Sunday, April 17, 2016

ලෙනින් ගේ සිරුර දුටුවෙමි

  


1987  ග්‍රීෂ්ම කාලයේදී මම මොස්කව් නගරයට ගියෙමි. මොස්කව් හි සුප්‍රකට බල්ශෝයි තියාතරය නැරඹීමෙන් පසුව  ලෙනින් ගේ සිරුර හෙවත් ලෙනින් මවුසලේනියම බැලීමට මම රතු චතුරශ්‍රය වෙත ගියෙමි. රතු චතුරශ්‍රය උතුරා සෙනග සිටි අතර ලෙනින් මවුසලේනියම බැලීම සඳහා දිග පෝලිමක් විය​. මමද මේ පෝලිමේ අගට සම්බන්ධ වූයෙමි. මෙම පෝලිම ඉතා දිග මෙන්ම සෙමෙන් ගමන් කලේය​. සවස් වන තෙක්වත් පෝලිම ඇදී යනු ඇතැයි මට සිතුනි. ලෙනින් ගේ දේහය බැලීම පසෙක තබා ලුමුම්බා මිත්‍රත්ව විශ්ව විද්‍යාලය වෙත ගොස් මිතුරන් හමු වීමට සිතුනද මම පෝලිමේ රැඳී සිටියෙමි. 

ලෙනින් ගේ මරණින් පසු ලෙනින් ගේ සිරුර මිහිදන් කිරීමට ඔහුගේ බිරිඳ වූ කෘප්ස්කයාට අවශ්‍ය වූවාය​. එහෙත් කල්ට් වන්දනාව ස්ථාපිත කිරීමට අවශ්‍ය වූ ස්ටාලින්  ලෙනින් ගේ සිරුර බෙහෙත් ගල්වා රතු චතුරශ්‍රයේ ප්‍රදර්ශනය කිරීමට නියෝගය දුන්නේය​. ලෙනින්  සමග තමාවද දේවත්වයට එසවීම ස්ටාලින් ගේ අරමුණ වූ බව කියවේ. 

මා රතු චතුරශ්‍රය වෙත ගිය දින ඉන්දියානු නියෝජිත පිරිසක් ද පැමිණි අතර ඔවුන් අප සිටි පෝලිම අසලින් ගියහ​. මේ සමගම මමද ඉන්දියානු පෝලිමට එක් වූයෙමි. ඉන්දියානු නියෝජිත පිරිස රැගෙන ගියේ රුසියානු යුද නිලධාරියෙකි. ඔහු වී අයි පී පෝලිම වෙත අපව රැගෙන ගියේය​. මමද මඳක් ඉන්දියානුවන් ගේ පැහැය නිසා ඔහු මාව එකවර හඳුනා ගත්තේ නැත​. එහෙත් මවුසලේනියම ආසන්නයේදීම ඔහු මාව නවතා කක් වී පපාලි සුදා (ඔබ මෙතනට ආවේ කෙසේද ? ) කියා විමසීය. මම ඉන්දියානුවන් සමග පෝලිමේ ආ බව කීවෙමි. මාව යලි හරවා යැවීමටද දැන් ප්‍රමාදය​. එසේ ගියහොත් මුර කපොළු කීපයක් පසුකොට මා ආවේ කෙසේද යන්න ඔහුට ප්‍රශ්නයක් වේ. මේ නිසා අනෙකුත් ඉන්දියානුවන් සමග මට මවුසලේනියම තුලට යන්නට දුන්නේය​. මම ඔහුට නමස්තේ කියා ආචාර කොට මවුසලේනියම තුලට ගියෙමි. 

මවුසලේනියම තුලදී මම ලෙනින් ගේ සිරුර දුටුවෙමි. ඔහුගේ ශරීරය මිටිය​. ඔහු එක් අතක් මඳක් මිට මොලවාගෙන සිටියි. ලෙනින්ට අන්දවා තිබුනේ දුඹුරු පැහැති කමිසයක් සහ කබායකි.

ලෝකයේ ගරුත්වයට මෙන්ම වෛරයට පාත්‍ර වූ මිනිසා මා ඉදිරියේය​. ඔහු සංකීර්ණ චරිතයකි. සමහර කොටසකට විමුක්තිය මෙන්ම සමහරෙකුට ඔහු ත්‍රස්තය ගෙන ආවේය​. රොමනෝව් රජ පවුල මරා දැමීමට නියෝග දුන්නේද ලෙනින් ය​. ෆීලික්ස් දෙර්ශීන්ස්කි හරහා චෙකා සංවිධානය ගොඩ නගා ඝාතන කිරීම සඳහා අඩිතාලම දැමුවේය​. එසේම වැඩවසම් යුගයේ තිබූ රුසියාව කාර්මීකරණයට යොමු කලේ ලෙනින් ගේ මග පෙන්වීම මතයි. ඔහු රුසියාවේ සාක්ශරතාවය ඉහල දැමීමට ක්‍රියා කලේය​. ඉතිහාසය විසින් ලෙනින් හට විනිශ්චයක් දෙනු ඇත. 

වර්තමානයේ ලෙනින් ගේ බොහෝ රහස් ලියකියවිලි ක්‍රම්ලිනය මගින් ප්‍රසිද්ධියට පත් කිරීම නිසා ලෙනින් ගැන වර්තමාන රුසියානු පරපුර දරන්නේ මිශ්‍ර්‍ර අදහස් වෙති. එහෙත් ගුරු ගීතය පමණක් කියවා ලෙනින්ව අදහන  ලංකාවේ වෙන්ඩ ලෙනින්ලා ලෙනින් ගේ කෘති කියවා නැත​. එසේම ලෙනින් ගැන තුලනාත්මක අධ්‍යනයක් ද කොට නැත​. මේ නිසා මෙම ලියවිල්ලට ඔවුන් සමහරක් විට කෝප වනු ඇත​. 

ලෙනින් ගේ සිරුර බැලීමෙන් පසුව මම ඉවතට ආවෙමි.  රතු චතුරශ්‍රයට තව තවත් නන් දෙසින් මිනිසුන් එති. ඔවුන් සියළු දෙනා එන්නේ මේ ලෙනින් නම් අපූරු මිනිසා ගේ නිසල සිරුර දැක බලා ගැනීමටය​. අපගේ වෛද්‍ය පීඨයේ ඉතිහාසය දෙපාර්තමේන්තුවේ බිත්තියක ලෙනින් ෂිල් ලෙනින් ෂීත් ලෙනින් බූදිත් ෂීත්  කියා ලියා තිබුනි එහි තේරුම නම් ලෙනින් ජීවත් විය , ලෙනින් ජීවත් වේ සහ ලෙනින් අනාගතයේද ජීවත් වනු ඇතැයි යන්නයි. එහෙත් වර්තමාන රුසියාවේ ලෙනින් අනාගතයේද ජීවත් වනු ඇතැයි යන්න ප්‍රශ්නාර්ථයකි. ලෙනින්  ගේ  රහස් ලියකියවිලි ක්‍රම්ලිනය මගින් ප්‍රසිද්ධියට පත් කිරීමෙන් පසු ලෙනින්  ගැන රුසියාවේ තුලනාත්මකව අධ්‍යනයන් කෙරෙන අතර ලෙනින්  ගේ හොඳ මෙන්ම නරක පාර්ශවයන් ද ඉන් හෙලි කරයි. 



වෛද්‍ය රුවන් එම් ජයතුංග 

100 comments:

  1. අල්ලන් ගිහින් පුරස්නකොරානං තමා වැඩේ තියෙන්නේ

    ReplyDelete
  2. I have not read that cult book Guru Gethaya yet. I might still see the movie next month in Sydney.

    ReplyDelete
  3. හැහ්.. ඔය වගේම හමුදා නිලධාරියෙකුගෙ සැට් එකක් අස්සට රිංගලා දලඳා ප්‍රදර්ශනයක පෝලිමකට රිංගුව හැටි මතක් උනා.හෙහ් හෙහ්... ගුරුගීතය ලෙනින් නම් ආගමික ශාස්තෲ මට්ටමේ චරිතයක් නෙව..
    ජයවේවා..!!

    ReplyDelete
  4. ලෙනින් ගැන මා අසා තියෙන දේවල් අනුව මට ඔහු වීරයෙක් නොව අන්තවාදියෙකි. ඔබ කියනාකාරයටම ඔහුගේ හොඳ පැත්තකුත් තියෙන්න පුළුවන. එත් මගේ පරිසරය තුල මට ඒ ගැන දැනුමක් ලැබුනේ නැත. ඔබේ ලිපිය අගය කොට සලකමි .

    ReplyDelete
  5. ඔය ලෙනින්, කාල් මාර්ක්ස්, ජවහල්ලාල් නේරු, බණ්ඩාරණයක, ප්‍රභාකරන්, විජේවීර වැනි අය නොසිටින්න අද ලෝකයේ දුප්පත්කම, යුද්ධ වගේ ගොඩක් දේවල් නැතිවෙන්න බොහෝ සේ ඉඩ තිබුණා.

    ReplyDelete
    Replies
    1. ලක්ෂ වාරයක් එකඟයි.

      Delete
    2. ඉයන් මචන් පළමුවැනි ලෝක යුද්ධය ඇති වුනේ ලෙනින් නිසාද? බණ්ඩාරනායක ගැන නම් ප්‍රශ්නයක් නැහැ. සිංහල දෙමල ප්‍රශ්නයකට මුල පුරපු නිසා. 1800ස ගණන් වල නපොලියනික් යුද්ධ හා ක්රිමියන් යුද්ධ කලේ ලෙනින් ලා පැත්ත පළාතක හිටියේ නැත. එකෙත් තව ගොඩක් කතා කරන්න තියෙනව. දෙවන ලෝක යුධ්ධෙට හේතුවත් ලෙනින් හෝ මාර්කස් නම් නෙමයි. වියට්නාම හා කම්පුචියාවේ යුද්ධ , කොරියන් යුද්ධය නම් ඔන්න ඒගොල්ලන්ට බැර කරත හැකියි. ඉන්දියෙවේ යුද්ධයට හේතුව නේරුට වඩා මුස්ලිම් ජාතික මොහමඩ් අලි ජින්නා බව මගේ හැඟීමයි .

      Delete
    3. අජිත් ඔබ යුද්ධ කියන එක විතරක් අයින් කරගෙන. එමෙන්ම ඔබ ප්‍රඪාන යුද්ධ වෙන් කරගෙන. ලෝකයේ යුද්ද වලට ප්‍රධාන හේතුව ලෙස මා දකින්නේ අසීමිත ලෙස ජනගහණ වර්ධනය සහ එම ජනගහණය ලෝකයේ සීමිත සම්පත් වෙත කරන බලපෑම. මාක්ස්වාදය මා දකින්නේ පොතේ හොඳට පෙනෙන උත්තරයක් මිස ප්‍රායෝගික දෙයක් නොවන ලෙස. අසමානත්වය නැතිකිරීමේ උත්සාහයක් ලෙස පෙනෙන එයින් ජීවත් වීමට අවශ්‍ය දේවල් නොමිලේ ලබාදීම නිසා ළමයින් හැදීමට යන වියදම සුළු වුණා. පසුගිය ශතවර්ෂයේ ආසියාවේ, දකුණු ඇමෙරිකාවේ සහ අප්‍රිකාවේ ජනගහණ පිපිරුමට එය හේතුවක්. බටහිර ක්‍රමයේ නොමිලේ යමල් ලබා ගන්න බැහැ. එම ක්‍රමයේත් දුර්වලතා තියෙනවා. නමුත් විසඳුම නොමිලේ දීම නෙමෙයි. උදාහරණයකට අධ්‍යාපනය ලැබීමේ අවස්ථා බටඉර ක්‍රමයේදෙ විසඳුවේ සිසු ණය ක්‍රමයෙන්. අපේ රටේ නොමිලේ අධ්‍යාපනයෙන්. දැන් වී ඇත්තේ එම ක්‍රමය නිසා හැමෝගේම වියදමින් සමහරකට උසස් අධ්‍යාපනය. පුදුමය වන්නේ එය ලංකාවට හඳුන්වා දුන්නේ වාමාංශික නොවන පක්ශයකින්. ඒවුණාට විශාල ලෙස ආර්ථිකයට හාණිවූ ඉඩම් ප්‍රතිසංකරණය, ජනසතු ව්‍යාපාරය ආදිය නම් බණ්ඩාරණායක සහ සමාජවාදය යනදෙකේ ප්‍රතිඵල.

      Delete
    4. ප්‍රශ්ණයකට විසඳුමක් සෙවිය යුත්තේ තිබෙන ක්‍රමයේ වාසි නැති නොවන පදනමේ සිට. ඉඩම් අයිතිය, අධ්‍යාපන අවස්ථා, ආදී ප්‍රශ්ණ විසඳීමට ඒවා තිබෙන අය නැතිකර අන් අයට දීම යන්න විසඳුමක් නොවේ. සමාජවාදය ප්‍රචලිත කිරීමට ලෙනින්, ආදීන් යොදාගත්තේ ධනවාදය, බහු ජාතික සමාගම් රකුසන් ලෙස පෙන්වමින්. ස්විට්සර්ලන්තය වැනි අද හැම අතින්ම දියුණු රටවල් දියුණු වී ඇත්තේ ධනවාදය මත සහ එයින් අවාසි සිදුවන අය ඉහලට ගැනීමට ඇතිකල සාමාන්තර ක්‍රම මගින් මිස එකක් කඩා අනික සෑදීමට උත්සාහ කල සමාජවාදයෙන් නම් නොවෙයි.

      Delete
    5. රුසියානු විප්ලවය ඇති කිරීමට හේතු වුයේ ලෙනින් හෝ ට්‍රොට්ස්කි නොව දුර්දාන්ත සාර් පාලනයයි. මිනිසුන්ට තිරිසනුන් ලෙස සැලකීම, මර්දනය යනාදී කරුණු බොහෝ එයට එකතු වුණා. මිනිසුන් එම අසාධාරණයට එරෙහිව නැගිටීම වැරදිද? නොඑසේනම් මෙය පෙර කරුමයක් නිසා සිදුවන දෙයක් කියා කරබාගෙන සිටිය යුතුව තිබුණාද ?

      විප්ලවයන් කැදවන්නේ පුදගලයන් නොව වාස්තවික තත්වයන්ය. පුද්ගල චරිත ලෙස ලෙනින් වැනි අය එයට නායකත්වය දුනි.

      හොදියි රුසියන් විප්ලයව නොවූ වා නම් එදා එම ජනතාවට සිදුවන්නේ කුමක්ද? (ලෙනින්ගේ මරණින් පසු සිදු වූ අවාසනාවන්ත සිදුවීම් වලට එම ජනතාවම ගොදුරු වීම ද අපරාධයකි).

      Delete
    6. විප්ලවය හරහා සාර් රජ පරපුර නැතිකර මගජන පාලනයක් ඇතිකිරීමත් එය මාක්ස්වාදය අනුගමනය කරන්නක් වීමත් යන්න එකක් නොව දෙකක්. ලෙනින් නොව මාක්ස්වාදී නොවන අයකු 1917 දී රුසියානු පාලනයට පත්වූවානම් ලෝකය වෙනස් තැනක් වන්නට තිබුණා. රජ කෙනෙකුගේ පාලනයෙන් පසු මාක්ස්වාදී නොවන පාලනයන් ඇතිවුන වෙනත් තැන් තිබුණා. සාර් රජ පරපුරේ එකාධිපති පාලනය වෙනුවට ලෙනින් ස්ථාපිත කලේ විරුද්ධවදීන් මරා දැමූ, වෙනස් අදහස් නොඉවසූ දරුණු ඒකාධිපති පාලනයක්. ලෝකය වම දකුණ ලෙස වෙන්වී විරුද්ධ වාදීන්ට විරුද්ධ පාර්ශව මෙහෙයවින් වාර්ගික යුද්ධ සහ ආර්ථික ක්‍රම පැතිරවීමේ යුද්ධ සියල්ලට මුල ලෙනින්.

      Delete
    7. මේ ඉයන් කියන උද්දච්ච මෝඩයාට මොලයක් නැද්ද ?
      මෙයාගේ බොරු වලට උත්තර හරි ලේසියි.
      මුලින්ම කියන්න ඕන, ප්ර්බාකරන්ව නේරු,ලෙනින් විජේවිර කුලකයට දාන එකෙන්ම මුගේ මෝඩ කම පේනවා.
      ප්ර්බාකරන්ව දාන්න ඕන ප්‍රේමදාස,රන්ජන් විජේරත්න,ජේ ආර්, බටලන්දේ රනිල් කුලකයටයි.මෙයාල තමා ප්‍ර්බකරන්ට හරියන මිනීමරුවෝ සෙට් එක.

      අනික නිදහස් අද්‍යාපනය දුන්නේ යු.එන්.පිය ලු.යු.ඇන් .පි නායක ජාතියේ පියා ඩී . එස් තමා නිදහස් අද්යාපනයට විරුද්දව චන්දේ නන ප්‍රදාන චරිතය.ඕක C.W.W කන්නන්ගර මැතිතුමාගේ පවුද්ගලික යෝජනාවක් මිසක් අලියාගේ වැඩක් නෙවෙයි.උන්තමා එතුමාගේ කකුලෙන් ඇද්දේ.

      බහු ජාතික සමාගම් මාර හොදයි ලු.කොකාකෝලා කොම්පැනිය කැලනිගගට කරපු දේ අමතකද ඉයන් ගොනෝ?
      කෘමි නාශක සමාගම් අපේ ගොයියට කරපු දේ අමතකද?අපේ රජරට ගොවි පරපුරම අතුගාල දාන්න හදන බහුජාතික කෘමිනාශක කොම්පැනි වලට කඩේ යන්න උබ රොඩීයෙක්ද

      Delete
    8. @ ඉයන්


      //විප්ලවය හරහා සාර් රජ පරපුර නැතිකර මගජන පාලනයක් ඇතිකිරීමත් එය මාක්ස්වාදය අනුගමනය කරන්නක් වීමත් යන්න එකක් නොව දෙකක්. ලෙනින් නොව මාක්ස්වාදී නොවන අයකු 1917 දී රුසියානු පාලනයට පත්වූවානම් ලෝකය වෙනස් තැනක් වන්නට තිබුණා. රජ කෙනෙකුගේ පාලනයෙන් පසු මාක්ස්වාදී නොවන පාලනයන් ඇතිවුන වෙනත් තැන් තිබුණා. සාර් රජ පරපුරේ එකාධිපති පාලනය වෙනුවට ලෙනින් ස්ථාපිත කලේ විරුද්ධවදීන් මරා දැමූ, වෙනස් අදහස් නොඉවසූ දරුණු ඒකාධිපති පාලනයක්. ලෝකය වම දකුණ ලෙස වෙන්වී විරුද්ධ වාදීන්ට විරුද්ධ පාර්ශව මෙහෙයවින් වාර්ගික යුද්ධ සහ ආර්ථික ක්‍රම පැතිරවීමේ යුද්ධ සියල්ලට මුල ලෙනින්.//

      ඵහෙම කරනවා වෑඩිය හොදයිනෙ විප්ලවය නොකරම ඉන්න ඵක.
      මොකඩ ජනවරි අට විප්ලවයට උන වගේ සර් හොර නෑතිව අලුත් හොරු ටිකක් පත්කරගත්ත නම් ජනවාරි අට විප්ලවෙ ට උන වගේ අලුත් වයින් පරන බදුන්වලමයි.
      ඵ්හෙම එන්න ඔනනම් මොකටද විප්ලවයක්?

      අනික මිනි මෑරෙන්නෑති විප්ලව තියනවඩ බන් ?ඉන්ග්‍රීසි විප්ලවයෙත් ප්‍රන්ශ විප්ලවයෙත් රජා මලේ.........ඵ්ව්වා හොඩයි මෙව්ව නරකයි.......ඈමරිකන් විප්ලවේ කොච්චර මිනි මෑරුවද?
      ඉයන් ඩන්නෙ නෑතිව ඈති විප්ලවයෙන් පස්සේ ඈමරිකව බ්‍රිතාන්ය ප්‍රන්ශය ජර්මනිය ජපානය මෙ සියලු අදිරාජ්‍යන් පවත්වාගෙන ගිය රටවල් සෝවියට් දේශය වටකරලා මහා විශාල යුද්දයකට පෙලබවපු බව.ඔවා බටහිර මාද්‍ය විසින් යටගහන දේවල්.ඵ් යුද්දය නිසා බඩගින්නේ ලෙඩරෝග වලින් අහින්සක මිනිස්සු මිලියන ගානක් මෑරුනා.අදිරාජ්‍ය කාරයන්ට ඔන කලේ මිනිස්සු කොච්චරක් හරි මර්ලා රුසියාව යටත්කරගෙන කොල්ලකන්න .ලෙනින්ගේ නයකත්වය නිසා තම පුන්චි රතු හමුදාවට මේ හෑම හමුදාවක්ම පරද්දන්න පුලුවන් උනේ.ඉතින් උන් ලෙනින්ව කන්න තරහයි.අදටත් ලෙනින් වගේ නයකයන්ට විරුද්දව මාද්ය මෙහෙයුම් පවත්වාගෙන යන්නේ ඵ් තරහටයි.

      ටිකක් හිතන්න 1818 වෙල්ලස්ස අරගලය ආපහු හරවන්න බ්‍රිතාන්ය අදිරාජ්යවාදින් මොන විනාශයක් කලාද?ඉතින් මේ අදිරාජ්යවාද් රටවල් ඔක්කොම ඵකතුවෙලා රුසියාවට මොන විනාශයක් කරන්න ඈතිද?

      මේවා බලබල නිකන් ඉන්න නම් ලෙනින් පොන්නයෙක් වෙන්න ඔන..............

      Delete
    9. ලෙනින්ගේ ගොන් පෙනුම සහ රුසියාවත් පයින් ගසා ඉවත දැමූ ගොන් අදහස් රැගත් අද කාලයේ ලෙනින් වන කුමාර් ගුණරත්නම් නිදහස් කරනු !

      Delete
    10. ලෝක ඉතිහාසය ගැන කිසිම දැනීමක් නැති බයියන් ඇනෝ පමණක්ම එන්නේ ඇයි? දෙවන ලෝක යුද්ධයෙදීත් රුසියාව සහ ඇමෙරිකාව මිත්‍ර හමුදා ලෙස එකට සටන් කල බවවත් නොදන්නා, පලමු ලෝක යුද්ධයේ ඉතිහාසය නොදන්නා, කුණුහරුප සහ මහින්දගේ පඩ සුලඟ පමණක්ම දත් බයියන් සමඟ කුමන කථාද?

      කුමාර් ගුණරත්නම් නිදහස් කරනු !!!!!!!!!!!!!!!!

      Delete
    11. ගොන් පාට් දාලා පෑනලයන්න හදන්න ඵපා ඉයන් මහත්තයෝ..........

      ගොනා, වැඩවසම් යුගයේ තිබ්බ රුසියාව කෙටිකලකින් ලෝකයෙ දියුනුම රටක් කරපු ලෙනින් ද?නෑත්නම් ආසියාවේ හොදම රටක් වෙච්ච ලoකාව ජාතිවාදයෙන් පුරවලා, බල්ලො මරලා හරි සල්ලි හොයපල්ලා කියලා මිනිස්සු තිරිසන්නු කරලා, අසු තුනේ කලු ජුලිය ඇතිකරලා, මිනිස්සු පුච්චලා, මහින්ද ඵක්ක කලු කෝපි බිලා.....ආසියාවේ හොදම රටක් පිස්න්කොටුවක් කරපු යු.ඈන්.පි පොන්සියොද කියලා ඉතිහාසය තිරනය කරයි.

      කුමාර් ගුනරත්නම් මෙතනට අදාල නැත..........ඔහුගේ දෙශපාලන මතයට විරුද්දය.නමුත් ඔහුගේ අයිතිය වෙනුවෙන් පෙනිසිටිය යුතුය.කුමාර්ට කලින් හිරේ යන්න ඔන වුන් ඔන තරම් මේ රටේ සිටිති.කොහොම උනත් මෙය මෙතනට අදාල නත.

      මෙව්වා කිව්වා කියලා අපිට ලෙනින්ගේන් වත් රුසියාවෙන් වත් ලෑබෙන බම්බුවක් නෑත.යු.ඈන්.පී කාරයන්ට නම් කඩේ යන තරමට සාක්කු පිරවේ.මුන් සාක්කු පිරෙනවා නම් මිස කිසි දෙයක් කරන්නේ නෑත.යු.ඈන්.පිය යන් මේ රටට හොරාකෑම පුරුදුකල පක්ශයයි..............
      අපිට ඵ් ගානන වෑටෙන්නට ඔනා නෑත..............අපි ලියන්නේ ඇත්ත වෙනුවෙනි.ඵ්කාබද්ද විපස්ස හොරු , යු.ඇන්.පි හොරු මෙන් වාසිය බලා නොවේ !

      බොරු පෑතිරවිමත් , ඵ් බොරු වලට උත්තර ලෑබෙන විට පැන දිවීමත් යු.ඇන්.පි ගොබ්බයන්ගේ ජාති ගතියයි !

      Delete
    12. @ ඇනෝ,
      මෙය ඔබගේ මතය දැන ගැනීමට කැමැත්තෙන් අසන්නක් මිස ඔබට අපහාසයක් කිරීමට අසන්නක් නොවන බව කරුණාවෙන් සලකන්න.

      //නෑත්නම් ආසියාවේ හොදම රටක් වෙච්ච ලoකාව ජාතිවාදයෙන් පුරවලා, බල්ලො මරලා හරි සල්ලි හොයපල්ලා කියලා මිනිස්සු තිරිසන්නු කරලා, අසු තුනේ කලු ජුලිය ඇතිකරලා,...//
      කලු ජූලි කෑල්ල යූඑන්පී එකට අදාල බව ඇත්ත.
      ජාතිවාදය වැපිරීම හා නිදහස ලැබෙන කාලයේ ආසියාවේ සෑහෙන තැනක තිබුනු ලංකාව ක්‍රමයෙන් බනානා රිපබ්ලික් එකකට සමාන තැනකට ගෙන ඒමට සමහර යූඑන්පී දේශපාලකයින් මෙන්ම Mr & Mrs බණ්ඩාරනායක (Mr B සෑහෙන කාර්යභාරයක්), සමාජවාදීන් හා එකල දෙමල දේශපාලකයින් දායක වුනා නේද?

      (මම යූඑන්පී එකට පක්ෂව මෙන්ම විපක්ෂවද චන්දය පාවිච්චි කර ඇති නිසා යූඑන්පී කාරයෙක් ලෙස නොසිතමි)

      Delete
    13. මේ ගොන්නුන්ට කථා කරන්න උඹට පිස්සුද බං. ලෙනින් රුසියාවේ නායකත්වය ගත්තම බටහිර රටවල් ඒකට විරුද්දව රුසියාව වටකලාලු. අපරාදේ අර ඩියුක් ෆර්ඩිනන්ඩ් මැරුම් කෑවේ.

      කුමාර් ගුණරත්නම් වහා නිදහස් කරනු !!!!
      FCID එක විසුරුවනු
      මහින්ඳගේ පඩ සුලඟට හමන්න ඉඩ දෙනු !!!

      Delete
    14. //ලෝක ඉතිහාසය ගැන කිසිම දැනීමක් නැති බයියන් ඇනෝ පමණක්ම එන්නේ ඇයි? දෙවන ලෝක යුද්ධයෙදීත් රුසියාව සහ ඇමෙරිකාව මිත්‍ර හමුදා ලෙස එකට සටන් කල බවවත් නොදන්නා, පලමු ලෝක යුද්ධයේ ඉතිහාසය නොදන්නා, කුණුහරුප සහ මහින්දගේ පඩ සුලඟ පමණක්ම දත් බයියන් සමඟ කුමන කථාද?//



      නියම බයියන් යනු බයියන් ඵක්ක කලු කෝපි බිබි ඩිල් ගහන උන් මිස අපි නොවේ.

      ඉයන් ඔයා ඔය දන්නේ ඉස්කෝලේ 10 වසරට උගන්නන දෙ විතරයි නේ!
      පලමුවැනි ලෝක යුද්දයෙ අමරිකාව කරපු දෙ කුමක්ද?දෙපාර්ශවයටම ආයුද විකුනා මුදල් ගරාගැනිම හැර?

      දෙවන ලෝක යුද්දයේ පවා අමරිකාව සම්බන්ද වුයේ අන්තිම හරියේය.
      ඊට පෙර ඇමරිකාව හිට්ලර් හා ඵකතුව කුමන්ත්‍රන කර නාසි හමුදාව රුසියාව දෙසට හරවන ලෙස ඉල්ලාසිටි බව හැමෝම දනිති.

      ඇමරිකාව මුල සිටම ජර්මනිය සමග කුමන්ත්‍රන කාරි සම්බන්දයක් තිබු බවත් රතු හමුදාව යුරෝපය යටත් කරගනි යන බිය නිසා පමනක් අන්තිම මොහොතෙ නෝමන්ඩියෙන් බෑස බ්‍රිතාන්ය සමග ඵක්ව සටනට පමිනි බවත් නොදන්නේ '' ඉතිහාසය කන්න දැයි ඇසූ මොඩයන්ගේ පක්ශයෙ උන් පමනි ''

      දෙවනි ලෝක යුද්දයේ ඵ්සේ වුවා මෙන්ම පලමුවන ලෝක යුද්දයට ඈමරිකාව ක්‍රියාකාරිව සම්බන්ද නොවු අතර ඔස්ට්‍රො හන්ගේරියන් පිල හා බ්‍රිතාන්ය සාර් රුසියාව යන අඩ්ජිරාජ්යවාදි පිල් දෙක සමගම කුමන්ත්‍රනකාරි සම්බන්දය ගෙනයන ලදි.ඇමරිකාවට අවශය වුයේ යුරෝපය යුද්දයෙන් වෙලා යුරෝපා ජාතින් දුර්වල කර දුප්පත් කර, ලෝක ආදිපත්ය තමුන් අතට ගැනිමය.ඵනම් අදිරාජ්යවාදි පිලේ නායකත්වයයි !

      විප්ලවයේ මුල් කලයේඩ ජර්මන් හමුදාව ලවාද පසුව ජර්මන් පරාජයෙන් පසු ජයග්‍රාහී ප්‍රන්ශය බ්‍රිතාන්ය ලවා මෙන්ම ජපන් අදිරාජ්යවාදින් ද ලදරු සෝවියට් දේශය ආක්‍රමනය කර රුසියාව නැවත යටත් කරගනිමට යුද්ද කල බවත් ඉට හිටපු සාර් අනුගාමිකයන් වු දෙනිකින් කොල්චාක් ව්‍රන්ගල් වැන්න වුන්ට මුදල් උපදෙශකයන් ආයුද නැව් විශෙශ හමුදා ලබාදෙමින් ආක්‍රමනික හමුදා බටයන් ලක්ශ විසි පහකට වඩා වෑඩි ගනනක් ඵ්වු බව ඉයන්ලා නොදනි.

      ඉතිහාසය කන්න දැයි ඇසු මෝඩයන්ගෙ පක්ශයේ උන් ,ඉතිහාසය නොදන්න අබව ඉතා හොදින් පසක් කල අවස්තාවකි ඉයන්ගේ ලෝක යුද්ද ටොම් පචය !

      ලෝක යුද්දය යනු ඉස්කෝලේ 10 වසර පොතෙ තිබූ පිටු 1 1/2 විස්තරය යෑයි හිතාගෙන සිටින,පලමු ලෝක යුද්දයේ සහ දෙවන ලෝක යුද්දයෙ වෙනස නොදන්නා මෝඩයන් කෙරුමන් වි සිටින රටකට මෙවෑනි කලක් යාම පුදුමයක් නොවේ..........

      Delete
    15. ලෙනින්ගේ වාමාංශික ආර්ථික ප්‍රතිපත්ති වලට හේතුව බහුජාතික සමාගම් කැලණි ගඟට අපද්‍රව්‍ය එකතුකිරීමට තිබුණ අවදානමය - page 40-41 "Whats to be done?" Vladimir Ilyich Lenin

      ඇමරිකාව හිට්ලර් හා ඵකතුව කුමන්ත්‍රන කර නාසි හමුදාව රුසියාව දෙසට හරවන ලෙස ඉල්ලාසිටි බව හැමෝම දනිති. "ලෝක ඉතිහාසය ඇනෝ ගොනුනේ ඇසින් "

      යු.ඈන්.පී කාරයන්ට නම් කඩේ යන තරමට සාක්කු පිරවේ.මුන් සාක්කු පිරෙනවා නම් මිස කිසි දෙයක් කරන්නේ නෑත.යු.ඈන්.පිය යන් මේ රටට හොරාකෑම පුරුදුකල පක්ශයයි..............එමනිසා රාජපක්ශ පවුලම සුනාමි අධාර සිට හතරවටේ හොරා කෑවේ ඔවුන්ගේ පියා නිදහස් පක්ශය පිහිටවීමට පෙර යූ එන් පී සමාජිකයෙකුවී සිටි බැවිනි. හොරාප්ක්ශ චරතාපදානය


      Delete
    16. කුමාර් ගුණරත්නම් වහා නිදහස් කරනු !!!!

      Delete
    17. @ ඉයන්


      //මේ ගොන්නුන්ට කථා කරන්න උඹට පිස්සුද බං. ලෙනින් රුසියාවේ නායකත්වය ගත්තම බටහිර රටවල් ඒකට විරුද්දව රුසියාව වටකලාලු. අපරාදේ අර ඩියුක් ෆර්ඩිනන්ඩ් මැරුම් කෑවේ.//

      මෙන්න ඉයන් මහත්තයෝ ලින්ක් ටික මේවා කියවලා ඉගනගෙන ඵන්න .

      ඔයාලා වගෙ මුකුත් නොදන්න ගොන් රෑලක් බිහිකරන්න ඔන කමට තමයි ඔයාලගේ ලොක්කා ජේ ආර් පප්පා ඉතිහාසය කන්න ද? කියලා ඇහැව්වේ..........ඉතිහාසය , සාහිත්ය පාසල් විශය නිර්දෙශයෙන් අයින් කලෙ.

      // en.wikipedia.org/wiki/Allied_intervention_in_the_Russian_Civil_War //

      // en.wikipedia.org/wiki/Russian_Civil_War //


      Delete
    18. @ ඉයන්,
      නෑ නිකම් death wish එකක් වගේ ආව නිසා ( hangover ද මංද ) ඇනෝගෙන් ඇහුව. දැන් තෝරු මෝරු දෙන්නම හාල්මැසි මට බනීද?

      @ඇනෝ,

      //ඊට පෙර ඇමරිකාව හිට්ලර් හා ඵකතුව කුමන්ත්‍රන කර නාසි හමුදාව රුසියාව දෙසට හරවන ලෙස ඉල්ලාසිටි බව හැමෝම දනිති.//
      නාට්සි එක්ක ගනුදෙනු ඔයිට වඩා ටිකක් සංකීර්ණයි නේද?
      රතු හමුදාව ගැන බිය හා සැකය බටහිරට හැමදාම තිබුනා. ඒත් හිට්ලර් එක්ක යාලුවෙලා වැඩ කරගන්න ( පෝලන්තෙ කෑලි හා වෙනත් ප්‍රදේශ අල්ලා ගැනීමට )මුලින්ම ගිවිසුම් ගැහුවේ ස්ටාලින්. ඉන්ගලන්තෙ චේම්බර්ලේනුත් ට්‍රයි කලා හිට්ලර් ශේප් කරගන්න. ඒත් ස්ටාලින් ඉස්සර වුනා. හිට්ලර්ගේ මෙගලමේනියා එක නොතිබුනානම් යුරෝපය ස්ටාලින් සමග බෙදාගෙන එක පැත්තක් නාට්සි ඒකාධිපතිවාදය හා අනිත් පැත්ත කොමියුනිස්ට් ඒකාධිපතිවාදය.

      Delete
    19. http://www.historyplace.com/worldwar2/triumph/tr-pact.htm

      http://www.history.com/news/the-secret-hitler-stalin-pact-75-years-ago

      Delete
    20. ඇනෝ ගොනා දුන් ලින්ක් එකේම ඇති මෙම පරිචෙදය කියන්නේ ලෙනින් නායකත්වයට පත්වූ පසු මිත්‍ර හමුදා ලෙනින් ප්‍රාජය කර සාර් රජුට පක්ශපාතී අයට උදව් කල බවයි. මෙය පරිවර්ථනය කිරීමට යොදාගත්තේ හම්බන්තොට රාජපක්ශ ගේ වෘෂන කෝශය මිස ඉංග්‍රීසි - සිඃඅල ශබ්දකෝශය නොවන බව කරුණාවෙන් සලකන්න.

      In 1917 Russia was in a state of political strife, public support for war and the Tsar was dwindling. The country was on the brink of revolution. The February Revolution changed the course of the war; under intense political pressure, the Tsar abdicated and the Russian Provisional Government was formed, led initially by Georgy Lvov and later by Alexander Kerensky. The Provisional Government pledged to continue fighting the Germans on the Eastern Front.[1]

      The Allies had been shipping supplies to Russia since the beginning of the war in 1914 through the ports of Arkhangelsk, Murmansk, and Vladivostok. In 1917, the United States entered the war on the Allied side. US President Woodrow Wilson dropped his reservations about joining the war with a monarch as an ally, and the United States began providing economic and technical support to Kerensky's government.[1]

      The war became unpopular with the Russian populace. Political and social unrest increased, with the revolutionary Bolsheviks under Vladimir Lenin gaining widespread support. Large numbers of common soldiers either mutinied or deserted the Imperial Russian Army. During the June 18 offensive, the Russian Army was defeated by the German and Austro-Hungarian forces as a result of a counter-attack. This led to the collapse of the Eastern Front. The demoralised Russian Army was on the verge of mutiny and most soldiers had deserted the front lines. Kerensky replaced Aleksei Brusilov with Lavr Kornilov as Commander-in-Chief of the Army.

      Delete
    21. @ ඉයන්


      // ලෙනින්ගේ වාමාංශික ආර්ථික ප්‍රතිපත්ති වලට හේතුව බහුජාතික සමාගම් කැලණි ගඟට අපද්‍රව්‍ය එකතුකිරීමට තිබුණ අවදානමය - page 40-41 "Whats to be done?" Vladimir Ilyich Lenin

      ඇමරිකාව හිට්ලර් හා ඵකතුව කුමන්ත්‍රන කර නාසි හමුදාව රුසියාව දෙසට හරවන ලෙස ඉල්ලාසිටි බව හැමෝම දනිති. "ලෝක ඉතිහාසය ඇනෝ ගොනුනේ ඇසින් "

      යු.ඈන්.පී කාරයන්ට නම් කඩේ යන තරමට සාක්කු පිරවේ.මුන් සාක්කු පිරෙනවා නම් මිස කිසි දෙයක් කරන්නේ නෑත.යු.ඈන්.පිය යන් මේ රටට හොරාකෑම පුරුදුකල පක්ශයයි..............එමනිසා රාජපක්ශ පවුලම සුනාමි අධාර සිට හතරවටේ හොරා කෑවේ ඔවුන්ගේ පියා නිදහස් පක්ශය පිහිටවීමට පෙර යූ එන් පී සමාජිකයෙකුවී සිටි බැවිනි. හොරාප්ක්ශ චරතාපදානය //

      ඉයන් මුලින්ම වැඩේට බෑස්සේ හෙන විදග්ද පන්ඩිතයෙක් වගේ.ඵයා අපි මෝඩයො කියල හිතාගෙන හෙන ටොම් පච ටිකක් ඇදබැවේ හරියට පඩිතුමෙක් වගේ..........

      දෑන් මිනිහා කියපු බොරු වලට කරුනු සහිතව උත්තර දෙනකොට........ඵයා කියපුව අමු බොරු කියලා ඔප්පුවෙනකොට කෝපි කඩේ අප්පුවා වගේ හිනා යන්නෙ නෑති ජෝක් වගයක් කොට කොට කෝලමාට ඇදගෙන නටනවා ලඇජ්ජාව වහගන්න..........මට පවුත් කියල හිතෙනව බන් උබ ගැන දැන්..........

      බලන්න ඉතින් දනවාදින්ගේ පස්චාත් බාගය හොදන ඊනියා පන්ඩිතයන්............විගඩම් නටන කෝලම්කාර ජෝකර්ලා බවට පත්වෙන්න යන්නේ විනාඩි 20යි නේ ඉතින්................



      නැවත වරක් පෙන්වාදෙමි.

      ඉයන් මුලින්ම කමෙන්ට් ඵ්කේ බහුජාතික සමාගම් බබා කරන්න හදපු නිසා ලෝකයේ වඩාත් ප්‍රචලිත බහුජාතික සමාගමේ (කොකා-කෝලා ) ක්‍රියාකාරිත්වය සහ ලකාවෙ කෘශි රසායන බහුජාතික සමාගම්වල ක්‍රියාකාරිත්වය උදාහරනයක් විදියට අරගෙන , ඵය ඵ්සේ නොවන බව පෙන්වා දුන්නා.
      ලෝක යුද්ද වලදි ඈමරිකාවේ ක්‍රියාකාරිත්වය( වර්තමානයේ ISIS ඉදිරියෙ පවා ඈමරිකාවේ දෙබිඩි පිලිවෙත දෙස බෑලිමෙන් අමරිකාවේ අතීත පිලිවෙත වටහාගත හැක ) ලෝකයට විනාශයක් ගෙන බව කරුනු සහිතව පෙන්වා දුන්නා.
      යු.ඈන්.පිය බල්ලො මරා හෝ සල්ලි හෙවියයුතු බව ජනතාවට උගන්වමින් මිනිස්කම් නොසලකන සල්ලි මත පමනක් රැදෙන තුප්පහි ජාතියක් බවට ජනතාව පරිවර්තනය කරන්නට මුලිකත්වය ගත්බව පෙන්වා දුන්නා.......ශ්‍රි.ල.නි.පය යු.අන්.පියෙන් කැඩි ආ පක්ශයක් වන නිසා ද මේ දෙකේ කිසිම වෙනසක් නැති නිසාද යු.ඇඑන්.පි ශ්‍රි.ල.නි.ප පක්ශ දෙකේ තුප්පහි කම් සමන වන අතර මට මෙ දෙකෙ කිසි වෙනසක් නොදෑනේ...............මහින්ද පඩ සුලගට යහ්පාලන පඩ බොරුව සමන වන අතර දෙගොල්ලොම කරන්නේ ඵකම බොරුවක් බව කිවයුතුය !


      ඉයන් බොරු කීම නිසා,නොදන්න බව හෙලි වී, ඔබට වු ලෑජ්ජාව මෝඩ ජෝක් දම වසාගැනීමට අපහසු බව මාගේ මතයයි !

      Delete
    22. ඇනෝ ගොන්නුන්ගේ මත ගැන ඉතා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මගේද මතයයි.

      එයට හේතුව උන්ගේ නායකයින් මෙන්ම ඔවුනුත් රට විනාස කිරීමට සිටින පරපෝශිතයන් පමණක්ම වන නිසාය. ජේ ආර් ඉතිහාසය කන්නදැයි ඇසූ දෙය උන්ට තේරුණේ නැත. රැකියාවක් සඳහා අවශ්‍ය හැකියාවන් ලබා නොගෙන කලා උපාධි අරගෙන රස්සාවක් හොයා ගැනීමට හැකියාවක් හෝ බුද්ධියක් නැතුව පාරවල් බ්ලොග් කරගෙන ආණ්ඩුවේ රැකියා ඉල්ලන්නේ කුමාර් ගුණරත්නම් ගේ අනර්ඝ දර්ශණය පමණක් තේරෙන බූරුවන් නිසාය.

      තම තමන්ගේ ආරක්ශාව තම තමන් සකසා ගතයුතු බව ජේ ආර් කිවූ දෙය රාජපක්ශයා තේරුම් ගත්තේ කොටින්ට මුදල් ගෙවා ඔහු සහ ඔහුගේ පවුලේ ආරක්ශාව සලසා ගතයුතුබවයි. එම නිසා කුමාර් ගුණරත්නම් සහ මළ බද්ධ විපක්ශයේ ගොන්නුන් ඇනෝ ඇවිත් ඉතිහාසය ඔවුන්ට ඕනෑ ලෙස ලියාගනිමින් සිටීම අරුමයක් නොවේ.

      සිහල උරුමයේ තල්ලු කිරීමෙන්, හමුදා සෙබළුන් දිවිපුදා, හමුදාපතීන් බෝම්බ කමින්, ඉන්දියාවේ සහ රෝ ඔත්තු සේවයේ එල්ටීටීයී විරොධී ආරක්ශක හේතු මත දුන් සහයෝගයෙන් දිනාගත් යුද්ධ ගෝටා'ස් වෝර් වන්නේද ඒ නිසාය. එම නිසා ඇනෝ ගොන්නුන්ගේ මත ගැන ඉතා වැඩි සැලකිල්ලක් දැක්විය යුතු බව මගේද මතයයි.

      Delete
    23. @ Pra Jay


      නැහැ ඵහෙම අදහසක් මතුකරගන්න අමාරුයි.ස්ටාලින් කියන්නෙ ලෙනින් නොවෙයි.ස්ටාලින්ගේ සමහර වෑඩ අතිදාවනකාරියි.
      නමුත් ස්ටාලින් පවා වෙන රටවලින් කෑලි ඉල්ලුවෙ නැහැ ජර්මනියෙන්.
      ජර්මනිය 1910-1920 කලේ කලා වගේ නැවත රුසියාව ආක්‍රමනය කරයි කියන බය රුසියාවට තිබුනා. (ඵ්ක 1941 දි ඇත්ත වුනා. )
      ජර්මනිය විසින් රුසියාව ආක්‍රනමනය නොකරන බවට ගිවිසුමක් තමා ස්ටාලින් ඈතිකරගත්තෙ.ඵ්ක රුසියාවේ ස්වාදිපත්ය රැකගැනිමට කල දෙයක්.
      ඵ් වනවිට ජාතිකවාදින් පින්ලන්තය යොදාගෙන ( වර්තමානයේ යුක්‍රෙන යුද්දය වගේ ) නැවත වතාවක් රුසියාව සමග දේශ සීමා යුද්දයක පැටලිලයි තිබුනේ.ඵහිදි රතු හමුදාව දිනාගත් බිම් කොටස් ඔවුන් සතු බව පිලිගන්නා ලෙස පමනයි ස්ටාලින් බලාපොරොත්තු උනේ.

      නමුත් ඈමරිකාව හා බ්‍රිතාන්ය කොමියුනිස්ට් සතුරා ගෙන් බෙරාගන්න ලෙස හිට්ලර් පොලබවමින් රුසියාවට ඵරෙහිව හිට්ලර් සමග ගනුදෙනු කලා.රුසියාව කිසිම රටක් ආක්‍රමනය නොකල නමුත් හිට්ලර් බටහිර කුලුගැවීම් මත හිටි අඩියේ නොදන්වාම රුසියාව ආක්‍රමනය කලා.........ඉතුරු ටික හෑමෝම දන්නව නේ.

      Delete
    24. මේ ගොන් ඇනෝ ගේ තර්ක ගැන ඔහුම උදම් අනමින් සිටී. බහු ජාතික සමාගම් ගැන ඔහුගේ විරුද්ධත්වයට හේතුව ලෙස දක්වන්නේ කොකා කෝලා සමාගම කැණි ගඟට අපද්‍රව්‍ය එකතු කිරීමයි. එයට හේතුව ලංකාවේ පරිසර නියාමන ක්‍රමවල දුර්වලතාවය මිස බහුජාතික සමාගම් ක්‍රමයේ වරදක් නිසා නොවන බව තේරුම් ගැනීමට ඔවුන්ගේ බුද්ධිය ඔවුන්ට ඉඩ නොදේ.

      ලෝක යුද්ධ වලදී ඇමෙරිකාවේ ක්‍රියාකරීත්වය සහ දෙබිඩි පිළිවෙත් ගැන කියන මොවුන් ලෝකයේ සෑම බලවත් රටකටම දෙබිඩි පිළිවෙත් ඇති බව නොතේරෙයි. ලෙනින් අනුගමනය කරමින් වාමාංශික පාලනයක් තිබූ ඉන්දියාව 1977 සිට දෙමල බෙදුම්වාදීන් ඇතිකර උදව්කලේ ඔවුන් විරුද්ධ ආර්ථික පිළිවෙතක් ල්\අන්කාව අනුගමනය කල නිසාය. එම කාලයේදීම පාකිස්ථානයේ උදව් ඇතුව ක්‍රියාත්මක වූ කාශ්මීර බෙදුම්වාදීන් සහ ශීක් බෙදුම්වාදීන්ට විරුද්ධව ඉන්දියාව සටන් කරමින් සිටියහ. එය ත්‍රස්තවාදයට දෙබිඩි පිලිවෙතක් අනුගමනය කිරීමකි.

      මෙම පඩ සුලඟ වාදීන් සමඟ තර්ක කිරීමේ ප්‍රයෝජනයක් නැති බව පෙන්වීමට හාස්‍ය භාවිතා කලවිට ඔවුන්ට පෙනෙන්නේ වෙනකකි. අර පොල් රැවුලා සිටිනා තෙක් මෙවන් පණුවන්ට දැඟලීමට ඔක්සිජන් තිබෙන බව නම් පිලිගනිමි.

      Delete
    25. @ ඉයන්

      //
      ඇනෝ ගොනා දුන් ලින්ක් එකේම ඇති මෙම පරිචෙදය කියන්නේ ලෙනින් නායකත්වයට පත්වූ පසු මිත්‍ර හමුදා ලෙනින් ප්‍රාජය කර සාර් රජුට පක්ශපාතී අයට උදව් කල බවයි. මෙය පරිවර්ථනය කිරීමට යොදාගත්තේ හම්බන්තොට රාජපක්ශ ගේ වෘෂන කෝශය මිස ඉංග්‍රීසි - සිඃඅල ශබ්දකෝශය නොවන බව කරුණාවෙන් සලකන්න.

      In 1917 Russia was in a state of political strife, public support for war and the Tsar was dwindling. The country was on the brink of revolution. The February Revolution changed the course of the war; under intense political pressure, the Tsar abdicated and the Russian Provisional Government was formed, led initially by Georgy Lvov and later by Alexander Kerensky. The Provisional Government pledged to continue fighting the Germans on the Eastern Front.[1]

      The Allies had been shipping supplies to Russia since the beginning of the war in 1914 through the ports of Arkhangelsk, Murmansk, and Vladivostok. In 1917, the United States entered the war on the Allied side. US President Woodrow Wilson dropped his reservations about joining the war with a monarch as an ally, and the United States began providing economic and technical support to Kerensky's government.[1]

      The war became unpopular with the Russian populace. Political and social unrest increased, with the revolutionary Bolsheviks under Vladimir Lenin gaining widespread support. Large numbers of common soldiers either mutinied or deserted the Imperial Russian Army. During the June 18 offensive, the Russian Army was defeated by the German and Austro-Hungarian forces as a result of a counter-attack. This led to the collapse of the Eastern Front. The demoralised Russian Army was on the verge of mutiny and most soldiers had deserted the front lines. Kerensky replaced Aleksei Brusilov with Lavr Kornilov as Commander-in-Chief of the Army. //

      අනේ ගොන් ඉයනෝ මේ කියන්නේ රාජන්ඩුව බිදවැටීමෙන් පස්සේ බලය ලබාගත් කෙරන්ස්කි කියන ජනතාවාදි වේශයෙන් හිටපු බටහිර ඵ්ජන්තරූකඩයාගේ හමුදාවට අදිරාජ්‍යවාදින් උදව් කලා කියන ඵකනේ බන්.සාර් ගෙන් බලය ගත්ත මුන් සාර්ට නොදෙවනි පලනයක් තම අරන් ගියේ.හරියට ජනවාරි අට මහින්දගෙ හොරු පන්නලා ආපු යහපාලන හොරු වගේ...........

      ඉතින් මුන් දෙගොල්ලන්වම පන්නපු ඵක තම බොල්ශෙවික් වරු කලේ.ඵතනදි කෙරන්ස්ක්කි කියන බටහිර රුකඩයා ගේ පෑත්තට ඈමරිකාව බ්‍රිතාන්ය උදව් කලා.
      අර මම මුලින් කිව්ව දෙනිකින්,කොල්චාක්,ව්‍රෑන්ගල් වගේ හමුදා නයකයෝ මෙයාගෙ ගෝලයෝ.ඵ්යාල තමා අර මම කලින් කිව්ව විප්ලවයෙන් පස්සේ රුසියාව ආක්‍රමනය මෙහෙයවපු මිනිමරුවො ටික.මෙයාලට පිරිස්බලය ,ආයුද,මුදල්,නැව්,ගුවන් යාන දිගටම දුන්නේ බටහිර.ඔවුන්ට ඔන උනේ මේ කියන දෙනිකින්,කොල්චක්,ව්‍රෑන්ගල් වගේ අය යටතේ හමුද මෙහෙයවල ලෙනින්ලාව විනාශ කරලා කෙරන්ස්ක්කි වගේ රුකඩයක් පත්කරගන්න හරියට බොරිස් යෙල්සින් වහේ ඉටපස්සේ රුසියාව හූරකන්න.

      ඔක මම උඩින් කියලා තිබුනේ බන්................

      ඔක නොදන්න කමට තම උබ මේ නැට්ට පාගගෙන දගලන්නේ.

      මොනවා කරන්නද බන් දෙයක් කියලා දුන්නට ප්ක තෙරුම්ගන්න මොලේ දෙන්න බැ නේ !

      Delete
    26. අනේ ඔව් බං අපි ඔක්කොම උඹල හදන ඉතිහාසය විශ්වාශ කරන්න ඕන. උඹල ලියන ඉතිහාසෙ හොඳයි උඹලට බඩ යන වෙලාවක පස්ස පැත්තේ ගහගන්න. අර ප්‍රාජේ කිව්ව ස්ටාලින් - හිට්ලර් ගිවිසුමත් හැම පොත්වලම තියෙන දේවල් වැරදියි. උඹල කියන ඒව හරි. හරි හරි දන්නවා ඒවා බටහිර කුමන්ත්‍රණ වලින් ඇතිකරපු බොරු ඉතිහාසයක්නේ. ඔය දුන්න ලින්ක් එකේම තියෙන ඒවයින් ඇමෙරිකාව සාර් රජපාලනය සමඟ එකතුවීමට අකමැතිව සිට පසුව එක්වූයේ මොකටද කියලවත් තේරුම් ගන්න කියවන අනික් වුන්ට හැකි වෙයිනෙ. ඔක්කොම මේ වගේ තකතීරුවො වෙන්න බැහැනෙ.

      Delete
    27. ඉයන්, නොබියව ඔබේ ස්ථාවරයේ සිට ඇත්ත තත්වය ගොන් ඇනෝලාට පෙන්වන්න. ජයවේවා!

      Delete
    28. //The Allies had been shipping supplies to Russia since the beginning of the war in 1914 through the ports of Arkhangelsk, Murmansk, and Vladivostok//

      1914 was before the rissian revolution.

      Delete
    29. //...in addition to the non-aggression pact, the Nazis and Soviets entered into a secret protocol that only came to light after the conclusion of World War II. The two countries took a carving knife to Poland with the Germans taking the larger western slice. The Soviets were given a free hand in Bessarabia in southeast Europe and the Baltic states of Estonia, Latvia and Finland, while Lithuania fell into the German sphere of influence.//
      අන්තර්ජාතික ( හෝ ජාතික ) පොලිටික්ස්වල අහිංසකයින් නැත. හිටියොත් උන් සර්වයිව් වෙන්නේද නැත.

      Delete
    30. This comment has been removed by the author.

      Delete
    31. පළමුවෙනි ලෝක යුද්ධය ලෝක සිතියම සහ ඊට පසු කාලය හිතා ගත නොහැකි ලෙස වෙනස් කල යුද්ධයක්. ෆර්ඩිනන්ඩ් ආදිපාද වරයාගේ වාහනය වැරදි පාරක යාම නිසා සිදුවූ අකරතැබ්බයෙන් වෙඩි තැබීමකින් ඔව්හු මරුමුවට පත්වෙනවා. මෙම සිද්ධිය තමයි ලෝකය යුද්ධයට තල්ලු කල සිදුවීම. එම ඉතිහාසය දැනගෙන සිටීම ලෝක ඉතිහාසය ගැන හදාරන අයට ඉතා වැදගත්. ලිඳේ සිටිනා ගෙම්බන් මෙන් සිටියොත් මේ ඇනෝලා කියන බොරු ඉත්හාසයන් තමයි දැනගන්න වෙන්නේ. එම නිසා පළමුවෙනි ලොඉක යුද්ධය ගැන මෙතනින් කියවන්න.

      Delete
    32. @ ඉයන්


      // මේ ගොන් ඇනෝ ගේ තර්ක ගැන ඔහුම උදම් අනමින් සිටී. බහු ජාතික සමාගම් ගැන ඔහුගේ විරුද්ධත්වයට හේතුව ලෙස දක්වන්නේ කොකා කෝලා සමාගම කැණි ගඟට අපද්‍රව්‍ය එකතු කිරීමයි. එයට හේතුව ලංකාවේ පරිසර නියාමන ක්‍රමවල දුර්වලතාවය මිස බහුජාතික සමාගම් ක්‍රමයේ වරදක් නිසා නොවන බව තේරුම් ගැනීමට ඔවුන්ගේ බුද්ධිය ඔවුන්ට ඉඩ නොදේ.

      ලෝක යුද්ධ වලදී ඇමෙරිකාවේ ක්‍රියාකරීත්වය සහ දෙබිඩි පිළිවෙත් ගැන කියන මොවුන් ලෝකයේ සෑම බලවත් රටකටම දෙබිඩි පිළිවෙත් ඇති බව නොතේරෙයි. ලෙනින් අනුගමනය කරමින් වාමාංශික පාලනයක් තිබූ ඉන්දියාව 1977 සිට දෙමල බෙදුම්වාදීන් ඇතිකර උදව්කලේ ඔවුන් විරුද්ධ ආර්ථික පිළිවෙතක් ල්\අන්කාව අනුගමනය කල නිසාය. එම කාලයේදීම පාකිස්ථානයේ උදව් ඇතුව ක්‍රියාත්මක වූ කාශ්මීර බෙදුම්වාදීන් සහ ශීක් බෙදුම්වාදීන්ට විරුද්ධව ඉන්දියාව සටන් කරමින් සිටියහ. එය ත්‍රස්තවාදයට දෙබිඩි පිලිවෙතක් අනුගමනය කිරීමකි.

      මෙම පඩ සුලඟ වාදීන් සමඟ තර්ක කිරීමේ ප්‍රයෝජනයක් නැති බව පෙන්වීමට හාස්‍ය භාවිතා කලවිට ඔවුන්ට පෙනෙන්නේ වෙනකකි. අර පොල් රැවුලා සිටිනා තෙක් මෙවන් පණුවන්ට දැඟලීමට ඔක්සිජන් තිබෙන බව නම් පිලිගනිමි. //


      ලoකවේ පරිසර නිති ඇති පදමට තියෙන නමුත් ලoකව වැනි පසුගාමි දනේශ්වර රටවල පාලකයන් ට සල්ලි දී බහුජාතික සමාගම් තමුන්ට ඔන විදියට නටන බවත්, පාරේ කුනු මල්ලක් දමන සාමාන්ය් මිනිහාට දඩ ගසන නමුත් ඵ්වැනි බහුජාතික සමාගම් වල ඩොලර් කටේ ඵබු පසු රට කරවන පාලකයන් කට වසාගෙන බල්ලන් සේ සිටිම බව ඉයන් නොදන්නවා උනට ජනතාව දනි.

      ඈයි ගොනෝ පරේ කූනු මල්ලක් දැමු ඵ්කා හිරේ දාන්න නිති තියන රටේ කැලනි ගගට අච්චර විනාශයක් කරපු කොම්පැනියට දඩුවම් දෙන්න නිති නැ කියලද උබ කියන්නේ???

      අපි නොදන්න ඉන්දියාවේ වාමාන්ශික පිලිවෙත.........
      සපෙක්ශව නියම වාමාන්ශික රටවල් වු රුසියාවේ කවුරුත් බඩගින්නේ මලාද?ඔය කියන වමාන්ශික ඉන්දියාවේ කි දෙනෙක් කානු පල්ලේ හාමතේ මැරෙනවද?
      නිදහසෙන් පස්සේ ඉන්දියන් පලකයො මොනවද ගෙනාපු සමාජවාදි ප්‍රතිසන්ස්කරන තියෙන්නේ?කුල බේදය,පන්ති බේදය.ආගම් බේදය තහනම් කලාද?ඉන්දියාව වාමන්ශික රටක් නම් නෑක්සලයිට් වරු මොකටද කෑරලි ගහැව්වේ.?
      ඉන්දියාව තමුන් යටත්කරගෙන හිටපු බ්‍රිතාන්‍යඵ්ක්ක තිබුනු තරහට කාලයක් රුසියාව පෑත්තට හේත්තුවෙලා හිටියා විතරයි හලෝ.
      ඉන්දියාවට කවදත් වාමාන්ශික පිලිවෙතක් තිබුනේ නැ හලෝ.අන්ත කුලවාදය,ජාතිවාදය,හින්දු ආගම්වාදය පාලනයකරන කාලකන්නි රටක් නෙ ඔක.
      අනික වාමාන්ශය පරමාදර්ශයක් ලෙස සලකපු 1960-70-80 දශකවල ගොඩක් හොරු පෙනීසිටියේ වාමාන්ශික වේශයෙන් තමා.
      සිරිමාවෝගේ ආන්ඩුව උනත් පෙනීසිටියේ වාමාන්ශික වේශයෙන් නේ.
      නමුත් ක්‍රියාකාරිත්වය හාත්පසින් වෙනස්.

      උබ තව ටිකකින් කියයි ඈමරිකාවත් සමාජවාදී රටක් කියලා.
      ඔන්න උබලා වෑටිලා තියන තරම.පොඩ්ඩක් ඉන්දියාවේ ව්යවස්තාව ගැන හදාරපන් උසස්පෙල පොලිටිකල් පොතක් අරගෙන............

      Delete
    33. මිත්‍ර හමුදා රුසියාව සමඟ 1914 දී සම්බන්ධ වනවිට රුසියානු විප්ලවය සිදුවී තිබුණේ නැහැ. ජපන් අධිරාජ්‍ය රුසියාව සමඟ යුද්ධය පටන් ගත්තේ 1904 දී. මෙතනින් කියවන්න. මැදමූලන ව්‍යාජ ඉතිහාස කරුවන් කියන ලෙස මේවා සිදුවුණේ ලෙනින් ව පරාජය කරන්න කියන එකේ බොරුව තේරුම් ගන්න මේ ඇති.

      Delete
    34. හඳ පෙන්නන විට ඇඟිල්ල ගැන කියවීම

      තර්කය - කොකා කෝලා ප්‍රශ්ණය බහු ජාතික සමාගම් ප්‍රශ්ණයක් නොව ලංකාවේ පරිසර නියාමන දුර්වලතාවයකි.

      ප්‍රතිතර්කය - පාරේ කුණු දාන එකාට දඩ ගහනකොට සමාගම් වලට ඒ නීතිය නැත්ද?
      ------------
      තර්කය - ලංකාවේ වෙලඳ පොල ආර්ථික ක්‍රමයට විරුද්ධව එවකට වාමාංශික රජයක් තිබූ ඉන්දියාව ඔවුන්ගේ බෙදුම්වාදී ප්‍රශ්ණ තිබියදී දෙමල බෙදුම්වාදීන්ට සහයෝගය දීමෙන් ඔවුන් ගේ ඩෙබිඩි පිළිවෙත හෙලි විනි.

      ප්‍රතිතර්කය - මිනිසුන් බඩගින්නේ මැරුණ කුල වාදය තිබූ ඉන්දියාවේ තිබුණෙ රුසියාවේ කිසිවෙකු නොමැරුණ අන්දමේ වාමංශික රජයක් නොවේ.

      Delete
    35. @ ඉයන්


      //මිත්‍ර හමුදා රුසියාව සමඟ 1914 දී සම්බන්ධ වනවිට රුසියානු විප්ලවය සිදුවී තිබුණේ නැහැ. ජපන් අධිරාජ්‍ය රුසියාව සමඟ යුද්ධය පටන් ගත්තේ 1904 දී. මෙතනින් කියවන්න. මැදමූලන ව්‍යාජ ඉතිහාස කරුවන් කියන ලෙස මේවා සිදුවුණේ ලෙනින් ව පරාජය කරන්න කියන එකේ බොරුව තේරුම් ගන්න මේ ඇති.//

      අනේ ගොන් වහන්සේ ඔය කියන්නේ සාර් ගේ අදිරාජ්‍යවාදි යුගය ගැන නේ.ඵ්ක තමා මම කිව්වේ බටහිර අදිරාජ්‍යවාදීන් විප්ලවයට පෙර මිනි මරු සාර් ගේ පිලටත් විප්ලවයට පසු කෙරෙන්ස්කි බටහිර රුකඩය මෙහෙයවපු කොල්චාක්,ව්‍රේන්ගල් දෙනිකින් වෑනි ආක්‍රනමකාරි අදිරාන්‍යවාදී මිනිමරුවන්ට උදව්කරපු බව.සාර් කලෙත් ජනතාව මරපු ඵක කොල්චාක්‍රා ව්‍රෑන්ගල්ල කලෙත් ඵක.මේ හම දේම පිටිපස්සේ හිටියේ කවුද කියල උබම කියල තියනවා නේ ඉතින්.................අයියෝ................උබ පවු බන් !මාර නැමක් නානව නේ අද උබ.
      මෙලෝ මල දානයක් නොදන්න ඵකෙක් !


      // අනේ ඔව් බං අපි ඔක්කොම උඹල හදන ඉතිහාසය විශ්වාශ කරන්න ඕන. උඹල ලියන ඉතිහාසෙ හොඳයි උඹලට බඩ යන වෙලාවක පස්ස පැත්තේ ගහගන්න. අර ප්‍රාජේ කිව්ව ස්ටාලින් - හිට්ලර් ගිවිසුමත් හැම පොත්වලම තියෙන දේවල් වැරදියි. උඹල කියන ඒව හරි. හරි හරි දන්නවා ඒවා බටහිර කුමන්ත්‍රණ වලින් ඇතිකරපු බොරු ඉතිහාසයක්නේ. ඔය දුන්න ලින්ක් එකේම තියෙන ඒවයින් ඇමෙරිකාව සාර් රජපාලනය සමඟ එකතුවීමට අකමැතිව සිට පසුව එක්වූයේ මොකටද කියලවත් තේරුම් ගන්න කියවන අනික් වුන්ට හැකි වෙයිනෙ. ඔක්කොම මේ වගේ තකතීරුවො වෙන්න බැහැනෙ //

      ඔවා මම හදන ඉතිහාසය නෙවෙයි බන්.මම ඵ්කයි විකිපිඩිය වලින්ම ලින්ක් දාන්නේ.විකිපිඩිය කියන්නේ ඈමරිකාවට හිතවත් මාද්‍යක්.උන් බොහොම අඩුවෙන් ඇමරිකාවේ වැරදි ගැන කතාකරන්නේ.උන් පවා දනවහීන්ගේ කෙරුවාව දක්වනවා කියන්නේ ඵතන අති විශාල විදියට දනවාදීන් විනාශයන් කර ඇති බවත් ඵ් ව හැන්ගීමට නොහැකි බවත් තමයි.

      පලමු ලෝක යුද්දයේ කර ඈර සිටි ඇමරිකාව රහසිගතව ජර්මනියට හා මිත්‍ර පක්ශයට යන දෙපසටම අයුද විකුනු බවත් කුමන්ත්‍රනය කල බවත්.........පසුව දෙපෑත්ත කැ අමරිකාව විප්ලවයෙන් පසුව ඔවුන්ගේ රුකඩයා වු කෙරන්ස්කි හරහා කොල්චාක් ව්‍රෑන්ගල් දෙනිකින් වෑනි මිනීමරුවන් සමග ඵක්ව ප්‍රන්ශය බ්‍රිතාන්ය යොදාගනිමින් ජපානය පවා පොලබවා මිනිමරු ආක්‍රාන මාලාවක් ලදරු සෝවියට් දේශයට ඵරෙහිව දියත්කල යුද්දය ගෑන ලින්ක් තමා ඔය.

      උබ ඵහෙම දෙයක් උනේ නැ කියල උඩින් ලිව්ව නිසයි මම ඔය ලින්ක් ඵ්ක දුන්නේ.ඔකෙ තියේන්නේ මුලික විස්තර.
      මට පේන්නේ උබට ඔතන තියන සන්කීර්න දේශපාලන තත්වය තෙරුම්ගන්න තරම් මුලික දෑනුමක් නෑති බවයි.ඵ් නිසයි උබ හතර අතට ගා ගන්නේ !

      ඉතිහාසය කන්න දැයි ඇසීමේ ප්‍රතිපල තමා ඉතින් !

      Delete
    36. කුමාර් ගුණරත්නම් වහා නිදහස් කරනු !!!!

      Delete
    37. //පසුව දෙපෑත්ත කැ අමරිකාව විප්ලවයෙන් පසුව ඔවුන්ගේ රුකඩයා වු කෙරන්ස්කි හරහා කොල්චාක් ව්‍රෑන්ගල් දෙනිකින් වෑනි මිනීමරුවන් සමග ඵක්ව ප්‍රන්ශය බ්‍රිතාන්ය යොදාගනිමින් ජපානය පවා පොලබවා මිනිමරු ආක්‍රාන මාලාවක් ලදරු සෝවියට් දේශයට ඵරෙහිව දියත්කල යුද්දය ගෑන ලින්ක් තමා ඔය.//

      ඉහත දක්වා ඇත්තේ ඇනෝ ගොනාම දුන් ලින්ක් එකේ පහත පලවෙන පරිචේදය ඔහු විසින් රාජපක්ශ වෘෂන කෝශය යොදා ගන්නා ලද පරිවර්ථනයයි.


      The Allies became concerned at the collapse of the Eastern front and the loss of their Tsarist ally to communism and there was also the question of the large quantities of supplies and equipment in Russian ports, which the Allies feared might be commandeered by the Germans. Also worrisome to the Allies was the April 1918 landing of a division of German troops in Finland, increasing speculation they might attempt to capture the Murmansk-Petrograd railroad, and subsequently the strategic port of Murmansk and possibly Arkhangelsk. Other concerns regarded the potential destruction of the Czechoslovak Legions and the threat of Bolshevism, the nature of which worried many Allied governments. Meanwhile, Allied matériel in transit quickly accumulated in the warehouses in Arkhangelsk and Murmansk. Estonia had established a national army with the support of Finnish volunteers and were defending against the 7th Red Army's attack.[3]

      Faced with these events, the British and French governments decided upon an Allied military intervention in Russia. They had three objectives:[4][better source needed][not in citation given]

      prevent the German or Bolshevik capture of Allied material stockpiles in Arkhangelsk
      mount an attack helping the Czechoslovak Legions stranded on the Trans-Siberian Railroad[not in citation given]
      resurrect the Eastern Front by defeating the Bolshevik army with help from the Czechoslovak Legions[not in citation given] and an expanded anti-Bolshevik force of local citizens and stop the spread of communism and the Bolshevik cause in Russia.

      U.S. troops in Vladivostok, August 1918
      Severely short of troops to spare, the British and French requested that President Wilson provide American soldiers for the campaign. In July 1918, against the advice of the United States Department of War, Wilson agreed to the limited participation of 5,000 United States Army troops in the campaign.

      Delete
    38. කුමාර් ගුණරත්නම් වහා නිදහස් කරනු !!!!

      Delete
    39. Severely short of troops to spare, the British and French requested that President Wilson provide American soldiers for the campaign. In July 1918, against the advice of the United States Department of War, Wilson agreed to the limited participation of 5,000 United States Army troops in the campaign.

      bayiya translation

      //ප්‍රන්ශය බ්‍රිතාන්ය යොදාගනිමින් ජපානය පවා පොලබවා මිනිමරු ආක්‍රාන මාලාවක් ලදරු සෝවියට් දේශයට ඵරෙහිව දියත්කල යුද්දය ගෑන ලින්ක් තමා ඔය.//

      Delete
    40. // හඳ පෙන්නන විට ඇඟිල්ල ගැන කියවීම

      තර්කය - කොකා කෝලා ප්‍රශ්ණය බහු ජාතික සමාගම් ප්‍රශ්ණයක් නොව ලංකාවේ පරිසර නියාමන දුර්වලතාවයකි.

      ප්‍රතිතර්කය - පාරේ කුණු දාන එකාට දඩ ගහනකොට සමාගම් වලට ඒ නීතිය නැත්ද?
      ------------
      තර්කය - ලංකාවේ වෙලඳ පොල ආර්ථික ක්‍රමයට විරුද්ධව එවකට වාමාංශික රජයක් තිබූ ඉන්දියාව ඔවුන්ගේ බෙදුම්වාදී ප්‍රශ්ණ තිබියදී දෙමල බෙදුම්වාදීන්ට සහයෝගය දීමෙන් ඔවුන් ගේ ඩෙබිඩි පිළිවෙත හෙලි විනි.

      ප්‍රතිතර්කය - මිනිසුන් බඩගින්නේ මැරුණ කුල වාදය තිබූ ඉන්දියාවේ තිබුණෙ රුසියාවේ කිසිවෙකු නොමැරුණ අන්දමේ වාමංශික රජයක් නොවේ. //

      පාරේ කුනු දාන ඵකාවත් හිරේ දාන්න පරිසර නියාමන නිති තියන රටේ ,( මෙයින් හැගෙන්නේ පරිසර නියාමන නීති ඇති බවයි )
      කැලනි ගගට අච්චර හෙනයක් කරපු කෝකා-කෝලා කොම්පැනියට විරුද්දව පියවර ගන්න පරිසර නියාමන නිති නෑ කීමෙන් (මේන් හැගෙන්නෙ පොඩි මිනිහාට ක්‍රියාත්මක වන නිතිය මුන්ට ක්‍රියාත්මක නොවන බවයි )
      පැස්බරා වැල්ලේ ඔලුව හන්ගාගත්ත බවක් හැගෙනවා ඔයි.

      අහින්සක ඇත්තන් පාරේ කුනු මල්ලක් දාපුහාම සතියක් බලු කුඩුවේ දාන අප රටේ බහුජාතික සමාගම් වල අය රටටම විස බෙදපුහාම ඵ්වාට ඇක්ශන් ගන්න නියාමන නිති නෑ කියන්නේ පොඩි මිනිහා ලග නැති ඩොලර් කොම්පැනි කාරය ලග තියන නිසා බව නොතෙරෙන්න තරම් මෝඩයො මේ රටේ නැත.

      පොඩි මිනිහාගේ සුලු වරදට මහා දඩුවම් දී නිතිය රකින බව පෙන්නීමද, මහා පරිමාන ජාවරමුන් මොන වැරැද්ද කලත් අහකබලාගෙන සිටීමද හෙලුවැලි දනවාදයේ ජාති ලක්ශනයකි.

      දනවාදය තිරස්චීනයි කියන්නේ මේ නිසා තමයි..........දැන්වත් තේරුනාද බබාට ?


      ඉන්ඩියාවේ වෙලදපොල ක්‍රමයට විරුද්ද ක්‍රමයක් තිබු නිසාලු ඉන්දියාව ලන්කාවට විරුද්ද උනේ.
      දෑන් රටවල් දෙකේම ක්‍රමය ඵකයි නේ.
      දැන් ඉන්දියාව අපිත් ඵක්ක යාලු ද?
      ඇයි ඉන්දියාව තාම ඵට්කා ඵ්ක හරහා උන්ගේ ආර්තික ග්‍රහනයට අපිව ගන්න හදන්නේ......ඇයි අපේ රටේ ස්වාදිපත්ය උල්ලන්ගනය කරලා අපේ සම්පත් මන්කොල්ලකන ඉන්දියන් දීවරයන්ට ඵරෙහිව ඉන්දියාව පියවර නොගන්නේ,ඇයි අපිට ප්‍රහාරක ජෙට් යානයක් 3D රේඩාර් ඵකක් ගන්න දෙන්නේ නැත්තේ????

      දෑන් රටවල් දෙකේම ක්‍රමය සාඅන උනත් පරන කෙනෙහිලිකම් ඔක්කොම තාම කරන්නේ ඇයි ඉන්දියාව..................ටිකක් හිතපන් ගොන් වහන්ස.

      ඉයන් මේක ඇත්තටම උබ මේ තරමට මෝඩයි ද බන්???

      Delete
    41. මම මේ වාදයට එකතු වෙන්න කැමති නැහැ. මොකද එකිනෙකා ට අපහාස කරගෙන කරන සංවාද වලට අකමැති නිසා. සමාවෙන්න.
      මගේ නිවසේ මේ දිනවල නතරවී සිටින රුසියානු ගුරුතුමියක් කිව්වේ ලෙනින් රුසියාව 1918 දී ජර්මනියට පාවාදුන් බවයි. ඒ ඔහු අත්සන් කල ගිවිසුම නිසා. මා ඉයන් සමග එකඟ නොවන්නේ පළමුවන ලෝක යුද්ධය පටන් ගැන්මට ලෙනින්ගේ දායකත්වයක් නැති නිසයි. අවසන් කරන්නට ඔහුගේ දායකත්වයක් තිබු මුත් පුටින් දැන් කියන්නේ ලෙනින් රට පාවාදුන් බවයි. ලෙනින් තම රට යට බෝම්බයක් තබා එය විනාශ කල බවයි. ස්ටාලින් ගැන ඒ කතාව නම් ඔහු කියන්නේ නැහැ.
      විකිපෙඩියා එක තම තමන් ලියා ගන්නා එකකි. ඇමෙරිකන් බලපෑමකට වඩා එහි ඇත්තේ ස්වාධින ලිපිකරුවන් එකතු කරන දෙය. ඒ නිසා කිසිම විශ්ව විද්‍යාලයක් පර්යේෂණ පත්‍රිකා වල විකිපෙඩියා භාවිතා කරන්නේ නැත. මමත් විකිපෙඩියාවට වරින් වර මුදල් දෙමි. (පවත්වා ගෙන යන්නට. බටහිර බොහෝ අය එසේ කරති) මෙතන ඇනෝ මහතා නිවැරදි නැත. රුසියාවේ සිදුවූ දේ දැන ගැනීමට හොඳම පොත් ලෙස මා සලකන්නේ දිමිත්‍රි වොල්කගොනව් ගේ ස්ටාලින්, ලෙනින්, ට්‍රොට්ස්කි යන පොත් තුන හා The Rise and Fall of the Soviet Empire යන කෘතීන්.
      පුටින් දැන් කියන්නේ කෙරෙන්ස්කි ට රට පාලනය කිරීමට ඉඩදී ධනවාදී ආර්ථික දියුණුව ලබා ගැනීමට ඉඩ දිය යුතුව තිබු බවයි. මේවා නියමිත දත්ත සහිතව සාකච්චා කල යුතු කාරණා මිස නිකන් රණ්ඩු විය යුතු මාතෘකා නොවන බව මගේ හැඟීමයි.
      ඉයන්ට මම විරුද්ධ වුනේ යුද්ධ ගැන කියද්දී ලෙනින් නිසා සිදුවූ බව කීමයි. නමුත් ඔහු දුප්පත්කම පිලිබඳ කිවූ දේ ගැන මුකුත් කියන්න නොගියේ එය දීර්ඝ ලෙස කතා කල යුතු මාතෘකාවක් නිසා. ඇනෝ සමග මම එකඟ නොවන්නේ ලෙනින් හා ස්ටාලින් හුඟක් රුසියානුවන් මරා දමපු නිසා.
      ඉන්දියාව වාමාංශික නොවන බවට ඇනෝ ගේ ප්‍රකාශය පිළිගත හැකි අතර , ඉන්දියාව ජේ ආර් ගේ පිළිවෙතට විරුද්ධව යාම සඳහා තමන්ගේ සංරක්ෂණ වාදී ආර්ථික පිළිවෙත රැක ගැනීමට දෙමල බෙදුම් වාදීන්ට උදව කල බවට ඉයන් ගේ මතයටද එකඟ වෙමි.

      Delete
    42. @ ඉයන්

      ඉයන් යකෝ උබ කෝපිකඩේ අප්පුවාට ඈදලා නේ.
      ඇයි බන් මෝඩකම ලෝකෙටම පෙන්නන්නේ.

      මෙන්න මේකෙ පිටුවේ උඩම දකුනු පැත්තෙ කෙලවරේ චාට් ඵකක් ඈදල සරලව සන්ක්ශිප්තව කතන්දරේ පෙන්නලා තියනවා.
      උබලා වගේ පොතක් පතක් නොකියවන මෝඩයන්ට තෙරුම්ගන්න තමා ඵ්ක තියෙන්නේ.

      // https://en.wikipedia.org/wiki/Allied_intervention_in_the_Russian_Civil_War //


      ඔක බලල තෙරුම්ගනින්කෝ ලදරු සෝවියට් දේශයට ඵරෙහිව මුලු ලෝකෙම අදිරාජ්‍යවාදීන් ඵකතුවෙලා යුද්දයක් කලාද නැත්ද කියන ඵක.සහ ලෙනින්ගෙ නායකත්වයෙන් අඩිරාජ්යවාදීන්ට පට්ට කෑමක් දුන්නද නද්ද කියන ඵකත් බලල තෙරුම් ගන්නින් කෝ!

      Delete
    43. @ Ajith Dharma

      ඔබගේ මතයට ස්තූතියි !

      - Ano

      Delete
    44. //මා ඉයන් සමග එකඟ නොවන්නේ පළමුවන ලෝක යුද්ධය පටන් ගැන්මට ලෙනින්ගේ දායකත්වයක් නැති නිසයි.//

      මා එසේ කිව්වේ නැහැ අජිත්. පළමුවන ලෝඉක යුද්ධය ඇතිවනවිට ලෙනින් බලයේ සිටියේ නැති බව මම දන්නවා. මාක්ස්වාදය නිසා වම දකුණ බෙදීමෙන් ඇතිවුණේ ප්‍රොක්සි යුද්ධ. ඒව ලතින් ඇමෙරිකාවේ, ලංකාව ඇතුළු ආසියාවේ, අප්‍රිකාවේ ඇතිවුණා. එවන් ප්‍රොක්සි යුද්ධ ඇතිවීමට ලෙනින් රුසියාවට හඳුන්වා දුන් වාමාංශික දේශපාලනය ඇතිවීම බලපෑවා කියන එක තමයි මම කිව්වේ.

      Delete
    45. @ Ajith Dharma,

      Okhrana = Checka = KGB = FSS

      Tsarist oppression = Lenin's Red Terror = Stalin's Purges = Mafia oligarchy

      Different times; Different contexts; Different statistics; Same humans

      Delete
    46. කුමාර් ගුණරත්නම් වහා නිදහස් කරනු !!!!

      Delete
    47. මහින්ඳගේ පඩ සුලඟට හමන්න ඉඩ දෙනු !!!

      Delete
    48. ඉයන් මිත්‍රයාට පිස්සු හැදිලා..........හය්යෝ නොදන්න මගුල් කියන්න ගිහිල්ල වෙච්ච දෙයක්.........

      Delete
    49. I am leaving this idiot alone.

      Pra,

      Tsarist oppression = Lenin's Red Terror = Stalin's Purges = Mafia oligarchy heh heh

      Wonder the what this would translate to according to Hambantota dictionary.

      Delete
    50. @ ඉයන්

      //හඳ පෙන්නන විට ඇඟිල්ල ගැන කියවීම//

      මේ පොස්ටුවේ කමෙන්ට් පුරාවට ''කුමාර් ගුණරත්නම් වහා නිදහස් කරනු'' යයි පවසමින් ඔබ කරන්නෙත් එයම නොවේද ?

      Delete
    51. ඔබ එය තේරුම් ගත්තේ එසේ නම් සහ 'හඳ පෙන්වන විට ඇඟිල්ල ගැන කීම' යන්නෙන් ඔබට හැඟෙන අදහස එවන් එකක් නම් ඔබගේ සිතිවිල්ල ඒ අනුව හරි මනෝජ්.

      Delete
    52. 'කුමාර් ගුණරත්නම් වහා නිදහස් කරනු

      Delete
    53. ඉයන් කියන එකෙත් යම් සත්‍යක් තියනවා

      Delete
  6. ඔබට ලැබිලා තියෙන්නේ හරි අපූරු අවස්ථාවක්...

    ReplyDelete
  7. අපි ඔය ගොඩනැගිල්ල ඉදිරිපසින් කීප වතාවක් එහාට මෙහාට ගමන් කලා. නමුත් ශීත සෘතුවේ මහ රෑක නිසා ඇතුලට යන්න හිතුවෙ වත් නෑ.

    ReplyDelete
  8. සමාජවාදය, සමානාත්වතාවය පදනම් වූයේයයි කියන ක්‍රමයක් තිබෙන/තිබුන රටවල පුද්ගල වන්දනාව අන් රටවලටත් වඩා තිබෙන එක පුදුමයක් නේද?
    එක අතකින් පුදුමත් නෑ, ඒ රටවල් ඒකාධිපතිවාදයේ අන්තයට ගිය නිසා

    ReplyDelete
    Replies
    1. එක ඇත්ත.දැන් මේ රටේ පොතේ වාමාංශිකයෝ නොවන බව තමන්ම පවසන වාමාංශික පක්ෂයක් වෙච්චි ජවිපෙ තමන්ගේ අනුත්තර නායකයා රෝහණ විජේවීරව තවමත් වන්දනා කරන්නෙත් ඔය වගේම හේතුවක් නිසා වෙන්න ඇතිනේ.

      Delete
  9. ජන නායකයන් මෙලෙස ශීතකරණය කිරීම වර්තමාන සමාජයෙන් තුරන් වීම ගැන සතුටුයි.

    ReplyDelete
    Replies
    1. ඔව් ඒකටත් කරන්ට් බිල යන්නේ අපෙන්

      Delete
  10. // එහෙත් ගුරු ගීතය පමණක් කියවා ලෙනින්ව අදහන ලංකාවේ වෙන්ඩ ලෙනින්ලා ලෙනින් ගේ කෘති කියවා නැත. එසේම ලෙනින් ගැන තුලනාත්මක අධ්යනයක් ද කොට නැත. මේ නිසා මෙම ලියවිල්ලට ඔවුන් සමහරක් විට කෝප වනු ඇත. //
    පෝලිමක යා යුතු තැනකට එලෙස යාමට විනයක් තිබී නැති ඔබ මෙවැනි කතා කීම අරුමයක් නොවේ

    ReplyDelete
    Replies
    1. පෝලිමක යා යුතු තැනකට එලෙස යාමට විනයක් තිබී නැති ඔබ මෙවැනි කතා කීම අරුමයක් නොවේ/////////// මම පරමාදර්ශී මිනිසෙකු නොවෙමි. නමුත් මේ ලිපියේ අන්තර්ගතය වෙනුවට ඉර නොව ඇඟිල්ල දෙස බලන ඔබලා සමාජවාදය ගැන කතා කලත් සමාජගතවී නැත​. එම නිසා මීලඟ කැරැල්ලේදී ඔබ පලමුව වධකයෙකුද දෙවනුව බිල්ලෙකුද වනු ඇත​.

      Delete
    2. සමාජගතවූවන් පරක්කුවෙන නිසා පෝලිම පනින්නේ නැත.
      මිනිසුන් ගැන දැනගත හැක්කේ ඔවුන් කරන දෙයින් මිස කියන කතා වලින් නොවේ.සමාජවාදය විවේචනය කිරීමට කලින් පෝලිමක යාමට ඉගෙන ගන්න.
      //එම නිසා මීලඟ කැරැල්ලේදී ඔබ පලමුව වධකයෙකුද දෙවනුව බිල්ලෙකුද වනු ඇත.//
      සමාජගත වූවන් යනු මෙවැනි පේන කියන අය නම් අපට සමාජගත නොවූවාට කමක් නැත.

      Delete
    3. පොල්පොට් ද පෝලිම පනින්නන් මරා දැමුවේ ද්‍රෝහී ලේබල අලවා. ඒ නිසා ඔබගේ මනස තේරුම් ගත හැකියි. (කෙමරූජ් භීෂණය පොත කියවන්න )සමාජවාදයේ නාමයෙන් ඔබගේ සේඩිස්ටික ආශා සන්තර්පනය කිරීම සඳහා ඝාතන කිරීමට පෙර මනුශ්‍යත්වයේ දේශපාලනය සොයාගෙන යන්න​. නැතහොත් තවත් බිලිබෝයි කෙනෙකු ඝාතකයෙකු බිල්ලෙකු සමාජයට එකතුවේ.

      Delete
  11. මේ ඩොකෝ මොරටුව පැත්තේ කෙල්ලෙක් මැරිච්ච රාවණා නැගිට්ටවන්න හැදුවා වගේ බැරිවෙයිද ලෙනින් තුමාවත් නැගිට්ටවගන්න අපේ කෙනෙකුට කියලා

    ReplyDelete
  12. ඉයන් ඉල්ලගෙන කෑවද නැතිනම් පස්සේ කන්ඩ ඉල්ලා තියා ගත්තද ......දැන් මෙතැන ඉන්න ඔක්කොම ඇනොලා පෙරටුවෝම කියලද ඉයන් හිතාගෙන ඉන්නේ එහෙනම් ඉතින් අනේ අපොයි ලාබයි පැපොල් තමයි. දොස්තර කියන්න බලන්න දැන් මෙතැන කාටද මානසික ආබාදයක් තියෙන්නේ කියලා

    ReplyDelete
    Replies
    1. කුණුහරුප සහ අපහාස කිරීම නැතුව එන්න මහත්තයා වාදයකට. උඩ තියෙන ටික කියවන ඇනෝ හැන්ගෙන්නෙ නැතිඅයට තේරුම් ගන්න පුලුවන්නෙ සෑර් .

      Delete
    2. ඉයන් කුනුහරුප කියන්නෝ සමාජවාදය ගැන කතා කලත් සමාජගතවී නැත

      Delete
    3. දොස්තර කියන්න බලන්න දැන් මෙතැන කාටද මානසික ආබාදයක් තියෙන්නේ කියලා .....කෝ උත්තරේ ?

      Delete
    4. /දොස්තර කියන්න බලන්න දැන් මෙතැන කාටද මානසික ආබාදයක් තියෙන්නේ කියලා .....කෝ උත්තරේ ?/

      ඕකට දොස්තරලම ඕනැය, හරිම ප්‍ර‍සිද්ධ කියමනකුත් තියෙන්නේ, පිස්ස ...

      Delete
    5. නට් මෑන් ඔබකියන්නේ ඉයන් පිස්සා කියලද ?අපොයි වයසක මැන්ටලේ විහින් නැහෙයි සිංහ...ලේ

      Delete
  13. සත්සමුදුර බ්ලොග් එකේ මේ විදියට මියගිය පුද්ගලයින්ගේ සිරුරු සකස් කර ප්‍රදර්ශනයට තැබීම ගැන හොඳ ලිපි පෙළක් ගියා. මේ තියෙන්නේ එය.
    ඉහතින් ඉයන්,ප්ර්ජේ මෙන්ම ඇනෝලා කිහිපදෙනෙක් විසින් වාද කරනු ලැබූ පළමු හා දෙවැනි ලෝක යුද්ධ ගැනත් ලියවුනු අපුරු ලිපි පෙළක්ද මේ බ්ලොගයේ ඇතුලත්.

    ReplyDelete
    Replies
    1. Zombiesල ලිස්ට් එකට ගන්න බැරිද මනෝජ්? :-D

      ආ උන් ලීඩර්ස්ල නෙමෙයිනෙ නේද? ඒත් ඔය වේලල හදපු ලීඩර්ස්ලව වන්දනාමාන කරන උන් ඒවගේ තමයි

      Delete
    2. සත් සමුදුර දැන් ලියන්නේ නැහැ නේද? ලෙනින් ගේ මිනිය වලලන්න කියලා ක්රුප්ස්කයා , ලෙනින්ගේ පවුලේ අය සහ ඔහු සමග සිටි විප්ලවය කල සහෝදරයන් ඉල්ලදී එය සංරක්ෂණය කලේ ස්ටාලින්. වන්දනාමාන කරන්න ගත්තම මිනිස්සු ප්‍රශ්න කරන්නේ නැහැ. ඒක ඒකාධ්පති ස්ටලින්වාදී පාලනයට ලේසි නිසා. "දැනුම ලබන ජනයා රැවටිය නොහැකියි " කියල ස්ටාලින් හොඳින් දැනගෙන හිටිය. වන්දනා කරන ජනතාව තමයි අවශ්‍ය.

      Delete
    3. @ Pra,මොකද බැරි උන්වත්,උන්ට වන්දනාමාන කරන උන්වත් ඔය ගොඩට දාන්න හැකියි..:D

      Delete
    4. @ අජිත් අයියා,
      සත් සමුදුර දැන් ලියවේන්නෙ අඩුවෙන්.නියම බ්ලොග් එකක්.

      කොහොමත් ඔය සොවියට් නායකයෝ අතරේත් විවිධ මත ගැටුම් තිබ්බා නේද?
      ඔය විප්ලවේ කරපු සොවියට් නායකයෝ අතරේ මට නම් එපා කරපු පොර තමයි ස්ටාලින්

      Delete
  14. මට මතකයි පහුගිය දවසක සමීක්ෂණයක් කරල තිබ්බ. වර්තමාන පරපුරේ වැඩිම අකමැත්ත ලැබුණ ලෝක නායකය ඒකෙන් තොරල තිබ්බෙ. එකට බුෂ් ලොක්ක.
    දෙකට නැත්තං තුනටහිටියෙ ලෙනින්. ඒ වගෙම තමයි ලෝකෙ වැඩිම මිනී මරල තියෙනසෙට් එකටත් මාවෝ සේතුං සහ ලෙනින් ඉන්නව. ඇත්තටම මාවෝමරවලතියෙන ගාණ හිට්ලර්ටත් වඩා වැඩී

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මාවෝ මරවලතියෙන ගාණ හිට්ලර්ටත් වඩා වැඩී//// athha

      Delete
    2. කෝ මූලාශ්‍ර.කටට එන ඒව ලියන්නේ නැතිව ඔප්පු කරන්න

      Delete
  15. Ajith kiyana pudgalaya nodanna deyak na wage... eth eya danne na Sinhala bashawa rajya bashawa karanwa kiyala Jhon kothalwalath porondu wela thiyenwa kiyala... Sinhala demala gatuma bandaranayakta kalin indala thiyenwa lokka. oya giya ratata wela innnawa nam hondayi. oya rate deshapalanaya karagena.

    ReplyDelete
    Replies
    1. මට කොහෙවත් වැඩ කරන්න හෝ දේශපාලනය කරන්න හෝ ඔයාගෙන් අවසර ගන්න කියල කොහෙවත් කියල තියනවද? අර මගේ කතා කියන බ්ලොගය ලියන්නකෝ ඔයාගේ අදහසුත් දැනගන්න. සින්හල දෙමල ගැටුම බණ්ඩාරනායකට කලින් තිබ්බේ දුටුගැමුණු එළාර කියලයි මගේ මතකය. ඊට පස්සේ සපුමල් කුමාරය යාපනේට ගිය එක. ඊට පස්සේ ඉංග්‍රීසින් විසින් රට මධ්‍යගත පාලනයකට ගෙන ඒම.

      Delete
  16. ට්‍රාන්ස්ගේ යතුරක් මට ලැබුන නිසා අද පොටෝ බර ගානක් දැක්කා.. ඉතිං මේ වගේ හිතුන ගමන් පෝස්ට් එකක් දාන්න නං ඒ පොටෝ එකක් දැක්කම ඇති මයේ හිතේ..

    ReplyDelete
  17. ලෙනින් නැති රුසියාවක් කොහේද?

    ReplyDelete
    Replies
    1. රුසියාවේ ඉතිහාසය ඉගෙනගන්න ; රුසියාව ගොඩනගන්නේ දොල්ගාරුකී කුමාරයා සහා මහා පීටර් රජු විසින්

      Delete
    2. මම අදහස් කලේ වර්තමාන රුසියාවයි.я уже читал.

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook