කාලයේදී Sexual Behavior in the Human Male  / Sexual Behavior in the Human Female නමින් සුප්‍රකට ග්‍රන්ථ දෙකක් එළි දක්වන ලදි.  කින්සිට අනුව සෑම පුද්ගලයන් දහ දෙනෙකුගෙන් එක් අයෙකු සමකාමියෙකු වෙයි. පුද්ගලයන් සමකාමීන් ලෙස වර්ග කිරීමටද කින්සි විරුද්ධ විය​. ඔහුට අනුව ලිංගික දිශානතිය ස්ථායී නොවේ. එය යම් යම් සාධක මත වෙනස් විය හැකිය​. උදාහරණයක් ලෙස දීර්ඝ කාලයක් පුරා සිරගත කරන ලද විශම ලිංගික සිරකරුවන් තුල ඇතැම් විට සමලිංක රුචිය වර්ධනය වූ අවස්ථාවන් ඔහු පෙන්වා දුන්නේය​. සමලිංගිකත්වය දෙස වඩාත් විද්‍යාත්මකව බැලීමට ඇල්ෆ්‍රඩ් කිංසි ගේ පරියේෂණ ඉවහල් විය​. 

1952 දී ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය විසින් පළ කරන මානසික රෝග වර්ගීකරණ  කාර්‍ය සංග්‍රහයේ (The Diagnostic and Statistical Manual of Mental Disorders -DSM ) සමලිංගිකත්වය මානසික ව්‍යාධියක් ලෙස නම් කරන ලදි. එහෙත් ඇමරිකානු මනෝ වෛද්‍යවරයෙකු වූ රොනල්ඩ් බේයර් ගේ පරියේෂණ සහ පත්‍රිකා නිසා සමලිංගිකත්වය කෙරෙහි වඩාත් වෛද්‍ය විද්‍යාත්මකව බැලීමට ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය යොමු විය​. මේ නිසා 1973 දී සමලිංගිකත්වය මානසික ව්‍යාධියක් නොවන බව ඇමරිකානු මනෝ වෛද්‍ය සංගමය සඳහන් කරන ලදි. 1987 දී සමලිංගිකතාව DSM වර්ගීකරණයෙන් සහමුලින්ම ඉවත් විය​. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය 1992 සමලිංගිකත්වය තම අන්තර්ජාතික සංඛ්‍යාන රෝග වර්ගීකරණය හෙවත් ICD (International Statistical Classification of Diseases) ඉවත් කර ගන්නා ලදි. 

සමලිංගිකයන් මානසික වශයෙන් පසුගාමීන් නොවන බව පරියේෂණ වලින් පෙන්වා දී තිබේ. සුප්‍රකට සමකාමීන් අතර මහ ඇලෙක්සැන්ඩර් රජු , මයිකල් ඈන්ජලෝ , ලියනාඩෝ ඩා වින්චි , ඇලන් ටියුරින් ,එල්ටන් ජෝන් යන පුද්ගලයන් වාර්තා වී තිබේ. 

සමකාමීන් හෙවත් එල්.ජී.බී.ටී ප්‍රජාව ( lesbian, gay, bisexual or transgender -LGBT) නොහොත් සමලිංගික, ද්වි ලිංගික සහ ලිංග විපර්‍යාසිකයන් කෙරෙහි වර්තමානයේ බොහෝ සමාජ දක්වන්නේ එදිරිවාදී බවකි. ඉරානයේ සෞදි අරාබියේ , යේමනයේ සමලිංගිකයන් මරණ දඞුවමට යටත් වෙති එසේම උගන්ඩාව නයිජීරියාව, රුසියාව  ඇතුළු රටවල් 77 තුල (ශ්‍රී ලංකාවද ඇතුළුව​) සමරිසියන්ට එරෙහිව නීති පනවා තිබේ. 

සමරිසියන් කෙරෙහි දක්වන බිය සහ එදිරිවාදී බව හෝමෝෆෝබියාව (Homophobia)  ලෙස හැඳින්වේ. ඇතැම් විට යම් පුද්ගලයෙකුට අවිඥානිකව මතු වන සමකාමී ආශයන් නිසා ඔහු හෝ ඇය සමකාමීන් කෙරෙහි වෛරයක් අනුගත කල හැකි බව විද්වතුන් පවසති උදාහරණයක් ලෙස ඇඩොල්ෆ් හිට්ලර් තුල අවිඥානිකව සමකාමී ආශයන් මතුවූ අතර ඔහු එය යටපත් කිරීමට මහත් වෙහෙසක් දැරීය​. මෙම අවිඥානික සමකාමී ආශය නිසා ඔහු සමලිංගිකයන් ගෑස් කාමර වෙත යැවීය.​ඇමරිකානු මනෝ විද්‍යාඥයෙකු වන හෙන්රි මරේ ඇඩොල්ෆ් හිට්ලර් තුල පැවති පරපීඩාකාමී  අවිඥානික සමකාමී ආශය  පිළිබඳව සඳහන් කොට ඇත.​තවද ඇමරිකාවේ සමකාමී පුද්ගලයන් දඩයම් කල එෆ්.බී.අයි ආයතනගේ එඩ්ගා හූවර් ද රහසිගත සමලිංගිකයෙකු විය​. මතුපිටින් ඔහු සමකාමීන් කෙරෙහි දැඩි විරෝධයක් දැක්වීය​. 

නිදහස් මතධාරී ප්‍රන්ස කොමියුනිස්ට්වරියක මෙන්ම ලෙනින් ගේ හිතවතියකද වූ ඉනේසා අර්මාන්ඩ් සෝවියට් දේශයේ ලිංගික නිදහස පිලිබඳව ක්‍රියා කල නමුදු සමකාමීන් ගේ අයිතිවාසිකම් ගැන ඇය අමතක කලාය. සෝවියට් දේශය තුල සමරිසියන්ට නිදහසක් නොවීය​. ඔවුන් ගේ ජීවිත බොහෝ විට අවසන් වූයේ පුනරුත්ථාපන කඳවුරු වලය​. ස්ටාලින් යුගයේදී සමලිංගික චෝදනා සඳහා දඞුවම වූයේ වසර පහකට ශ්‍රම කඳවුරකට යැවීමයි. එසේම කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝද සමරිසියන්ව කඳවුරු වලට ගාල්  කරන ලදි. 

1791 දී ප්‍රන්ස විප්ලවයෙන් පසු සමලිංගිකයන්ට එරෙහිව තිබූ නීති ඉවත් කරන ලදි. එහෙත් නැපොලියානු යුද සමයේදී යලිත් වරක් සමලිංගිකයන්ට එරෙහිව නීති සම්පාදනය විය​. ෆැන්කෝගේ පාලන සමයේදී ස්පාඤ්ඤයේ සමරිසියන්ට දැඩි දඞුවම් පමුනුවන ලදි. යුරෝපයේ තිබූ සමරිසි විරෝධය අවසන් වීම සනිටුහන් වන්නේ 1989දී ඩෙන්මාර්කය විසින් සමලිංගික සබඳතා නීතිගත කිරීමෙන් පසුවය. මේ වන විට බොහෝ යුරෝපීය සහ උතුරු ඇමරිකානු රටවල් විසින් සමලිංගිකත්වය නීතිගත කොට ඇත​. 

දණ්ඩ නීති සංග්‍රහය අනුව ලංකාව තුල සමලිංගික වර්‍යාවල නිරතවීම  දඩුවම් ලැබියහැකි වරදකි. මෙම නීතිය පනවා තිබෙන්නේ 1886 දීය​. සමලිංගික සම්බන්ධතා "ස්වභාවික නොවන ලිංගික හැසිරීමක්" සහ සාපරාධී ක්‍රියාවක් ලෙසින් විග්‍රහ කරන මෙම නීතිය බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී යුගයේ පනවන ලද අතර මේ වන විට බ්‍රිතාන්‍ය සමලිංගික විවාහය නීතිගතකර තිබේ. 

මානව හිමිකම් පාර්ශවයෙන් සහ මානවවාදී ලෙසින් සළකා බලන විට වැඩිහිටියන් දෙදෙනකු ස්වකැමැත්තෙන් කිසියම් ප්‍රේම සම්බන්ධතාවක් පවත්වන්නේ නම් සංස්කෘතිය හෝ සදාචාරාත්මක හේතු පදනම් කරගනිමින් ඔවුන්ව පීඩාවට පත් නොකල යුතු බව ජාතික මානව හිමිකම් කොමිසමේ  සභාපතිනි මහාචාර්ය දීපිකා උඩුගම පෙන්වා දෙන්නීය. මේ අතර සමලිංගික සබඳතා සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලය හමුවට ආ යෝජනාව තමන් ඉවත දැමූ බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන ප්‍රකාශ කොට තිබේ. 

කෙසේ නමුත් පුද්ගලයකුගේ ලිංගික දිශානතිය සහ ලිංගික අනන්‍යතාවය මත ප්‍රචණ්ඩත්වය, හිංසා කිරීම, විවේචනය, බැහැරකිරීම, ගර්භාවට පත්කිරීම මානුශිකවාදීද කියා සිතීමේ කාලය එලැඹී තිබේ. 

වෛද්‍ය රුවන් එම් ජයතුංග 

41 comments:

  1. නීරෝ අධිරාජ්‍යාත් බහුවිධ ලිංගික නැඹුරුතාවන් ඇති අයෙක්.
    https://en.wikipedia.org/wiki/Sporus

    lesbian, gay, bisexual සහ transgender කියන්නේ වර්ග දෙකක්. transgender අය අතර straight,lesbian, gay, bisexual අය සිටිය හැකියි. ඉරානය තුල lesbian, gay, bisexual ක්‍රියා තහනම් වුවත් transgender අයට තහනමක් නෑ.

    ReplyDelete
  2. වෛද්‍ය රුවන්ගෙන් කවදත් වගේ දැනුවත් භාවය ලබා දෙන හොඳ ලිපියක්.
    මට මෙතැන ගැටළුවක් තියෙනවා. ලාංකික බෞද්ධ සමාජය සමලිංගිකයන් කෙරෙහි දැක්වූ ආකල්ප ගැන මෙහි කියැවෙන දේ තාර්කිකයි. ඒ වගේම බොදු ඉතිහාසය ඇසුරින් හා බුදු හිමියන් සමලිංගිකයින් කෙරෙහි පැවති ආකාරය ගැන වෛද්‍ය තුමාගේ අදහස් නිවැරදි බවකුයි මා දකින්නේ.
    එහෙත් අදී සිංහල බොදු සමාජයේ සමලිංගික තාව "පන්සලේ සෙල්ලම" ලෙසින් හැඳින්වූ බවට වන මූලාශ්‍රය කුමක්ද? මේ යෙදුම සිංහල බොදු සංස්කෘතුයට වෛර කරන ජාත්‍යන්තර වාදීන් යොදා ගන්නවා නොයෙක් විට දැක තියෙනවා. එහෙත් වෛද්‍ය තුමා සිංහල බෞද්ධ සංස්කෘතිය සමග වෛරයකින් පෙලෙන්නෙකු ලෙස මා දකින්නේ නැහැ. ඉතින් ඔබතුමා මෙවැනි යෙදුමක් යොදා ගැනීම ගැන යම කිසි මූලාශ්‍ර පැහැදිලි කිරීමක් කල හැකිනම් අගෙයි.

    ReplyDelete
    Replies
    1. බුදු දහම තුල සමලිංගික වෛරයක් නැහැ. නමුත් සමලිංගිකතාවට විශම ලිංගිකතාව හා සම තැනක් ලැබිය යුතුයැයි මතයකුත් නෑ.

      Delete
    2. බුදුන් වහන්සේ යනු පුරුෂ ආධීපත්‍යය සහිත විශමලිංගික සමාජයක වැදගත්කම අවබෝධකරගත් අයෙක්.

      Delete
    3. මහත්තයෝ බුදුහාමුදුරුවෝ ‘‘කාමේසු මිච්චාචරා’’ යනුවෙන් දේශනා කලේ මොනවද ?

      Delete
    4. නයනේ.....පන්සල් සෙල්ලම කියලා භාවිතාවේ නම් තිබුනා. ඒ අපේ තාත්තලගේ කාලේ. දැන් නම් එහෙම කියන්නේ නැහැ. මේක පන්සලේ විතරක් නෙමේ සෙමනේරි වලත් තිබුනා කියන එකත් අහලා තියෙනවා. සෙමනේරියක හිටපු ඥාති සොහොයුරෙක් මට කියා තියෙනවා.

      //////United States[edit]
      Studies find it difficult to quantify specific percentages of Roman Catholic priests who have a homosexual orientation (either openly gay or closeted),.[7] Nevertheless, several studies suggest that the incidence of homosexuality in the Roman Catholic priesthood is much higher than in the general population as a whole.[8][9]

      Studies by Wolf and Sipe from the early 1990s suggest that the percentage of priests in the Catholic Church who admitted to being gay or were in homosexual relationships was well above the national average for the United States of America.[10] Elizabeth Stuart, a former convener of the Catholic Caucus of the Lesbian and Gay Christian movement claimed, "It has been estimated that at least 33 percent of all priests in the RC Church in the United States are homosexual."[11]

      The John Jay Report suggested that "homosexual men entered the seminaries in noticeable numbers from the late 1970s through the 1980s",[12] and available figures for homosexual priests in the United States range from 15–58%.[7][13]

      One report suggested that since the mid-1980s Roman Catholic priests in the United States were dying from AIDS-related illnesses at a rate four times higher than that of the general population; with most of the cases contracted through same-sex relations, and the cause often concealed on their death certificates. A follow-up study done the next year by the Kansas City Star found AIDS-related death rate among priests was "more than six times" the rate among the general population in the 14 states studied.[14]

      A 2002 Los Angeles Times nationwide poll of 1,854 priests (responding) reported that 9 percent of priests identified themselves as homosexual, and 6 percent as "somewhere in between but more on the homosexual side." Asked if a "homosexual subculture" (defined as a "definite group of persons that has its own friendships, social gatherings and vocabulary") existed in their diocese or religious order, 17 percent of the priests said "definitely," and 27 percent said "probably." 53 percent of priests who were ordained in the last 20 years (1982-2002) affirmed such a subculture existed in the seminary when they attended.[13]

      Shortly after the Vatican ordered an "apostolic visitation", to examine American seminaries directed by the Vatican. The visitation began in 2005, and the final report of that effort was issued in 2008. The report spoke about "difficulties in the area of morality", usually (but not exclusively) homosexual behavior". Steps were subsequently taken to deal with the problem, including correcting a "laxity of discipline".[15]///////WIKIPEDIA

      Delete
    5. එහෙත් අදී සිංහල බොදු සමාජයේ සමලිංගික තාව "පන්සලේ සෙල්ලම" ලෙසින් හැඳින්වූ බවට වන මූලාශ්‍රය කුමක්ද? //////////////////// සිංහල බොදු සමාජයේ සමලිංගිකතාවට විශේෂ වචනයක් නොවූ බව මහාචාර්‍ය ගනනාත ඔබේසේකර පෙන්වා දෙනවා. සී.ඒ ප්‍රේමචන්ද්‍ර ගේ කොලපාට සමාජය පොතේ පන්සලේ සෙල්ලම යන වචනය ආ අයුරු පැවසෙනවා

      Delete
    6. අරුන ඔබගේ පියාගේ කාලයේ එවන් යෙදුමක් භාවිතයේ තිබුනා කියා ඔබ කියනවානම් මා එය අභියෝගයට ලක් කරන්නට තැත් කරන්නේ නැහැ.
      ඒත් බොහෝ පොත පත ඇසුරු කරන රට තොට දන්නා, පුදගලයින් බොහෝ දෙනෙකු මෙවන් වදනක් ගැන අසා හෝ එවැන්නක් භවිතා වූ යම් කිසි ප්‍රදේශයක් පිළිබඳව දැනුවත් නැහැ.
      එසේම වෛද්‍ය රුවන් ඉදිරිපත් කල පොත කුමන අරමුණකින් ලියූවක්දැයි මා දන්නේ නැහැ ( මා එය පරිශීලනය කොට ඇති පොතක් නොවෙයි ) එවන් පොතක මෙවන වදනක් නිර්මානාත්මකව වුවත් පල කල හැකියි.
      එසේ කීමෙන් මා උත්සහ කරන්නේ නැහැ බෞද්ධ සමාජය හෝ පන්සල් පරිසරය පූර්ණ බ්‍රහ්ම චාරීන්ගෙන් සැදුම් ලද්දක් ලෙස හුවා දක්වන්න. අරුන දක්වා තිබෙන උපුටනය තුලින් පවා පෙන්වන්නේ කතෝලික ආගමික සංස්ථාව එයට නැඹුරු වී ඇති ප්‍රමානය.
      එවන් වූ ලිපියක දී ඇති ප්‍රථිශත අගයන්ගේ අනෙක් පස කියවන්න. ඒ කියැවෙන්නේ සැබෑ කතෝලික පියවරුන් මව්වරුන් සොයුරන් හා සොයුරියන් ගැනයි.
      පන්සල් පරිසරය තුල වුවත් එය එසේමයි.
      මෙවන් වදනක් යොදා ගැනීමෙන් සිදුවනුයේ සමස්ත සඟ පරපුරටම ඉන් නිගා දීමයි. මෙවන් දේ ඉතා අශික්ශිත ලෙස සාමාන්‍ය කරනය කරමින් භික්ෂූන්ට නිගා කරන බ්ලොග් කරුවන් අප අතර කොතෙකුත් ඉන්නවා.

      අප පිළිගත යුතුයි "ගිලී මලෙත් ඇත දත සුද්දෝ" කියන කියමන.

      Delete
  3. හොඳ සටහනක්. ඇත්තටම සමලිංගික අයිතිය නැති කරන්න විෂම ලිංගිකයන් වන අපට අයිතියක් නැ.

    ReplyDelete
  4. මහත්තයෝ බුදුහාමුදුරුවෝ ‘‘කාමේසු මිච්චාචරා’’ යනුවෙන් දේශනා කලේ මොනවද ?

    ReplyDelete
    Replies
    1. බුදුන්ගේ යුගයටට අනුව විවාහක සම්බන්ධකම් සහ, ගණිකාවන් ඇසුරු කිරීම හැර අනෙක් සියළු ලිංගික ක්‍රියා කාමයේ වරදවා හැසිරීම ලෙස සැලකිය හැකියි.

      Delete
    2. එයට ඉතා පලල් යෙදුමක්, අනිසි ලෙස සම්පත් භාවිතයත් කාමේසු මිච්චාචරා’වක්

      Delete
    3. ඔව් වෛද්‍ය රුවන්, මම දකින හැටියටත් ඔබ මේ මතුකරන කාරනය නිවැරදියි.
      කාමේසු මිච්චාචාරා කියන පදය තුලින් කියැවෙන්නේ පංච කාම සම්පත්තීන් භුක්ති විඳීම ගැන. පංච කාම සම්පත්තීන්ම නොගැලපෙන ලෙස භුක්ති විඳීම නොකල යුතු දෙයක්.
      මේක වැරදිලා තියෙන්නේ පන්සිල් ඉංග්‍රීසියට පරිවර්ථනය කරන කොට මේක පරිවර්ථනය කරලා තියෙන්නේ "සෙක්ශුවල් මිස්කන්ඩක්ට්" කියලා.

      Delete
  5. Sappho of Lesbos
    https://en.wikipedia.org/wiki/Sappho

    Homoeroticism in Bible :
    https://en.wikipedia.org/wiki/David_and_Jonathan


    ReplyDelete
  6. //එසේම බුදුන් ගේ රූපයට ඇළුම් කල වක්කලී තෙර තුල යම් ආකාරයකට සමරිසි ආශයන් තිබූ බවට උපකල්පනය කල හැකිය​. කච්චායන තෙර කෙරෙහි ඇළුණු සෝරෙයිය සිටුවරයා තුලද මතු වූයේ සමරිසි හැඟීම්ය​. //

    This is unclear. Sounds more hetero than homo. ????


    ReplyDelete
    Replies
    1. වක්කලී තෙර තුල යම් ආකාරයකට සමරිසි ආශයන් තිබූ බවට උපකල්පනය කල හැකියි නමුත් වක්කලී තෙර ධර්මය වටහාගෙන රහත් වූවා . සෝරෙයිය සිටුවරයා කච්චායන තෙර දැක රූපයට ආශා උනා

      Delete
  7. අඹ යහළුවෝ කතාවෙත් කියවෙන්නේ සමරිසි ළමුන් දෙදෙනෙක් ගැන නේද?
    :D

    ReplyDelete
  8. මම කියවලා විසික්ක කලා අපේ රුවන් මහත්තයෝ :D

    හොඳ විග්‍රහයක්. වෙනත් අදහස් තියෙන අයත් ඇති. කියවන්න බලාගෙන ඉන්නේ.

    ReplyDelete
  9. සමරිසියන් ගැන කියවූ‍ හොදම ලිපියක්.
    මට පොඩ්ඩක් කියන්න ශ්‍රී ලංකාව තුළ මෙය රෝගයක් ලෙස සැලකෙන්නේ ද? කියලා
    පිළිතුර "නොසැලේකෙනම්" ඔහුනට අවශ්ෂ්‍ය අයිතීන් ලබා නොදීම කොතරම් දුරට අශිලාචර ද

    ReplyDelete
    Replies
    1. ශ්‍රී ලංකාව තුළ මෙය රෝගයක් ලෙස සැලකෙන්නේ ද? ////////////// සමහර දොස්තරලත් හිතන්නේ මෙය රෝගයක් කියලා

      Delete
  10. රෝම යුගයේ සතුන් හා මිනිසුන් සංසර්ගයත් උත්කර්ශයට නැඟුනා නේද?
    එයත් එදා සිට අද දක්වා සමාජයේ පවතින දෙයක්.නමුත් එය මානසික රොගයක් යයි පවසනවා.මේ පිලිබඳ තත්වය කුමක්ද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. සතුන් හා මිනිසුන් සංසර්ගය Zoophilia හඳුන්වන්නේ කියලා. එය අපගාමී චර්‍යාවක් ලෙස නම් කොට තියනවා

      Delete
  11. ඒක අසාමාන්‍ය තත්ත්වයක් නෙමේ ද ? ශරීර අභ්‍යන්තරයේ ඇති මොකක් හෝ විකෘතියක් නිසා නොවේද එහෙම ආශාවල් පහල වෙන්නේ.. ස්ව්භාවික තත්ත්වයන්ට නොගැලපෙන දෙයක් නේද ?

    ReplyDelete
    Replies
    1. සමලිංගිකතාව මානසික රෝගයක් ලෙස නොසැලකේ

      Delete
  12. බුදු දහම තුල සම ලිංගිකත්වයට නෙමෙයි, කිසිම කෙනෙකුට වෛරයක් නෑ. අද වගේම බුදුන් හිටපු කාලේත් සම ලිංගික ක්‍රියා තිබුනු බව බෞද්ධ සාහිත්‍යයෙන් පෙන්නුම් කරනවා. ඒත් බුදුහාමුදුරුවෝ ඒ ගැන යමක් කියා ඇති බවක් අහලා නෑ. ( යම් කෙනෙක් එහෙම තියෙන තැනක් දන්නවා නම් පෙන්නනවා නම් ප්‍රයෝජනවත් වෙනවා) ඒ නිසා බුද්ධාගම මේකට ඈඳා ගැනීමේ පදනමක් නෑනේද​? ලංකාවේ දැනටත් සමලිංගික සම්බන්ධතා තිබුනත් ඊට එරෙහිව නීතිමය ක්‍රියා සිද්ධවෙච්ච බවකුත් අහලා නෑ. මේක දැවෙන ප්‍රශ්න අමතක කර ගැනීමට හොඳ මාතෘකාවක් කියා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. බුදු දහම තුල සම ලිංගිකත්වයට නෙමෙයි, කිසිම කෙනෙකුට වෛරයක් නෑ////// +++++

      Delete
  13. බොහෝ සමලිංගික නොවන අය සමලිංගිකතත්වයට අයිතිවාසිකම් ලබාදෙනවාට විරුද්ධ ඔවුන් ප්‍රසිද්ධ හැසිරීම් වල දී යම් ජුගුබ්සාජනක තත්වයක් ඇතිවෙන බැවින් හා දරුවන් සමලිංගික දිශානතිය පිළිබඳ දැනුවත් වී ඒ මාර්ගයේ යාම දෙමව්පියන්ගේ ඉවසීම අඩුකිරීමට සමත් වීම යන කරුණු විය හැක. සම හෝ විෂම රිසි බෙධයක් නොමැතිව Public Desplay of Affection (PDA) එනම් ප්‍රසිද්ධියේ ශාරීරිකව හැඟීම් ප්‍රකාශ කිරීමට එරෙහිව දියුණු රටවලද යම් සීමා දක්වා ඇත. හේතුව සංස්කෘතිකමය වශයෙන් එහි රිනකාරි බලපෑමක් ඇති බව නිසා විය හැක. එවැනි සීමා යටතේ සමරිසියන්ට සමාන අයිතිවාසිකම් ලබාදීමේ ප්‍රයෝගික ගැටලුවක් මට නොපෙනේ.

    ලිංගික දිශාන්තිය පරිසරය මත ඇතිවෙන්නත් පුළුවන් බව මගේ හැඟීමයි. උදා. පාසල් නේවාසිකාගාර වල ළමයින්ට සමරිසි දිශානතියක් පිලිබඳ වැඩි ප්‍රවනතාවයක් තිබීම. (මේ පිලිබඳ මා ගැඹුරු අධ්‍යයනයක් කර නැත). සමරිසි තත්වයන් ලිංගික ක්‍රියාවලිය ප්‍රජනන ක්‍රියාවකට අමතර ක්‍රියාවක තත්වයකට වී ඇති සිතේ. ලිංගික ක්‍රියාවලිය ප්‍රජනන ක්‍රියාවකට අමතර ක්‍රියාවක තත්වයකට කටයුතු කරන්නේ මිනිසා හා ඩොල්ෆින් පමණක් බව අසා තියනවා (arguable). එවැනි තත්වයක් යටතේ මිනිසුන්ගේ සමලිංගිකතාවයක් අරුම පුදුම තත්වයක් විය නොහැක.

    තවත් අතකින් බලෙන් සාම්ප්‍රදායික විෂම ලිංගික විවාහයකට තල්ලු කරන ලද සමරියෙක් නිසා පසුව විවාහ කඩාකප්පල් වෙනවාට වඩා ඔවුනටම රිසි වූ විවාහ සංස්ථාවකට ඉඩ දීම වඩා ඵල දායක විය හැකි බව සිතේ.

    ReplyDelete
    Replies

    1. ලිංගික දිශාන්තිය පරිසරය මත ඇතිවෙන්නත් පුළුවන්///// true

      Delete
  14. //එසේම කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝද සමරිසියන්ව කඳවුරු වලට ගාල් කරන ලදි. // මේ මුලදී. නමුත් 1980 න් පස්සේ මේ තත්වය වෙනස් වුණා. අපිත් එක්ක ඉගෙන ගත්තේ ඔපන්ලි ගේ කියුබන් කොල්ලෙක් හිටිය. හැබැයි අනිත් උන් පොරට විහිළු කලා පිදාරස් එහම කියල.
    මට එක්තරා හාමුදුරු නමක් (ලංකාවේ නොවේ) මෙහෙම කතාවක් කිව්වා. බුදු හාමුදුරුවෝ කිසිම ලිංගිකත්වයක් /විෂම හෝ සමරිසි ආදී / ගැන දෙයක් කිව්වේ නැහැ කියල. බුදු හාමුදුරුවෝ දේශනා කලේ ඇල්ම නැති කරන්න, ආශාව නැති කර ගන්න වගේ දේවල්. ඒක මොන ලින්ගිකයටත් පොදුයි. අනික තමා මේ හාමුදුරුවෝ කියන විධිහට ගිය ආත්මේ ගැහැනියක් වෙලා හිටි කෙනෙක් මේ ආත්මේ පිරිමියෙක් වුනොත් ගැහැණු ගති ලක්ෂණ පිහිටනවලු. (මම පුනරුත්පත්තිය විශ්වාස කරන්නේ නැති එක වෙනම දෙයක්) . අනිත් පැත්තට ගිය ආත්මේ පිරිමියෙක් වෙලා මේ ආත්මේ ගැහැනියක් වුනොත් පිරිමි ගති ලක්ෂණ - පිරිමි හෝමෝන වැඩිවීම ආදිය වෙනවලු. ඉතින් ස්වභාවිකවම අර පෙර මතකයෙන් සමලිංගික සම්බන්ධතා වලට ඇදෙන්න පුළුවන්ලු. එහම දෙයක් නීති වලින් තහනම් කරන එක එනිසා මුග්ධ වැඩක්ලු. මම කිව්වා එතකොට ඔය සත්තු එක්ක හැසිරෙන්නේ සමහර ගැහැණු කියල? බැටළුවෝ එක්ක පිරිමි හැසිරෙන්නේ කියල? හාමුදුරුවෝ හිනා වෙලා කිව්වා , ඇයි ඉතින් අපි පිලි ගන්නවා නේද සත්ව ආත්ම ලෙස ඉඳලත් මනුෂ්‍ය භාවය ලබන්න පුළුවන් කියල. කවුද දන්නේ. - ඒ තර්කයට අනුව නම් ඕකට විරුද්ධ වෙන එක තේරුමක් නැහැ. මම නම් කියන්නේ ලෝකෙට බෙර ගහන්නේ නැතිව තමන්ගේ ලිංගිකත්වය තමන් තියාගෙන හිටියම ඉවරයි. දඬුවම් දෙන්න අවශ්‍යත් නැහැ.

    ReplyDelete
    Replies
    1. අජිත්ගේ කමෙන්ට් එකට මමත් එකඟයි, අර හාමුදුරුවෝ අජිත්ට කියල තියෙන දෙය අනුව උන් වහන්සේ යම් පමණකට විවෘත්තව සම්ප්‍රදායෙන් බැහැරව දහම විමසන භික්ශුවක් කියන එක පෙන්වනවා.

      මට තේරුම ගන්න බැරි කාරනයක් තමයි, සමලිංගික හැසිරීම සාධාරනීකරනය කරමින් ඒ වෙනුවෙන් සටනට බහින උදවිය සතුන් සමග හැසිරීම හෙලා දැකීම. වෛද්‍ය රුවන් පවා සමලිංගිකත්වය ස්වභාවික හා පිළිගත යුතු තත්වයක් ලෙසත්, සතුන් හා සම්බන්ධතා අපගාමී චර්‍යාවක් ලෙසත් පැහැදිලිවම දක්වා තිබෙනවා.

      පෞද්ගලිකව මා දරන්නේ බොහෝ දුරට අජිත්ගේ මතයට සමාන මතයක්. ලිංගික රුචි අරුචිකම් යනු අතිශයින් පෞද්ගලික දෙයක්. එය නීති මගින් පාලනය කිරීම වැරදි ක්‍රියාවක්.

      Delete
  15. ඕක මට කිවේ මෙහා අමරාවතී භාවනා මධ්‍යස්ථානයේ ඉන්න ඇමෙරිකන් හාමුදුරුනමක්. කොහොමත් ඒ අය බුදු දහම දිහා බලන්නේ ලනක්වේ හාමුදුරුවරු බලන සම්ප්‍රදායික රාමුවෙන් නොවෙයි. සතුන් සමග හැසිරීම සමාජීය වශයෙන් හා සංස්කෘතික වශයෙන් හෙලා දකින දෙයක්. නමුත් ආදී කාලයේ සිට එයත් තිබුන. දැනටත් තියනවා. වේල්ස් වල බැටළු දෙනවල් සමග හැසිරීම මෙනම් බොහෝ අරාබි රටවල් එළු දෙනවල් සමග හැසිරීම ප්‍රසිද්ධ රහසක්. නමුත් ලෝකයේ ජිවත් වන්නට කිසියම් නීති රාමුවක් අවශ්‍ය නිසා අපි මේ නිතිය දානවා. මම ළමා අපචාර වලට විරුද්ධයි. මොකද ඒක දුෂණයක්. සතුන් සමග හැසිරීමට විරුද්ධ ඒකත් දුෂණයක්. සතෙකුට කැමැත්ත දෙන්න බැහැනේ. සතෙක් දන්නේ තමන්ගේ වර්ගයාගේ පිරිමි හෝ ගැහැණු සතෙකුට කැමැත්ත දෙන්න විතරයි. එනිසා ඒකත් වැරදියි.

    ReplyDelete
  16. බෞද්ධ සංස්කෘතිය තුල සමරිසියන් පීඩාවට පත් කිරීමක් නැත. සමහර බෞද්ධ රටවල අගමැතිකම, මුදල් ඇමතිකම, අධ්‍යාපන ඇමතිකම, නීතිය හා සාමය පිලිබඳ ඇමතිකම...ආදී වැදගත් තනතුරුවලට පවා සමරිසියන් පත්කර ඇත.

    ReplyDelete
  17. මගේ විශ්වාසය යමෙකු උපදින්නේ එකවරයි . එබැවින් වැඩිහිටියෙකු වූ පසු ඔහු සතුටක් ලබන්නේ සම රිසි ඇසුරෙන් නම් ඔහුට එම සතුට ලබා ගැනීමට බාධා කිරීම වැරදියි.ආණ්ඩුවක වගකීම මිනිසුන්ට මැරෙන තුරු අන් අයට හානියක් නොවෙන පරිද්දෙන් සතුටෙන් සිටීමට හැකි පමණින් ඉඩ සැලසීමයි.
    කොහොමත් තව අවුරුදු 60 කි 70 ක් ගතවන විට ලෝකයේ බොහෝ රටවල සමරිසි විවාහ බහුලව දකින්නට හැකිවෙනු නොඅනුමානයි

    ReplyDelete
  18. තවත් එකතු කිරීමක් කලොත්.......
    නීතියේ එක් පරමාර්ථයක් තමා වැසියන්ගේ ආරක්ෂාව. හරයට මෝටසයිකල් ධාවකයින් හෙල්මට් පැලදීම වැනි. ඒනිසා ලිංගික නිදහසත් වල්බූරු නිදහසක් නොවිය යුතුයි.

    ReplyDelete
  19. බුද්ධ කාලීන භාරතයේ පැවතුණා යයි යමකු කී පමණින් එය අප පරමාදර්ශ කර ගත යුතු ද ??
    බුද්ධ කාලීන භාරතයේ පැවතුණු බව සඳහන් කළ පමණින් බුදු රදුන් එය අනුමත කළ බව හෝ එය ඉවසා වදාළේ යයි කිව හැක්කේ කෙසේ ද ???
    මෙවැනි උවදුරු වලින් සසුන රැකීම පිණිස වදාළ විනය ශික්ෂා පද, ඒ කෙරෙහි උනන්දුව දක්වන ඕනෑම අයකුට පහසුවෙන් ම විනය පිටකය පිරික්සා සොයා ගත හැකි ය.
    දැන් අප පිළිගත යුත්තේ වෛද්‍ය රුවන් සිය අභිමතය සනාථ කිරීම පිණිස අතනින් මෙතනින් අහුළා ඉදිරිපත් කරන මේ පිළූණු මතවාද ද ??
    ඕනෑම සංස්කෘතියක් තුළ විවිධ බලපෑම් හේතුවෙන් එහි යම් පරිහානිකර ලක්ෂණ හා අවධි දක්නට ලැබෙන්නකි. ඒ වූ පමණින් සිය විකෘති සහගත සංකල්පනා නිසා එම අල්පතර ලක්ෂණ සමස්තය ලෙස සාමාන්‍යකරණය කිරීම සත්‍ය වළලා දැමීමකි.
    මෙසේ කියා වෛද්‍ය රුවන් කියන්නට හදන්නේ ------ සමලිංගිකත්වය වනාහි යළිත් වහ වහා අප විසින් පාදා ගෙන පරමාදර්ශය කොට ගත යුතු අපේ සංස්කෘතික අනන්‍යතාවක් හා උරුමයක් වන බව ද ???
    මෙහි දී වෛද්‍ය රුවන්ගෙන් අපට අසන්නට ඇති අවසාන ප්‍රශ්නය වන්නේ ..... ‘ මිනිසාත් තිරිසනාත් අතර වෙනස ඔහු අපට විග්‍රහ කර දෙන්නේ කෙසේ ද ?? ’.... යන්න යි.
    ජාතක පාළියෙහි එන දේව ධර්මය පිළිබඳ උගැන්වෙන දේවධර්ම ජාතකයෙන් කියැවෙන්නේ, අබුද්ධෝත්පාද කාලයේ පවා ලෝක පාලක ධර්ම ලෙස පැවතුනේ හිරි - ඔත්තප්ප (ලජ්ජා - භය ) යන ධර්මතා දෙක බවයි. එතරම් ප්‍රාථමික මට්ටමේ චිරන්තන සංස්කෘතික සදාචාර හරයන් පවා, සිය අසීමිත කාමභෝගී අරමුණු වෙනුවෙන් ඉවත දැමූ බටහිර සංස්කෘතික සම්ප්‍රදාය බරපතල ලෙස සදාචාර පිරිහීමකට ලක්ව ඇති බව පෙනෙන්නට ඇත්තේ අද -ඊයේ සිට නොවේ. ඉවක් බවක් නැති භෞතික දියුණුව ඔස්සේ, අසීමිත නිදහස ලබා ඉබාගාතයේ යන්නට ඉඩ හල කෙලෙස් කඳු වල වහලෙකු බවට පත් වීම නිසා පවුළ මුල් කර ගත් සමාජ සබඳතාවන් හි බරපතළ කඩා වැටීමට ලක්ව ඇති යුරෝපය මුල් කර ගත් බටහිර සංස්කෘතිය නිසා පීඩනයට පත් විචාරශීලි ජනයා ශීඝ්‍රයෙන් බෞද්ධ උගැන්වීම්වල පිහිට සොයා ඒමෙන් මේ බව යළි යළීත් සනාථව තිබිය දී, එම වී ඔජාව වැගිරෙන සංස්කෘතික කුණු කඳු බලෙන් මෙහි පැටවීම අරමුණු කර ගත් ප්‍රචාරක ව්‍යාපෘතීන් පළම නිමේශයේ දීම පරාජය කිරීම, හෙට දිනය වෙනුවෙන් හා නූපන් පරපුර වෙනුවෙන් චිරන්තන බොදු සදාචාරයක් හිමි ජාතියක් මත අද දින පැවරෙන අනුල්ලංඝණීය යුතුකමක් හා වගකීමක් වේ.

    ReplyDelete
  20. බුද්ධ කාලීන භාරතයේ පැවතුණා යයි යමකු කී පමණින් එය අප පරමාදර්ශ කර ගත යුතු ද ??
    බුද්ධ කාලීන භාරතයේ පැවතුණු බව සඳහන් කළ පමණින් බුදු රදුන් එය අනුමත කළ බව හෝ එය ඉවසා වදාළේ යයි කිව හැක්කේ කෙසේ ද ???
    මෙවැනි උවදුරු වලින් සසුන රැකීම පිණිස වදාළ විනය ශික්ෂා පද, ඒ කෙරෙහි උනන්දුව දක්වන ඕනෑම අයකුට පහසුවෙන් ම විනය පිටකය පිරික්සා සොයා ගත හැකි ය.
    දැන් අප පිළිගත යුත්තේ වෛද්‍ය රුවන් සිය අභිමතය සනාථ කිරීම පිණිස අතනින් මෙතනින් අහුළා ඉදිරිපත් කරන මේ පිළූණු මතවාද ද ??
    ඕනෑම සංස්කෘතියක් තුළ විවිධ බලපෑම් හේතුවෙන් එහි යම් පරිහානිකර ලක්ෂණ හා අවධි දක්නට ලැබෙන්නකි. ඒ වූ පමණින් සිය විකෘති සහගත සංකල්පනා නිසා එම අල්පතර ලක්ෂණ සමස්තය ලෙස සාමාන්‍යකරණය කිරීම සත්‍ය වළලා දැමීමකි.
    මෙසේ කියා වෛද්‍ය රුවන් කියන්නට හදන්නේ ------ සමලිංගිකත්වය වනාහි යළිත් වහ වහා අප විසින් පාදා ගෙන පරමාදර්ශය කොට ගත යුතු අපේ සංස්කෘතික අනන්‍යතාවක් හා උරුමයක් වන බව ද ???
    මෙහි දී වෛද්‍ය රුවන්ගෙන් අපට අසන්නට ඇති අවසාන ප්‍රශ්නය වන්නේ ..... ‘ මිනිසාත් තිරිසනාත් අතර වෙනස ඔහු අපට විග්‍රහ කර දෙන්නේ කෙසේ ද ?? ’.... යන්න යි.
    ජාතක පාළියෙහි එන දේව ධර්මය පිළිබඳ උගැන්වෙන දේවධර්ම ජාතකයෙන් කියැවෙන්නේ, අබුද්ධෝත්පාද කාලයේ පවා ලෝක පාලක ධර්ම ලෙස පැවතුනේ හිරි - ඔත්තප්ප (ලජ්ජා - භය ) යන ධර්මතා දෙක බවයි. එතරම් ප්‍රාථමික මට්ටමේ චිරන්තන සංස්කෘතික සදාචාර හරයන් පවා, සිය අසීමිත කාමභෝගී අරමුණු වෙනුවෙන් ඉවත දැමූ බටහිර සංස්කෘතික සම්ප්‍රදාය බරපතල ලෙස සදාචාර පිරිහීමකට ලක්ව ඇති බව පෙනෙන්නට ඇත්තේ අද -ඊයේ සිට නොවේ. ඉවක් බවක් නැති භෞතික දියුණුව ඔස්සේ, අසීමිත නිදහස ලබා ඉබාගාතයේ යන්නට ඉඩ හල කෙලෙස් කඳු වල වහලෙකු බවට පත් වීම නිසා පවුළ මුල් කර ගත් සමාජ සබඳතාවන් හි බරපතළ කඩා වැටීමට ලක්ව ඇති යුරෝපය මුල් කර ගත් බටහිර සංස්කෘතිය නිසා පීඩනයට පත් විචාරශීලි ජනයා ශීඝ්‍රයෙන් බෞද්ධ උගැන්වීම්වල පිහිට සොයා ඒමෙන් මේ බව යළි යළීත් සනාථව තිබිය දී, එම වී ඔජාව වැගිරෙන සංස්කෘතික කුණු කඳු බලෙන් මෙහි පැටවීම අරමුණු කර ගත් ප්‍රචාරක ව්‍යාපෘතීන් පළම නිමේශයේ දීම පරාජය කිරීම, හෙට දිනය වෙනුවෙන් හා නූපන් පරපුර වෙනුවෙන් චිරන්තන බොදු සදාචාරයක් හිමි ජාතියක් මත අද දින පැවරෙන අනුල්ලංඝණීය යුතුකමක් හා වගකීමක් වේ.

    ReplyDelete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook