Saturday, April 16, 2016

අනුරපුර සමාජශාලාවේ හිමිකරු වන වසන්ත සොයිසාට මරු කැඳවූ ලිපිය


අනුරපුර සමාජශාලාවේ  හිමිකරු වන වසන්ත සොයිසාට මරු කැඳවූ ලිපිය................. 



අනුරපුර සමාජශාලාව ආයෙත් අරියි...
පොලිසිය වටලයි!

* මුල් හෙළිදරව්ව සැප්තැම්බර් 26 වැනිදා
* වසන්ත දිවයිනට කළ ප්‍රකාශය සැප්තැම්බර් 02 වැනිදා




අනුරපුරයේ රාත්‍රි සමාජශාලා හිමිකරු, 
කළමනාකරු සහ එහි සේවය කළ නළඟනන්

'දිවයින' පුවත්පත ආරම්භයේ සිට මේ දක්‌වා යුක්‌තිය හා සාධාරණත්වය වෙනුවෙන් පෙනී සිටි බව අමුතුවෙන් සිහිපත් කළ යුතු නොවේ. සමාජයේ සිදුවන විවිධ අකටයුතුකම් ගැන 'දිවයින' නිරන්තරයෙන්ම හෙළිදරව් කළේය. ඇත්ත ඇතිසැටියෙන්ම ප්‍රකාශ කරන නිසා 'දිවයින' පුවත්පත ගැන මෙරට ජනතාව තුළ ඇත්තේ දැඩි විශ්වාසයකි. 'දිවයින' සමාජයේ යහපැවැත්ම උදෙසා නිරන්තරයෙන්ම පෑන හැසුරුවා මිස, එම මෙහෙවරේ හිමිකරුවන් වීමට කිසිදු ලෙසකින් උත්සාහ නොකෙරුවේය. එහෙයින් 'දිවයින' ඇදලා දුන් විට ඇදගෙන යැමට ඕනෑතරම් සිටිති. ගැටලුවක්‌ නැත... ඒකත් සමාජ මෙහෙවරක්‌ම යෑයි 'දිවයින' අපි සිතමු.


මේ දිනවල රටේ ආන්දෝලාත්මක සිද්ධිය අනුරාධපුර රාත්‍රි සමාජශාලාවය. අනුරාධපුර පූජා නගරයට ආසන්නයේ එම රාත්‍රි සමාජශාලාව ආරම්භ කර වසර එකහමාරකට වැඩිය. එම කාලය තුළ ඒ ගැන රටට කියන්නට කිසිවකු ඉදිරිපත් වූයේ නැත. බුදුදහමට නිගරු වන යම් අකටයුතු සම්බන්ධයෙන් කතා කරන එකම බෞද්ධ සංවිධානයක්‌වත් සිරිමා බෝ සමිඳු වැඩ සිටින අනුරාධපුර පූජා නගරය ආසන්නයේ පවත්වාගෙන යන එම සමාජශාලාව ගැන කතා කළේ නැත. එවැනි පසුබිමක අපට මේ සමාජශාලාව ගැන කනවැකුණු සැණින් අපි ක්‍රියාත්මක වීමු. ඒ අනුව පසුගිය ඔක්‌තෝම්බර් මස 26 වැනිදා 'දිවයින ඉරිදා සංග්‍රහය' එම රාත්‍රි සමාජශාලාව ගැන රටට හෙළිදරව් කළේය. 'සිරිමා බෝ සමිඳු අබියස රඟන මරඟන දුටුවෙමි' මැයෙන් පළ කළ පුවත අනුරාධපුරයේ පමණක්‌ නොව මුළු රටේම සතියේ කතාව විය. අපගේ හෙළිදරව්වෙන් පසු සමාජශාලාවේ පාලනාධිකාරිය ගිනි පත්තු විය. අනතුරුව එහි හිමිකරු වන වසන්ත සොයිසා දිවයිනට කතා කර 'කොළඹ කොල්ලන්ට විතරද ආතල් හොඳ. අනුරාධපුරේ ඉන්නේ බයියොද' කියා අපගෙන් විමසුවේය. ඔහු කියන කතාවේද යම් සාධාරණයක්‌ ඇති බැවින් අපි ඔහුට පුවත්පත් සාකච්ඡාවකට ද ඇරයුම් කළෙමු. අපගේ ඇරයුම පිළිගත් ඔහු පුවත්පත් සාකච්ඡාවට කැමති විය. පසුව ඔහු සමග කළ කතාබහ පසුගිය 02 වැනිදා 'දිවයින ඉරිදා සංග්‍රහය' තුළින් 'ආතල් හොඳ කොළඹ කොල්ලන්ට විතර ද අනුරාධපුරේ ඉන්නේ බයියෝද...? යන සිරස්‌තලය මැයෙන් පළ කළෙමු. කතාවට තටු ලැබිණි. මෙරට පමණක්‌ නොව අන්තර්ජාලය හරහා ජාත්‍යන්තරයට ගියේය. මුහුණු පොත (Faජැ ඉදදන) ඔස්‌සේ ලක්‍ෂ සංඛ්‍යාත පිරිසක්‌ මේ ගැන දැනුවත් වූහ. වසර එකහමාරක්‌ නොදුටු අනුරාධපුර සමාජශාලාව ගැන පාර්ලිමේන්තුවේ ද කතාබහ විය. එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පී. හැරිසන් මහතා පාර්ලිමේන්තුවේ කතා කරමින් පවසා සිටියේ පූජනීය නගරයක්‌ වන අනුරාධපුරයට රාත්‍රි සමාජශාලා සුදුසු නැති බවය. දිවයින හෙළිදරව්වට සියලු තැන්හි ඇස්‌ ඇරිණි. එසැණින් ආණ්‌ඩුවේ ඉහළ නියෝගයක්‌ මත අනුරාධපුර පොලිසිය විසින් නොවැම්බර් 01 වැනිදා එම රාත්‍රි සමාජශාලාව වසා දැමිණි. එමෙන්ම නැවත එම රාත්‍රි සමාජශාලාව විවෘත කළහොත් දැඩි දඩුවම් පමුණුවන බවද අනුරාධපුර පොලිසිය විසින් සමාජශාලා හිමිකරුට දැනුම් දී තිබිණි. එහෙත් පොලිසියේ අණ නොතකා රාත්‍රි සමාජශාලාව විවෘත කෙරිණි. රාත්‍රි සමාජශාලාව පවත්වාගෙන ගිය හෝටලයට මත්පැන් බලපත්‍රයක්‌ ඇති බැවින් එහි මත්පැන් විකිණීමට අවසර තිබේ. එහෙත් රාත්‍රි සමාජශාලාවක්‌ පවත්වාගෙන යැමට බලපත්‍රයක්‌ නැත. කෙසේ හෝ පොලිසියේ නියෝගය නොතකා එම රාත්‍රි සමාජශාලාව නැවත විවෘත කර තිබිණි. පොලිස්‌ ඇස නිරන්තරයෙන්ම ඒ වටා එතී තිබුණු නිසා පසුගිය 10 වැනිදා රාත්‍රී 12 ට පමණ රාත්‍රි සමාජශාලාව නැවත පොලිසිය විසින් වැටලුවේය. එම සිද්ධියත් මාධ්‍යයට 'හොට්‌' නිවුස්‌ එකක්‌ විය.

දිනෙන් දින අනුරාධපුර රාත්‍රි සමාජශාලාව රටේ ආන්දෝලාත්මක කතාව විය. 'අපි තමයි මුලින්ම රටට කිව්වේ' කියා විවිධ පාර්ශවයන් අයිතිවාසිකම් කියන්න පටන් ගත්තාහ. කවුරු කොහොම ලකුණු ගන්න වලි කෑවද අනුරාධපුර රාත්‍රි සමාජශාලාව ගැන මුලින්ම රටට හෙළි කළේ කවුද කියා පාඨක ජනතාව දැනුවත්ය. එමෙන්ම සමාජයට යහපතක්‌ වන්නේ නම් 'දිවයින'ට ලකුණු අනවශ්‍යයි. එහෙයින් ඒ ගැන අපි කනගාටු නොවෙමු. දැන් අපි අනුරාධපුර පොලිසිය දෙවැනි වරටත් කළ රාත්‍රි සමාජශාලා වැටලීම ගැන කෙටි සටහනක්‌ තබමු. 

අනුරාධපුර මහෙස්‌ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු සුරේෂා ද සිල්වා මහත්මියගෙන් ලද සෝදිසි වරෙන්තුවක්‌ මත අනුරාධපුර පොලිසියේ දූෂණ මර්දන අංශයේ සහ කොට්‌ඨාස දූෂණ මර්දන අංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් මෙම වැටලීම කර තිබිණි. බලපත්‍ර නීති උල්ලංඝනය කරමින් රාත්‍රි සමාජශාලාවක්‌ පවත්වාගෙන යැම, රාත්‍රි කාලයේ නළඟනන් සේවයේ යෙදවීම සහ මහජනතාවට පීඩාවක්‌ වන අයුරින් ශබ්ද විකාශන යන්ත්‍ර භාවිත කිරීම යන චෝදනා යටතේ මෙම වැටලීම සිදු කර තිබේ. එමෙන්ම මෙම වැටලීමේදී ශබ්ද විකාශන යන්ත්‍ර දෙකක්‌, ශබ්ද පරිපාලන යන්ත්‍ර තුනක්‌ සහ ගීත ඇතුළත් සංයුක්‌ත තැටියක්‌ ද පොලිසිය භාරයට ගෙන තිsබිණි. 

වැටලීම සිදුකෙරෙන අවස්‌ථාවේ විනෝද විමට පැමිණි පුද්ගලයන් පනහකට අධික පිරිසක්‌ එම සමාජශාලාවේ සිටි අතර පොලිසිය පැමිණීමත් සමග ඔවුන් පලාගොස්‌ ඇත. කාන්තාවන් අට දෙනකු පොලිස්‌ අත්අඩංගුවට පත්ව තිබූ අතර ඒ කාන්තාවන් සියලුම දෙනා අවුරුදු 24 ත් 30 ත් අතර වයසේ පසුවන්නීයන්ය. එමෙන්ම එම කාන්තාවන් කුරුණෑගල, නුවරඑළිය, නාරම්මල, පයාගල, ඇඹිලිපිටිය සහ කැකිරාව යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් පොලිස්‌ පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබිණි. එම කාන්තාවන් අත්අඩංගුවට පත් වන විටත් බීමතින් අශෝභන ලෙස හැසිරෙමින් සිටි බවත් පොලිසිය පවසයි. සමාජශාලාවේ කළමනාකරු ඇතුළු සැකකරුවන් සියලු දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදාහැර තිබිණි.

උතුරුමැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්‌පති රවි විඡේගුණවර්ධන, සහකාර පොලිස්‌ අධිකාරී එම්. සමුද්‍රජීව යන මහත්වරුන්ගේ උපදෙස්‌ අනුරාධපුර පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක චන්ද්‍රසේන සහ අනුරාධපුර කොට්‌ඨාස දූෂණ මර්දන අංශයේ ස්‌ථානාධිපති එම්. එස්‌. කුමාරසිංහ ඇතුළු නිලධාරීන් පිරිසක්‌ මෙම වැටලීමට සම්බන්ධ වී සිටියහ.

තරංග රත්නවීර, දිනේෂ් විතාන

9 comments:

  1. ඔය ආටිකල් එක අපි වෙබ් එකෙන් කියෙව්වා.
    ඔයිට බොහෝ සමාන වොයිස් කට් එහෙකුත් වසන්ත සොයිසා මොකක්දෝ එෆ් එම් එහෙකට් දීලා තිබ්බා.එකත් මට අහන්න ලැබුනා.
    එත් මම නම් ලොවෙත් හිතුවේ නැහැ අර වගේ ඝාතනයක් වෙයි කියලා.

    අනුරාධපුරයේ ප්‍රසිද්ධ සමාජ ශාලා හිමිකරුවෙක් ඝාතනය කෙරේ කියලා එදා බස් එකේ යනකොට එෆ් එම් එහෙකින් කියනවා ඇහෙනකොටම මට නිකමට හිතුනා මේ වසන්ත සොයිසා ද දන්නෙත් නැහැ කියලා. ඊළඟ තප්පරෙදී ඒක හැබෑ වුනා...

    ReplyDelete
    Replies
    1. ඝාතනයට මේ වගේ ආර්ටිකල් කික් එකක් උනා කියලා මම හිතනව

      Delete
  2. fb එකේ ඒ ලිපිය කියෙව්වා.. විභීෂණ කියුව වගේ ඝාතනය ආරන්චි වෙනකොට හිතුනා වසන්ත සොයිසා වෙන්න ඇති ද කියලා...

    සිහි කැදවීමක් කළ එක හොඳයි වෛද්‍ය තුමණි...

    ReplyDelete
  3. මෙය, දීර්ඝ කාලයක් තිස්සේ පැවති, ව්‍යාපාරික ආරවුලක ප්‍රතිඵලයක් ලෙස සිදුවූ ඝාතනයක් බව පෙනෙනවා.

    ReplyDelete
    Replies
    1. ඝාතනයට මේ වගේ ආර්ටිකල් කික් එකක් උනා කියලා මම හිතනව

      Delete
  4. වසන්ත පුරේටම පිළලයක් වෙලා හිට්යේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒත් ඔහුව ඝාතනය කිරීම ඉන් සධාරනය කල හැකිද

      Delete
  5. සොයිය මම දන්නව
    කිසිම ගුනයක් නැති මුනේ හිනාවක් නැති පොරක්
    ගමට හොදක් කරලත් නැ
    තාත්තගේ ඔලුවට ගහගත්ත පාරවල් වල සැරට මොංගල් උන පුතෙකුත් ඉන්නවා

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඒත් ඔහුව ඝාතනය කිරීම ඉන් සධාරනය කල හැකිද

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook