Tuesday, November 10, 2015

89 පරම්පරාව කපටින්ට රැවටුන මුග්ධයන්ද ?



යකාගේ අඩවිය විසින් 89 පරම්පරාව කපටින්ට රැවටුන මුග්ධයන් බව කියයි. වැඩි දුරටත් කරුණු පවසන ඔහු මෙසේ ලියයි 

.......89 පරම්පරාව කපටින් ට රැවටුන මුග්ධයන්ය. දැන් සිටින්නේ කාර් ගැන සිහින දකින සොෆ්ට්වෙයා නිර්මානය කරන  කරන නව නිර්මාන බිහිකරන ක්‍රෙඩිට් කාඩ් පරම්පරාවකි. අද ඇටෙන් පොත්තෙන් එලියට එන කොල්ලන් පවා  කතා කරන්නෙ අලුත් වාහනයකට යන විදිය ගැනය. ඔවුන්ගේ දිවේ වාහන වල බ්‍රෑන්ඩ් නිතරම ඇත.මෙය දියුණුවකි. 89 පරම්පරාව අනේ පවුය. (යකාගේ අඩවිය) 

යකාගේ අඩවියේ පළවූ එම ලිපිය කියවන විට මට අපගේ පාසලේ සිටි දක්‍ෂ සිසුවෙකු මතක් වේ. ඔහු 88-89 කාලයේ මුළු හදවතින්ම ශිෂ්‍ය ව්‍යාපාරය වැළඳගෙන පෝස්ටර් ඇලවීම් , උද්ඝෝශන වැනි දේ වලට සම්බන්ධ වූයේ උසස් පෙළ අධ්‍යාපනයද කඩාකප්පල් කරගෙනය​. පළමුව මව්බිම දෙවනුව ඉගෙනුම කියා මෙම සිසුන්ව පාරට බැස්සවූ නායකයා (ඔහුව ව්‍යාපාරයට ගෙන ආ නායකයාද එම පාසලේ ඉහල පන්තියක සිටි සිසුවෙකි) කැරැල්ලෙන් පසු ඕස්ටෙ‍්‍රලියාවට පළා ගියේය​. (මේ මව්බිම නැත්නම් මරණය යැයි කියූ අයෙකි) අධ්‍යාපනය කඩාකප්පල් වී පුනරුත්ථාපන කඳවුරු වල කාලය ගෙවූ උක්ත සිසුවා අද ඉච්ඡාභංගත්වයට පත් වැඩිහිටියෙකි. ඔහු සෙකුරිටියෙකුව දිවි ගැට ගහගනියි. ඉතා පහසුවෙන් ඉංජීනේරුවෙකු හෝ ගණකාධිකාරිවරයෙකු වීමට තිබූ අවස්ථාව අහිමිව ඔහු දූවිලි කමින් අව්වේ වැස්සේ සෙකුරිටි රැකියව කරයි. ජනතා ව්‍යාපාර  දැන් ඔහුට අරහංය​. 

මේ W3Lanka බ්ලොගයේ සෙනෙවි  හෙවත්  කමල් දේශප්‍රිය ගැන තිබූ සටහනකි (සෙනෙවි  යනු 1988/1989 යුගයේ පේරාදෙනියේ වෛද්‍ය පීඨ ශිෂ්‍යෙයකුව සිටිය අවදියේ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුවෙහි සාමාජිකයෙකු ව සිට කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වෙනුර, කොල්ලුරේ, ත්‍රීමා ලා ආණ්ඩුවේ හමුදා විසින් ඝාතනය කරද්දී පේරාදෙනිය විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ගාමිනී සිසිර කුමාරලා ආණ්ඩුවේ හමුදා විසින් ඝාතනය කරද්දී අනූනවයෙන් පණ බේරා ගත්තෙකි. ශිෂ්‍ය ක්‍රියාකාරිකයෙකු වශයෙන් දැවැන්ත වැඩ කොටසක් ඉටු කළ ඔහු එවකට ජවිපෙ විප්ලවීය දේශපාලනය සඳහා දැඩි කැපකීරීමක් සිදු කළ දක්ෂ සංවිධායකයෙකි. පසු කලෙක වෛද්‍ය පීඨයෙන් ඉවත්ව ඔහු ජවිපෙ දේශපාලනය සඳහා පූර්ණ කාලීනව කැප වූයේය)

සෙනෙවි යනු 1989 මර්දනයෙන් පසු ජවිපෙ ප්‍රතිසංවිධානය කරන්නට දිවි පරදුවට තබා වැඩ කළ නායකයෙකි. ඔහු ඒ වෙනුවෙන් සිය වෛද්‍ය උපාධිය අත්හැර දැමූ බව බොහෝ දෙනෙක් කියති. වෛද්‍යවරයකු වූවා නම් සෙනෙවිට අත් පත් කර ගත හැකිව තිබුණු ජීවිතයෙන් අංශු මාත්‍රයක්වත් ස්පර්ශ කළ නො හැකිව සෙනෙවි ඉක්මණින් ම සමු ගත්තේ ය. ඔහුට හමු වූ ජීවිතය ගැන ඔහු තෘප්තිමත් වන්නට ඇතැයි මම නො සිතමි (W3 Lanka) 

මේ අනුව  89 පරම්පරාව අර්ථ දක්වන්නේ කෙසේද​? 71 පරම්පරාව මෙන් ඔවුන්ට අන්තර්ජාලය ගෝලීය දැණුමට විවෘත වීමට ඉඩකඩ නොවීය​. ඔවුන් දැණුම ලබාගත්තේ මූලිකවම සිංහල පොතපත පුවත්පත් හරහාය​.ඉන් ඔවුන් ගේ දැණුම ජීවන අත්දැකීම් පටු වීද ? 

89 පරම්පරාව කපටින්ට රැවටුන මුග්ධයන්ද ? - සංවාදයට විවෘතය​. 

66 comments:

  1. මා දකින විදියට 1984 සිට ජවිපෙ සිදු කලේ ජාතිවාදය තුළින් තම ව්‍යාපාරය සඳහා පිරිස් බලය ගොඩ නගා ගැනීමයි. පසුව 1987 ඉන්දු ලංකා ගිවිසුම නිසා වැඩේ ලේසි වුනා.

    රට, ජාතිය යනාදී වචන භාවිතා කරන්නෝ සමාජවාදයෝ නොවෙයි, අවස්ථාවාදියෝ. ඒ වචනවලට රැවටීම මෝඩකමට වඩා ජාතිවාදීකම. සමහර විට මෝඩකම නිසා උගුල ගැන නොතේරෙනවා විය හැකියි!

    ReplyDelete
    Replies
    1. ඔබ ඔය අදහස කිහිප තැනකම සදහන් කර තිබෙනවා මා දැක තිබේ. 84 නොවෙයි ජවිපෙ මුල සිටම මාක්ස්වාදය රටේ සුවිෂේෂී තත්වයන්ට ගැලපීමට මුවාවී පරන වමට සාපේක්ෂව ජාතිකවාදී ආස්ථානයක සිටියා. ලයනල් බෝපගේ වැන්නන් එයට එරෙහි වුනත් පක්ශයේ බහුතරය සිටියේ ජාතික සමාජවාදී ආස්ථානයක. ජවිපෙ ජනප්‍රිය වුනේ ගැමි තරුණයන් අතරයි.

      ජවිපෙ විශේෂයෙන් ජාතිවාදයකට ගියේ නැහැ. ඉන්දියානු ව්‍යාප්තවාදය යටතේ ඔවුන් ඉන්දීය හා ඇමරිකන් විරෝධී ජාතික සමාජවාදයක් වෙනුවෙන් 71 සිට පෙනී සිටිය. ඔවුන් ඉතා සාර්ථක වුනේ දැඩි ලෙසම ජාතිකවාදී වූ විටයි බලන්න 2004. ජනතාව ඡන්දය දුන්නෙ ශ්‍රීලනිපයට නොවෙයි ජවිපෙට. මොළේ කල්පනා කරල වැඩකළා නම් රාජ්‍ය බලයගන්නත් තිබුන.

      Delete
    2. රට, ජාතිය යනාදී වචන භාවිතා කරන්නෝ සමාජවාදයෝ නොවෙයි, අවස්ථාවාදියෝ. ////// ඒ වගේම මා දුටුව දෙයක් තමයි රට ජාතිය ගැන වේදිකාවල කත කරන බොහෝ දෙනෙක් ගෘහස්ථ හිංසකයෝ මේ ගැන අධ්‍යනය කරන්න වටිනව​

      Delete
  2. i think what yaka says is true, read this and see?

    http://lakjanahanda.com/%E0%B7%81%E0%B7%8F%E0%B7%83%E0%B7%8A%E0%B6%AD%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B6%B0%E0%B7%8F%E0%B6%BB%E0%B7%93-%E0%B6%85%E0%B6%B1%E0%B7%94%E0%B7%80%E0%B6%AB%E0%B6%BA%E0%B7%9D/

    ReplyDelete
  3. ඔවුන් අනාගතය , දිවිය කැප කලේ තමා හෝ තම පවුල සඳහා නොවෙයි.වැදගත්ම දේ එයයි.යහපත් අනාගතයක් සඳහා තම ලෙයින් කැපවූ ඔවුන් හට තෝරාගැනීම් තිබුනේ නැති තරම්.ලේ රත්වන තාරුන්‍යය බිලී බා ගත් ඉහලම පෙලේ දේශපාළුවන්ට ඒ සාපය යොමු වනවා මිසක යහපත් රටක්,අනාගතයක් උදෙසා දිවි කැප කල ඒ තාරුන්‍යය අදටත් අනුස්මරණීයයි. (ගස්ලබ්බා වත්මන් පක්ෂ දේශපාලනය නොඉවසන බවද කිව යුතුය.)

    ReplyDelete
    Replies
    1. සමහර විට මිනිසුන් යහපත් දේ කිරීමට අනුවන වැරදි මාර්ග තෝරා ගනිති

      Delete
    2. ඔව් ඔබකියන දේ්් අදටත් හරි. ඒ පහළ පීඩිත තරුණ තරුණියන් මත සිටීමෙනි.

      Delete
  4. බ්ලොග් අඩවිවල සංවාදවලට සහභාගිවීම තාවකාලිකව නවත්වා ඇත. ඒ දෙමළ වාචික පරීක්ෂනය නිසාය. සංවාද නොකළත් බ්ලොග් ඉදහිට කියවමි. මෙහි මා ගැන සදහනක් ඇති නිසා යමක් කිව යුතුම කියා සිතේ.
    ඔබගේ අගනා ලිපියට ප්‍රවේශයක් ලෙස මගේ අදහසක් උපුටා දැක්වීම ගැන වෛද්‍යතුමාට මුලින්ම ස්තුති කරමි.

    89 යනු අප ඇහැට දුටු යථාර්ථයයි.ජනතා විමුක්ති පෙරමුන විසින් රවටාගත් පාසල් හා විශ්ව විද්‍යාල සිසුන් විශාල පිරිසක් වධ හිංසා මැද සිය ජීවිත වලින් සමුගනිද්දී තවත් විශාල පිරිසක් ආබාධිත වූහ. ඒ කායික හා මානසික ලෙසය. එසේම අති විශාල පිරිසක් සිය ජීවිත කාලකන්නි කර ගත්හ.

    සිය කනේ ආබාධයකට ප්‍රතිකාර පිනිස සිගමනේ යන වෛද්‍ය සිසුවෙක් මට හමුවිය. අපගේ පරිගනක ආයතනයට ඔහු ආවේය. ඔහුගේ ගම ගාල්ලේය. පොලීසිය ඔහුගේ මව ටයර් සෑයක් ලගට ගෙන ගොස් ඒ ඔහුගේ ටයර් සෑය කියා පෙන්වා ඇත. ඒ අසරන මව ( ගුරුවරියක් ) වස බී මිය ගියාය. ගේ ගිනි තබූ අතර පියා අංශභාග රෝගියෙකි .බලන්න වෛද්‍යවරයෙක් වී සිය ජීවිතය ආලෝකමත් කරගන්නට තිබුන සිසුවාට වුන දේ.

    ඔය ශිෂ්‍ය ව්‍යාපාර ගැන මම හොඳින් දනිමි. එක් සිසුවෙකුගේ මුළු ජීවිතයම ශිෂ්‍ය ව්‍යාපාරය විය. ඔහු නෑවේද නැත. මට වෙලාවකට සිතෙන්නෙ මේවාට යන අය යම් මානසික අවුල් ඇති අය කියායි.

    සිය ජීවිතය නන්නත්තාරකරගත් පාසල් 89 පාසල් සිසුන් දස දහස් ගනනකි.

    ජේවීපී කඩප්පුලියන් 2006 පමන සෝමවංශට චෝදනා කළේ ඔහු පාසල්වලට රිංගන්නෙ නෑ කියායි. බලන්න විජේවීර කොච්චර ලස්සනට කළාද ඉස්කෝලවලට ගිහින් එහෙම මූ සී අයි ඒ කාරයා කියාය. ජේවීපීකාරයා යනු ලේ කොපමන දුටුවත් ඇතිවීමක් නැත්තෙකි.


    2015 තරුණයා 1989 තරුණයාට වඩා වෙනස්ය. 1989 තරුණයා දුටුවේ පටු ලෝකයකි. 2015 කොල්ලන් රැවටීම පහසු නැත. ඔවුන් රවටන්නට ඉඩ නොදෙන ප්‍රබුද්ධ වැඩිහිටි පරම්පරාවක්ද වෙති.පෙරටුගාමී ඔළු පැලීමේ මංගල්‍ය ගැණ පළ කළ බ්ලොග් ලිපි බලන්න.

    ප්‍රේමදාසට බුදුබව අත්වෙන්න විජේවීරයා අලු කළේය. නැත්නම් ඌ 2009 දි උගෙ ඊලඟ බිලිපූජාව කරනු ඇත. එහෙත් එය ලේසි නොවනු ඇත.සැන්සිබාරෙ කරුමෙ කළා වගෙ ඌට සදාකල් රජවෙන්න ඕනෑ නිසා කොපමන ලේ ගංගා ගලා ගියත් කමක් නැත..

    විජේවීර නම් මෘගයා ඩෙන්ටිස්ට් කෙනෙක් ලගට නොයාමේ ඛේදවාචකය ඌ රටට කළ විනාශය සුළු පටු නැත. ලංකාවට සමාන සමාජ ආර්ථික පරිසර තිබෙන දකුණු ආසියාවේ කිසිම රටක නැති ලේ වැගිරීම් මෙහි සිදුවුනේ ජේවීපී බල්ලන්ගෙ හීනමානයක් නිසා මිස වෙන මොකක්ද . ජේවීපී නැත්නම් ලංකාව සෝමාලියාවක් වන බව එකෙක් මේ බ්ලොග් එකේ කොමෙන්ට් කර තිබිනි. රට සෝමාලියාවක් කළේ ජවිපෙය.

    89 ජේවීපී කර නැති නාස්තිවූ තරුන පිරිස දකින විට ඇසට කදුලු උනයි. සමහරු සිය ජීවිතය අහිමිවීමේ වේදනාව මත්පැනින් නැතිකර ගැනීමට උත්සාහ කරයි.සමහරු පිස්සන් කොටුවලය.මේ ගැන නිසි සමීක්ශනයක් කර නැත.ජවිපෙ නිසා අධ්‍යාපනය කඩා කප්පල් කරගත් පිරිස අති විශාලය.

    89 තරුණයා ජවිපෙට රැවටුනේ ඔවුන්ගේ දුර්වලකමක් නිසාය. මෙහි කොමෙන්ට් කළ ඇනෝ කෙනෙක් 2015 තරුණයා යනු වෑන් එකක ශබ්දය ඇසෙන විට සුළු දිය පහවන අය බව කියා තිබිණි. මොවුන්ට අවශ්‍ය බස් ගිනි තියන , මිනී මරන තරුණයෙකි. අද තරුණැයාට දිනාගන්නට ලෝකයක් ඇත. 71 තරුණයාට විදේශ රැකියා විකල්පයවත් නොවීය. ඔහුට ගොවිතැනට ඉඩමක් අවශ්‍ය විය. 89 තරුණයාට මෙඩිසින් යන්න බැරිවුනොත් තිබුනේ සීමිත විකල්පයකි. අද එසේ නැත .අද්‍යාපන අවස්ථා සුලභය. පෙරටුගාමීන්ගෙ ප්‍රයත්නය එය නැතිකිරීමය.

    2015 තාරුන්‍ය ඩිජිටල් තාරුන්‍යකි.

    ReplyDelete
    Replies
    1. මා සිතන පරිදි ත්‍රස්තවාදී සංවිධානයකට කෙනෙක් බැදෙන්නෙ කරුණු හතරක් නිසයි.

      පාරම්පරික දරිද්‍රතාව
      බිඳුන පවුල්
      මානසික රෝග
      පෞර්ෂ අඩුපාඩු

      අයි එස් අයි එස් , තලේබාන් , ජේවීපී එල්ටීටී ඊ වැනි සංවිධාන වලට පුද්ගලයන් බැදෙනෙන් ඔය කරුනු නිසයි. සංවිධානය ඔවුන්ට තෙරපි එකක්. තමන්ගෙ පෞර්ශයෙ අඩුවක් කල්ලියට බැදිල සුවකරගන්නවා.

      ලංකාවෙ ජවිපෙ හා එල් ටී ටී ඊ එකට කොල්ලො බැඳුනෙ ඇයි කියන එක විමසමු. සමාජයෙ කිසිම පිළිගැනීමක් නැති කොල්ලො ටී පන්ස් හය අරන් රෑට මුර සංචාරෙ. හැමෝම ඌට බයයි. ඌට නෙමේ උගෙ පරම්පරාවකටවත් නොතිබුන තත්වයක් මේක . අප්පුහාමිල ඌව දැකල කානුවට බහිනව විප්ලවයට ජයවේවා කියල. කවද කාපු ටකරන්ද ? කන්ඩායමකින් ඌව තෝරාගැනීමේ ප්‍රීතිය ඌට තියනව. ඒ වෙනුවෙන් ගෙවන වන්දිය තම ටයර් එක. උන් නිකම්ම බ්‍රේන් වොශ් වෙලා.

      ජවිපෙ හා එල් ටීටී ඊ යට බැදුනෙ ප්‍රධාන වශයෙන්ම කුල ප්‍රශ්න නිසා. 89 දි දරුණු ලෙසින්ම ප්‍රචන්ඩ ක්‍රියා පැවතියෙ දකුනෙ කුලහීන ගම්වල. මේ ගම්වල මිනිස්සු තමන්ගෙ ගමේ නම වෙනුවට කියන්නෙ අල්ලපු ගම්වල නම්. ඔවුන්ගෙ පීඩනයෙ තරම පේනවනෙ. මට හිතෙනව දකුනෙ උඩරටටත් වඩාකුලවාදය තියනව කියල.

      ඒ සමාජ විද්‍යාත්මක කරුන මිස වෙන පීඩනයක් නිසා නෙමෙයි.

      කුලය ගැන විවේචනාත්මකවවත් කතා කරන්න මම කැමති නෑ. ඒ වචනෙත් මට අප්පිරිය හින්ද. මම කුලවාදයට විරුද්ධයි. ඒත් අධ්‍යන අරමුණු උදෙසා එය ගැන කතා කරන්න සිදුවෙනව.

      Delete
    2. යකා වගේ මෝඩ පොන්සියෙක් මේ වගේ කතාවක් නොකිව්වොත් තමා පුදුමේ.
      මහින්ද වගේ උන්ගේ අසූචි කාපු අපෘශ්ඨවන්ශිකයන්ට කොහොමත් ජවිපෙ ඈල්ජික්.හීනමානය තමා ඉතින්.
      මූ හිතන්නේ මුගේ කදපනු න්‍යායෙන් ගොඩයන්න පුලුවන් කියලා.
      ගොඩයන්න පුලුවන් වෙයිද නෑද්ද කියලා මම දන්නේ නෑ....ඵ්ත් ඔහොම හෑසිරිලා ගොඩයන්න දගලන උබලට වෑඩිය වීදි ගනිකාවෝ නම්බුකාරයි කියලයි මිනිස්සු කියන්නේ.

      Delete
    3. ලංකාවේ කුල සාධයකයත් මීට බලපෑවා

      Delete
  5. ජේ වී පී අනුගමනය කලේ කිසියම් රතු චින්තකයෙකු විසින් කියා දුන් පාඩමකි. එය නම් ප්‍රශ්ණ ඇති තරුණයන් හඳුනාගෙන ඔවුන්ගේ ප්‍රශ්ණ වලට හේතුව පවතින සමාජ ක්‍රමය යැයි ඒත්තු ගන්වා එම සමාජ ක්‍රමය ගැන වෛරයක් ඇතිකොට එම සමාජ ක්‍රමය වෙනස්කිරීමට තුවක්කුවෙන් හැකියයි කියා ඔහුව හිංසනයට යොමුකිරීමයි. මෙම ක්‍රමය සාර්ථක වන්නේ පීඩිත පාලකයින් සිටින රටවල් වල සහ සමාජවාදී රටවල් වලය. එයට හේතුව රැකියා සුලභ නොවීමයි. අපේ රටේත් මිනිසුන් ජීවත් වන්නේ රෙසිපි එකක් අනුවය. පාසැල-උසස් අධ්‍යාපනය-රැකියාව-විවාහය-දරුවන්-නිවසක්-වාහනයක්-මුණුබුරන්-ධර්මය-මරණය එම රෙසිපි එකයි. මෙහිදී රැකියාවක් නොලැබුණොත් විවාහය ආදිය ඇණහිටී. එවිට පෙම්වතිය ඇයගේ දෙමව්පියන් වෙනකෙනෙකුට විවාහ කරදෙයි. තරුණයා අසහනයට පත්වේ. ධනවාදී ක්‍රමයන්හී රැකියා උත්පාදනය ප්‍රධාන අරමුණකි. රස්සවක් කරන අයකු විප්ලවයකට හරවා ගැනීමට අපහසුය. එම නිසා විප්ලව කාරයන් උසස් අධ්‍යාපන අවස්ථා වැඩිකරණ හෝ රැකියා අවස්ථා වැඩිකරන ක්‍රම වලට විරුද්ධ වේ.

    මෙයට සමාන ක්‍රමයක් එල් ටී ටී යී සංවිධානයද අනුගමනය කළේය. 1990 ගණන් වලදී සංවිධානයට සාමජිකයන් බඳවා ගැනීම අපහසු කාල වල ඔවුන් කලේ සංවිධානයට විරුද්ධ හෝ හිංසනයට විරුද්ධ පවුල් වල යමෙකුට විරුද්ධව හමුදාවට 'ඔත්තු' දුන්නේය. ඒ ඔත්තු අනුව පවුලේ කෙනෙකු හමුදාව අතින් ඝාතනය වූ පසු පවුලේ ඉතිරි අය හමුදාව සහ සිංහල ජාතිය ගැන ඇතිවන වෛරය එම පවුලේ ඉතිරි තරුණයක් සංවිධානයට බඳවා ගැනීමට පහසුවන බැවිනි.

    ජේ වී පී සහ එල් ටී ටී යී යන සංවිධාන දෙකම කුල වාදය සහ ආර්ථික අසමානකම් ඔවුන්ගේ වාසියට භාවිතා කලේය. කුලවාදය දරුණු ප්‍රදේශවල ත්‍රස්තවාදීන්ට තුවක්කුව අතට ලැබුණු පසු කුලීනයන් ඔවුන්ට යටත්ය. එමෙන්ම තුවක්කුව අතැති ත්‍රස්තවාදියාට ගමේ ධනවතුන් බයය. මෙම හීනමානය ඉතා පහසුවෙන් ත්‍රස්තවාදී සංවිධාන වලට කාඩර වරුන් සපයයි.

    සැමටම උසස් අධ්‍යාපන අවස්ථා, රැකියා උත්පාදනය, සම අයිතිවාසිකම් පණත් වලින් පන්ති, ජාති, කුල භේද වලින් වෙන අසාධාරණ කම් ඉවත් කිරීම ධනවාදී සාර්ථක රටවල මෙවන් අන්තවාදී ක්‍රියා නොමැති වීමට හේතුවයි.

    ReplyDelete
    Replies
    1. සැමටම උසස් අධ්‍යාපන අවස්ථා, රැකියා උත්පාදනය, සම අයිතිවාසිකම් පණත් වලින් පන්ති, ජාති, කුල භේද වලින් වෙන අසාධාරණ කම් ඉවත් කිරීම ධනවාදී සාර්ථක රටවල මෙවන් අන්තවාදී ක්‍රියා නොමැති වීමට හේතුවයි.+++++++++++++++++

      Delete
  6. Replies
    1. කොටින්ම ඕක තමයි අවස්තාවාදී භාවය.. අර අහින්සක තරුනයෝ මුලවේ වැටිල කිසිදා නොලැබුනු දෙයක් වෙනුවෙන් සටන් කලා..ජීවිත දුන්නා..එක්කො ජීවිත නිකරුනේ අයාලේ යන්න දුන්නා.. ඒ උදවිය රවට්ටපු මහා විජේවීර කියන පිස්සත් මළා.. අනිත් ඉතුරු හාල්පාරුවො තවත් බයිල ගගහා යහතින් වැජඹෙනව.. එකෙක් ඕස්ට්‍රේලියාවෙ ඉඳන් වාරකන් කාලෙට මෙහෙ එනව.. ඌව අල්ලවන්න උගෙම පරන එකට හිටපු එවුන් උල්පන්දම් දෙනව.. තව එකෙක් නායක කමෙන් දොට්ට දාල පිස්සු හැදිල දඟලනව..තව එකෙක් පරන කතා ඔක්කොම පාවල දීල සුර සැප විඳින ගමන් ඇමරිකාවෙන් ගේම ඉල්ලනව.. ඔන්න දැන් මුන් දෙන්න පවුල් කන්න හදනවලු.. අපේ එවුන් මෙව්ව ඔක්කොම බල බල විචාර දෙනව... අර මැරිච්ච උන් මේව දැක්කොත් පු*වල් පොලවෙ ගහගන්නව..

      Delete
    2. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. @ Ian

      මාදුලුවාවේ සෝභිත ස්වාමීන්වහන්සේටත් බොරු කල, උන්වහන්සේව අපවත්කරගත් කාලකන්නි පක්ශේ උන්ට කටින් වගේම අධෝ මු‍ඛයෙනුත් කතාකල හෑක.1948 ඉදන් රට කෑ, රටට දුරාචාර බෝකල කාලකන්නි පක්ශය ඔකය.

      කුලබේද පෙන්නා චන්දේ ගන්නේද,
      ආගම් බේද වපුරන්නේද(කොමිනිස්ට් වියරුවෙන් බුද්දාගම බේරාගමු කියා සමසමාජයට විරුද්දව පෝස්ටර් ගසා අන්තිමට ගෑටබේ විහාරස්තානයට කටුකම්බි ගහපු තුප්පහි පක්ශේ ඔකය.)කොටින්ම ලිග බේදය පවා චන්දයට පාහරවිදියට යොදාගන්නේ මුන්ය.(මෑතිනිය අගමෑති වුනොත් මාසෙන් මාසෙට පුටුව හොදනන් වෙනවා කිවූ බල්ලන් හිටියේ ඔය පක්ශයේය )
      තොපිගෑන ටොන් ගන්න් ලිව්වහෑකි.....ලියන්න හිරිකිතය.

      අනුන්ට ඈගිලිදික්කරන්න කලින් 83ඉදන් යූඈන්පී ඵක කරපු අපරාධ ගෑන හොයලාබෑලුවොත් නරකද?

      Delete
    4. @ Ian

      මාදුලුවාවේ සෝභිත ස්වාමීන්වහන්සේටත් බොරු කල, උන්වහන්සේව අපවත්කරගත් කාලකන්නි පක්ශේ උන්ට කටින් වගේම අධෝ මු‍ඛයෙනුත් කතාකල හෑක.1948 ඉදන් රට කෑ, රටට දුරාචාර බෝකල කාලකන්නි පක්ශය ඔකය.

      කුලබේද පෙන්නා චන්දේ ගන්නේද,
      ආගම් බේද වපුරන්නේද(කොමිනිස්ට් වියරුවෙන් බුද්දාගම බේරාගමු කියා සමසමාජයට විරුද්දව පෝස්ටර් ගසා අන්තිමට ගෑටබේ විහාරස්තානයට කටුකම්බි ගහපු තුප්පහි පක්ශේ ඔකය.)
      කොටින්ම ලිoග බේදය පවා චන්දයට පාහරවිදියට යොදාගන්නේ මුන්ය.(මෑතිනිය අගමෑති වුනොත් මාසෙන් මාසෙට පුටුව හොදනන් වෙනවා කිවූ බල්ලන් හිටියේ ඔය පක්ශයේය )
      තොපිගෑන ටොන් ගන්න් ලිව්වහෑකි.....ලියන්න හිරිකිතය.

      අනුන්ට ඈගිලිදික්කරන්න කලින් 83ඉදන් යූඈන්පී ඵක කරපු අපරාධ ගෑන හොයලාබෑලුවොත් නරකද?

      Delete
    5. මේ පිළිබඳව ලංකාවේ දේශපාලන ප්‍රචණ්ඩත්වය යන මැයෙන් මා විසින් ලිපියක් ලියා තිබේ. එය මේ බ්ලොගයේ ඇත​.

      Delete
  7. මම හිතනවා සිංහල බසින් පළවූ සෝවියට් රුසියානු ප්‍රොපගන්ඩාවට අභියෝගකළ හැකි වෙනත් යමක් සිංහල භාෂාවෙන් පළවුනේ නැති එක ප්‍රශ්නය උග්‍ර වෙන්න ගොඩක් හේතු වුනා කියා. ව්‍යාපාර සහ ව්‍යාපාරිකයා වෙනුවට සූරාකෑම සහ කළුකඩ කාරයා යන සංකල්ප ආවේ ඒ හරහායි.

    ReplyDelete
    Replies
    1. ගෙදරක තාත්තා සහ පුතා අතර සම්බන්ධතාවයත් පුතා ජේවීපී කාරයෙක් වෙනවාද නැත්ද කියන එකට හේතු වෙනවා කියා හිතනවා, මම මගේ යාළු 89 ජේවිපී සෙට් එකේ කොමන් බෑක්ග්‍රවුන්ඩ් ගැන හිතුවා, ඔවුනතර පිය පුතු සුහදතාවක් තිබුනේ නැති එක තමා මට තේරන හොදම පොදු සාධකය, මම ටයර් සෑයක නොගිය එකට තාත්තට පින් දෙන්න වෙනවා :).

      Delete
    2. 1) නමුත් රුසියන් සාහිත්‍ය මිනී මරන්න උපකාර උනා කියන එක මම හිතන්නේ නැහැ

      2) ගෙදරක තාත්තා සහ පුතා අතර සම්බන්ධතාවය - බාඩර් මයින්හොෆ් කල්ලිය ගැන අධ්‍යනයේ පිය පුතු සම්බන්ධතාවය කියයි

      Delete
  8. එදා මෙදා තුර ශිෂ්‍ය සටන් වලදී පොලිසියේ හා හමුදාවේ උණ්ඩ වලටද ලයිසන් මැරයන්ගේ තුවක්කු වලටද සිසුන් රාශියක් මිය ගොස් තිබේ. මෙසේ මිය ගිය බොහෝ සිසුන් ජවිපෙ ට සම්බන්ධවව ක්‍රියාකාරී ලෙස සිසු අරගලවලට සහභාගී වූ පිරිස වෙති. මොවුන් තම පක්ෂය , සාමාජිකයන් විශ්වාස කොට අනාගත බලපොරොත්තු , තම ජිවිත පරදුවට තබා අරගල කල පිරිස් ය. මෙම සිසුන් මිය ගියේ සහාසික අයුරිනි. මොවුන්ගේ මරණින් පසු මරණ සහ ලේ මාකට් කිරීම හැර මියගිය සිසුන්ගේ ඥාතීන්ටවත් කිසිදු සාධාරණයක් ඉටු කිරීමට ජවිපෙ හෝ අන්තරය ක්‍රියා කොට නැති වීම කණගාටුවට කරුණකි. 1981 දී රාගම දී ආරම්භ කරන ලද උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව ජවිපෙ සහ අන්තරය විසින් උද්ගෝෂණ දියත් කරන ලදී. මෙම උද්ගෝෂණ වලදී මරණයට පත් වූ පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ ඇතුලූ ශිෂ්‍යයන් පිළිබඳව මෙතෙක් කිසිදු අවංකව සාධාරණයක් ඉටු කිරීමට ජවිපෙ හෝ අන්තරය අසමත් වීම තුල සිසුන් හුදෙක් බිලි බෝයිස්ලා බවට පත් කිරීම පිලිබඳ චෝදනාව ඔවුන්ට යටපත් කල නොහැක.

    ReplyDelete
  9. මෙම සිසුන් උසි ගැන්වූ ඔවුන්ගේ ගජයන් අද සමාජයේ ඉහල තනතුරු දරති. ඔවුන් බොහෝ දෙනෙකු වෛද්‍යවරුන් සහ ඉංජිනේරුවන්ය. ඔවුන් ජීවිතය ඉතා ඉහල ආකාරයට විඳිති. සමහරු ඉන්නේ පිට රටවලය. මිය ගිය සගයන් ගැන අද දුක් වෙන්නේ ගජයන්වත් , පක්ෂ සාමාජිකයන්වත් නොවේ දුප්පත් දෙමාපියන් පමණි. ඔවුන් පිළිබඳව සොයා බලන්නට මේ සහෝදරවරු කිසිවෙකු නැත. අනේ ඒ බව පද්මසිරිලා ත‍්‍රීමා විතානලා , වෙනුර එදිරිසිංහලා , අතුල සේනාරත්නලා , සරත් කොල්ලූරේලා දැන සිටියේ නම් ? ත‍්‍රීමා විතානලා ගේ පරල ඇණ ඔළුවට ගැසූ පුන්චි නිලමෙලා අද ඇමතිවරු වී යෙහෙන් වැජබෙති. සන්ධාන ඇමැතිකම් තිබියදී පවා ජවිපෙට සිසු මරුවන් නීතිය ඉදිරියට ගෙන ඒමට උනන්දුවක් නොවිය. සිසුන් අරගලයට තල්ලු කල කුමාර් මහත්තයාලා ඕස්ට්‍රේලියාවෙන් වෛද්‍යවරියක කරකාර බැඳගෙන දැන් හොඳ ගෙවල් දොරවල් යන වාහන ඇතුව පවුල් ජිවිත ගත කරති. පද්මසිරිලා ත‍්‍රීමා විතානලා , වෙනුර එදිරිසිංහලා ,අරගලයට තල්ලු කල සමහරු දැන් පක්ෂයේ පළාතකවත් නැත. ඔවුන් ඒ අතීතය අමතක කොට රතු සළු උනා පිරුවට ඇඳ සිටිති. ත‍්‍රීමා විතානලාට මරණයේ දොරටුව පෙන්වූ සමහරු ධනපති ආණ්ඩුවේ ඔඩොක්කු කුක්කෝය. මෙම සිසුන් ඝාතනය කල මිනීමරුවන් නිදහස්ය. ඔවුන්ව බිලිබෝයිස්ලා කල දෙබිඩ්ඩන් අද සාර්ථක දේශපාලක වියාපාරිකයන්ය. අවසානයේ වැරදුනේ මෙම සිසුන්ට සහ ඔවුන්ගේ පවුලේ උදවියට පමණි.

    ReplyDelete
    Replies
    1. /* කුමාර් මහත්තයාලා ඕස්ට්‍රේලියාවෙන් වෛද්‍යවරියක කරකාර බැඳගෙන දැන් හොඳ ගෙවල් දොරවල් යන වාහන ඇතුව පවුල් ජිවිත ගත කරති. */

      මේ පරණ කතාවක කොපි පේස්ට් එකක් නේද?

      මං දන්නා තරමට දැන් සති දෙකක සිට ප්‍රේමකුමාර ඉන්නේ ලංකාවේ රිමාන්ඩ් එකේය.

      ඒ කෙසේ වෙතත් ඔහුගේ බිරිඳ ඔහු ගේ සමකාලීන පේරාදෙනිය වෛද්‍ය පීඨයේ ශිෂ්‍යාවකි.

      Delete
    2. කොල්ලූරේ ගේ සහෝදරයෙක් මා සමග රාගම රෝහලේ වැඩ කළා.

      Delete
    3. ඔහුගේම සහෝදරයෙක් වෛද්‍යවරයෙක් වශයෙනේ නම් වෙන්ඩ බැහැ .

      Delete
  10. විමල් වීරවංස හිටපු ජවිපෙ පුර්ණකාලිකයෙකි. සරසවි සිසුන්ට පන්ති වර්ජන කිරීමට, පිකටින්, පෙළපාලි වලට යාමට නායකත්වය දුන්නේය. ඔහු සමග අරගල කල සරසවි සිසුන් බොහොමයක් අද ජිවතුන් අතර නැත. ඉතුරුවූ ටික දෙනා නන්නත්තාර වි සිටිති. නමුත් විමල් ගොඩ ගියේය. ඔහු අද රජයේ ඇමතිවරයෙකි. බිරිඳ ෂොපින් යන්නේ ඇමරිකාවේය සහ යුරෝපයේය. විමල් වීරවංස ගේ පුතා ඉගෙනුම ලබන්නේ ස්කොට්ලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. ඔහුට මහපොළ අවශ්‍ය නැත.


    සෝමවංස අමරසිංහ - . 1971 සිට මේ දක්වා සරසවි වල වර්ජන සහ විරෝධතා වලදී කැපී පෙනෙන කාර්යභාරයක් ඉටු කළේය. ඔහුගේ පුතා ඉගෙනුම ලබන්නේ එංගලන්තයේ පුද්ගලික විශ්ව විද්‍යාලයකය. පන්ති වර්ජන, නවක වද වලින් තොර සුවපහසු සරසවි දිවියක් ඔහුට පියා විසින් ලබා දී තිබේ.

    මාර් ගුණරත්නම් - 88-89 කාලයේ විශ්ව විද්‍යාල වර්ජන ගැටුම් වලදී සිටි ශිෂ්‍ය නායකයෙකි. දැන් ජිවත් වන්නේ ඕස්ට්‍රේලියාවේය. ළමුන් දෙදෙනා තව නොබෝ කලකින් ඕස්ට්‍රේලියාවේ විශ්ව විද්‍යාල වලට යනු ඇත. ඔවුන්ට වර්ජන , මහා පාරේ අරගල වලින් තොර සරසවි දිවියක් ලැබෙනු ඇත.

    අනේ මේ අපේ සෝමපාලගේ , දයාවතී ගේ, ඇල්බට් ගේ දරුවන්ය. ඔවුන් ඉගන ගන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වලය. ඔවුන්ට බඩ පුරා නවක වද ලැබේ. එක දිගට ඉගෙන ගැනීමට ඉඩ නැත. පන්ති වර්ජන , මහපාරේ පිකටින් වලට අනිවාර්යෙන්ම සහභාගී විය යුතුය. කඳුළු ගෑස් පොලිස් බැටන් පාරවල් යහමින් ලැබේ. උපාධිය ඉවර කරන විට කල වයසත් ගෙවී ඇත.

    ReplyDelete
    Replies
    1. දේවදත්තයාගෙනුත්

      තල්දූවේ සෝමාරාමගෙනුත්

      සමන්තබඩ්ඩගෙනුත්

      බුද්දාගම ඉගනගන්න අපි යන්නේ නෑත,උන්දිහා බලා බුද්දාගම නරකයි කියන්න තරම් බුද්දිහීනතාවයක් අපිට නෑත.

      Delete
  11. ඩොක්ටර් රුවන් ලියන ලිපි ජේවීපී වැනි අන්තගාමී සංවිධාන තේරුම් ගැනීමට ඉතා වැදගත්, මම ජේවීපී දෙවෙනි කැරැල්ලේ විපතක් නොවී බේරුනේ, ඒ වන විට 71 කැරැල්ලට සහභාගී වූ දෙදෙනෙකුගේ ස්වයං විවේචනාත්මක අදහස් අසා තිබූ නිසා (දෙදෙනාම නායකයින් මග හැර යාමෙන් පසු ඉතිරි කණ්ඩායම් සමග පසුබසිමින් සිටියදි අත් අඩංගඅවට පත් අය, එක් අයකු අම්පාර බුද්ධංගල කැලයේ සිටි කන්ඩායමට පසු බැසීමට නායකත්වය දී තිබුනා).

    ඒ නිසා මෙවැනි පුද්ගලයන් හැදැරීම විවේචනය ඉතා වැදගත්, විශේෂයෙන්ම වර්තමානයේ ජන මතය ගොඩනගන සියළු දෙනාගේ සැබෑ චරිත හෙලිදරව් කළ යුතුයි, සදාචාර සීමා මායිම් ඉක්මවන්නේ නැතුව විවේචනය කළ යුතුයි. පාලනය කළ යුත්තේ පාලිතයන් ව නොවේ පාලකයන්වයි.

    ගීත රචක වෛද්‍ය යසන්ත (නම හරිද මන්ද) ගේ සදාචාරාත්මක නැති පෝස්ටුව සහ එවැනි පෝස්ටුවක් පලකිරීමට ඔහුට ඇති නිදහස සහ අයිතිය ගැන විවාද තිබුනා, මම හිතන්නේ ඔහු ජන මතය ගොඩනගන්නේකු නිසා ඔහු හෙලි දරව් කිරීම හරි දෙයක් පමණක් නොවේ යුතුකමක්.


    ReplyDelete
    Replies
    1. ඔය කියන්නේ යසනාත් වෙන්න ඇති. ඔහු ඉතා සංවේදී සංගීතකරුවෙක්

      Delete
  12. ඒ කාලෙ නන්දා මාලනියි සුනිල් ආරියරත්නයි විරු ගී කියමින් වියලිලා තිබුන තරුන ජීවිත විප්ලවීය මායාවෙන් අවධි කරල පුච්චල දමන්න දායක උනා...
    අපියන්නේ කොයි පාරේ නිශ්මි බාලෙ ගිය පාරේ..අපි යන්නේ කොයි පාරේ ත්‍රිමා වෙනුර ගිය පාරේ යැයි කියවමින් කැම්පස් සිසුන් පාරේ යනු ඔබ දැක ඇති..හද්දා පරණ යල් පැනගිය ඒ පැරණි සටන්පාඨ පිරිත් සේ තවමත් වාමාංශික යැයි තමුන්ම කියා ගන්නා සිසු පරපුර විසින් තවමත් සජ්ජායනය කරති.. කිසිත් නොදන්නා අලුත පැමිණෙන සිසුන් බහුතරය “ඒ අයියා මාර ගතී සටන්වලට මයි කැමතී” කියා අයියලා පස්සේ යති..ටික කාලයක් ගිය පසු ඔවුන්ගේ පොරවාගත් සිංහ සම යටින් වල්ග කන් පේන විට බෝ සිසුන් විසින් මොවුන් අත හරිති.

    ReplyDelete
    Replies
    1. පිකටින් එකකදි එකෙක් මැරුනොත් ශිෂ්‍ය ව්‍යාපාරෙ කැරි වේසිගෙ බල්ලන්ට මාර හැපි. කොටින්ගෙ තිලීපන් කියල එකෙක් උපවාසයක් කරල අන්තිමට ඌ වතුර ඉල්ලල කෙදිරිගානකොට උගෙ තාත්තට වතුර දෙන්න ඉඩ දුන්නෙ නෑ සංවිධානෙන්. ජේවීපී බල්ලොත් එහෙම තමයි. උන්ට ඕන මරාගන්න. ඊට පස්සෙ මෙන්න බලපල්ල අහවල් සහෝදරය පක්ෂෙ වෙනුවෙන් ජීවිතේ දුන්න. මේ කැපකිරීම ආදර්ශෙට ගනිල්ල කියල පානක් පත්තුකරනව.

      ජේවීපී එක පාක්ෂිකයන්ගෙ ජීවිත දේපොල ,කාලය ,ශ්‍රමය ඔය හැම දෙයක්ම සූරාකනව. උන්ට ලැබෙන දෙයක් නෑ.

      Delete
    2. මරණය වන්දනා කිරීම අන්තවාදී සංවිධාන කරති. උදා හමාස්

      Delete
  13. පද්මසිරි ත‍්‍රීමා විතාන, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න, සරත් කොල්ලූරේ යන සිසුන් ෆෝම් කරවා ඔවුන්ව මර්ධනකාරී වෘකයන් වෙත ගොදුරු පිණිස දැමූ දේශපාලකයන් හා සිසු නායකයන් අද දිනයේ ක්‍රම සහ විධි වලින් යහමින් මුදල් උපයන බඩ තඩි මුදලාලිලා බවට පත් වී තිබේ. ස්වයංවරදකාරී බවින් මිදීමට මොවුන් බොරුවට වසරකට වරක් මේ බිලි බෝයිස්ලා අනුස්මරණයට ඉටිපන්දමක් දල්වා ලේ රත් වන කතාවක් කොට විසිර ගොස් යලි ලබන වසරේ අනුස්මරණ දිනයක් එන තෙක් හුරු පුරුදු ජාවරම් වල යෙදී සිටිති.

    සිසු නායකයන් ගොඩ ගියේය​. අවසාන විග්‍රහයේදී වැරදුනේ කාටද ? මේ බිලි බෝයිස්ලා සහ ඔවුන් ගේ දෙමාපිය සහෝදරයන්ට පමණි.

    ReplyDelete
    Replies
    1. සිසු නායකයන් ගොඩ ගියේය​. අවසාන විග්‍රහයේදී වැරදුනේ කාටද ? මේ බිලි බෝයිස්ලා සහ ඔවුන් ගේ දෙමාපිය සහෝදරයන්ට පමණි.

      Delete
    2. සිසු නායකයන් ගොඩ ගියේය​. අවසාන විග්‍රහයේදී වැරදුනේ කාටද ? මේ බිලි බෝයිස්ලා සහ ඔවුන් ගේ දෙමාපිය සහෝදරයන්ට පමණි.

      +++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    3. වෙනුරලා ත්‍රීමාලා මරාදෑමූ අවජාතක බල්ලන් අද ආණ්ඩුවේ ඈමතිලාය.සමහරු ඊටත් ඉහලය.
      හෑබෑයි, ඵ්වා කරපු පාහරයන්ට අද ළමයි නෑත,ළමයි හිටියද උන් අනුන්ගේ පිලිකුලට බාජනය වන මෑරයෝය,මත්ලෝලී ,වෙසගනුන්ය.සල්ලාලයෝය.
      ඉගනගන්න බෑරිය.උපාඩිකඩ නෑත්නම් පියන්ලාටත් උන්ටවඩා අද්‍යාපන සුදුසුකම් තිබේ......ඵ්දා මිනීමෑරූ බල්ලන්ට කලකම් පලදෙන්නේ ඵලෙසය.

      ත්‍රීමාලා වෙනුරලා නිසා සාමාන්‍ය පවුල්වල දරුවන් දහස්ගනනක් නොමිලේ(අපේ බදු මුදලින්) උසස අද්‍යාපනය ලබති.උන් කල අමිල කෑපවීම අපතේ ගියේ නෑත.
      ත්‍රීමා වෙනුර බාලේ නිශ්මි පමනක් නොව අප පරපුරේ ආදරණීය මාතලන්-ටොක්කා සිසු විරුවන් අමතකවෙන්නේ නෑත.ඔවුන් සදා අමරනීය ය.
      මන්දයත් මතුපරපුරේ දරුවන් දහස්ගනනකගේ ඈස් පෑදවීම උදෙසා ඔවුන් සිය දිවි කුසුම පුදකල බෑවිනි.
      මෙය ලියන මාද...උන්ට අපහාස කරන ඔබද, කවදා හෝ මියයනු ඈත...........ඵ්ත් වෙනුර ත්‍රීමා බාලේ නිශ්මි මතලන් ටොක්ක...කිසිදිනක මෑරෙන්නේ නෑත........ඔබලා සදා අමරනීයය.

      අන්ත පීඩිත මුඩුක්කුවකින් පෑමිනි මෙය ලියන මට මිනිසෙකු වන්නට පාර කියාදුන්නේ උඹලා දිවිපුදා රෑකගත් නිදහස් අද්‍යාපනයයි.(මාගේ මවුපියන් නමින් දිවුරමි.)උඹලා සදා අමරනීයයි !

      උබලා වෙනුවෙන් අද මේ කිබුල්කදුලු සලන්නේ ඵද උබලාව බිලිගත් නරුමයන්ගේ වර්තමාන පුරුක් බව අපි දනිමු.
      මේ නරුමයෝ උඹලා වීරයන් බව පවසති.උබලාව අහවල්ලු රෑවට්ටුවා යෑයි පවසති.හෑබෑයි උබලා මෙන්ම අසාදාරණයට විරුද්දව සටන්කරන වර්තමාන සිසුන් තමුන්ගේ සාදාරණ ඉල්ලීම් ඉල්ලූ තෑන උන්ගේ ඔලු පලති.අඩු කඩති.
      කෑම්පස් කොල්ලන් පිකටින් කර පාරවල් බ්ලොක්කරන නිසා,උන්ට ඉක්මනට ගෙදර යන්න බෑරිවුනු බවත්, උන්ව මෑරියයුතු බවත් ගහලා මදි බවත් කීවේ මුන්මය.
      මේ දෙපිටාකට්ටුවන් හදුනාගෑනීමට වෙනත් උදාහරණ අවශ්‍ය නොවේ.

      කලබලවීමට දෙයක් නෑත.සත්‍ය කවදාහෝ ජයගනීවි.කර්මය විසින් මුන් ගෑන ඈති නඩුව විසදනු ඈත(මා මුලින් කී ලෙසට අනිත් උන් ගෑන බලාගත්තක් මෙන්ම............. )

      Delete
    4. කොල්ලූරේ ගේ සහෝදරයෙක් මා සමග රාගම රෝහලේ වැඩ කළා. ඔහු වරක් කිව්වා තම සහෝදරයා අනවශ්‍ය ගමනක් ගිය වග

      Delete
  14. (1) ඒ කාලයේ ගුණදාස අමරසේකරගේ “ඝනඳුරු මැදියම දකිනෙමි අරුණලු” කියවා සහ සුනිල් ආරියරත්න ලියූ නන්දා මාලිනීගේ විරෝධතා ගී අසා ෆෝම් වූ කොල්ලන් ප්‍රේමදාස සමග ගේම ඉල්ලූහ​.

    ප්‍ර්‍රේමේ මොවුන් ටයර් සෑවල යැවීය​. කොල්ලන් ෆෝම් කල ගුණදාස අමරසේකරලාගේ නන්දා මාලිනීලාගේ ලමයි අර කුමන්ත්‍රන්ණකාරී ලංකාවට කෙලවීමට දත කට මැදගෙන සිටින බටහිර රටවල සුවසේ ජීවිතය විඳිති. ටයර්සෑ වල අන්තිම ගමන ගිය කොල්ලන් ගේ දෙමාපියන් තවමත් අතුරුදහන් වූ සිය දරුවන් සොයති.

    ලක්බිමේ මිහිරි ෆොන්සේකා ගේ පැණයකට අතුරලියේ රතන දෙන පිලිතුර බලන්න

    මිහිරි ෆොන්සේකා : පාඨලි චම්පික රණවක ඔබට හමුවුණේ කොහොමද?

    අතුරලියේ රතන : ශිෂ්‍ය ව්‍යාපාරයේදී තමයි ඔහු මට හමුවුණේ. ඒ කාලයේ චිනුවාචිබේගේ අප්‍රිකානු ජාතික විමුක්ති ව්‍යාපාරය ගැන ඔහු උනන්දු වුණා. ගුණදාස අමරසේකර “ඝනඳුරු මැදියම දකිනෙමි අරුණලු” ‍පොත ලීවේ ඔය කා‍ලේ. ඒ ‍පොත ශිෂ්‍යයන්ගේ ‘බයිබලය’ වුණා. තරුණ පරපුරේ ජීවිතයට උත්තේජනයක් දීපු ‍පොතක්. චම්පික ඔය කාරණා ගැන තමයි මා සමග කතා කළේ.

    ReplyDelete
    Replies
    1. මියෙන්න පුත වද විද කියමින් නන්දා මාලනී කැත ගීතයක් කිව්ව. නන්ද කොහොමද කියන්නෙ අනුන්ගෙ ළමයින්ට මැරෙන්න කියල.
      නන්දල ගුනදාස අමරසේකරල ගෙ ලමයි ඇමරිකාවෙ. මුන් මෙහෙ දුප්පත් කොල්ලො කෙල්ලො පුච්චන්න හදනව

      Delete
    2. අමරසේකරගේ පුතා ඕස්ටේ‍ර්ලියාවේ නේද ඉන්නේ?

      Delete
  15. (2) ශිෂ්‍යයන්ගේ ‘බයිබලය වූ “ඝනඳුරු මැදියම දකිනෙමි අරුණලු” ‍ලියූ සහ ජාතික චින්තනය පිලිබඳ මොරගෑ බටහිට රටවල් වලට හිටු කියා බැන වැදුනු ගුණදාස අමරසේකර සිළුමිණ පුවත් පතේ සුනිල් මිහිඳුකුලට දෙන්නේ මෙවැනි පිලිතුරකි.

    සුනිල් මිහිඳුකුල: ඔබේ බිරිඳ කවුද?

    ගුණදාස අමරසේකර :චන්ද්‍රා සෙනෙවිරත්න. සබරගමු විශ්ව විද්‍යාලයේ ඉංග්‍රිසි අංශයේ මහාචාර්යවරියක් විදියට කටයුතු කළා.

    සුනිල් මිහිඳුකුල:දරුවන්?

    ගුණදාස අමරසේකර : එක පුතයි. නම සුමේධ. එයා ඉන්නේ ඔස්ට්‍රේලියාවේ.

    (මේ කතාවේ මොරල් එක : කියන්නා මොන බයිලයක් කීවත් අසන්නා සිහි බුද්ධියෙන් ඇසිය යුතුය​. ඔවුන්ගේ දරුවන් නොයන තැන් වලට ඔවුන් අපගේ දරුවන් යැවීමට සෙට් කරති. අප යා යුත්තේ ඔවුන් අපට දෙන ඉලක්ක වලට නොව ඔවුන් තමන් ගේ දරුවන්ට දෙන ඉලක්ක වලටය​)

    ReplyDelete
    Replies
    1. ගුනදාස අමරසේකර බල්ල කරන්න තිබුනෙ මුලින්ම උගෙ ළමයව හමුදාව ඉස්සරහට දාල ටයර් එකේ ගියාට පස්සෙ දෙවනුව ඒ ආදර්ශය අනෙක් අයට දෙන්න.
      සුමේධ ගැන නන්ද බැල්ලිට කවි කියන්න තිබුන මියෙන්න පුත වද විද කියල.
      ගුනදාසය පිටකොටුවෙ කඩවල ඇමරිකන් පිටි හොය හොය සංචාරයක් කළා. ඕස්ට්‍රේලියාවෙ උගෙ පුතා කන්නෙ අල බතලද දන්නෙ නෑ.

      71 .89 ගැන , දේශපාලන වරත්තුවො ගැන ,ඔය ව්‍යාපාරවල පාවාදීම් ගැන දෙමාපියො දරුවන් දැනුවත් කළ යුතුයි. නැත්නම් ආයෙ කොල්ලො සෙට් එකක් මොක්කුන්ට හරි රැවටෙනව.

      Delete
    2. අපේ ර​්ට් වික්ටර් හාරා / බොබ් මාලි / ජෝන් ලෙනන්ලා සිටියේ නැත

      Delete
  16. ඕනෙ කෙනෙක් ඕනේ දෙයක් කියන්න. 1971 දී මම ජීවිතේ බේරාගත්තේ, ඉස්කෝලෙත් කට් කරලා, ජවිපෙ පූර්ණකාලීනව ක්‍රියාකරද්දී, මගේ පන්තිභාර ගුරුවරයාගේ දැනුම්දීම මත, අපේ තාත්තා ඇවිත් මගේ කණට ගහලා මාව අරන් ගෙදර ගිය නිසා.

    ඇත්තටම මට හිතෙනවා, මම සුරංගනා කතා විස්වාස කරලා, සුරංගනා ලෝකෙකට යන්න බලාගෙන හිටියා කියලා. අවසාන ප්‍රතිඵලය වුණේ, කාලයක් පොලිස් ඇසෙන් බේරෙන්න හැංගිලා ඉන්න වීමත්, අපොස සා/පෙ, උ/පෙ ප්‍රමාදවෙලා කරන්න වීමත්, අවුරුදු 29 ක් වෙනතුරු රැකියා විරහිතව ඉන්න වීමත් පමණයි.

    ReplyDelete
    Replies
    1. ඒවගේම ඔබ 1988/89 දී හමුදාව් නිලයෙන් කල දේ ගැනත් කියන්න
      ඒකාලේ උතුරට හරවාපු තුවක්ක්කුව දකුණට හරවාලා පාසල් කොල්ලෝ කෙල්ලෝ කි දෙනෙක්ව ලක් තලයෙන් මකා දැම්මද? දැන් බයිලා කියනවා ඔබගේ දරුවෙකු එවන් උරුමයක් ලැබුනානම් කොහොමට තියේවිද

      "ඕනෙ කෙනෙක් ඕනේ දෙයක් කියන්න" තව මොනවා කියන්නද ඔහේ ගැන.
      බල්ලන්ගේ නගුට කෙලින් කරන්න බැරි බව නොදන්නා අයත් ඉන්නවනේ

      1971 දී මම ජීවිතේ බේරාගත්තේ, ඉස්කෝලෙත් කට් කරලා, ඒකාලේ පොඩි ඉස්කෝල කොලන්න්ව අල්ලන් ගියේ නැ නිකම් බොරු කියන්න එපා විචාරකයෝ අපි තවම ඉන්නවා

      Delete
    2. 1971 දී පොඩි ඉස්කෝල කොලන්න්ව අල්ලන් ගියා කළු රන්ජිත් , මාරසිංහ , සුදු ලකී , ඔවුන් පාසල් ළමයින් ය​. එසේම හැමන් හිල් වලදී මැරුනු අරුණ ළමා හේවා පාසල් සිසුවෙකි

      Delete
    3. ඒ අඩුම වශයෙන් 1971 අපොස සාමාන්‍ය පෙළ කරපු අය නොවෙයිද? ඔය විචාරකයාට ඒකාලේ වයස කියද ජේවිපි ගැන මොනවා දන්නවද පොඩි අතුල දන්නවා කොපමන සිසුන් හිටියද කියලා 1971 සාපේක්ෂව 89/90 වෙනකොට කොපමන අහිංසක පාසල් ළමුන් ලක් තලයෙන් මකා දැම්මද? සුරිය කන්ද හැර

      Delete
    4. 1971 මගේ වයස අවුරුදු 17 යි.

      Delete
  17. යම්කිසි දෙයක් විචාරශීලීව බල අතීර්නයක් ගත නොහැකි රැඩිකල මතවාද පීදෙන , නාහෙට නාහන වයසේදී මේ ආකරයෙන් නොමග යැවීමට පහසුය . ජවිපෙ ඒ කාරණය තේරුම් ගෙන ලාබාල තරුණයින් ගොනාට ඇන්දවීම සාර්තකව කරගෙන ගිය බව පැහැදිලිය

    ReplyDelete
    Replies
    1. මීට බොහෝ විට ගොදුරු වූයේ විචාරශීලී බව අඩු ආවේගශීලී බව වැඩි සිසුන් වෙති

      Delete
  18. බොග අවකාසයේ ඈන්ටි ජේවීපී විශේෂඥයින් දෙතුන්දෙනා ඵකතුවෙලා ස්oව්‍ය වින්දනයේ යෙදෙමින් තම නෑන පමනට සෑහෙන ආතල් ඵකක් ගන්න බව පේනවා......අනේ හොදයි.....රටේ මෙච්චර ප්‍රශ්න තියෙද්දි ජේවීපී ඵක අවුරුදු තිහකට විතර කලින් කරපුවා ගෑන සිහිකරකර ඔහොම ස්ව්‍යවින්දනය ලබන ඵක කාලීන අවශ්‍යතාවයක්.

    යූඈන්පී උපාසකයින්ට ඵරෙහිව ජවිපේ මිනීමරුවන් කරපු අපරාධ මතක්වෙනකොට මගෙ බඩ පපුව දාලයනවා අම්මපා.
    කලුජූලිය ඈතිකරලා දෙමල මිනිස්සු පනපිටින් පුච්චලා ඵහෙම නමොවිත්තියෙන් වෑඩ පටන් අරගෙන, යූඈන්පී උපාසක මහත්තුරු ලoකාව තවුතිසා දිව්‍යලෝකයක් කරගෙන ඵද්දී ජේවීපී හෑත්ත වෑඩේ කෑවනේ අම්මපා.

    ඔය කියන කාලේ බටලන්දේ මිනීමරවපු ඵකාව අග-ඈමටි කොරවපු............
    කොල්ලො මරන්න ඔත්තුදුන්න ඵකාව(සිරි-කොට රිපෝටර් ) ජන-අදි-පොති කරපු.......
    මේ රටේ බුද්දිමත් ජහමනතාව තමා අපි.
    ඵහෙව් උපාසකයන්ව රාජ්ජය නායකයෝ කරගත්ත අපි වගේ බුද්දිමත් ජහමනතාවට ජේවීපී කාරයෝ වගේ නරකයන්ව පෙන්නන්න බෑ ඔයි.

    ඔය ජෙප්පන්ව හමගන්න ඔන.ඔවු ඵහෙම කොරන්න තමා වටින්නේ.
    අපි ඔක්කොටම පොන්නයන් සේ සිටින්න පුලුවන්නම් ඔකුන්ට විතරක් මොකද බෑරි කට වහගෙන ඉන්න.
    ඔකුන් කෑ ගහන්න ගියාම අපේ පොන්නකම අපිටම පේනවනේ ඔයි.
    හොදවෑඩේ ඔකුන්ව හමගහන්න ඔන.
    88-89න් අවුරුදු 30කට පස්සේ නෙවෙයි කල්පවිනාසය දක්වාම ජවිපෙට බෑන බෑන තමා ඉන්නේ අපි............අපිට බුද්දිමත් ජනතාව කියන්නේ ඵකනේ ඔයි.

    මේ පහුගියකාලේ ඊජීප්තුවේ,ලිබියාවේ,ටියුනීසියාවේ කොල්ලො කෙල්ලො කෑරලිගහලා ඵ් රටවල්වල මහ යුද්ද ගොඩක් ඈතිවුනානේ.
    ඔවා ඔක්කොම කලේ ජේවීපී කරයෝ ඔයි.
    ඵ් රටවල උන්ට කිසි ප්‍රස්නයක් තිබ්බේ නෑ...කාලා බීලා ජොලියේ හිටියා......
    ජේවීපී කාරයෝ තමා ඔක්කොම කලේ ඔයි.
    සොරි-ලoකාවේ අපි වගේ බුද්දිමත් ජනතාව ජේවිපී ඵකේ ගෑටවලට අහුවෙන්නෙ නෑතිනිසා තමයි ඔකුන් ඵ් රටවලට ගිහින් ඵ්හෙම කලේ ඔයි....අම්මපා.....

    ඔය ඵකදාස් නවසිය ගනන්වල හිටපු විජේවීරයා විතරක් නෙවෙයි, ඊටත් වෑඩිය වලත්තු කෑරලිකාරයෝ දෙන්නෙක් හිටියා ඔයි ලoකාවේ ඵකදාස් අටසිය ගනන්වල.......
    උන් දෙන්නගේ නම් තමා,
    ත්‍රස්තවාදී ''මොණරවිල කෑප්පටි පොල''.....,
    ත්‍රස්තවාදී ''පුරන් අප්පු''.....

    ඔකුන් දෙන්නත් අපේ ''ඔරිජිනල් මහරාජිනියන්වහන්සේගේ'' ආණ්ඩුවට විරුද්දව කෑරලිගහන්න කියලා අපෙ රටේ කොල්ලො කෙල්ලව පොලබවලා සෑහෙන ගානක් සිහල කොල්ලොකෙල්ලන්ව මරාගත්ත ඔයි........හෙනම ගහපිය ඔකුන් දෙන්නටත් විජේවීරයට ඵක්කම........

    දෑන් තේරෙනවා ඔයාලට නේද අපේ බුද්දිමත් කම කොච්චරද කියලා.......
    ඔය කියනකාලේ රටේ ප්‍රස්න මුකුත් තිබ්බෙ නෑ.ල'කාව සිගප්පූරුවක් කරලා තිබ්බේ ජේ.ආර් පප්පා.විජේවීරයට ඔක බලන් ඉන්න බෑරුව තමා ඔයි කෑරලි ගෑස්සුවේ.ඵ් කාලේ හිට්පු කොල්ලො කෙල්ලොත් ඵකපාරටම නින්දෙන් නෑගිටලා වගේ විජේවීරගේ කතා අහපුගමන්ම කෑරලි ගහන්න ගියානේ ඔයි......මාර වෑඩේ.
    ඵ් මෝඩයො ටික මලා(ප්‍රේමදාස උත්තමයාට බුදුබව අත්වෙන්ඩ....සජිත් උත්තමයා ජනාදිපති වෙන්ඩ....)දෑන් ඉන්නේ අපි වගේ බුද්දිමත් ජනතාව.අපිවගේ තව ගොඩාක් බුද්දිමත් ජනතාව ඉන්න නිසා තමයි අපේ රට මෙච්චර දියුනු....ලෝකෙටම අපි ණය(නෑ නෑ වෑරදුනා ලෝකෙම අපිට නය...).....මයිත්තිරි කරුනාවෙන් පිරි සුබ අනාගතයක් !

    ReplyDelete
  19. මේ සංවාදයෙන් මා ඉගනගත්තේ අලුත් පරම්පරාව සහ පැරණි පරම්පරාව හිතන පතන විදි වල වෙනස.

    ReplyDelete
    Replies
    1. ඵහෙම ඵකක් නෑ රාජ්.මෙතන තියෙන්නේ ගෑටුමක්.
      මුන් වගේ හිතන උන් ඵ් පරම්පරාවලත් හිටියා.ලෝකේ හෑමරටකමත් හිටියා.ඈමරිකාවෙත් හිටියා කොoගෝවෙත් හිටියා.
      උදාහරනයකට ඔය කොoගෝව වගේ රටවල් කාලයක් බොහොම හොදට තිබුන රටවල්.
      පසුකාලීනව ඵ් රටවල මුන් වගේ හිතන උන්ගේ හඩ ප්‍රබල වෙලා යුක්තිය ගෑන කතාකරන මිනිස්සුන්ගේ හඩවල් දුබල උනා(විවිද හේතු මත.).
      ඵ් නිසා ඵ් රටවල් දෑන් සෙත්තපෝච්චි තත්වයටම පත් වෙලා.
      හෑබෑයි අපේ රට ඵ් තරම් අවාසනාවන්ත උනේ නෑ.......කලින් පරම්පරාවල යුක්තියට ලොකු තෑනක් තිබුන නිසා.උන් අයුක්තියට ඵරෙහිව කතාකරපු..සටන්කරපු නිසා........
      හෑබෑයි දෑන් දෑන්,වර්තමාන පරම්පරාව ඈතුලේ යුක්තිය අගයන්නන්ගේ හඩ දුබල වෙලා, වාසියට, කුට්ටියට, ඵ් වගේම තමුන් අමාරුවෙන් හදාගත්ත සමාජ පන්තිය රෑකගන්න, ඔන බලු වෑඩක් කරන කියන මුන් වගේ උන් රජ වෙලා තියනවා.ඉතින් පාර පෑහෑදිලියි.
      ලoකාවේ අනාගතය දකින්න ඔන නම් කොoගෝවේ වර්තමානය බලන්නකෝ......

      Delete
    2. ඇත්ත ලුමුම්බා කියන චිත්‍රපටය බලන්න 1960 ගනන් වල කොන් ගෝව පැරීසිය වගේ

      Delete
    3. //ඇත්ත ලුමුම්බා කියන චිත්‍රපටය බලන්න 1960 ගනන් වල කොන් ගෝව පැරීසිය වගේ//

      කොoගෝවේ ස්වර්ණමය යුගය පෑට්‍රිස් ලුමුන්බා යුගයයි.
      CIAඵ්ජන්ත ජෙනරල් මොබුටු විසින් පෑට්‍රිස් ලුමුම්බා ඝාතනය කර ඵ්කාදිපති හමුදාපාලනයක් පවත්වාගෙන යන ලදි.
      දෑන් ඵහි ඈත්තේ සාගතය කාලකන්නිකම ජනවාර්ගික ගෑටුම් සහ මත්ද්‍රව්‍යයි.
      වෑඩිදුර මේගෑන ඉගෑනුමට, අන්තර්ජාලය පිරික්සන්න.

      Delete
    4. https://en.wikipedia.org/wiki/Patrice_Lumumba

      Delete
  20. රුවන් සන්වාදය හොඳ වැඩක්. මෙසේ 89 ගැන කතා කරන එක වැදගත්. නමුත් මේ නැගිටීම් ගැන මෙන්ම මේමිනීමැරැම් සහ මැරූ ආකාරයන්ගැන මීටවඩා ගැඹුරින් කතා කලයුතු බව මගේ වැටහීමයි.
    සමහරවිට අපි එක එක සිද්දි සහ පුද්ගලයන් ගැන කතා කරන නමුත් එදා සිට අද දක්වා ලන්කා සමජය මෙවැනි අගාදයක ගිලීතිබෙන්නේ ඇයි කියා බැලියයුතුයි.
    ලන්කා සමජය ප්රජාතන්ත්රවදී සමජයකට වඩා වැඩවසම් එකක් බව මගේ වැටහීමයි.
    71 දී සමජවද්ය කියා තරුන පරපුර ඉල්ලා තිබුනේ ප්රජතන්ත්රවාඩය බව මගේ වැටහීමයි.
    1948 වනවිට අදිරජ්යයවදීන් අපට හඳුන්වාදීතිබූ පාර්ලිමේන්තුව, අදිකරනය, අද්යාපනය ආදී ප්රජාතන්ත්රවදී දේ නිදහසින් පසු දවසින් දවස කප්පාදු කිරීම හැර වෙනයමක්කල පක්ස හො නයකයින් අපටසිටීද?
    උතුරේ දකුනේ දෙකේම රජය, හමුදා, පොලිසි, කැරලිකාරී කන්ඩායම් පාරාමිලිටරි කන්ඩායම් මිනීමැරැවපමනක්නොව මිනීවලිනිද පලිගත් අයුරු වසර 40ක ලන්කා ඉතිහසයයි. මේ මිනිමරුවන් අප අත්ර සිටී.
    වැඩවසම් වටිනකම් සමජ්වටිනකම් ලෙස සලකන සමජයකට ඉදිරිගාමී අද්හස් අරහන්ය. වමේ කියාගන්නා පක්සද පවතින්නේ මෙතැනමය.
    ලන්කවතුල ප්රජාතන්ත්ර ප්රතිසන්ස්කරන ඇතිවිය යුතුය. ඒ සද්හා වැද්ගත්ම සාදකය නීතිය මත පලනයයි.
    71, 89, හෝ උතුරේ 25 වසරක ප්රචන්ඩත්වය ලන්කසමජ දේසපලන්යේ නිස්පදනයන්ය.
    පිරිත්නූල් වැලමිටද්ක්වා බැදගත්, සින්හල බවුද්ධ යනබූතයෙන් හිස් පුරවාගත්, ත්මරටේම අනෙකාට සමතත්වය ලැබීමට එරෙහිවනවානම් 2015 ජිගිටල් තාක්සනය පාවිච්චි කරන අතරම බරකරත්ත මනස් ඔවුන් සතුයයි නොසිතෙන්නේද?
    රන්ජිත් හේනායක ආරච්චි.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
  21. රන්ජිත් ඔබගේ හේතු දැක්වීම් වලට තුති . ලංකා සමාජය ප්රජාතන්ත්රවදී සමාජයකට වඩා වැඩවසම් එකක්/////// සහතික ඇත්ත​. ධනේශ්වරය කිය කියා ගොඩාක් වාම වාදීන් කථා කරාට ලංකාවේ තිබුනේ සහ තියෙන්නේ වැඩවසම්බව , සමාජ සංස්කෘතික පසුගාමීත්වය පිරි විකෘති ධනවාදයක්. 71 දී සමජවද්ය කියා තරුන පරපුර ඉල්ලා තිබුනේ ප්රජතන්ත්රවාඩය බව මගේ වැටහීමයි ////////71 ගැන අධ්‍යනය කරන්නෙකු ලෙස මටත් මෙය සිතිලා තියනවා. එසේම ඒ කලයේ තිබි පොලිස් හිංසනයත් 71 පිරිසට බලපෑවා. 71, 89, හෝ උතුරේ 25 වසරක ප්රචන්ඩත්වය ලන්කසමජ දේසපලන්යේ නිස්පදනයන්ය.//////// හතලිස් ගනන් වල පොලිස් වෙඩි වැදී මිය ගිය සමසමාජ පක්ශයේ සාමිගේ මිනිය යාපනයට ගෙන ගොස් ආරම් භ කරනු ලැබුවේ මල මිනී දේශපාලනයක් බව රාජන් හූල් කියනවා

    ReplyDelete
  22. මේ පොස්ට් එක මා දුටුවේ අද.ටිකක් පරක්කු වෙලා උනත් මගේ මතය ලියන්න හිතුවා. 71 කැරැල්ල සමයේදී මා විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක්. එකල එහි විවිධ දේශපාලන පක්‍ෂ වලට සහාය දක්වන ශිෂ්‍ය කණ්ඩායම් හිටියා. අපි ඒ සියලු කණ්ඩායම් වල යාළුවන් ඇසුරු කළා. jvp කණ්ඩායම අලුත් අදහස් ඉදිරිපත් කළනිසා අනෙක් සරසවි සගයන් සමග මාත් ඒ පංති වලට ගියා,විජේවීර සියැසින් දැක ඔහුගේ දේශන මහත් ඕනෑකමෙන් ඇසුවා . ශිෂ්‍ය සංගමයේ සභාපති මහින්ද විජේසේකර ශිෂ්‍යන්ගේ පැත්තෙන් jvp නායකයාවූ අතර අනධ්‍යන කාර්‍ය මණ්ඩලයේ jvp උදව්කරු වුයේ එකල පුස්තකාලයේ සේවය කල මහින්ද රාජපක්ෂ මහතාය. සංඝාරාමය jvp තොරතුරු මධ්‍යස්ථානය විය. එහෙත් ටිකක් දුර යන විට මට තේරුම් ගියේ ව්‍යාපරය තුල මතු පිටින් පෙනෙන තත්වයට වඩා ඇතුලත තිබෙන්නේ කුල පරපිඩිත ගැටලුවක් නිසා උපන් වැඩපිළිවෙලක් බවයි. දුප්පත්කම අප සියලු දෙනාගේම ගැටලුවක් මිස අඩු යයි සම්මත කුලවල අයට පමණක් නොවේ යයි මා ඇතුළු සරසවි සගයන් පිරිසක් තර්ක කල නිසා ඉන්පසු අපව හැඳින්වුයේ ප්‍රති විප්ලව කාරීන් කියයි. මේ ගැටලුව නිසා සන්විදානයෙන් ඉවත්වීමෙන් එදා ජීවිතය බේරුනා. එකල විද්‍යොදය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍යයෙක් කියන එකම සිරභාරයට ගැනීමට හෝ මැරුම් කෑමට හේතුවක් උනා. ප්‍රශ්න කලොත් අපි නොදන්න දෙයක් නැහැ. jvp එකේ මේ ව්‍යාජත්වය අපේ සමහර යාළුවන් පිළිගත්තේ නැහැ.අපේ කීම නොඇසූ සමහර යාලුවෝ අවංකවම jvp සහ විජේවීරගේ දේශනා පිළිගෙන ආයුධ අතට ගෙන එකෙන්ම මියගියා.
    කැරැල්ලෙන් පසු විද්‍යෝදය විශ්ව විද්‍යාලය සිර කඳවුරක් කළා.එහිදී බරවුන හෝ අල්ලාගත් නායකයන්ගේ දෙබිඩි ක්‍රියාවලිය ලඟින්ම හිඳ නිරීක්ෂණය කරන්න අවස්තාව මට ලබුන අතර මගේ තීරණය නිවැරදි බව් මට එතැනදී පසක්වුනා.
    එබැවින් 88/89 අරගලයේදී එයට කිසිදු ආකාරයකින් සම්බන්ධවීමට මට උවමනාවක් නොවුන අතර, මා දන්නා කිසිවෙකුටවත් එයට සම්බන්ධ වීමට උදව් කලේ නැහැ.

    සමරසේකර

    ReplyDelete
    Replies
    1. මට තේරුම් ගියේ ව්‍යාපරය තුල මතු පිටින් පෙනෙන තත්වයට වඩා ඇතුලත තිබෙන්නේ කුල පරපිඩිත ගැටලුවක් නිසා උපන් වැඩපිළිවෙලක් බවයි.///////// athha

      Delete

Appreciate your constructive and meaningful comments

Find Us On Facebook